You are currently viewing දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය; එකමිටට ගැහැණු බැහැර කෙරෙන උඩරට සම්ප්‍රදාය හා ඉංග්‍රීසි නීතිය..

දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය; එකමිටට ගැහැණු බැහැර කෙරෙන උඩරට සම්ප්‍රදාය හා ඉංග්‍රීසි නීතිය..

මහනුවර දළදා මාලිගාවේ ගිහි භාරකාරීත්වය හොබවන දියවඩන නිලමේ ධූර කාලය අවසන්ව ඒ සඳහා සුදූස්සෙකු පත් කර ගැනීම එළඹෙන තෙමස ඇතුලත සිදුවීමට නියමිතය. වැඩවසම්, සාම්ප්‍රදායික තනතුරක්  වුවද, ඊට පුද්ගලයෙකු තෝරා ගැනීමේදී බොහෝ විට මහ ජන්දයක සිරි උසුලනු ලැබේ. පඬුරු පාක්කුඩම්, නොයෙකුත් වරදාන මෙන්ම එකිනෙකාට එරෙහි මඩ හා අවලාද  ව්‍යාපාර ද දියත්වේ.

‘..එහෙත් ඉතිහාස කතාකරුවන්ට අනුව  දන්ත ධාතුව මෙරටට වැඩම කර ඇත්තේ හේමමාලා නම්  කුමරියගේ කේශ කළාපය තුළ සඟවාගෙනය..’

ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් පැමිණීමට පෙර විහාර දේපළ  වලට නියමිත හිමිකරුවෙකු නොවිණි. ඒවා සැලකුනේ සාංඝික දේ ලෙසය. මෙම දේපළ භාරකරුවෙකු යටතට පත් කරමින්, ආණ්ඩුවේ ලියාපදිංචිය ඇරඹෙන්නේ 1856 අංක 10 දරන විහාර දේපළ  ලියාපදිංචි කිරීමේ ආඥා පනත හඳුන්වා දීමෙන් අනතුරුවය. මේ යටතේ උඩරට පළාතේ සියළුම විහාර දේපළ  බද්දෙන් නිදහස් කරමින්, ලියාපදිංචියට මග සැලසුණි.  විහාරස්ථාන හා සාංඝික දේපළ  දැරීම වෙනුවෙන් භික්ෂුවක් හෝ ගිහි භාරකරුවෙක්  පත් කෙරුනේ  ඉංග්‍රීසි පාලකයන් ගෙන එනු ලැබූ 1899 අංක 01 දරන පනත මගිනි.1905 අංක 08 බෞද්ධ විහාර හා දේවාල ගම් ආඥා  පනත හදුන්වා දුන්නේ ඉන් අනතුරුවය.

විහාර හා දේවාල වල දේපළ  සම්බන්ධයෙන් එතෙක් පැවති නීති තවදුරටත් නිරවුල් කිරීම වෙනුවෙන්  1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත ගෙන එනු ලැබුණි. දළදා මාලිගාවේ දියවඩන නිලමේ පත් කරනු ලබන්නේ එම පනතේ හත් වැනි වගන්තිය ප්‍රකාරවය. පෙර රජ සමයේ රජුගේ ස්නාන කටයුතු බාරව සිටී දියවඩන නිලමේ තනතුර දළදා මාලිගාවේ ගිහි භාරකරුවා වන්නේ  අස්ගිරි හා මල්වතු පැවිදි භාරකරුවන්ට අමතරවය.

දියවඩන නිලමේ ධුරයේ පුරප්පාඩු වූ සැණින්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් තෙමසක් ඇතුලත සුදුස්සෙක් තෝරා ගැනීම වෙනුවෙන්  රැස්වීමක්  කැඳවිය යුතුය. දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී ජන්ද අයිතිය හිමිවන්නන් ගැන විහාර හා දේවාලගම් ආඥා පනතේ 40 වැනි වගන්තියේ දැක්වේ.

