You are currently viewing ජූලි නැගිටීම් හරහා දක්ෂිණාංශිකයින් පරාජය කළ ප්‍රංශ-බ්‍රිතාන්‍ය මැතිවරණ..

ජූලි නැගිටීම් හරහා දක්ෂිණාංශිකයින් පරාජය කළ ප්‍රංශ-බ්‍රිතාන්‍ය මැතිවරණ..

ජූලි 4 බ්‍රිතාන්‍යයේ හා ජුලි 7 පැවති ප්‍රංශයේ දෙවැනි වටයේ පාර්ලිමේන්තු ඡන්දයෙන් දක්ෂීණාන්ශික පක්ෂ පරාජයක් අත්පත් කරගෙන ගෙන තිබේ.

බීබීසී ඇතුළු බහුතර මාධ්‍ය ජනතාව අතරට ගෙන ගිය පණිවුඩය වූයේ,  බ්‍රිතාන්‍යයේ නයිජල් ෆරාජ්ගෙ ප්‍රතිසංස්කරණවාදී පක්ෂය (Reform Party) වැඩි ඡන්ද ලබාගැනීමට නියමිත අතර, ප්‍රංශයේ ලී පෙන්ගෙ දුව, ජින් මාරි ලී පෙන් ගේ ප්‍රංශ ජාතික සභාව (French National Assembly)  ජුලි 7 පැවති ඡන්දයෙන් පළමු වටයෙන් ම  මැතිවරණය ජයග්‍රහණය කර, ප්‍රංශයේ ප්‍රථම දක්ෂීණාන්ශික ආණ්ඩුව පිහිටුවීමට නියමිත බවයි.

නව ජනතා පෙරමුණේ නායක ජීන්-ලූක් මෙලන්චොන් [Jean-Luc Mélenchon]

නමුත්  සිදු උනේ ඊට ප්‍රතිවිරුද්ධ ජනතා ජයග්‍රහණයකි. මෙම ජනතා ජයග්‍රහණය බීබීසී ඇතුළු බහුතර මාධ්‍ය පෙන්වා දුන්නේ, ප්‍රංශයේ  ජීන්-ලූක් මෙලන්චොන්ගේ නව ජනතා පෙරමුණ (The New Popular Front – NFP) ආසන 577 ආසන 182 රැගෙන ප්‍රංශයේ පලමු ස්ථානයට පැමිණීම, වත්මන් දේශපාලන කරළියේ ‘ඇදහිය නොහැක්කක්’ ලෙසය.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ නයිජල් ෆරාජ් නියෝජනය කල ප්‍රතිසංස්කරණවාදී පක්ෂය ආසන  13 ලබා ගැනීමට නියමිත බව  බීබීසී ය ප්‍රකාශ කළ තිබූ නමුත් ඡන්ද ප්‍රතිඵල අනුව එම පක්ෂයට දිනා ගැනීමට හැකිවී  ඇත්තේ මුළු ආසන 650 න් ආසන 5 ක් පමණි.

1948 ජාතික සෞඛ්‍ය සේවාව (NHS) ආරම්භ කල වාමවාදී  කම්කරු පක්ෂය, වසර 14 ක් විරුද්ධ පක්ෂයේ සිට, ආසන 412 දිනා ගනිමින් බහුතර ආසන 174 ක් හිමි කරගත්තේ සර් කීයර් ස්ටාමර් ගේ  නායකත්වයෙනි.

බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ මැතිවරණයේ දේශපාලන සංවාදය ලෙස ඉස්මතු වුනේ, ඉහළ යන ජීවන වියදම – ජාතික සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වීම –  නිවාස ගිගකම – ගාසා වේ සටන් විරාමයක් ඇතිකළ හැක්කේ කෙසේද? හා යුරෝපය එකක් විදියට ඉන්නවා සිටිනවා ද? නැද්ද? (Euroscepticism) ආදී ය පිළිබඳ ය. මෙම කාරණා වලට අමතරව ප්‍රධාන ලෙස ම රටවල් දෙකෙහි ම සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණි නැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනය.  හිටපු කම්කරු පක්ෂ අගමැති ටොනි බ්ලෙයාර් ජුලි 4 ඡන්දයෙන් පසු ඔහුගේ දේශපාලන උපදේශය වූයේ, නව පත් වු අගමැතිට දක්ෂීණාන්ශික පක්ෂ බලවත් වෙන්නට ඉඩ නොදීමට නම්  සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණි නවැත්විය යුතු බවයි.

