You are currently viewing විදුලි වෙළඳපොලවල් පුපුරවා හැරීමට වේලාවයි..

විදුලි වෙළඳපොලවල් පුපුරවා හැරීමට වේලාවයි..

වෙළඳපොල මූලධර්මවාදය ලොවපුරා විදුලි ජාලයන්ට සිදුකරතිබෙන දේ  පිළිබඳ යුරෝපීය සංගමයේ බලශක්ති ක්ෂේත‍්‍රය හොඳ උදාහරණයකි.  ලාභදායික ස්වාභාවික වායුව අවසන්වීමත් සමඟ ඔවුන්ගේ ආණ්ඩු කමකට නැති න්‍යායක් වැළඳගැනීම නිසා සිල්ලර පාරිභෝගිකයෝ සහ ව්‍යාපාර වන්දි ගෙවති.

ඇතැන්ස්- මගේ ජනේල කවුළුවට මුහුණ ලා ඇති කඳුපංතියේ සුළං ටර්බයින් තල, විශේෂයෙන්  අද ජවසම්පන්න ලෙස කැරකෙයි.  ඊයේ රාත‍්‍රියේ  පැවති  කුණාටුව පහව ගිය නමුත්,  අඛණ්ඩව පවතින අධික සුළං,  නිශ්චිතවම ශූන්‍ය අතිරේක පිරිවැයකින් (ආර්ථික විද්‍යාඥයින්ගේ භාෂාවෙන් නම්  ආන්තික පිරිවැය) විදුලිබල පද්ධතියට අමතර කිලෝවොට් ප‍්‍රමාණයක් සම්මාදම් කරයි. නමුත් ටෙක්සාස් සිට  ග‍්‍රීසියේ වෙරළට ප‍්‍රවාහණය කළ  මිල අධික ස්වාභාවික  ද්‍රව වායුවෙන් නිෂ්පාදනය කළ විදුලියෙන් නම්, දරුණු ජීවන වියදම් අර්බුදයක් අතරතුර, ණය නොවී ජීවත්වීමට  අරගලයක නිරතවී සිටින ජනතාව, එම විදුලි කිලෝවොට් සඳහා ගෙවියයුතු වේ.  ග‍්‍රීසියෙන් හා යුරෝපයෙන් ඔබ්බට  පැතිරපවතින මේ විකාරය අවසන්කළ යුතු ය.

රාජ්‍යයන්ට විදුලි වෙළඳපොල මෙලෙස කාර්යක්ෂම හා තරඟකාරිත්වයක් රූපාන්තරණය කළහැකිය යන මායාවෙන් මෙම හාස්‍යය වරනගයි.  ව්‍යපාර හෝ අපගේ නිවාස තුළට විදුලිය පිවිසෙන්නේ එකම රැහැනකින් වන නිසාවෙන්, වෙළඳපොලට වැඩකටයුතු පැවරීම, නිශ්චිතවම  කිසිවෙකුට අවශ්‍ය නැති ප‍්‍රතිඵලයක් වූ  පූර්ණ ඒකාධිකාරයකට  වෙළඳපොල මෙහෙයවා තිබේ.  නමුත් විදුලිය උත්පාදනය සහ  බෙදාහැරීමට භාවිතාකළ  මහජන උපයෝගිතාවය වෙනුවට තමන්ට  වෙළඳපොල තරඟකාරිත්වයක් ප‍්‍රතිනිර්මාණය කළහැකි බව ආණ්ඩු තීරණය කළ හ. ඔවුන්ට එය කළ නොහැකි ය.