මේ මගින් ඉතාමත් පැහැදිලි වනුයේ  දළදා මාලිගාවේ පමණක් නොව සෙසු සිද්ධස්ථානවලදී ද ස්ත්‍රී නියෝජනය බැහැර කර ඇති බවය. වඩාත් විහිළු සහගත බව වන්නේ දළදාව මෙන්ම, ඉතිහාසකරුවන්ට අනුව  අටමස්ථානයෙන් ප්‍රධාන තැනක් ගන්නා ජය ශ්‍රී මහා බෝධිය ද මෙරටට රැගෙන ආවේ සංඝමිත්තා නම්  තෙරිණියන් විසින් බව දැනුවත්ව මතකයෙන් අත්හළ ඇති බැවිනි.

 1952 අංක 44 ආඥා පනත මගින් දක්වා ඇති උඩරට රාජධානි බල ප්‍රදේශය වූ, මධ්‍යම පළාත [ නුවර/නුවරඑළිය/මාතලේ දිස්ත්‍රික්ක], උතුරු මැද පළාත[ අනුරාධපුර/පොලොන්නරුව දිස්ත්‍රික්ක], ඌව පළාත [බදුල්ල/මොණරාගල දිස්ත්‍රික්ක], සබරගමුව පළාත [ රත්නපුරය/කෑගල්ල දිස්ත්‍රික්කය], වයඹ පළාතේ [කුරුණෑගල දිස්ත්‍රික්කය/පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ හත් පත්තුව]  වවුනියාව දිස්ත්‍රික්කයේ චෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, මඩකළපුව දිස්ත්‍රික්කයේ බින්තැන්න,වේගම් හා පානම් පත්තු,[අද මෙය අයත් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයටය. බින්තැන්න පත්තුව මහඔය හා පදියතලාවත්, වෙගම් පත්තුව උහන හා දමන ත්, පානම් පත්තුව ලාහුගල හා පානම ත් අයත්වේ.] ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ කට්ටිකුලම් පත්තුව යන ප්‍රදේශවල දිසා ලේකම්වරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, සියළුම දේවාලවල බස්නායක නිලමේවරු, පන්සල්වල වැඩසිටින සියළුම විහාරාධිපති හිමිවරුන් හා ගිහි භාරකරුවන් දියවඩන නිලමේ තෝරා ගැනීමේදී සිය දායකත්වය ලබා දෙන්නේ අස්ගිරි -මල්වතු නාහිමිවරුන්ට අමතරවය.

මාතර දිස්ත්‍රික්කයේ  මොරවක් කෝරලය, ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම්  පත්තුව ද එම නියෝජනයට ඇතුලත්ය. 

ජීවිතාන්තය දක්වා පැවති දියවඩන නිලමේවරයාගේ  නිළ කාලය වසර 10 කට සීමා කෙරුනේ  1931 අංක 19 දරන විහාර හා දේවාල ගම් ආඥා පනත මගිනි. ඒ වනවිට දියවඩන නිලමේවරයා වූ   පී.බී.නුගවෙල ඊට විරෝධය දක්වමින්,ඔහු මියැදෙන තෙක්ම එම ධුරය හෙබවීය. 1916 පත්වූ නුගවෙල දියවඩන නිලමේ 1937 දක්වා සිය ධුරය අත්නොහළේය. අනතුරුව  ටිකිරි බණ්ඩාර රත්වත්තේ  නව පනත අනුව නිලවරණයකින් පත්වූ පළමු දියවඩන නිලමේ ලෙස ඉතිහාසයේ සටහන්වේ.

ප්‍රදීප් නිලංග දෑල

නීතිඥ සඳරුවන් සේනානායක  මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම රිට්  පෙත්සම මගින්  පෙත්සම්කරු කියා සිටින්නේ, හිටපු දියවඩන නිලමේ වරයාගේ ධුර කාලය ඉකුත් සැප්තැම්බර්   07  වැනිදායින්  හමාර  වූ බවය. අනතුරුව විහාර හා දේවාලගම් පනතේ විධිවිධාන ප්‍රකාරව අස්ගිරි -මල්වතු පාර්ශවයේ විහාරාධිපතින්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩබලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කටයුතු කර තිබෙන බවය. හිටපු දියවඩන නිලමේ වරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් එල්ල වී ඇති බව සඳහන් කරන  පෙත්සම්කරු, එම පසුබිම හමුවේ ඔහු අදාළ ධුරයේ වැඩබැලීම සඳහා පත්කිරීම නීතියට පටහැනි බවත්, එය විහාර හා දේවාලගම් පනතේ විවිධානයන්ට පටහැනි බවත් පෙන්වා දී තිබේ.