එදා ටොනී, බ්ලෙයාර් ජොර්ජ් බුෂ් සමග එක්වී නිර්දය ලෙස මුළු බ්‍රිතාන්‍යය ම විරුද්ධ වෙද්දී, 2001 ඉරාකය ආක්‍රමණය කළේ, සදාම් හුසේන් සතුව සමුල ඝාතන, විනාශකාරී අවි තිබෙන බව පවසමිනි. ඔහුන් එකතුවී ගෙන ගිය මැද පෙරදිග  ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය (war against terrorism),  ඉරාකය- ඇෆ්ගනිස්ථානය- ලිබියාව-යේමනය-සිරියාව හරහා අද පලස්තීනය තෙක් මිලියන ගණනකගේ ජිවත් අහිමි කරමින්, තවදුරටත් යුද්ධය නඩත්තු කරමින් සිටී. කරන ලද ඒ විනාශයේ ප්‍රතිළුල ලෙස අවතැන් වූ බහුතර ජනයා යුරෝපයට හා ඇමෙරිකාවට සංක්‍රමණිකයන් ලෙස පැමිණි මේ ප්‍රධාන වගකිය යුත්තන් වන්නේ නව අගමැති කීයර් ස්ටාමර් ගේ  අද බලයේ ඉන්න කම්කරු පක්ෂයයි.

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නායක කීයර් ස්ටාමර් [Keir Starmer]

වසර 4 පෙර, කීයර් ස්ටාමර් කම්කරු පක්ෂයේ නායකත්වය ගත්දා පටන් ඔහුගේ ප්‍රධානතම විරුද්ධවාදියා උනේ වෙන කවුරුන් හෝ  නොව හිටපු කම්කරු පක්ෂයේ නායක ජෙරමී කොබීන් ය. 2003 පෙබරවාරි 15 හයිටි පාක් හිදී පැවති යුධ විරෝධී රැළීයේදී ජෙරමී කොබීන් පෙන්වා දුන්නේ ටොනි බ්ලෙයාර් ගන්නාවු විනාශකාරී තීන්දු හරහා යුද්ධයේ පලවිපාක යුරෝපයට සරණාගතයින් දහස් ගණනින් කඩා වැදෙනු ඇත යන්නයි. ඔහුගේ ඒ සත්‍ය අද සක්සුදක් සේ ප්‍රත්‍යක්ෂ වී ඇත.

ජෙරමි කොබින් [Jeremy Corbyn]

කම්කරු පක්ෂයේ සාමාජිකත්වය අහිමි කල අවුරුදු 75 වයසේ පසුවන  ජෙරමි කොබින්,  ඉහලම වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස, ගාසාවට  සහය පළ කරන තවත් ස්වාධීන මන්ත්‍රීන් 4 ක් සමගින් නව පාර්ලිමේන්තුවට පත්වීම, වමේ අනාගතයක් බලාපොරොත්තු වන  හැම කෙනෙක්ම මෙම ඡන්දයේ  දී ලැබූ ඉහල ම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

අනෙක් පැත්තෙන් ප්‍රංශයේ  ජීන්-ලූක් මෙලන්චොන් ගේ නව ජනතා පෙරමුණ (The New Popular Front – NFP) සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට සැරසීම යුරෝපයේ සමස්ත වැඩකරන ජනයා හා සංක්‍රමණිකයන් ලැබූ ජයග්‍රහණයක් ලෙස හඳුන්වාදිය හැකිය. එම තාවකාලික ජයග්‍රහණයේ  සිට අභියෝගාත්මක තැනකට රැගෙන යාම මත යුරෝපයේ අනාගතය රැඳී පවතී. බ්‍රිතාන්‍ය නව අගමැති කීයර් ස්ටාමර් යුරෝපය සමග රැඳී සිට, එකට වැඩ කිරීම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එක්සත් යුරෝපයක් තුල පමණයි  පුටින් දිගින් දිගටම ගෙනයන සමාජ ආර්ථීක-දේශපාලන යුද්ධය, යුක්‍රේනය හා යුරෝපයට කරන අභියෝග වලට මුහුණ දීමට අඩිතාලම සැකසෙන්නේ. එවැනි එක්සත් ගමනක් සදහා ජූලි වල ලැබූ ඡන්ද ජයග්‍රහණය පිටිවහලක් වෙනවා නො අනුමානය.

Leave a Reply