ලොවපුරා විදුලි ජාලයන්ට  වෙළඳපොල මූලධර්මවාදය විසින් කරතිබෙන දේ පිළිබඳව යුරෝපා  සංගමයේ  බලශක්ති අංශය හොඳ උදාහරණයකි. විදුලි රැහැන් ජාලකයට (Grid) හිමිකම ඇති  නව සමාගමකට එකිනෙකා අතර තරඟකාරීව විදුලිය සපයනු ඇතැයි කියන, නව වෙළඳව්‍යාපාර නිර්මාණය කිරීමට ජනන බලාගාර පුද්ගලීකරණයකර, විදුලි රැහැන් ජාලකය (Grid) ජනන-බලාගාරවලින් වෙන්කිරීමට යුරෝපා සංගමය තම සාමාජික රටවලට බලකළේ ය. විදුලි තොග වෙළඳාම සහ  නිවාස සහ ආයතනවල  සිල්ලර වෙළඳාම සඳහා  ඔවුනොවුන් අතර තරඟයකාරීව මිලදී ගන්නා තව සමාගම් සමුහයකට පෙර කියන ලද  රැහැන් ජාලකය (Grid) හිමි සමාගම පිළිවෙලින් බද්දට දෙනු ලැබේ. විදුලි නිෂ්පාදකයින් අතර  තරඟය, තොගමිල ගණන්  අවමකරනු ඇතැයි කියන  අතර, සිල්ලර විදුලි වෙළෙªන් අතර තරඟය අවසාන පාරිභෝගික ප‍්‍රතිලාභය වන අඩු මිලගණන් සහ ඉහල මට්ටමේ ගුනාත්මක සේවාව  සහතික කරනු කෙරෙනු ඇතැයි කියැවේ.

අඳොමැයි !,    ප‍්‍රායෝගිකව මැදිහත් නොවන, මෙය  න්‍යාය තුළ වැඩකරන්නට පුළුවන්කමක් නැත.

ව්‍යාජ වෙළඳපොල පරස්පර විධානයන්ට මුහුණපැවේය. හරිත බලශක්තිය තුළට  ආයෝජන  යොමුකිරීමට සහ සෑම තත්පරයකදීම විදුලිරැහැන් ජාලකය  තුළ අවම විදුලි පුමාණයක් සහතික කිරීම එම පරස්පර විධානයන් වේ.  වෙළඳපොල මූලධර්මවාදින් විසින් යෝජනා කරන ලද  විසඳුම දෙයාකාර විය. හරිතාගාර  වායු මෝචනය කිරීමට  අවසර ඇති වෙනත් වෙළඳපොලක්  නිර්මාණය කිරීම, සහ ආන්තික පිරිවැය මිල ගණන් හඳුන්වාදීම ඒ දෙයාකාරය වේ. සෑම කිලෝවොට්  එකක තොග මිල, මිල අධිකම කිලෝ වොට් මිලට සමාන වියයුතු බව මෙයින් අදහස් කරති. 

විමෝචන බලපත් වෙළඳපොලේ තේරුම වූයේ විදුලි නිෂ්පාදකයින් අල්ප දූෂිත  ඉන්ධනවලට මාරුවීමට  පෙළඹවීම ය. ස්ථාවර බද්දක් මෙන් නොව,  කාබන් ඩයොක්සයිඩ් ටොන් එකක් විමෝචනය කිරීමේ පිරිවැය වෙළඳපොල විසින් තීරණය කෙරේ. න්‍යාය තුළ බොහෝ කර්මාන්ත ලිග්නයිට්  වැනි භයානක ඉන්ධන මත  රදාපවතින,   යුරෝපා සංගමය  නිකුත්කරන විමෝචන බලපත‍්‍ර සඳහා වන ඉල්ලූම තරමක් විශාල ය. මේ නිසා ඒවායේ  මිල ගණන්  ඉහල යෑම හේතුකොටගෙන  ස්වාභාවික ගෑස්  වෙත හැරීමට  සහ  අවසානයේ පුනර්ජනනීය බලශක්තීන් වෙතට මාරුවීම ඇති දිරිගැන්වීම ශක්තිමත් කරයි.

වියදම් ඉහළ විදුලි සමාගම් අඩු මිල ගණන්වලට විකිණීම සීමාකරමින් අඩුවියදම් නිෂ්පාදකයින්  එසේ කිරීම වැළැක්වීම මගින්,   විදුලිය සැපයුමේ අවම මට්ටම සහතික කිරීමට  ආන්තික පිරිවැය ගණනය තුළින් අපේක්ෂා කළේ ය. මිල ගණන්  අඩු පිරිවැය නිෂ්පාදකයින්ට ප‍්‍රමාණවත්  ලාභ ගෙනදෙනු ඇති බව සහ  අඩු විෂ සහිත  බලශක්ති ප‍්‍රභවයන් සදහා  ආයෝජනය කිරීම තාර්කික ය.