Download:

හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ට එරෙහිව ගොනු කර ඇති වංචා දුෂණ චෝදනා කඩිනමින් විභාග කරන ලෙස අල්ලස් හා දුෂණ කොමිසම වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නට කන්ද උඩරට අභිමානය’ නම් උඩරට- බොදු ගොවිගම වංශිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානය විසින් ඉකුත් දා කටයුතු කළේය. එම සංවිධානය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ  හිටපු දියවඩන නිලමේට එරෙහිව නොයෙකුත් අක්‍රමිකතා පිලිබඳ චෝදනා හතළිහක් පමණ එල්ල වී ඇති බවය.

දිස්ත්‍රික් 16 ක් පුරා විහිදෙන දළදා මාලිගාවට අයත් නින්දගම් ඇතුළු නිශ්චල හා චංචල දේපොළ වලින් අතිමහත් ආදායමක් ලැබේ. බැතිමතුන් ලබා දෙන මුල්‍ය හා ද්‍රව්‍ය ආධාර මගින්ද දළදා මාළිගාවේ සල්ලි කඳු ගොඩ ගැසෙනු ඇත.

දියවඩන නිලමේ හා සෙසු බස්නායක නිලමේවරුන් තෝරා ගැනීමේදී  සුපිලිපන්න බැවින් එය සිදුවනවා දැයි  සිවිල් සංවිධානවල නිරීක්ෂණයක් අවශ්‍ය බව  සිවිල් බුද්ධි පෙරමුණ නම් සංවිධානයක් අවධාරණය කර තිබිණි. කලින් පැවති නිලවරණවල කෙසේ වුවත් මෙවර වංචා දුෂණයෙන් තොරව එය පවත්වා ගැනීමට මෙවැනි නිරීක්ෂණයක් වැදගත් වන බව ඔවුන්ගේ අදහසය. 

මේ අතර දියවඩන නිලමේ තෝරා ගැනීමේ නිලවරණය අරඹයා නැගෙන කතිකාව හමුවේ සිදුකෙරෙන අපහාසාත්මක සංවාද නිසා සමස්ත බෞද්ධයන්ගේ ගෞරවයට හානි සිදුව ඇතැයි අස්ගිරි – මල්වතු දෙපාර්ශවයේ  නාහිමිවරුන් නිවේදනයක කර තිබේ.

යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන  මල්වතු පාර්ශවයේ නාහිමියන්ගේ හා වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ප්‍රඤඤානන්ද ඥානරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ. 

හිටපු දියවඩන නිලමේ මෙන්ම දැනට  වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ  ඒ. ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක, ඉපැරණි  සෝනුත්තර රජමහා විහාර භාරකාරත්වය හා සතර මහ දේවාල භාර මහ නිලමේ ධුරය හොබවන රොෂාන් පස්සරමුදලිපේරාදෙණි සරසවියේ  කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ, මාතලේ  හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු වූ  ගාමිණි කලුහෙන්දිවල දියවඩන නිලමේ ධුරය සඳහා තරඟ කරන බවට ප්‍රකාශ කර තිබේ. එහෙත්  ඔවුන්ගේ නම් දියවඩන නිලමේ තෝරා ගැනීමේ රැස්වීමේදී යෝජනා ස්ථිරත්වයෙන් සම්මත විය යුතුය. එසේ නොවුනහොත් අපේක්ෂකත්වය අහිමි වේ.

