AboutUs

ආයුබෝවන්!

අපි මොහොතක් අදහස් බෙදා ගනිමු. එහෙත් ඒ සඳහා අපට වෙලාවක් නැත. එසේම කතාබහ කළයුතු මාතෘකා බහුල ය. පළමුව මේ උගුලෙන් ගැලවීම සඳහා සමාජයේ පුළුල් නිදහසක් තිබිය යුතුය. පුළුල් නිදහසක් ඇති වන්නේ පුද්ගලයන්ගේ නිදහස රැකීමට සමාජයේත්, සමාජ නිදහස රැකීමට පුද්ගලයාත් ක‍්‍රියාකරන විටය. මෙම සක්‍රීය සම්බන්ධතාවය ඉතා යහපත්ව පවතින විට සාමකාමී සමාජයක් හා ප්‍රශස්ත සංස්කෘතියක් ඇතිවේ. එවිට එක් කොටසක් බෙලහීන කිරීමට තව කොටසකට බලය නැත. එක් කොටසකට යටත් ව තව කොටසක් සිටිය යුතු නැත. අප ඔබට ආරාධනය කෙළේ මෙන්න මේ සංවාදයටයි. එය සාර්ථක ලෙස අවසන් වුවහොත් යහපත් රටක් ඇතිවිය නොහැකිද?