You are currently viewing ලොකුම එක..

ලොකුම එක..

ලොකුම එක උසම එක අපේ ය..
පසු ගිය දා නෙළුම් කුලුන විවෘත විය..
අපිත් යුහුව ගොස් මුදල් ගෙවා මුදුනේ සිට අවට නැරඹුවෙමු.
සැබෑවට ම ඒ තව්තිසා දෙව් ලොව ය…
ඈත සුන්දර කඳු වැටි ය. මෑත තෙරක් නොපෙනෙන මහා සාගරය යි.
පස් වණක් ප‍්‍රීතීන් පිනා ගොස් ළඟ පාත බැලීමු..
අතේ දුරින් මහා ණය කන්දකි..
කඳු පාමුල ආහාර නැතිව මිය යමින් සිටින ඇවිදින මළ සිරුරු ය.
ඒ අසළම ඹෟෂධ නැතිව මළවුන් ගේ සිරුරු ය..
අතේ දුරින් විවිධ පෝලිම් ය..
එහෙත් සතුට ට කරුණකි.
එනම් සියලු ගැටලුවලට විසඳුම වූ ලොකුම ඇමති මණ්ඩලය යි..

Print Friendly, PDF & Email

Leave a Reply