නියාමකයින්ගේ මනසේ තිබුණේ කුමක් ද යන්න බැලීමට,  ලිග්නයිට්- දහන බලාගාරයක්  සහ ජලවිදුලි බලාගාරයක් ගෙන සලකා බලන්න.  ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ ස්ථාවර පිරිවැය  විශාල වන නමුත් ආන්තික පිරිවැය ශූන්‍ය වේ. ජලය එම ටර්බයිනය කරකවන ඇසිල්ලේ, විදුලිබලාගාරයෙන් නිපදවන ඊළඟ කිලෝවොට් සඳහා  කිසිවක් වැය  නොවේ.  ඊට ප‍්‍රතිවිරුද්ධව  ලිග්නයිට්-දැවීමෙන්  ක්‍රියාත්මකවන බලාගාරය ඉදිකිරීම ලාභදායක ය.  නමුත්  ආන්තික පිරිවැය ධන අගයක් ගන්නා, එය  කිලෝවොට් එකක් නිපදවීමට  යන ලිග්නයිට් වියදම  ස්ථාවර අගයක්  පිළිඹිඹු කරයි.

ලිග්නයිට් භාවිතයෙන් නිෂ්පාදනය කරන   කිලෝවොට් එකක් ආන්තික පිරිවැයට වඩා  අඩු නොවීමට  ජල විදුලියෙන් නිපදවන  සෑම කිලෝවොට් එකකම මිල නියම කිරීමෙන්, යුරෝපා සංගමයට  අවශ්‍ය වූයේ  ජල විදුලි සමාගමට හොඳ ලාභයක් සමඟ පාරිතෝෂිකයක් පිරිනැමීම වන අතර  නියාමකයින් අපේක්ෂා කළේ ඒ හරහා අතිරේක  පුණර්ජනනීය  බලශක්ති ධාරිතාවය සඳහා නිෂ්පාදකයින්   ආයෝජනය කරනු ඇති බව ය. මේ අතර, විෂ අඩංගු ඉන්ධන (ලිග්නයිට් වැනි) මිලදී ගැනීමට අවශ්‍ය බලපත‍්‍රය සඳහා ඉහළ මට්ටමේ බිලක් ගෙවන නිසා ලිග්නයිට් – ඉන්ධන  බලාගාරවලට   ලාභ නොලැබෙනු ඇත. ( නිසැකයෙන්ම එය ආන්තික පිරිවැය  ආවරණය කරන බැවින්)      . 

නමුත් යථාර්තය  න්‍යායට වඩා දයාන්විත වූයේ  අඩුවෙනි.  ගෝලීය සැපයුම් දාමයන්ට වසංගතය ඇති කළ  මහත් විනාශය නිසා, රුසියාව  යුක්‍රේනය ආක‍්‍රමණය කිරිමට පසුව, පෙරට වඩා  ස්වාභාවික ගෑස්වල මිල  මට්ටම තුන්ගුණයකින් ඉහළ ගියේ ය.  ඉතාමත් විෂ සහිත ඉන්ධන ( ලිග්නයිට්) මිල අධික නොවූ අතර  හදිසියේම, පොසීල සහ  එල්එන්ජී  සඳහා  යටිතල පහසුකම්වලට  ඉතා දිගුකාලීන ආයෝජන සඳහා  දිරි ගැන්වී ය.  සාමාන්‍ය විදුලි වියදමට වඩා  බොහෝ වැඩියෙන්  තමන් ගෙවමින් සිටින බව  අවබෝධකරගෙන සිටි  පීඩාවට පත් සිල්ලර  පාරිභෝගිකයින්ගෙන් විශාල වශයෙන් කූලී මිරිකා ගැනීමට සමාගම්වලට   ආන්තික පිරිවැය මිලගණන් ආධාර විය.  පුදුම නැතත් තමන්ගේ ස්වාභාවික  දර්ශන අවලක්ෂණ කරන  සහ ඔවුන්ගේ හිසට උඩින්  කැරකෙන සුළං පෙතිවලින්  පරිසරයට හෝ  ඔවුන්ට ප‍්‍රතිලාභ නොලැබෙන බව  පොදු ජනතාවට පෙනී යන නිසාවෙන් ඔවුන් සුළං බලාගාරවලට  එරෙහිව අනික් පැත්තට හැරීම  පුදුමයක් නොවේ. 