සියලු නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින්,වසර සියයකට ආසන්න  විහාර හා දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක හරහා සකස් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුනේ 2022 වසරේදීය. අනතුරුව එළඹී 2023 වසරේදී පත් කළ කමිටුවක් මගින් එම පනතේ වගන්ති හතරක් සංශෝධනය කිරීමට නිර්දේශ කෙරිණි. විහාර දේපොළ සම්බන්ධයෙන් වූ 18 සහ 28.3 වගන්ති ද, භික්ෂු විනය කෙරෙහි බලපාන 41.5 වගන්තියට අමතරව වැදගත්ම දේ වුයේ  විහාර හා දේවාල ගම් භාරකාරත්වය හා ඒ සඳහා වූ ජන්ද අයිතිය හිමිවන අයුරින් 40 වැනි වගන්තිය සංශෝධනය කිරීමය.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව මගින් විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන බවට ප්‍රකාශ කෙරිණි. මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක  බෞද්ධාගමික උත්සවයකට සහභාගීවෙමින්  කියා සිටියේ 41 හා 42 වගන්ති සංශෝධන කෙටුම්පත් කර අවසන් බවය;

එහෙත් ජනාධිපතිවරයා හෝ සංස්කෘතික ඇමැතිවරයා හෝ  පනතේ 40 වගන්තිය සංශෝධනය කරන බවට ප්‍රකාශ කර නොතිබුණි. එහෙත් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ මතය නම් ස්ත්‍රී නියෝජනය ඇතුළත් කෙරෙන ලෙස පනත සංශෝධනය කරන බවය.  ස්ත්‍රී නියෝජනයට ඇති අයිතිය තහවුරු කරන ලෙස මෑතක දී  උද්ඝෝෂණ ව්‍යාපාරයක් උඩරට මුල් කරගෙන පැවතිය ද, දළදා ප්‍රදර්ශනය හා අනතුරුව එළඹී ඇසළ පෙරහැර නිසා එය ක්‍රමයෙන් අඩපණ විය.

දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේදී මෙවර  වලංගු ජන්ද සංඛ්‍යාව 362 කි. දිසාපතිවරුප්‍රාදේශීය ලේකම්වරු  170ක්, රජමහ විහාරාධිපති හිමිවරු 157 ක්, බස්නායක නිලමේවරු 31 ක්, විහාර ගිහි භාරකරුවන් 04 ක් ලෙස ජන්දය බෙදී ඇත.  ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් 71 ක්  ස්ත්‍රීන්වන බැවින් ඔවුන්ට ජන්ද හිමිකම් අහිමිය.

නුවර ඇසළ පෙරහැර සමයේ  දියවඩන නිලමේට කිසියම් රෝගී තත්වයක් හෝ අනතුරක් වුවහොත්  පෙරහැර මංගල්ලයේ  කටයුතු පැවරෙන්නේ මහනුවර දිසාපතිවරයාට ය. එබැවින් කෙතරම් ඉහල සුදුකම් සපුරා තිබුන ද  ස්ත්‍රියකට  මහනුවර දී දිසාපති තනතුරට පත්විය නොහැක. එය නීතියක් නොවුණත් වැඩවසම් සම්ප්‍රදායක් ලෙස නීතියකටත් වඩා බලවත්වය.

එබැවින් සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථා මත යැපෙන ආණ්ඩුවටත්, විපක්ෂයටත්, විහාර හා දේවාලගම් පනතින්  බැහැර කර ඇති  ගිහි, පැවිදි  ස්ත්‍රී නියෝජනය ලබා දීමේ  සංශෝධන ගෙන ඒමේ අවකාශ ඉතාමත් සීමිත වනු නිසැකය.

