You are currently viewing කඳුළු කලාව

කඳුළු කලාව

ජන මාධ්‍ය තුන් වේලට ම නොකඩවා පළ කළ  දර්ශනය මෙසේ ය:

“අනේ මට යන්න බැරුව හිටියේ. ගෙදරට ම ඇවිත් ඒන්නත දීම ගැන ජනාධිපතිතුමාට පින් සිදුවේවා!”

එය අපේ ඇස්වල කඳුළු වලට ආරාධනයකි. පසුගිය දා තවත් එවැනි දර්ශන මාලාවක් මෙසේ ය:

“කන්න බොන්න නැතිව හාමතේ වගේ සිටි අපට ගෙදරට ම ඇවිත් රුපියල් දෙදාහක් දීම මොන තරම් පිනක් ද?”

කොතරම් යහපත් වැඩක් දැයි අපට සිතන්නට අපට සිතේ.

සිතිවිල්ල පිටුපස ඡන්ද බලය ඇත.

එහෙත් ප්‍රශ්නය කුමක් ද?

නිදහස ලැබුණු දා සිට අවුරුදු 73 ක්ම අප රටේ දුප්පතුන් ඇති නොකළා නම්, සෞඛ්‍යය පිරිහුණු මහල්ලන් සිටිය හැකි ද? ආහාර හිඟයෙන් පෙළෙන අය සිටිය හැකි ද?

මේ පාලනය පවත්වා ගැනීමට අවශ්‍ය කඳුළු  නිපදවීමට දුප්පතුන් සිටිය යුතු ය.

Leave a Reply