වෙස් ගැන් වූ ව්‍යජ  වෙළඳපොලක්  ස්වාභාවික ඒකාධිකාරයක් මතට බද්ධකරන විට එහි අභ්‍යන්තරයෙන් ජනිතවන  අසාර්ථකත්වයන්  ස්වාභාවික  ගැස් මිල ඉහලයෑම මගින් අනාවරණය වේ.  ඒ සියල්ල අපි දැක ඇත්තෙමු.  තොගමිල ගණන් නියම කිරීමේ දී    නිෂ්පාදකයින් වංචනිකව එක්වෙන ආකාරය. ඔවුන්ගේ අතිශයින් නින්දිත ලාභය, විශේෂයෙන්ම  පුනර්ජනනීය බලශක්තියෙන් පුරවැසියන්  හරිතවලට සංක‍්‍රමණයවීමට එරෙහිව හරවා තිබෙන ආකාරය. දිළිඳු රටවල බලශක්ති පිරිවැය සමනය කිරීමට තිබෙන පොදු ප‍්‍රසම්පාදනය ව්‍යජ වෙළඳපොල විසින්  වළක්වන ලද ආකාරය.  යහපත් වේලාවන් අතරතුර  ලාභ උපයාගැනීම සහ  තමන්ගේ  සමපේක්ෂණ ඔට්ටු  නරක අතට හැරෙන විට රාජ්‍ය සංචිත මුදාහැරීමට ඉල්ලූම් කිරීම, අනාගත විදුලි මිල මත සමාගම් සමපේක්ෂණයේ යෙදෙන කැසිනොවක් බවට  සිල්ලර විදුලි වෙළදපොළ පත්වී ඇති ආකාරය ඒවා අතර වේ.

2022Oct17[1]_green_targets

විදුලි වෙළඳපොළවල් වසා දැමීට කාලය පැමිණ ඇත. අපිට අවශ්‍ය කරන්නේ,  සාමාන්‍ය පිරිවැයට  කුඩා මිලක් එකතුකර  විදුලි මිල නියෝජනය කරන  මහජන විදුලි ජාලයකි.  දිළිඳු පුරවැසියන්ට වන්දිගෙවීම  ආරම්භ කිරීමට  අපිට කාබන් බද්දක් අවශ්‍යය.  මැන්හැටන්වල මෙන් අනාගත තාක්ෂණ ( හරිත හයිඩ‍්‍රජන් සහ  වෙරළට ඔබ්බෙහි දියඹේ පාවෙන  මහා පරිමාණ සුළංබලාගාර) ව්‍යපෘතියක් අපිට අවශ්‍ය ය.  සහ අවසාන වශයෙන් ඔවුන්ට අවශ්‍ය විදුලිබලයේ ප‍්‍රතිලාභි කළමණාකරුවන් හා ප‍්‍රජාව හිමිකරුවන් බවට හරවන   පුණර්ජනනීය බලශක්තියෙන් ( සෝලා, සුළං සහ බැටරි)  යුත් නගර සභාවලට අයත්  විදුලි ජාලයක් අපිට අවශ්‍ය ය. 

මහාචාර්ය යානිස් වරෝෆාකිස් | Prof. YANIS VAROUFAKIS

2022Oct17[1]_yanis_varoufakis

ග්‍රීසියේ ඇතැම්ස් විශ්වවිද්‍යාලයේ  දේශපාලන ආර්ථික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය යානිස් වරෝෆාකිස්, 2015 බලයටපත්  සිරිසා වාමාංශික සභාගයේ ප‍්‍රථම මුදල් ඇමතිවරයා විය. සිරිසා සභාග ආණ්ඩුවේ අගමැති සිප්රාස්, බංකොළොත් වූ ග්‍රීසිය ගොඩගැනීමට   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර පැතීම හේතුවෙන්  යානිස් එම සභාගයෙන් ඉල්ලා අස්විය.   

Print Friendly, PDF & Email

Leave a Reply