නමවසරවෙනත් කාර්යාල / සටහන් / මූලාශ්‍ර
කැප්පැටිපොළ117201
වික්‍රමසිංහ පණ්ඩිත මුදියන්සේ31733-1738 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1733 – කොඩිතුවක්කු මුහන්දිරම්ගේ තුඩපත3
1737 – වීරවර්ධන මුහන්දිරම්ගේ තුඩපත3
1738 – හල්ගල්පළුවේ තුඩපත3
විජයවර්ධන අමෘත හස්ත නවරත්න පණ්ඩිත මුදියන්සේ31742 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1742 – පල්ලේ ඇඹිලිපිටියේ තුඩපත3
මුන්වත්තේ රාජකරුණා විජයවර්ධන නවරත්න මහමුදියන්සේ31761 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1761 – සිරිවර්ධන අභයකෝන් විජේසුන්දර අප්පුගේ තුඩපත3
අංගම්මන දිවාකර රාජපක්ෂ වාසල මුදියන්සේ 31780 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1780 – මඩලගම තුඩපත3
පිළිමතලාවේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ 31787 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1787 – මරගල ගල්ලේනේගොඩ විහාර තුඩපත3
මීගස්තැන්නේ11789-17941අධිකාරම්1
ඇහැලපොල, ජ්‍යෙෂ්ඨ11794-17971අධිකාරම්1
කැප්පැටිපොළ11797-17991
මාම්පිටිය බණ්ඩාර11799-18111ඔහු දියවඩන නිලමේ ධූරයෙන් ඉවත් කර උඩුනුවර රටේ මහත්මයා ලෙස පත් කරන ලදී1.
පිළිමතලාවේ විජේසුන්දර සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ 31806 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1806 – ඇත්තලවත්ත තුඩපත3
ගබ්බල වීරසිංහ තුඩපත3
පිළිමතලාවේ (Jnr.)118111අධිකාරම්1
ඇහෙලපොළ11811-18141දෙවන අධිකාරම්1
පිළිමතලාවේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ31812-1814 (තුඩපත් මත පදනම්ව)3සඳහන් තුඩපත :
1812 – පොත්ගුල් විහාර තුඩපත3
1814 – උග්ගල් අලුත් නුවර තුඩපත3
1814 – වලිගේපොළවිදානේ හේනයායගේ තුඩපත3
1814 – වලකුඹුරේගම තුඩපත3
කපුවත්ත1,21814-18231දෙවන අධිකාරම්1
දෙහිගම, ලොකු බණ්ඩා 1,21824-18361
1824-18272
රටේ මහත්මයා1
මොල්ලිගොඩ, කුඩා21827-182821922 කැප්පෙටිපොළ බස්නායක නිලමේගේ වාර්තාවේ සඳහන් කොට නොමැත
දෙහිගම, කුඩා21828-183521922 කැප්පෙටිපොළ බස්නායක නිලමේගේ වාර්තාවේ සඳහන් කොට නොමැත
මුල්ලේගම1,21836-1842අධිකාරම්1
දුල්ලෑවේ1,21843-18491
1842-18482
අධිකාරම්1
දෙහිගම, ලොකු බණ්ඩා1,21849-18651
1848-18622
රටේ මහත්මයා1
දුනුවිල, කුඩා බණ්ඩා1.21865-18821
1862-18822
රටේ මහත්මයා1
ගිරාගම, කුඩා මුදියන්සේ1,21882-18971,2රටේ මහත්මයා1
රත්වත්තේ, සෙනෙවිරත්න1,21897-19011,2රටේ මහත්මයා1
නුගවෙල, කුඩා බණ්ඩා1.21901-19161,2රටේ මහත්මයා1
නුගවෙල, පුංචි බණ්ඩා1,21916-19371,2රටේ මහත්මයා1
රත්වත්තේ, ටිකිරි බණ්ඩා21937-19472
නුගවෙල, කුඩා බණ්ඩා21947-19612
රත්වත්තේ, හැරිස් ලෙව්කේ21961-19642
උඩුරාවණ, හීන් බණ්ඩා21964-19742
විජයරත්න, නිශ්ශංක පරාක්‍රම21974-19852
විජයරත්න, නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලෑව21985-20052
දෑල, ප්‍රදීප් නිලංග22005-වර්තමානය21999 – රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ
2001 – රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ

ආශ්‍රිත :
1./ Diyawadana Nilames of the Dalada Maligawa, Kandy (1922)
2./ Chief Custodian – Sri Dalada Maligawa – Temple of the Sacred Tooth Relic

3./ මහනුවර දළදා මාලිගාවේ අප්‍රකට දියවඩන නිලමේවරු කිහිපදෙනෙක් (ක්‍රි.ව. 1733-1814) පිලිබඳ තුඩපත් ආශ්‍රිත අධ්‍යනයක් (2013)

Leave a Reply