You are currently viewing සංශෝධනය..

සංශෝධනය..

දණ්ඩ නීති සංග්‍රහයට වහාම සංශෝධනයක් අවශ්‍ය යි.
ඒ මොකක් ද හදිස්සිය?
සංශෝධනයක් නැතිව ආණ්ඩුවක් හරියට කරන්න බැහැ.
මොකක්ද සංශෝධනය?
පහරදීම, හිංසා කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණ කිරීම ගැන අත් අඩංගුවට ගෙන නඩු දැමිය හැකි යැයි කියැවෙන නීතිය සංශෝධනය කළ යුතුයි.
කූඩාරම්, තාවකාලික නිවාස කඩා බිඳ ගිනි තැබීම තුවාල කිරීම, මිනිස් ඝාතන සිදු කිරීම ගැන චෝදනා කිරීම හැමෝටම අදාළ විය යුතු නැත.
ඒ කියන්නේ පොලිස් නිලධාරීන් මැති ඇමතිවරුන්, අගමැතිගේ හෙංචයියන් එසේ කළ විට නීතිය ක්‍රියාත්මක කළ යුතු නැත කියා ව්‍යතිරේකයක් ඇතුළත් කළ යුතුයි.
එහෙම නැත්නම් නිදොස් කොට නිදහස් කළ යුතුය යි සඳහන් කළ යුතුයි.

Print Friendly, PDF & Email

Leave a Reply