You are currently viewing ඡන්ද බලය..

ඡන්ද බලය..

  • 1931 සිට සර්ව ජන ඡන්ද බලය ලැබී තිබිණි.
  • දැනට අවුරුදු 92 ක් ගත වී ඇතත් එහි සැබෑ අයිති වාසිකම පුරවැසියාට ලැබී නැත.
  • පුරවැසියා පරමාධිපති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථා වෙන් කියවේ.
  • ඡන්ද බලය පරමාධිපති බලයේ කොටසකි.
  • එම බලය අන්සතු කළ නොහැකි ය. අන්‍යයන්ට පැහැර ගත නොහැකි ය. එහෙත් මේ තාක් ව්‍යවස්ථාවේ හෝ නැත.
  • මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරමාධිපත්‍යයට ඉහළින් පවතින දෙයක් නොවේ. පරමාධිපත්‍යයට ඉහළින් මන්ත්‍රී වරප්‍රසාද පැවතිය යුතු නැත.
  • එසේ පවතින්නේ නම් එම ව්‍යවස්ථාව වහා වෙනස් කළ යුතු ය.
  • වරප්‍රසාද රැකීමට පරමාධිපති බලය යටපත් කිරීම හෙවත් අහිමි කිරීම ද කළ නොහැකි ය.
  • “පොදු ජනතාවගේ කැමැත්ත පාලනයේ පදනම විය යුතුය” (මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ 21 වන වගන්තිය) මේ තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මගින් පාලකයා විසින් පැහැර ගත් අයිතිවාසිකමකි.
  •  පරමාධිපති බලයට – පාලන සහ අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය අයත් ය. (ආ.ක්‍ර.ව්‍ය 4 වන ව්‍යවස්ථාව)
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1)  අනුව භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමකි.
  • ඡන්ද බලය භාෂණයේ නිදහසේ ම කොටසකි. ( කරුණාතිලක එදිරිව මැතිවරණ කොමසාරිස් නඩුව)
  • භාෂණයේ නිදහසට සීමා ඇතත් ඡන්ද බලයට සීමාවක් ආරක්ෂා කර නැත. නියත කාල පරතරයන්හිදී මැතිවරණ පැවැත්විය යුතු යැයි ද එහි සඳහන් වේ. ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇතිකරනුයේ  ඒ නිසාය.
  • එම අයිතිවාසිකම වරප්‍රසාද වලින් හෝ ජනාධිපතිගේ විධායක බලයෙන් යටපත් කළ නොහැකි ය.
  • ජනතාව විධායක බලය සහිත ජනාධිපතිවරයකු තෝරා ගන්නේ තම අයිතිවාසිකම් යටපත් කරවා ගැනීමට නොවේ.
  • මෙසේ පුරවැසියාගේ පරමාධිපති බලය අහිමි කිරීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?
  • පුරවැසියාට ආණ්ඩුවට සම්බන්ධවිමේ අවස්ථාව ලැබෙන්නේ ඡන්ද බලය භාවිතා කිරීමේ දී ය.
  • එම අවස්ථාව හිතුවක්කාර  ලෙස හෙවත් විධායක බලය අනිසි ලෙස යෙදීමෙන් අහිමි කළ විට  පුරවැසියාට තමන්ට නො වැදගත් පුද්ගලයෙකු සේ සැලකුණු බව පෙනේ.
  • එවිට පාලකයා කෙරෙහි කෝපයක් ඇතිවේ.
  • කෝපය සාමූහික වීමෙන් දැවැන්ත විනාශයක් කළ හැකි ය.
  • ආණ්ඩුව ජනතාව පොලඹවන්නේ එම අවස්ථාව ඇති කිරීමට ය.
  • එවිට පහසුවෙන් මර්දනය කළ හැකිය.
  • ජනතාවගේ ම වියදමින් ගත් වෙඩි උණ්ඩ, මිලිටරි බලය, පොලිස් බලය යෙදීය හැකිය.
  • ජනතාව හැඟීම් පාලනය කරගෙන  ඡන්ද බලය කෙරෙහි පමණක් විශ්වාස කළ යුතුය.
  • ආණ්ඩුවට වුවමනා වන්නේ ජතතාවගේ ප්‍රචණ්ඩ භාවයයි.
  • හෙයින් අපි ඡන්ද බලය දිනා ගනිමු.

ඡන්ද බලය කෙරෙහි විශ්වාස කළ යුත්තේ ඇයි.

  • ආණ්ඩු පක්ෂයක් සහිත රාජ්‍ය පාලනයක් වෙනස් කිරීමට ක්‍රම දෙකක් ඇත. එකක් සන්නද්ධ අරගලයයි. අනික ඡන්ද බලයෙන් වෙනස් කිරීම යි.
  • මෙයින් ප්‍රචණ්ඩ, සන්නද්ධ අරගලය දැන් නො පිළිගැනේ. ඉතිරි වී ඇත්තේ ඡන්ද බලයෙන් වෙනස් කිරීමයි.
  • ඡන්ද බලයෙන් වෙනස් කිරීම උදෙසා පෙලඹීමට ජනතාවට සෑහෙන දේශපාලන විඥානයක් අවශ්‍ය ය.
  • රටට දේශපාලන නිදහස ලැබී වසර 75 තුළ නිදහස් ජාතියක් වීම සඳහා අවශ්‍ය සමාජ දැනුමක් ඡන්දදායකයාට ලැබී නැත.
  • පාලකයන් උනන්දු වූ යේ පුරවැසියා වහල්කමේ තබා ගෙන තමන් වැජඹීමට ය.
  • පසුගිය අප්‍රේල් මාසයේ ඇතිවූ සාමකාමී අරගලයෙන් රටේ යම් ප්‍රබුද්ධ දැක්මක් ඇතිවිය.
  •  එනම් පොදු ජනතාවගේ, සමස්ත මිනිස් වර්ගයාගේ සහ පැවැත්මයි.
  •  ඒ සඳහා දුෂ්ට පාලන ක්‍රම වලින් ද, වංචා දූෂණ රැවිලි ආදියෙන් තොර විය යුතු ය.
  • එම දැක්ම අනුව පාලනය කළ හැකි පිරිසකට බලය පැවරීමට තරම් දැනුවත් භාවයක් හට ගෙන ඇත.
  • ඒ සඳහා පවතින දේශපාලන පක්ෂ අතර බෙදීමක් හා එකඟතාවයක් තිබිය යුතු ය.
  •  විපක්ෂයේ පක්ෂ සියල්ල ඡන්ද දිනා ගැනීමට එක එල්ලේ ශක්තිය  යෙදිය යුතු ය.
  •  එසේ නො වීම ආණ්ඩුවට සහය දීමකි.

Leave a Reply