හෙන අප්සට් පොරක් ඇවිත්..

රාජාභිෂේකයෙන් පසුව king charles ලංකාවේ ජනාධිපතිට කීවේ '..ඔන්න ඉතින් මට නම් ශාන්ත එඩ්වඩ්ගේ ආසනය ලැබුණා.. දැන් ඉතින් ෂපාන් එකේ ඉන්න තියෙන්නෙ..' කියාය. රනිල් කීවේ '.. මට ලැබුණේ නන්දසේන ගෝඨාභයගේ ආසනය,…

Continue Readingහෙන අප්සට් පොරක් ඇවිත්..

ගකපුලවනවා..

'නුවරඑළිය හරිම කැතයි..' කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි. කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු…

Continue Readingගකපුලවනවා..

බුරුල් කරා තල්ලු කරා..

අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය. රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න…

Continue Readingබුරුල් කරා තල්ලු කරා..

සෝමාරාම..

ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ඉරිදා රෑ ජාමේ නින්දෙන් ඇහැරුනේ හොඳටම බීත වෙලා ය. බිරිඳ කලබලයට පත්ව ඇසුවේ '..මොකද අනේ හීනයක් දැක්කද..' කියාය. දොලවත්ත ඇඳ මත වාඩිවී තද කල්පනාවකට වැටුණේය. බිරිඳ…

Continue Readingසෝමාරාම..

බල්ලෝ..

ජනාධිපතිතුමා හිටියේ සඟරාවක් බලමිනි. පූසා ඒ අල්ලපනල්ලේ ම දැවටි දිදී සිටි අතර දෙදෙනාම විටින් විට ඔන් කර තිබුණු ටීවී එක දෙස බලන්නට ද අමතක නොකළෝය. එකපාරටම අනුර දිසානායකගේ වොයිස් කට්…

Continue Readingබල්ලෝ..

මාර සනීපයි මචං..

ණය මුදල ස්ථිර කිරීමෙන් පසු IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනාධිපති රනිල්ගේ ගෙදරට ටෙලිපෝන් කෝල් එකක් ගත්තේ '..ඔන්න අපේ පැත්තේ යුතුකම අපි ඉටු කරා..' කියන්නටය. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පම්ප් එකක් ගසන්නට…

Continue Readingමාර සනීපයි මචං..

දෙමුහුන් කුලයේ පැඟිරා..

රෝයල්, තෝමියන් මැච් එක බලන්න ගිය ජනාධිපතිතුමා වැඩිපුරම සතුටු වුණේ 'සිහින ලොවේ සිහින මැවූ' මාලි ගහනකොටය. '..දසන් විදා සුර කෙල්ලක් වාගේ.. නිතර ඔබේ දෙසයි බලන්නේ.. මහද මන්දිරේ සාමේ පෙනෙන සුන්දරී…

Continue Readingදෙමුහුන් කුලයේ පැඟිරා..

බබාගෙ නම : IMF දියසේන

රනිලම්මා ගැබ්බර වී මාස නමය ඉක්ම යමින් තිබුණා ය. ඇය කීවේ '..අයි එම් එෆ් හෙවත් දියසේන පැටියා මාර්තු අග හම්බ වෙනවා එතකොට සියලු ප්‍රශ්න කම්මුතුයි..' කියාය. අනුරා නංගී මූණ දෙක…

Continue Readingබබාගෙ නම : IMF දියසේන

ඩොයිලි සහ අනුර..

ගංගානිගේ සැමියා අඩියක් ගසා ගෙදර ආවේය. ඇවිත් කීවේ මිල්ටන් පෙරේරාගේ සිංදුවකි. එය නම් 'ගංගානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතයයි. දෙපාරක් විතර ඒ පදේ ඕසෙ අදිනකොට කුස්සියේ සිටි ගංගානි කීවේ…

Continue Readingඩොයිලි සහ අනුර..