You are currently viewing නොසැලුනු කම්කරු නායක නීල් විජේතිලක..

නොසැලුනු කම්කරු නායක නීල් විජේතිලක..

‘සමාජවාදී ජනතා සංසසදයේ’ ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රකට විප්ලවකාරී වාමාංශික ක්‍රියාධරයෙක් හා ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු වූ නීල් විජේතිලක සහොද්රයා අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ අටවන වියේ පසුවූ නීල් විජේතිලකයන් එක්සත් පොදු සේවක සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ සහෝදරයෙකි.

වසර ගණනාවක් අනියම් සේවක පදනමින් සේවය කළ සංස්කෘතික ත්‍රිකෝණයේ හා මාර්‍ග සංවර්‍ධන අධිකාරියේ සේවකයන් අර්‍ධ රාජ්‍ය සේවයේ ස්ථිර සේවා මණ්ඩලයේ පිහිටුවන්නට විශාල මෙහෙවරක් කළ, අඛණ්ඩව වෙහෙස වූ වෘත්තීය සමිති නායකයෙකි.

නීල් විජේතිලක සහෝදරයා

ශ්‍රී ලංකාවේ වාමාංශික විප්ලවාදී දේශපාලනයේ නියමුවෙකු හා ආචාර්‍ය්‍යවරයෙකු ලෙස ද දිගුකාලීන අත්දැකීම් සහිත ඔහු හතරවන ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා පාර්ශවය, සමාජවාදී ජනතා සංසදය නියෝජනය කරමින් එහි මෑත කාලීන නායකයන් වූ අර්නස්ට් මැන්ඩෙල් Ernest Mandel, පියරේ රෑසෝ Pierre Rousset, එරික් තුසේයින්ට් Eric Tousaint වැනි නායකයන් සමග ලෝක වාමාංශික දේශපාලනයේ ද නිරත වූ අයෙකි. සභාග දේශපාලනයට එරෙහිව ජන අරගලයෙන් ධනපති ක්‍රමය පෙරලා දමා, සමාජවාදය ඉලක්ක කරගත් නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කළ විප්ලවාවාදී නායකයෙකි.

ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජික Eric Tousaint”

Pierre Rousset, Europe solidaire sans frontières (ESSF) ප්‍රකාශ කළේ නීල් සහෝදරයාගේ අභාවය “සත්‍ය වශයෙන් ම… ඉතා කණගාටුදායක පුවතක්”යනුවෙනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජික, පාකිස්ථානයේ Farooq Tariq ශෝක පණිවිඩයක් නිකුත් කරමින්

මේ වන විට ඔහුගේ දේහය කළුතර දකුණ, රජවත්ත, ගමගොඩ පාර, නීල් සහෝදරයාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 12 වෙනි අඟහරුවාදා පස්වරු 4.00 ට ඇටවිලවත්ත සුසානාගාරයේදී සිදු කෙරේ.

Print Friendly, PDF & Email

Leave a Reply