ලෝකය විවිධ ය. එය විසම වීමට හේතුවක් නොවේ. විවිධත්වය සොබා දහම ය. අසම විසම පැවැත්ම මිනිසා ගේ ය. මිනිසාගේ පොතේ ඇත්තේ යුක්තිය යි. එහෙත් ඔහුගේ සිතේ ගතේ සිදු වන්නේ අයුක්තියයි. අයුක්තියට අසමානතාවට සොබා දහම මෙන්ම යුක්තිමත් මිනිසා ද ඉඩ නොදෙනු ඇත. අසම විසම පැවැත්ම වෙනස් කොට සමෝසමේ සමාජයක් හැදීමට සොබා දහම බොහෝ කල් ගනී. එහෙත් මිනිසාට එය ඉක්මනින් වෙනස් කළ හැකිය. ලෝකයේ තිබෙන ආහාර ලොව සියලුම මිනිසුන්ට සෑහෙයි. එහෙත් ටික දෙනෙක් බදා ගෙන කති. බෙදා ගෙන කෑම නොඉවසති. එහෙත් එම තත්වය වෙනස් කිරීම මිනිසාටම පැවරෙන පරම යුතුකම ය. ආහාර අසමානතාව අන් සියලු අසමානතාවල මුල ය. ලෝකයේ එක් එක් රටවල තත්වය ද එසේය. කුස ගින්නෙන් නොමියන මිනිසුන් ඇති රටක් දෙකක් නැත්තේම නැත. එහෙත් දැන් තුන්වේල කා බී වැඩෙන මිනිසුන් ඇති රටක් ඇත්තේම නැති තරම් ය.
ශ්‍රී ලංකාවේ මේ අසමානතාව එනම් දිළිඳුකම තුරන් කිරීමට නිදහසින් පසු දා සිටම විවිධ යෝග යෙදිණ. එහෙත් ඒ සියල්ල ප්‍රයෝග පමණක් විය. 1988 න් පසු ජනසවිය. සමාද්ධි, දිවි නැගුම, අස්වැසුම වශයෙන් ක්‍රියාත්මක විය. ඒ වා දිළිඳු සහන මිස, එය නැති කරන සහන නොවේ. අද වන විට දිළිඳුකම මන්ද පෝෂණය වැඩි වී තිබේ.
දිළිඳුකමේ දේශපාලනය හා දේශපාලනයේ දිළිඳුකම
අපේ රටේ දේශපාලන බලය ලබා ගැනීමේ ප්‍රමුඛ සාධකයක් වූයේ ‘දිළිඳුකම’ තුරන් කිරීමේ පොරොන්දුවය. එය ඇත්තක් යයි සිතා දිළිඳු අය ඡන්දය දෙති. එම දේශපාලනය වගා කරන ව්‍යපෘති නිසා හෝ වෙනත් ලාබ ලෝබ නිසා සෙසු අය ඡන්දය දෙති. එම දේශපාලනයෙන් මඩිය තරකර ගන්නා ටික දෙනා එම දේශපාලනය රැක ගනිති. එදා මෙදා තෙක් එම දේශපාලනයෙන් දිළිඳුකම වැඩි වුණා මිස තුරන් නොවීය. පවතින දේශපාලන ක්‍රමයට එය තුරන් කළ නොහැකි බව ඔප්පුවී හමාරය. එයින් දිලිඳුකමට හිඟ බව ද එක් කොට ඇත. මේ තත්වය වෙනස් කළ හැක්කේ ජනතාවටය.
රටේ විශාල කොටසක් දිළිඳු භාවයෙහි තබා ගෙන කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිතිය නොහැකිය.
දිළිඳුකම තුරන් කිරීමේ ආරම්භය කුමක් ද?
- සියලුම කම්කරු වැටුප් වැඩි කළ යුතුය.
- වතුකරයේ වැටුප් වැඩි විය යුතුය.
- ඇඟලුම් කම්හල් සේවිකාවන්ගේ වැටුප් වැඩි කළ යුතුය.
- නාගරික දිළිඳු ජනතාව සුළු රැකියා වලට යොමු කළ යුතුය.
- ග්‍රාමීය ජනතාව මුදලාලිලා කිරීමෙන් තොරව සුළු වෙළඳාම් සහ රැකියා වලට යොමු කළ යුතුය.
- ගොවි නිෂ්පාදන මැද මිනිසාගෙන් මුදා ගන්නා ක්‍රමවේද ඇති කළ යුතුය.
- ගොවි සහ වෙනත් කෘෂි නිෂ්පාදන වෙළෙන්දාගේ සූරා කෑමෙන් තොරව පාරිභෝගිකයාට ලබා දීමේ ක්‍රම දියුණු කළ යුතුය.
- රටපුරා කෘෂි, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සඳහා ද සමුපකාර ක්‍රමය දියුණු කළ යුතුය.
- භාණ්ඩවලට පමණක් නොව සේවාවන්ටත් සමුපකාර ක්‍රමය වැඩි දියුණු කිරීමේ උත්සාහ ගත යුතුය.
- ඉහත කරුණු වල වැඩි දියුණුව උදෙසා වතුකරයේත් ග්‍රාමීය ප්‍රදේශ වලත් අධ්‍යාපන තත්වය සංවර්ධනය කළ යුතුය.
- දිළිඳුකම තුරන් වීමට රටපුරා සෞඛ්‍ය තත්වය වර්ධනය කළ යුතුය.
