You are currently viewing සොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව!

සොබාදහම, නිෂ්පාදන බලවේග,  සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව!

දිට්වා සුළි කුණාටුව, පසු විජිත ශ්‍රී ලංකාවේ ඇති වූ බිහිසුණුම ව්‍යසනය ලෙස නම් කෙරේ. පොලවට, ජල ධාරාවනට බිලි වූවෝ දහස ඉක්මවති. ආපදාවෙන් හානිවූවන් මිලියනය ඉක්මවා ඇත. එසේ වුවද ව්‍යසනය ව්‍යවච්ඡේදනය කරන්නවුන් නගන ප්‍රශ්න මේ ව්‍යසනයට දුරස්ථ ඒවා නොවේදැයි කෙනෙකුට සිතුනහොත් එය පුදුමයක් නොවේ.

මේ ව්‍යසනය ස්වාභාවික එකක්ද? නැත්ද? මෙහි ස්වාභාවික පැතිකඩක් නැතැයි කිසිවෙකුට කිව නොහේ. යටත් පිරිසෙයින්, මෙම ව්‍යසනයේ ස්වාභාවික නොවන, එනම් මිනිස් ක්‍රියාකාරිත්වයේ වගකීමක් නැත්තේ ද? එසේනම්, එහි වගකීම ආණ්ඩුකරවුන් දැරිය යුතුද? නැත්නම්, අප සැම පෞද්ගලිකව ඊට වගකිවයුතු නොවේ ද?

ඊට වඩා අඩුලන්සුවේ එහෙත් දේශපාලනිකව තීරණාත්මක විය හැකි ප්‍රශ්නය කුමක්ද? විෂය පිළිබඳ ප්‍රමාණික ශික්ෂණයක් ලැබූ විද්‍යාඥයන් සහ චන්ද්‍රිකා තාක්ෂණය මගින් හෙළිකල අනතුරු ඇඟවීම් තිබියදීත්, ඒවා නොසලකා හැරීම නිසා අනතුරේ ප්‍රමාණය බෙහෙවින් වැඩි වූ හෙයින් ආණ්ඩුව මේ ව්‍යසනයට කෙළින්ම වග කිව යුතු නොවේද? යන්න ය.

උක්ත ප්‍රශ්න වැදගත් ය. ඒවා ඇසිය යුතු ඒවා ය. නැති දත්ත ගැන හඬනු වෙනුවට තියෙන දත්ත මත ක්‍රියා නොකළෝ ජාතික ජන බලවේග ආණ්ඩුව ය. එසේවුවද, දැන් නැගිය යුතු තීරණාත්මක ප්‍රශ්නය වන්නේ පශ්චාත් ව්‍යසන යළි ගොඩ නැගීම කළ යුත්තේ කෙසේද යන්න ය.

එය පීඩාවට පත්වූවනට මූල්‍යමය වශයෙන් පිහිටවීමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට හෝ අඩි 5000 ට උස කඳු මුදුන්හි වන වගා කිරීමට හෝ ලඝුකළ නොහේ. මිනිස්ක්‍රියාකාරකම් නිසා පරිවර්තනයට ලක්වූ අවකාශය පතිත වන්නේ අඩි 5000 ට උස් ප්‍රදේශයන්හි නොව අඩි 2000- 5000 අතර භූමියේ ය. මෙකී ගැටලු කිසිවෙකුගේ අවධානයට ලක් නොවී යැයි මෙයින් නොකියවේ. එස් ඒ වික්‍රමසිංහගේ ඉදිරිමග ලිපිය මෙන්ම කුඩා වැව් කපා දැමීම ගැන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගේ කරුණු ඉදිරිපත් කිරීම්ද මෙහිදී මතක් කළ හැක.

මා මේ සටහනින් අපේක්ෂා කරන්නේ මේ ව්‍යසනය ස්වභාවධර්‍මය, නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සමාජ සම්බන්ධතාවය අතර ත්‍රිකෝණීය සම්බන්ධය හා අන්තර් ක්‍රියාකාරිත්වය ඇසුරින් පැහැදිලි කිරීමටත්, ඒ මඟින්ම රට යළි ගොඩනැගීමේ සහයෝගතාවයේ මානුෂ ආර්ථික විකල්පය (human economy of solidarity) කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීමට ය.

පළමුවෙන්ම සටහනෙහි ත්‍රිකෝණයේ මුලු තුන අනන්‍ය කර ගනිමු. මේ සටහන සකස් කෙරෙන්නේ නිෂ්පාදනය පිළිබඳ මාක්ස්වාදී අදහස අප අත්දකිමින් සිටින ව්‍යසනය තේරුම් කිරීම සඳහා සැකසීමෙනි. පරිසරය පිළිබඳ ගැටලුව මාක්ස්- ඒංගල්ස් නොසලකා හැරියේ ය යන පරිසරවාදී අදහස සමග අප එකඟ නොවන බව ආරම්භයේ දී ම කිව යුතු වේ.

පහත සටහනේ මුලු තුන මගින් පෙන්වන දේ මුලින්ම අඳුනා ගනිමු.

