You are currently viewing වගවීම ශ්‍රී ලංකාවේ අනාගතයට කේන්ද්‍රීය යි: එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසම

වගවීම ශ්‍රී ලංකාවේ අනාගතයට කේන්ද්‍රීය යි: එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසම

2023 සැප්තැම්බර් 6 දා  නිකුත් කළ එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් වාර්තාවක ශ්‍රී ලංකාවේ යුද අපරාධ කුරිරුකම්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් දූෂණය සහ බලය අපහරණය යනාදි වශයෙන් නොකඩවා සිදු වන වගවීමේ ඌණතාවයක් වඩාත් මෑතක පවා පවතින අතර, රට ඉදිරියට යෑමට නම් ඒවා ආමන්ත්‍රණය කළ යුතුයැයි සඳහන් වේ. 

වසරකටත් පෙර සිට ශ්‍රී ලංකාව වඩාත් යහපත් පාලනයක් සහ සියල්ල ඇතුළත් දැක්මක්, කෙටියෙන් සමාජ ගිවිසුම අලුත් කරන මෙන් බහුජන විිරෝධතාවලින් ඉල්ලීම් කෙරිණ. එහෙත් දිගු කලක් තිස්සේ පවතින අභියෝග ආමන්ත්‍රණය කරන ඓතිහාසික පරිණාමයක විභවය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගෙන නැතැයි එක්සත් ජාතින්ගේ මානව අයිතිවාස්කම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.

යුද්ධය අවසන්ව වසර දාහතරක් ගත වුවද වින්දිතයක් දහදහස් ගණනක් සහ ඔවුන්ගේ පවුල් සත්‍යය, යුක්තිය සහ ප්‍රතිකර්ම අපේක්ෂාවෙන් වේදනාව සහ සන්තාපය අත් විඳිති. ආණ්ඩුව සත්‍යය සෙවීම සඳහා නව යාන්ත්‍රණයක් යෝජනා කර ඇති අතර කිසියම් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් සාර්ථකවීමට නම් එය ශක්තිමත් කිරීමේ පරිසරයක් නිර්මාණය කිරීමට අව්‍යාජ ප්‍රයත්නයක් පදනම් කළ යුතුයැයි වාර්තාව අවධාරණය කරයි.

එක්සත් ජාතින්ගේ මානව අයිතිවාස්කම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් [Volker Türk]

මෙය ආරම්භ වන්නේ වත්මන් සත්‍යය සෙවීමේ යෝජනාවට වින්දිතයන් සහ සිවිල් සමාජය සමග අර්ථාන්විත සහ පාරද්‍රශ්‍ය උපදේශනයක් හරහා සහ ඊට මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් වින්දිත කණ්ඩායම්වලට එරෙහි සියලු ආකාරයේ හිරිහැර නීති විරෝධී සෝදිසි කිරීම් නතර කිරීමෙන් මෙන්ම වින්දිතයන්ගේ අත්දැකිම් පිළිගැනීම සහ අනුස්මරණය කිරීමේ මුල පිරුම්වලට සහාය දීමෙනි.

“..සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නැත. එය වගවීමට සහ පුළුල් වෙනස්කම් ක්‍රියාත්මක කිරීමේ දේශපාලන වුවමනාවට ඇති පැහැදිලි කැපවීමක් සමග බැඳී තිබිය යුතුයැ..” යි ටර්ක් පැවසුවේය. 

වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති අනෙකුත් නිර්දේශ අතර මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සංකේතාත්මක නඩු, මෙන්ම 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සහ අභිචෝදනා ඉදිරිපත් කිරීම ප්‍රවේගවත් කිරීමට ද ඉල්ලා සිටී. මානව අයිතිවාස්කම් මහකොමසාරිස් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වූ සම්පූර්ණ වාතාවරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට තවත් මාර්ග සෙවීමට අන්තර්ජාතික සහාය ඇතිව ස්වාධීන විමර්ශනයක් කිරීමට ද කලින් ද ඉල්ලා සිටියේය.

