You are currently viewing මහ මොළකරු

මහ මොළකරු

පාස්කු දින ඝාතනයේ මහ මොළ කරු සොයා ගන්න බැරි ඇයි?

ඒ කියන්නේ අර නාඳුනන තුවක්කුකරු වගෙයි..

ඔව්, ඉන්නවා. කවුරුනුත් දන්නවා.. නමුත් සොයා ගන්න බැහැ.

එහෙම මහ මොළ කරු සොය ගන්න බැරි අවස්ථා කොපමණ ද ?

අපමණයි  කීපයක් මෙන්න..

ලසන්ත ඝාතනයේ මහ මොළ කරු මේ ඉන්නවා. නමුත් නැහැ..

එක්නැලිගොඩ අතුරුදහන් කළ මහ මොළ කරු

ලඟම සිටිමින් අතුරුදහන් ය.

ලලිත්, කූගන් නිකම්ම වාෂ්ප වුණා ද?

රවිරාජ් මහ දවල් දෙනෝ දාහක් දැක දැක..

අතුරුදහන් මහ මොළ කරු ඉර එළියේ සැඟව සිටී..

එකොළොස් දෙනාගේ සිසු දරුවන් පස් දෙනාගේ

ඝාතකයෝ අප තුළ ම සැඟව සිටිති..

Print Friendly, PDF & Email

Leave a Reply