NPP ආණ්ඩුවේ සමාජ ප්‍රතිපත්ති මා කියවාගන්නා ආකාරයට පතිත වන්නේ FOP මුල්ලට ආසන්නවය. අඩි 5000 ට වැඩි කඳුකරයේ කැලෑ වැවීම් වැනි වාචීපරම කථා ගැන අප එතරම් සැලකිල්ලක් දැක්විය යුතු යැයි මට නොසිතේ.

මෙනයින් NPP සමාජ ප්‍රතිපත්ති ස්ථානගත කරන්නේ පවත්නා සමාජ සම්බන්ධතා එසේම තිබියදී නිෂ්පාදන බලවේග වැඩි දියුණු කොට ශක්තිමත් කිරීමටය. ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලද කොමිටියට පූර්වතාවය දීම මගින් පෙන්වන්නේ එයයි. වෙනත් වචන වලින් කියන්නේ නම් ණය මත රැඳුන ආර් ථිකයක් වෙත නැවත ගමන් කිරීම ය.

FIRE (මූල්‍ය, රක්ෂණ සහ වතුපිටි) අංශ වල බලවතුන්ගේ ආධිපත්‍යය මගින් රට ගොඩගත හැකිය, ප්‍රාග්ධනයේ පරිපථය තුළ සිටිමින් ක්‍රියා කිරීම ය. පශ්චාත් සුනාමි කාලයේ ප්‍රතිපත්තිය දිගටම ගෙන යාමට ය. ප්‍රාග්ධන පරිපථයේ අවිච්ඡින්න ක්‍රියාකාරිත්වය අසමතාවය සහ දරිද්‍රතාවය වැඩි කරයි. තවදුරටත් ස්වභාව ධර්මයට තුවාල කරයි. එහෙයින් ඊළඟ ව්‍යසනය මේ ව්‍යසනය පරදවනු ඇත. මෙයින් ගැලවිය හැක්කේ ඒක භෝග කෘෂිකාර් මික පිළිවෙතින් බිඳී කෘෂිකර්‍මය ප්‍රතිව්‍යුහගත කිරීමෙනි. විකිණීමට නොව පරිහරණයට නිෂ්පාදනය කිරීමෙනි.

ඔබ යෝජනාකරන පරිවර්තනය අනුව සටහනේ ඔබ යෝජනා කරන ලක්ෂය සටහන් කරන්න.

අප අත්දකින පාරිසරික පැල්ම අපේ ක්‍රියාකාරකම් මත රඳා පවතී!

පාරිසරික පැල්ම යනු මනුෂත්වය හා ස්වභාව ධර්‍මය අතර ඇතිව ඇති පැල්මයි. අද අප දකින පැල්ම කෘතිම එකක්. මිනිසා හා ස්වභාව ධර්‍මය අතර පරිවෘත්තියෙහි ඇතිව ඇති ගැඹුරු විවරය (දොරොව්ව) ස්වාභාවික එකක් නොවේ.

කාර්මික ධනවාදයේ අභාවය අප යථාර්තයක්  ලෙස නොදකිනවාට වඩා මුහුදු ගොඩ ගැන්ම යථාර්‍තයක් යැයි අපි දකිමු. බොහෝ පරිසරවේදීන් යෝජනා කරන්නේ කාර් මික ධනවාදයේ රාමුවට ගැළපෙන ලෙස පරිසරය රැක ගන්නට මිස සැබෑ ලෙසම පරිසරය රැකගන්නට නොවේ. මාක්ස් මෙසේ ලියයි.

මේ නිසා අප මුහුණ දී සිටින අර්බුදය ස්වභාවික එකක් ලෙස හැඳින්වීමේ තේරුමක් නෑ. මේ නිසා අප ස්වභාව ධර්මය කීවම මේ ඇන්ත්‍රොපොසීන් අවධියේ හදපු සහ හැදුන එක ගැනයි අදහස් කරන්නෙ.

එය හැදුනෙ හිස් අවකාශයක නොවෙයි. නිෂ්පාදන සමාජ සම්බන්ධතා පද්ධතියක් තුළ යි. ඒ සම්බන්ධතා මගින් කෙරෙන්නේ සර්පිලාකාරව ධනය නිර්‍මාණය කිරීම. අතිරික්තය අවිච්ඡින්නව වැඩිකර ගැන්ම සහ එය මුදල් ලෙස ඉදිරියට ගෙනයාමයි අරමුණ. නිෂ්පාදන බලවේග වර්‍ධනය කරන්නෙ මිනිසාගේ හෝ/ සහ ස්වභාව ධර්මයේ යහපතට නොව මුදලේ හා ධනයේ යහපතට, වාසියට යි.

ඒ අනුව මේ ත්‍රිකෝණය ඇතුළේ ලක්ෂයක නැවතිලා/ ස්ථානගත වෙලා විසඳුම් හොයන්න බෑ. මේ කෝණයේ මුලු යළි කියවගන්න ඕන.

අනෙක් පරිසරවාදීන්ගෙන් මාක්ස්වාදින් වෙනස් වෙන්නෙ එතනදී. කොච්චර යහපත් චේතනයෙන් සහ කැපවීමෙන් වැඩ කළත් නිර්-මාක්ස්වාදී පරිසරවාදය යෝජනා කරන්නෙ කාර්මික ධනවාදය ඇතුළෙ විසඳුමක් හොයාගන්න. කළයුත්තේ නිෂ්පාදන සමාජ සම්බන්ධතා පද්ධතිය බිදීමයි.

Leave a Reply