You are currently viewing ෆැසිස්ට්වාදයේ ගති ලක්ෂණ.. [අධ්‍යාපනික සාකච්ඡාව]

ෆැසිස්ට්වාදයේ ගති ලක්ෂණ.. [අධ්‍යාපනික සාකච්ඡාව]

සමාජවාදී ජනතා සංසදය විසින් දේශපාලනිකව ක්‍රියාත්මක වාම සමාජ ක්‍රියාධරයන්ගේ සහභාගීත්වයෙන් වාම දේශපාලනය පිළිබඳ අධ්‍යාපනික සාකච්ඡාවක් ආරම්භකර තිබේ. “දේශපාලන අධ්‍යන කවය” නම් වූ හි පළමුවන සාකච්ඡාව දෙසැම්බර් 03 දින, කොළඹ 02, අංක 17, බැරක්ක පටුමග එක්සත් කම්කරු සම්මේලන කාර්යාලයේ දී පවත්වන්ට යෙදින.

“ෆැසිස්ට්වාදය හඳුණා ගනිමු” යන මාතෘකාව එහිදී සාකච්ඡාවට බඳුන් කළ  අතර මාතෘකාව පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සමන් පුෂ්ප කුමාර විසින් සරලව විග්‍රහ කෙරෙන හඬපටයක් සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් සංවිධායකයන් විසින් සහභාගීවන්නන් වෙත යොමුකර තිබිණ.

මෙම සාකච්ඡාව සඳහා, බි. ස්කන්ධකුමාර් හා ආසියානු සංචාරයක නිරත වෙමින් සිටින, බ්‍රිතාන්‍යයේ ප්‍රකට වාම ක්‍රියාධරයෙකු වූ Roger Silverman සම්බන්ධ වූ අතර, පැමිණ සිට සහෝදර සහෝදරියන් ද සාකච්ඡාව පෝෂණය කරනු ලැබීය.

“දේශපාලන අධ්‍යන කවය” පළමු දේශනයට දායකත්වය දෙමින් මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් “ෆැසිස්ට් වාදය” සටහන් කළ සම්පිණ්ඩන සටහනක් පහත දැක්වේ.

ෆැසිස්ට්වාදය සාපේක්ෂව අලුත් සමාජ ප්‍රපංචයක් ය. ඒ නිසාම ෆැසිස්ට්වාදය පිළිබඳ න්‍යාය ද අලුත් ය. මාක්ස්වාදී දෘෂ්ඨි කෝණයකින් ෆැසිස්ට්වාදය ගැන කළ පැහැදිලිම විවරණය දැකිය හැක්කේ ලියොන් ට්‍රොට්ස්කි ගේ රචනාවන්හි ය. ඔහුගේ විග්‍රහයට අනුව, ෆැසිස්ට්වාදයේ මූලයයන් හයක් හදුනාගත හැකි වේ. අපි ඒ එක එක ගෙන සාකච්ඡා කරමු.

පසුකාලීනව ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට සම්බන්ධව සිටි විද්වත්හු ෆැසිස්ට්වාදයේ පෞද්ගලික මානයන් සාකච්ඡාවට ඇතුල් කළහ. මෙහි ලා තියඩෝර් ඇඩානෝ, එරික් ෆ්‍රොම් වැනි අය කළ සම්මාදම් සිහිපත් කළ හැකිවේ.

Print Friendly, PDF & Email

Leave a Reply