You are currently viewing රඹුක්කන අවම බලය..

රඹුක්කන අවම බලය..

පොලිසිය යළිත් වරක් අවම බලය යොදා ඇත. එක් තරුණයෙක් අවම ලෙස මිය ගියේ ය. අවම බලය යොදා වෙඩි තැබීම නිසා බඩ පෙදෙසට වෙඩි වැදී පිරිසක් තුවාල ලබා ඇත. 19 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බව පුවත් වල පළවිය.

රඹුක්කන ජනතා උද්ඝෝෂණයේ දී පොලිසියේ අවම බලය යෙදී ඇත්තේ දණින් පහළ වෙඩි තැබීමෙන් බව පොලිස් ප්‍රකාශක මාධ්‍යයට පවසා ඇත.

ඒ මොහොතේ ඔවුන්ගේ දණහිස් තිබී ඇත්තේ ඔවුන්ගේ බඩ පෙදෙස්වල ය. කලින් සෑහෙන සංඛ්‍යාවක් මිය ගියේ අවම බලය යෙදීමෙනි. ඒ හැම විටම මියගිය අයගේ දණහිස් තිබී ඇත්තේ ඔවුනගේ හෘද වස්තු වලය. නැතිනම් හෘදය වස්තුව තිබී ඇත්තේ දණහිස් වලය. මේ අවම බලය ඉදිරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් අර්ථ ගැන්විය යුතු ය.

අවම බලය ජනතාවට මාරාන්තික නම් උපරිම බලය වූ පරමාධිපති බලය යොදා කාට කෙසේ දඬුවම් කළ යුතු ද යනු මෙබඳු සෑම මරණයක් සමගම ප්‍රකාශ වේ.

රඹුක්කන  සිද්ධිය හුදකලා සිද්ධියක් නොවේ. එය පොදු ජන නැගිටීමේ කොටසකි. එහි දී මිය ගිය තරුණ මහත්මා ගැන දුක් වෙමු. එහෙත් ඔහු නිකම් මිය ගියේ නැත. තුවාලවූවන්ට සුවය පතමු. එහෙත් එම තුවාල වල වේදනාව වර්තමාන පාලකයන්ට අනාගතයේ විඳින්නට සිදුවනවා නියත බව අප ප්‍රකාශ කරමු.

Print Friendly, PDF & Email

Leave a Reply