පවතින රාජ්‍ය ප්‍රසම්පාදන නියාමන රාමුව වංචා සහ දූෂණයේ යෙදෙන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට අසමත්වීමෙන් මහජන මුදල් අවභාවිතයෙන් සහ සොරා ගැනීමෙන් වැළැක්වීමට නොහැකිව ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය දා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් අවධාරණය කරයි.
එම වාර්තාවේ සඳහන් වන ආකාරයට මෙම තත්වය අප්‍රමාදව නිවැරදි කිරීමට පියවර දෙකක් ගත යුතුය. ඉන් පළමු වැන්න නීතියේ ඇති හිඩැස පියවිය යුතුය. පවතින ප්‍රසම්පාදන මගපෙන්වීම් අනුව වංචා සහ දූෂණ ක්‍රියාවල යෙදෙන කොන්ත්රාත්තරුවෙකු හෝ සැපයුම්කරුවෙකු අසාදු ලේඛන ගත කිරීමට ප්‍රතිපාදන නැත. ප්‍රසම්පාදන මගපෙන්වීම්වලින් ප්රතිපාදනය කර ඇත්තේ ගිවිසුම්ගත බැදීම් කඩ කරන හෝ අපොහොසත් වන කොන්ත්‍රාත්කරුවන් අසාදු ලෙඛන ගත කිරීමට පමණි.
දෙවැනිව අනුකූලවීමේ හිඩැස යි. එනම් ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වන/කඩ කරන කොන්ත්‍රාත්කරුවෙකු අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට මගපෙන්වීම් වලින් ප්රතිපාදනය කර නැත. දෙවැනි හිඩැසෙන් පෙනි යන්නේ නිතියේ හිඩැස පියවීම ප්‍රමාණවත් නොවන්නේය යන්නයි. ඉන් පෙන්නුම් කරන්නේ වංචාව සහ දූෂණය අසාදු ලේඛන ගත් කිරීමට වලංගු හේතුවක් වීමට අමතරව අනුකූලවීම සහතික කරන ප්‍රතිපාදන ද ඊට ඇතුළත්කළ යුතුය යන්නයි. නිදසුනක් වශයෙන් අනුකූල නොවීමට දඬුවම් කිරීමේ ප්‍රතිපාදන තිබිය යුතුය.
අසාදු ලේඛන ගත කිරීමේ භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියානු රටවලට වඩා බෙහෙවින් පසුගාමී තත්වයක සිටින බවද එම වාර්තවේ සඳහන් වේ. දකුණු ආසියානු කලාපයේ අනෙකුක් රටවල නියාමන රාමු දූෂණ ක්‍රියාවල යෙදීම අසාදු ලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා ගනී. ශ්‍රී ලංකාවේ මෙන් නොව මෙම රටවල අසාදුගත කළ සමාගම් ක්‍රියාත්මක මාර්ගගත දත්ත බැංකුවකට ඇතුළත් කර ඇත.
දූෂණය නතර කිරීමට අසාදු ලේඛන ගත කිරීමේ වැදගත්කම
රාජ්‍ය ප්‍රසම්පාදනය යනු ලිපි ද්‍රව්‍ය සහ පවිත්‍රතා සැපයුම් වැනි එදිනෙදා අත්පිට මුදලට මිලදී ගන්නා භාණ්ඩ සහ සේවාවල සිට ගුවන් තොටුපොළ සහ විදුලි බලාගාර ඉදි කිරීම දක්වා රාජ්‍ය අංශය විසින් භාණ්ඩ සහ සේවා මිලදී ගන්නා ක්‍රියාවලිය යි. එය දූෂණයට බෙහෙවින් තුඩු දෙන ක්‍රියාකාරිත්වයක් වන්නේ වැය කෙරෙන විශාල මුදල් ප්‍රමාණය නිසාය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප්‍රසම්පාදනය ආණ්ඩුවේ මුළු වියදමෙන් සියයට 25ක් පමණ ය. එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5කි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ දූෂණ සිදුවීමෙන් තරගකාරිත්වය දුර්වල කොට ගිවිසුම්ගත මිල ඉහළ යෑමට ද හේතු වේ. එය හිඟ රාජ්‍ය සම්පත් අපතේ යැවිමකි. දූෂණය නිසා රාජ්‍ය කොන්ත්‍රාත්වකින් අහිමි වන ප්‍රමාණය සාමන්‍යයෙන් කොන්ත්‍රාත්තුවේ වටිනාකමෙන් සියයට 10-25ත් අතර බව සමීක්ෂණයෙන් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5ක්යැයි ගණන් බලන විට කොන්ත්‍රාත් පිරිවැය සියයට 20කින් ඉහළ ගිය විට එම ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට එකකි. 2023 වසරේ ගණනය කරන ලද වියදම අනුව මෙම ප්‍රමාණය රු. බිලියන 300කට ආසන්න ය. එය 2023 වසරේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් වෙන් කරන ලද මුදල මෙන් දෙගුණයකි. තවත් ආකාරයකින් මහජන සෞඛ්‍යය සඳහා වෙන් කරන ලද මුදල වන රු. බිලියන 150ට සමාන මුදලකි.
