You are currently viewing සතොස අරමුණ හොරකම වෙලා..

සතොස අරමුණ හොරකම වෙලා..

ලංකා සතොස ආයතනයේ ආරම්භක අරමුණ හොරකම් කිරීම දැයි සැක සිතෙන බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රොහාන් විජේකෝන් කෝප් කමිටුවේ දී ප්‍රකාශ කළේය. මෙම ආයතනයට සම්බන්ධ වී කටයුතු ආරම්භ කිරීමෙන් පසු එසේ සිතෙන්නට තරම් කරුණු කාරණා හෙළි වූ බව ද හෙතෙම කියා සිටියේය.

සමාගම් පනත යටතේ ලියාපදිංචි, රජයට පූර්ණ අයිතිය ඇති ලංකා සතොස සමාගමේ ආරම්භක අරමුණු කිසිවක් ඉටුවී නැතැයි එම කෝප් කමිටුවේ දී අනාවරණය විය.

එහි ව්‍යුහය තුළ අරමුණු හා ඉලක්ක ලබාගත‌ නොහැකි බවත් මෙය ගොඩදැමිය හැකිද යන සැකය මතුවන බව ද එම කමිටුව ට සහභාගි වූ නිලධාරින් රැසක් පෙන්වා දුන්හ.

කාර්ය මණ්ඩල බඳවා ගැනිම්වල දී සිදුවු අක්‍රමිකතා රැසක් එහි දී හෙළි වූ අතර බිලියන 1.3 ක ආහාර ගබඩාවන්හි කල් ඉකුත් වී ඇති බවත් 2023 පමණක් මිලියන 421 ක් වටිනා ආහාර ද්‍රව්‍ය කල්ඉකුත් විම නිසා ආපසු යැවීමට ද ඇතැයි ද එහි දී හෙළි විය.

 ලංකා සතොස සමාගමේ මූල්‍ය  සම්බන්ධ ඉහළ නිලධාරි තනතුරු අටම කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තිබිණි .2017 දී තිබු කාර්ය මණ්ඩලය වේ. සාමාන්‍යධිකාරි කොන්ත්‍රාත් මත බඳවා ගෙන ප්‍රධාන විධායක නිලධාරි තනතුරේ ද ඔහුම වැඩ බලා ඇතැයි හෙළි විය.

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහිතව හෙඩ් ඔෆ් ඔන්ලයින් ට්‍රේඩින් නමැති තනතුරකට පුද්ගලයෙක් බඳවා ගෙන ඔහුට වසරක් ඇතුළත රුපියල් 41 ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබු බව ද එහි දී හෙළි විය. ඔහු 2025 අප්‍රේල් දක්වා සේවා දිගු ලබමින් සිට ඇතැයි ද කෝප් කමිටුවේ දී හෙළි විය. එමෙන්ම ඔහු ගේ තනතුර වන ඔන්ලයින් ට්‍රේඩින් තනතුරට අදාලව කිසිදු කටයුත්තක් ලංකා සතොසේ සිදුවී නැත. එමෙන්ම ආයතනයට ඔහුගෙන් සේවයක් සිදුව නැති බවත්, මසකට ලක්ෂ 6කට ආසන්න මුදලක් ගෙවා ඇති බවත්  එහි දී හෙළි විය.

මෙම තනතුරු දීමනා ලබාදීම සඳහාම ලබාදුන් ඒ්වා බව පෙනී යන්නේ යැයි ද  කෝප් කමිටුව පෙන්වා දෙයි.  2021 හා 2022 වසරවල දි දිරිදීමනා ක්‍රමවේදයක් ඔස්සේ සමාගමේ සේවකයන්ට ලක්ෂ 404 ක් ද හා 2023 දී ලක්ෂ 306 ක මුදලක්  ද, 2024දී ලක්ෂ 296 ක මුදලක් ද  අනුමැතියකින් තොරව ගෙවා තිබු බව ද මෙහි දී හෙළි විය. එය ජාතික විගණන කාර්යාලයේ විගණනයේ දී හෙළි වී තිබිණි.

මුදල් සම්බන්ධව වගකිව යුතු කළමණාකරණ මට්ටමේ නිලධාරින් 8 දෙනාම කොන්ත්‍රාත් පදනම මත  බඳවාගෙන තිබිණි.

2021 හා 2022 වසර සඳහා වන කෝප් කමිටු පරික්ෂණයේ දී මේ කරුණු  හෙළිදරව් විය.

Leave a Reply