පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද ‘පලස්තීනයට නිදහස, යුද්ධයට විරෝධය’ යන මාතෘකාව යටතේ පැවති ජන හමුවක් ජූනි මස 20 වෙනි දින ආචාර්ය ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වුණි. මෙය පලස්තීනයට සහයෝගය දැක්වීම සඳහා අවශ්‍ය එකඟතාවයන්, ඒකාබද්ධ කිරීමේ මූලික පියවරක් වන බව, මෙහි මූලික අදහස් දැක්වීම කළ ආචාර්ය කුමුදු කුසුම් කුමාර කියා සිටියේය.
අද වන විට පලස්තීනයට එල්ල වන ප්‍රහාර පිළිබඳ විමසීමේදී, මෙය මානව සදාචාරය හා ශිෂ්ටත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. මේ නිසා මෙම තත්ත්වය විරෝධය පල කිරීමේ මූලික අයිතියක් ජනතාවට ඇති බවත්, මෙය පැහැදිලිවම ඊශ්‍රායලය වටා ගොනු වූ අධිපතිවාදී බලවේගවල ප්රකාශනයක් ලෙස මතු වී ඇතැයි ඔහු සඳහන් කළේය.
ඊශ්‍රායල් ක්‍රියාකාරිත්වය පැත්තෙන් බලන විට යුදෙව් ජාතියේ උත්තමභාවය ඉහලින් මතු කිරීමේ ස්වරූපයක් මෙම ක්‍රියාන්විතයන්වල පෙනී යන බව සඳහන් කළ ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා, මෙය එක්තරා පැත්තකින් නාසිවාදීන් විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති හා සමානත්වයක් පෙන්නුම් කරන බව පැහැදිලි යැයි ප්‍රකාශ කළේය. මෙහි වඩාත් බිහිසුණු ලක්ෂණය වන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් විසින් මෙම ආක්‍රමණයට දක්වන සුභවාදී ප්‍රතිචාරය බවද කියා සිටියේය.

මෙය පලස්තීනය, ඊශ්‍රායලය හෝ ඉරානය සම්බන්ධයෙන් පමණක් ඇති වී තිබෙන ගැටලුවක් නොවේ. ඇත්ත වශයෙන්ම අධිරාජ්‍යවාදීන් ලෝකය යටපත් කිරීමේ හා අවි ජාවාරමුන්ගේ ව්‍යාපෘතියක් බවට පත් වී ඇතැයි මෙම සංවාදයේදී අදහස් දැක්වමින් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා කියා සිටියේය. කෙසේ වුවද, මේ යුද්ධයට පමණක් නොව ලෝක අධිරාජ්‍යවාදයට විරෝධය දැක්වීමේ ක්‍රියාන්විතයක් දක්වා වන ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය හොඳින්ම පැහැදිලි වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සංවාදයට එක් වූ චමිල් ජයනෙත්ති මහතා කියා සිටියේ සමස්ත ලෝකයේ ක්රියාකාරිත්වයන් දෙස බලන විට පැහැදිලි වන්නේ පූර්ව විප්ලවීය තත්වයන් මතු වී ඇති බවයි. අප රටේද බංග්ලාදේශයේද යුරෝපයේ විවිධ රටවලද නොයෙකුත් ගැටුම් පැන නැගී තිබෙන බව හා මැද පෙරදිග පුපුරා යමින් තිබෙන්නේ මෙහිම තියුණු අවස්ථාවක් යැයි පැවසුවේය.
මෙහිදී අදහස් දැක් වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේ මේ මොහොතේ පක්ෂ සංවිධාන, සිවිල් හා වෘත්තීය සමිති සංවිධාන ඒකාබද්ධ පුලුල් ක්රියාකාරිත්වයකට යාමේ අවශ්‍යතාවය මතු වී ඇති බවයි.
මේ අවස්ථාවේ මෙහි රැස් වී සිටින පිරිස කමිටුවක් හැටියට පත් කිරීම සුදුසු බව ආචාර්ය කුමුදු කුසුම් කුමාර කළ යෝජනාවට සභාවේ එකඟතාවය ප්‍රකාශ විය. ඒ අනුව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති,සිවිල් සංවිධානවල සහභාගිත්වය මෙම ක්‍රියාන්විතයට ඒකාබද්ධ කර ගැනීමට මෙහි පැමිණ සිටි එම සංවිධානවල නියෝජිතයෝ එකගත්වය ප්‍රකාශ කළහ.
මුස්ලිම් සංවිධාන පමණක් නොව වෙනත් ආගමික සංවිධානවල සහයෝගයද මෙම ක්‍රියාන්විතයට ලබාගැනීමේ යෝජනාවක්ද ඊට සභාවේ අනුමැතිය ද ප්‍රකාශ විය. ඇත්ත වශයෙන්ම පලස්තීනයේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සමස්ත ලෝකයේම අවධානය යොමු විය යුතු සංවේදී මාතෘකාවක් බවට පත් වී ඇත. මෙවැනි මොහොතක අධිරාජ්‍යවාදීන්ගේ ජන සංහාරයක ව්‍යාපෘතියට එරෙහිවීම, යුක්තිය ගරු කරන සමාජයක වගකීමකි.
- ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. - August 14, 2025
- කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. - July 27, 2025
- කළු ජූලියෙන් නූගත් පාඩම්.. - July 23, 2025