තවත් පැහැදිලි කරන්නේ නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවන දූෂණ නිසා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට එකකට සමාන ප්‍රමාණයක් ණය බරට එකතු වේ. වසර දහයක් ඇතුළත දළ ජාතික නිෂ්පාදිතයේ ණය බරට තවත් සියයට දහයක එකතු වීමකි.
කොන්ත්‍රාත්කරුවන් මිල ගණන් ඉදිරිපත් කිරීමෙන් වැළැක්වීම හෝ අසාදු ලේඛන ගත කිරීම ප්‍රසම්පාදයේ දී සිදුවන දූෂණ වැළැක්වීමේ අවියකි. ( දූෂණයට ගිවිසුම්වලට අනුකූල නොවීම ද ඇතුළත් ය.)
අසාදු ලේඛන ගත කිරීම වැනි ක්‍රියා මාර්ග එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධී සන්ධානයේ දූෂණ විරෝධී අවශ්‍යතාවයන් ට අනුකූලවීම දිරිමත් කිරීමට ආණ්ඩුවට ගත හැකි වැදගත් පියවරක් සේ හඳුනා ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාලනය වන්නේ 2006 ප්‍රසම්පාදන මග පෙන්වීම් සහ කැබිනට් අනුමැතියට යටත්ව 2006 ප්‍රසම්පාදන අත්පොතෙනි. මෙම මගපෙන්වීම්/ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, ප්‍රසම්පාදනයේ දී ආණ්ඩුවේ ආයතන විසින් පිළිපැදිය යුතු නීතිය බව ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය පිළිගෙන ඇත.
එහෙත් අසාදු ලේඛනය සකස් කිරීමේ දී දූෂණ ක්‍රියා අසාදු ලේඛන ගත කිරීමට හේතුවක් සේ යොදා ගන්නේ නැත. එය නීතියේ මෙන්ම අනුකූල වීමේ හිඩැසකි.
මගපෙන්වීම්වල 1.4.4. ඡේදය අනුව ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී “කිසියම් ත්‍යාගයක් හෝ දිරි ගැන්විමක්”ලබා දුන් බවට වැරදිකරු වූයේනම් කළ හැකි වන්නේ ඔහු ලංසු ඉදිරිපත් කිරීමට නුසුදුස්සෙකු කිරීම පමණි. එවැනි ක්‍රියාවල යෙදුන බවට හඳුනා ගැනීම අසාදු ලේඛන ගත කිරීමට හේතුවක් වන්නේ නැත.
2019 දී ප්‍රසම්පාදන පිළිබඳ නව මගපෙන්වීම් ඇතුළත් ජාතික ප්‍රසම්පාදන කොමිසමක් යෝජනා කළ ද එම පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වූයේ නැත. එම කෙටුම් පත අනුව ද දූෂණ ක්‍රියා නිසා කොන්ත්‍රාත්කරුවෙකු දූෂිත ක්‍රියා නිසා වළක්වන්නේ එම ප්‍රසම්පාදනයෙන් පමණි. අනාගත කොන්ත්‍රාත්වලට ලංසු ඉදිරිපත් කිරීමෙන් එම කොන්ත්‍රාත්කරු වළක්වන්නේ වාස්තවික නිර්ණායක අනුව නොව ආණ්ඩුවේ ආයතනවල කැමැත්ත අනුව ය.
දකුණු ආසියාවේ රාජ්‍ය ප්‍රසම්පාදනය පාලනය වන නෛතික සහ නියාමන ක්‍රම සමාලෝචනය කිරීමේ දී ශ්‍රී ලංකාව ඉතාමත් පසුගාමී තැනක සිටින බව පැහැදිලි ය. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින නේපාලය සහ පාකිස්ථානය වංචා සහ දූෂිතවල ක්‍රියාවල යෙදීම කොන්ත්‍රාත්කරුවන්/ සැපයුම්කරුවන් අසාදු ලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස පිළිගෙන ඇත.
ක්‍රියාත්මක කිරීමේදී ද ශී ලංකාව පසුගාමි තත්වයක සිටී. නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය මාලදිවයින භූතානය සහ ඉන්දියාව අසාදු ලේඛන ගත කළ/සම්බාධකවලට ලක් වූ කොන්ත්‍රාත්කරුවන්/සැපයුම්කරුවන් මාර්ගගත දත්ත ගබඩාවක ප්‍රදර්ශනය කෙරේ. මෙම රටවල් සියල්ලේම ස්වාධීන ප්‍රසම්පාදන අධිකාරි නොමැකි වුවද අසාදු ලේඛන ගත කළ/ සම්බාධක පනවා ඇති කොන්ත්‍රාත්කරුවන්/සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු මාර්ගතගතව ප්‍රකාශ කිරීමට එය බාධාවක් වී නැත.
2022 ඔක්තෝබර් 31 සම්මත කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම පිහිටුවීම ද ඇතුළත් වන නිසා අසාදුගත කරන ලද සමාගම් අදාල සියලු විස්තර සහිතව මාර්ගගතව ලබා දීම සහ එම තොරතුරු යාවත්කාලින කිරීම ප්‍රමුඛතාවයක් විය යුතුය.
මෙම ලිපිය සකස් කෙළේ වෙරිටේ රිසර්ච් ආයතනය 2023 නොවැම්බර් මස නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාවක් පදනම් කර ගෙන ය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024