You are currently viewing එලොව පොල්..

එලොව පොල්..

වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.
එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය.
‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය ගැන වෛද්‍ය මතය තුමක්ද.. ?
ලැබුණේ ආණ්ඩුවට කඩේ යන කදිම පිළිතුරකි. එනම්
‘‘..පොල් මද අතිශයෙන්ම පෝෂ්‍යදායක කෑමකි. එහි පෝෂණය පර්යේෂණවලින් ඔප්පු වී තිබේ..’’
මේ වෛද්‍යවරයා අධික මන්ද පෝෂණයෙන් පෙළෙයි. ප්‍රශ්නය වටහා නොහැකි තරම් මන්ද පෝෂණයෙන් සහ බුද්ධි හීනයෙන් පෙළෙයි.
පොල් හොඳය. එහෙත් ඔය කියන තරම් හොඳනම් පොල් කෑම ත‍්‍රස්තවාදී ක්‍රියාවක් බව පනතට ඇතුළත් කරනු ඇත.
එසේ නොකොට මැති ඇමතිවරුන්ට පමණක් සීමා වූ දෙයක් වනු පුදුම ද?

Print Friendly, PDF & Email

Leave a Reply