මෙම වාර්තාවට යෝජනා අංක 46/1 සහ 51/1 අනුව මානව අයිතිවාසිකම් කාර්යාලයේ පිහිටුවන ලද වගවීමේ ව්‍යාපෘති වැඩ පිළිබඳ යාවත්කාලීන කිරීම් ද ඇතුළත් ය. මහ කොමසාරිස් වගවීමේ මුලපිරුම්, විශේෂයෙන්ම වෙනත් පරිපූරක පියවර සමග සමස්ත ගෝලීය හෝ තම භූමි ප්‍රදේශයෙන් පිටස්තර අධිකරණ බලය යොදා ගනිමින් විමර්ශනය සහ අභිචෝදනා ඉදිරිපත් කිරීමේ වගවීමේ මුලපිරුම්වලට අන්තර්ජාතික ප්‍රජාවේ සහාය ලබා දීමට ඔහු කලින් කරන ලද ඉල්ලීම් නැවත සිහිපත් කරයි.

මෙම වාර්තාව නව ප්‍රති ත්‍රස්ත පනත සහ විකාශන නියාමනය කිරීමේ පනත ඇතුළු යෝජිත නව නීති ගැනද කනස්සල්ලට පත්වීම් ගණනාවක් විස්තර කරයි.

ජනාධිපති සංහිඳියාව ඉදිරියට ගෙන යෑමේ වෙනස් ආකාරයක් නියමකර ඇති බවත් වැඩි වැඩියෙන් ප්‍රාදේශීය ගැටුම් සහ ආතතියට මූල හේතුවක් වන පුරාවිද්‍යාත්මක සහ ආරක්ෂක කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම නතර කර ඇති බවත් වාර්තාව සඳහන් කරයි. ඒ සමගම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කාර්යාලයට ඉඩම් පිළිබඳ ආරවුල් විශේෂයෙන්ම දිවයිනේ උතුරෙන් සහ නැගෙනහිරෙන් දිගටම වාර්තා ලබෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතයේ ප්‍රමාණය 2021 දී 13% සිට 2022 දී 25% දක්වා විස්මය ජනක ලෙස දෙගුණවීම ඇතුළත්ව 2022 ආර්ථික අර්බුදයේ බලපෑම දිගටම පැවතීම සහ ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ යහපැවැත්ම ගෝලීය වශයෙන් පහත වැටීම ද වාර්තාවෙන් ඉස්මතු කරයි. ආහාර අනාරක්ෂිත භාවය ජන සංඛ්‍යාවේ සැලකිය යුතු ප්‍රමාණයකට බලපාන අතර එය සෞඛ්‍ය අයිතියටත් පාසල් හැර යෑමේ අවදානම වැඩිවීමටත් බලපායි.

යහපාලනය, පාර්ද්‍රශ්‍යභාවය සහ වගවීමේ අව්‍යාජ ප්‍රගතියක් ඇති කිරීම සඳහා බලපෑම් කරන අතර අන්තර්ජාතික මූල්‍ය ආයතන ඇතුළත් අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩ නැගීමට සහ එහි ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටත් සහයෝගය ලබා දිය යුතු බවත් මහ කොමසාරිස් පෙන්වා දේ.

“..වගවීම, සංහිඳියාව, සහ මානව අයිතිවාසිකම් පිළිබඳ නව, ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ සහ වාස්තවික ප්‍රගතියක් සඳහා වන හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයත්න දැරීමට සහ ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් සහ දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටිමි” යි ටර්ක් පැවසුවේය. “ශ්‍රී ලංකාව  නිදහස් වීමේ 75 වැනි සංවත්සරය සහ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරන මෙම වසරේ එය වඩාත් ගැලපෙන්නෙකි..”

Print Friendly, PDF & Email

Leave a Reply