You are currently viewing අහමඩ් තිබි ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පත්වෙයි..

අහමඩ් තිබි ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පත්වෙයි..

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නඟන, පලස්තීන සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල දේශපාලනඥයෙකු වන අහමඩ් තිබි, ඊශ්‍රායලයේ දක්ෂිණාංශික දේශපාලන නායකත්වයේ විරෝධය මධ්‍යයේ වුවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරුන් 9 දෙනාගෙන් එක් අයෙකුලෙස තේරී පත් වී තිබේ.

පුනර්ජීවනය සඳහා වූ අරාබි ව්‍යාපාරයේ () නායක අහමඩ් තිබි, ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන ‘නෙසෙට්’ (Knesset) හි නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්වීම, ඊශ්‍රායලය තුළ පලස්තීන ජනතාවගේ නියෝජිතයෙකු ලෙස ඔහු ඉටු කළ දීර්ඝකාලීන කාර්යභාරයේ ප්‍රධාන දේශපාලන සන්ධිස්ථානයකි.

සිය තේරී පත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අහමඩ් තිබි මෙසේ පැවසීය:

යැයි පැවසූ ඔහු, මෙය මෑත වසරවල ඊශ්‍රායල රජයේ සිටි අන්ත දක්ෂිණාංශික පක්ෂවලට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් ලෙස හැඳින්වීය.

යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.

1958 දෙසැම්බර් 19 වන දින තායිබේ (Tayibe) හි උපත ලැබූ අහමඩ් තිබි, 1948 නක්බා (Nakba – පලස්තීන ව්‍යසනය) සමයේදී ජැෆා (Jaffa) නගරයෙන් පිටුවහල් කරන ලද පවුලකට අයත් අයෙකි.

ඔහු වෛද්‍ය විද්‍යාව හදාරා 1983 දී ජෙරුසලමේ හීබෲ විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් වෛද්‍ය වෘත්තිය පසුපසට ගියේය.

1984 දී ඔහු ටියුනීසියාවේ ටියුනිස් නුවරදී පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO ) යසර් අර්ෆත් හමුවිය. එවකට ඊශ්‍රායල රජය විසින් එම ව්‍යාපාරය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කර තිබූ බැවින්, එම හමුව ඊශ්‍රායල නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබීය.

ඔහු නැවත ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබුවද, ඔහුට එරෙහිව නිල වශයෙන් චෝදනා ගොනු නොකෙරිණි.

පසුව ඔහු 1993 සිට 1999 දක්වා යසර් අර්ෆත්ගේ දේශපාලන උපදේශක ලෙස සේවය කළේය. 1998 දී ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි පැවති ‘වයි රිවර්’ සමුළුවේදී පලස්තීන නියෝජිත පිරිසේ ප්‍රකාශක ලෙස ද ඔහු කටයුතු කළේය.

1998 ඔක්තෝබර් 15 වන දින වොෂින්ටන් ඩී.සී. හි පැවති වයි රිවර් (Wye River) සමුළුවේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (මැද) සහ පලස්තීන නායක යසර් අරෆත් (දකුණේ) බලා සිටියදී, ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් (වමේ) අදහස් දක්වන අයුරු..

බෙන්ජමින් නෙතන්යාහු එවකට අගමැති ධුරයේ සිය පළමු ධුර කාලය ගත කරමින් සිටියේය. එම සමුළුවේදී, අත්පත් කරගත් බටහිර ඉවුරේ (West Bank) කොටස්වලින් සිය හමුදා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය එකඟ විය. ඊට ප්‍රතිචාර වශයෙන්, සන්නද්ධ පලස්තීන ප්‍රතිරෝධී කණ්ඩායම්වලට එරෙහි මෙහෙයුම් තීව්‍ර කිරීමට පලස්තීන අධිකාරිය එකඟ විය.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ අනෙකුත් ගිවිසුම් මෙන්ම වයි රිවර් ගිවිසුම ද ඉක්මනින් අතහැර දමන ලදී.

අහමඩ් තිබි 1996 දී Ta’al පක්ෂය ආරම්භ කළ අතර 1999 දී පළමු වරට ඊශ්‍රායල පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු තමන්ව හඳුන්වා ගන්නේ “ඊශ්‍රායල පුරවැසිභාවය ඇති අරාබි පලස්තීන ජාතිකයෙකු” ලෙස වන අතර ද්වි-රාජ්‍ය විසඳුමකට සහ පලස්තීන සරණාගතයින්ට නැවත තම මව්බිමට පැමිණීමේ අයිතියට ඔහු සහාය දක්වයි.

ඊශ්‍රායලය ‘යුදෙව් රාජ්‍යයක්’ ලෙස අර්ථ දැක්වීමට ඔහු දිගින් දිගටම විරුද්ධ වන අතර, එය ‘වර්ගභේදවාදී (apartheid) රාජ්‍යයක්’ ලෙස විවේචනය කරමින් සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ඇති රටක් විය යුතු බව අවධාරණය කරයි.

ඔහුගේ සෘජු දේශපාලන ස්ථාවරයන් සහ බිම් මට්ටමේ අරගල හේතුවෙන් ඔහුට නිරන්තරයෙන් ඊශ්‍රායල රජයේ විරෝධයට සහ දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවලට මුහුණ දීමට සිදු විය.

2000 සැප්තැම්බර් මාසයේ පැවති දෙවන ඉන්ටිෆාඩා (Second Inti fada) නැගිටීම අතරතුර, අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වූ එවකට ඊශ්‍රායල දේශපාලන නායක ඒරියල් ෂැරොන්ට එරෙහිව නැගී සිටීමේදී අහමඩ් තිබිගේ දකුණු අත බිඳී ගියේය. ඒරියල් ෂැරොන් ඊළඟ වසරේදී ඊශ්‍රායල අගමැති බවට පත් විය.

2002 වසරේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම අතරතුර ජෙනින් (Jenin) සරණාගත කඳවුරට ගිය අහමඩ් තිබි එහි සිටි සොල්දාදුවන්ගෙන් ප්‍රශ්න කළේය. ඉන් අනතුරුව ඊශ්‍රායල රජය ඔහුගේ පාර්ලිමේන්තු මුක්තිය ඉවත් කළේය.

පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රබල විරෝධතා සඳහා ද ඔහු ප්‍රසිද්ධය.

2016 වසරේදී, ජෙරුසලමේ සහ අත්පත් කරගත් පලස්තීන ප්‍රදේශවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥාවට ආරාධනා කිරීම (බාංගු / Adhan) විකාශනය කිරීම තහනම් කිරීමේ පනතක් ගෙන ඒමට ඊශ්‍රායලය උත්සාහ කළේය. ඊට විරෝධය පළ කරමින් අහමඩ් තිබි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඉස්ලාමීය යාඥා ආරාධනය හඬ නඟා පවසමින් සිය විරෝධය සටහන් කළේය.

[chakkaram.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නනා ලදි]

Leave a Reply