You are currently viewing ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාවක්..

‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාවක්..

“පසුගිය ‘අරගලය’ විදේශ කුමන්ත්‍රණයක්,මෙරට මධ්‍යම පංතිය ස්වකීය ජීවන රටාව බිඳ වැටීමට එරෙහි වූ මැදිහත්වීමක් ලෙස මේ වන විට ජන සමාජයේ පතුරුවා හැරීමට ඇතැම්හු වෑයම් කරති. නමුත් මෙම අරගලය, ඇතිවූ පීඩාකාරිත්වය මත මෙරට පොදු ජනතාවගේ නැගී සිටීමක් බව ප්‍රතික්ෂේප කළ නොහැකියි”. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සහෝදරයා මෙසේ ප්‍රකාශ කළේ ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතිය පිළිබඳ පසුගිය 02 දින මොරටුව සොයිසාපුර ප්‍රජා ශාලාවේ පැවති සංවාදශීලි වැඩ සටහනකදීය.

‘අරගලය’ ගෝල්පේස් පිටියට පමණක් සීමාවූවක් නොවේ.ගෝල්පේස් පිටිය එහි ඒකාබද්ධ වූ සංකේතයක් පමණි. 2022 අප්‍රේල්, මැයි වන විට සමස්ත දිවයිනේම ඇතිවූ පීඩාකාරිත්වය මත අරගලකාරී ස්වභාවයන් පැන නැගුණි. ගෝල්පේස් පිටියට සමාන්තරව රටේ විවිධ ප්‍රදේශවල ‘ගෝඨා ගෝ ගම’ නිර්මාණය විය. සමස්ත ජනතා ක්‍රියාකාරිත්වයක උද්වේගකර අවස්ථාවන් රැසක් මෙමගින් පැහැදිලි විය. යනුවෙන් පුබුදු සහෝදරයා ප්‍රකාශ කර සිටියේය.

අද වන විට නැවත වටයකින් විදුලි බිල, ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිවීමක්ද ඒ යටතේ සමස්ත පරිභෝජන රටාවේම අතිශය දුෂ්කරතාවයන් ඉදිරියේදී ඇතිවීමට නියමිත බවද ඔහු කියා සිටියේය.ජනතා පරමාධිපත්‍යය යන්න විකෘතිමය ස්වරූපයකට භාජනය වී ඇති අතර මෙරට ජනතාව සිය පාලන අයිතිය සඳහා ඉදිරියට යාමේ සූදානම පසුගිය අරගලයෙන් ප්‍රකාශයට පත්වූ අන්දම මෙම කෘතියෙන් ප්‍රකාශයට පත්වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

225 ම එපා,දියවන්නාවෙන් එළියට බලයක්,ජනතා බලයක් යන සටන් පාඨ නව ප්‍රකාශනයන් හැටියට ඉස්මතු වූයේ ඒ නිසා යැයි පුබුදු සහෝදරයා ප්‍රකාශ කළේය.එවැනි ප්‍රකාශන වෙත පිවිසීමට තරම් ජනතාව ඉදිරියට පැමිණීමට හේතුවූ කරුණු ගැන මෙම කෘතියේ සාකච්ඡා කර ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය.

මෙම කෘතිය පිළිබඳ පුබුදු සහෝදරයාගේ පැහැදිලි කිරීම අවසානයේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත්වීම ගැන රැස්වූ පිරිස අතරින් මතුවූ පැනයේදී පුබුදු සහෝදරයා කියා සිටියේ, ව්‍යවස්ථාදායකය තුළ මේ කරුණ සම්බන්ධයෙන් බලවත් විරෝධයක් දිගින් දිගටම ඇතිකළ යුතුව තිබූ නමුත් එවැනි විරෝධයක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පාර්ලිමේන්තුවේ සිදු නොවීම මෙවැනි තත්වයක් ඇතිකිරීමට හේතුවූ බවයි.

රටේ පාලන බලය ජනතා නියෝජිතයින් සතු වේ.නමුත් ජනතාව කිසිසේත්ම ඉල්ලා නොසිටි තත්ත්වයක් ඇතිකිරීම තුළම ජනතාවගේ ඍජු නියෝජනයක් ඇති පාලන ව්‍යුහයක අවශ්‍යතාවය මේ මොහොතේ පැහැදිලි වී ඇති අතර එම ක්‍රියාකාරිත්වය ඉදිරියට ගත හැක්කේ ‘අරගලය’ තුලින් පමණක් බවද ඔහු කියා සිටියේය.

බලය ලබාගැනීමට අවශ්‍ය පංති බලවේගයන් සංවිධානාත්මක ස්වරූපයෙන් මතුකර ගැනීමට නොහැකිවීම තීරණාත්මක ලෙස පැන නැගුණු අන්දමද මෙම සංවාදයෙන් මතුවීම අතිශය වැදගත් කරුණකි. ජන අරගල ව්‍යාපාරයේ දුලිප් පෙරේරා, සිසුජන ව්‍යාපාරයේ සුජිත් කුරුවිටගේ,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මොරටුව සංවිධායක මිලින්ද ශක්ති හා මොරටුව -රත්මලාන ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

Print Friendly, PDF & Email

Leave a Reply