පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති රීති. විනාඩියකට වඩා නිශ්ශබ්දව ඉන්න බෑ. තනි වචනයෙන් උත්තර දෙන්න බෑ.තහනම් වචනය කියන්න බෑ. පැහැඳිළියිද?
සිරිවර්දන: ඔව් පැහැඳිළියි.
පූරක: එහෙනම් අපි පටන් ගනිමු. 22 කියන්නේ මොකක්ද?
සිරිවර්දන: විසිදෙක කියන්නේ 21 ට පස්සේ එන 23 ඉස්සර එන එක.
පූරක: 21 ට පස්සේ එන 23 ට ඉස්සර දේවල් ගොඩක් තියෙනවනේ. මේ 22 කියන්නේ උත්තරීතර නීතිය. මේ රටේ ව්‍යවස්ථාව. ඒ ගැන මොනවද දන්නේ?
සිරිවර්දන: මගෙන් අහන්නේ ව්‍යවස්තාව ගැනද? විය අවස්තාව සන්දිවෙලා තමයි ව්‍යවස්තාව හැදිලා තියෙන්නේ. මුව පුරා සිනා.
පූරක: පැහැඳිළි මදියි, තව ටිකක් විස්තර කරලා කියන්න.
සිරිවර්දන: විය අවස්තාව. සමානයි ව්‍යවස්තාව. තමන්ට අවස්ථාවක් විය මේක වෙනස් කරන්න. එහෙම ඕනෑම අවස්තාවක තමන්ගේ ප්‍රයෝජනය සඳහා වෙනස්කල හැකි එකම පොත.
පූරක: කාට විය හැකියි කියන අවස්තාවකින් ප්‍රයෝජන ගන්නද?
සිරිවර්දන: ජහමනයා වෙනුවෙන් කියලා ජනාදිපතිට මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට. ආන්ඩුවට.
පූරක: එහෙම වෙනස් කරන්න එයාලට තියෙන අයිතිය මොකක්ද?
සිරිවර්දන: ජහමනයා වෙනුවෙන් කියලා එයාල තමයි ඒක හැදුවේ. ඉතිං හදාපු එකාටනේ ඒකේ අයිතිය. හුණුවටයේ කතාව බැලුවේ නැද්ද? මෙතැනදි තියෙන්නේ අසඩක් නඩුකාරයාගේ නීතිය.
පූරක: මීට පෙර එහෙම වෙනස් කරපු අවස්තා තියෙනවද?
සිරිවර්දන: මේ ලග ලගම තියෙනවා. 17 වැනි ගෙනාවේ ජනාදිපති බලතල අඩු කරන්න. 18 ගෙනාවා බලතල වැඩි කරන්න. 19 ගෙනාවා බලතල අඩු කරන්න. ආයෙමත් 20 ගෙනාවා ජනාදිපති බලතල වැඩි කරන්න. ආයෙමත් 21 ගෙනාවා අඩු කරන්න.
පූරක: 17 ඉදලා 21 දක්වා ඕවා සංශෝධනය කරගන්න පුලුවන් උනාද?
සිරිවර්දන: ඕනවටත් වැඩිය චන්ද තිබුනා. මුලින්ම අත ශක්තිමත් කරන්න ආන්ඩුව පැත්තට යනවා. ඊට පස්සේ ජනාදිපතිගේ අත ශක්තිමත් වුනාම ඒ පැත්තට පැන්න එකාගේ අතත් පොකට් එකත් දෙකම ශක්තිමත් වෙනවා.
පූරක: එහෙනම් 22 ත් සම්මත වෙයි නේද?
සිරිවර්දන: අපෝ ඔව්. දෑත් තුන්සිය දහඅටයි. දෙකෙන් බෙදුවාම එකසිය පනස් නවයයි. දියවන්නා ඉවුරටත් චූ යයි.
පූරක: ඕකෙන් මටයි ඔබටයි සිද්දවෙන වාසිය මොකක්ද?
සිරිවර්දන: ඔබතුමාත් විපක්ස නායකතුමා වගේනේ ප්‍රස්නනේ අහන්නේ?
පූරක: කවුද කියන්නේ.
සිරිවර්දන: පාර්ලිමේන්තු කැන්ටිමේ කතා වුණා.
පූරක: ඔය වලපල් කතාකර ඉදලා තමයි කැන්ටින් බිල කෝටි ගානක් වෙලා තියෙන්නේ. දැන් දියවන්නාවේ ඉන්න කට්ටිය හොරකම් කරන්නේම නැද්ද?
සිරිවර්දන: කරන්නේ නෑ.. කියලා තමයි එයාල කියන්නේ. කරනවා, නෑ.. කියලා තමයි ඇහෙන්නේ.
පූරක: හරි ඔබ කියන්න බලන්න 22 න් කොහොමද හොරු අල්ලන්නේ.
සිරිවර්දන: රංග මහත්තයා හොරු අල්ලනවලු. 22 සමම්ත කරළා පැලවත්ත සේනාවේ සූරයෙක් එදත් සූරයා, අදත් සූරයා කරනවලු. එහෙම කරළා අනෙක් පැත්තේ ලොකු ලොක්කෝ ඔක්කොම බැස්ටීලයට දානවලු. මේක ලෙනින් මොරායස්ලගේ අද්යක්සනයක්. යසපාලිත නිර්මානයක්. රස සාගරයක්.
පූරක: ඔබේ පිළිතුර පැහැදිලි මදියි. කවුද සේනාවේ සූරයා කියන්නේ.
සිරිවර්දන: සූරසේන.
- විනාඩියක් පමණයි… - September 20, 2026