- ගෙවතු වගාව පමණක් නොව සෑම බිම් අඟලකම වගා කිරීමට උනන්දු කළ යුතුය. නවීන වගා ක්‍රම හඳුන්වා දිය යුතුය.
මැතිවරණ ප්‍රකාශන
දිළිඳුකම තුරන් කරන ක්‍රම ගැන අනිවාර්යෙන්ම සඳහන් විය යුතුය. මෙතෙක් එසේ සඳහන් වුවද ඒ ලබා දීමේ වගකීම තමන් සතු බව පිළිගෙන තිබුණේ නැත. එහෙයින් ඉදිරි මැතිවරණ ප්‍රකාශන වලින් දෙන පොරොන්දු ඉටු නොකළොත් තමන් වගවීමේ ආකාරය සඳහන් විය යුතුය. එම වගකීම නීතියෙන් ඉටු කර ගැනිම හෝ දඬුවම පැහැදිලි විය යුතුය.
ලෝක නිතියත් රටේ නිතියත් උල්ලංඝනය කිරීම හෙවත් අසමානතාව නීතිය බවට පත් කිරීම
1945 පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ මණ්ඩලය 1948 දී මානව අයිතිවාසිකම් ප්‍රකාශනය සම්මත කෙළේය. එදා රටවල් 50 සිට අද රටවල් 193 දක්වා එම ප්‍රකාශය පිළිගෙන ඇත. පිළිගත් නමුත් බොහෝ රටවල් එය ක්‍රියාත්මක කර නැත. 1955 දී ශ්‍රී ලංකාව එ. ජා. මණ්ඩලයේ සාමාජිකයෙක් විය. මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා එ. ජා. මණ්ඩලය සම්මුති දෙකක් පැනවීය. ඒ 1966 දීය. අපේ රට ඊට අත්සන් කළේ 1980 දීය. ඒ සම්මුති දෙක මෙසේ ය.
- ICCPR හෙවත් අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය.
- ICCPR හෙවත් අන්තර්ජාතික ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය
මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ 3-21 දක්වා වගන්ති වේ. ආර්ථික සම්මුතියෙන් ආවරණය වන්නේ 22 සිට 26 දක්වා වගන්තිවල අයිතිවාසිකම් ය. 1980 අත්සන් කළ පසු බැඳීම ඇති වේ. ඒ අනුව එම සම්මුති වල අන්තර්ගතය සමග පනත් සම්මත කළ යුතුය. ඒ අනුව සිවිල් අයිතිවාසිකම් පනත (ICCPR පැන වූයේ අවුරුදු 27කට පසු 2007 දීය. අනෙක් සම්මුතියට අදාළ පනත මේ වන තුරුත් නැත. එහෙත් ඒ වෙනුවට 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල වගන්තියක් ඇත. (1972/18 සහ 1977/27 වශයෙනි.) එම දෙකෙන්ම කියැවෙන්නේ එම අයිතිවාසිනම් හිමිවන ආකාරය නොව අහිමි වන ආකාරය යි.
අහිමිවන අයිතිවාසිකම් ගැන ප්‍රකාශන අයිතිවාසිකම තහවුරු විය යුතුය. එහෙත් ත්‍රස්තවාදී නීති භාවිත කෙරෙමින් එය තවදුරටත් අහිමි කරනු ඇත. දැනටත් ෂක්‍ක්‍ඡඍ පනත යොදා ගෙන කරන්නේ ආගමික අපහාසය ගැන ජනයාගේ අවධානය වෙන අතකට යොමු කිරීම ය.
එහෙයින් මේ පනත අහෝසි කොට නව පනතක් මගින් සිවිල් අයිතිවාසිකම් තහවුරු කර ගත යුතුය. ඒ සඳහා නිසි අවබෝධය ඇති අලුත් පිරිසක් ආණ්ඩු බලය මෙහෙය විය යුතුය.
ආර්ථික සම්මුතිය සම්බන්ධ පනතක් අලුත් ආණ්ඩුවකින්ම පැනවිය යුතුව ඇත. ආර්ථික අයිතිවාසිකම් ගැන 1972 සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණි. ඒ සඳහා ක්‍රියා මාර්ගයක් නොතිබිණ.
1979 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිවිල් අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් වශයෙන් යම් තරමකට ක්‍රියාත්මක කළ හැකි වුවද, ආර්ථික අයිතිවාසිකම් ලබා ගැනීම වළක්වා තිබිණ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය
ආහාර ඇඳුම්,නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව එහි සඳහන් වේ.
එහෙත් ඵට පහළින් 20 වගන්තියෙන් මෙසේ පැවසේ
“ඉහත අයිතිවාසිකම් ආණ්ඩුවට හැකි පමණින් ලබා දෙනු ඇත. එහෙත් නීතියෙන් ලබාගත නොහැකිය.”
මේ අයුරින් එම වගකීම නීතියෙන්ම ඉවත් කර ඇත.
මෙහි තේරුම කුමක් ද? අසමානතාව රැක ගන්නා බව ය. එනම් පොහොසත්කම ද පවත්වා ගන්නා බවය. මේ තත්වය තුරන් කළ යුතුය. ඒ සඳහා අලුත් පිරිසක් අවශ්‍ය ය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. එම අවශ්‍යතාව විවිධාකාර වලින් ප්‍රකාශ කරන ජනතාවක් අවශ්‍ය ය.
- ‘තරිඳු මර්දනය.. - August 2, 2023
- සමානාත්මතාව සඳහා යෝජනාවක්.. - July 12, 2023
- ඡන්ද බලය.. - March 23, 2023