You are currently viewing හා ජූන් චෑන්ග් නව ලිබරල්වාදයේ මුලාව හෙළි කරයි

හා ජූන් චෑන්ග් නව ලිබරල්වාදයේ මුලාව හෙළි කරයි

දකුණු කොරියානු ආර්ථික විද්‍යාඥයෙකු වන හා ජූන්ග් චෑන්ග් අති දක්ෂ ලෙස නව ලිබරල් ලෝක සම්මතය ගැන ඉහළම අලෙවිය ඇති කෘති ගණනාවක් රචනාකර ඇති විවේචකයෙකි.  එහෙත් අවශ්‍ය ඊලඟ පියවර ගැනීමේ දී චෑන්ග් ධනේශ්වර ක්‍රමය ප්‍රශ්න කිරීමෙන් නතර වේ. 

සමකාලීන ලෝකයේ හා ජුන් චෑන්ග් වැනි අය දුර්ලභ ය.  ඔහු නව ලිබරල් ලෝක සම්මතය දැඩිලෙස  විවේචනය කරන, ප්‍රගතිශීලී සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින, සුමට ලෙස ලියන හා කථාකරන ඉතා ජනප්‍රිය ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. 

චෑන්ගේ පොත් පිටපත් මිලියන ගණනක් අලෙවි වී තිබෙන අතර, ඔහු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට නිතිපතා දායකතවය ලබාදෙන්නෙකි.  චෑන්ග් ම පවසන පරිදි, ඔහුගේ අරමුණ හුදෙක් නිදහස් වෙළඳපොල ලෝක සම්මතයට අභියෝග කිරීම පමණක් නොව, ඔහුගේ කාර්ය මඟින් තීරණ ගන්නා තනතුරුවල සිටින්නන්ගෙන් නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින එක්තරා ආකාරයේ  “ක්‍රියාකාරි ආර්ථික පුරවැසිභාවය” ට සහායවීම ද වේ.

සමාජවාදීන්ට, හා ජූන් චෑන්ග් ගේ ශ්‍රමයේ නිපැයුමෙන්  බොහෝ දේ ඉගෙනගත හැකි අතර, අප එය විචාරශීලි ලෙස කියවා ඔහුගේ චින්තනයේ යම් හිදැස් හඳුණා ගැනීම ද අවශ්‍ය ය. චෑන්ග් ගේ  ස්වයං-ප්‍රකාශිත අභිලාෂය ධනවාදයේ විකල්ප ආකාරයක් ප්‍රවර්ධනය කිරීමට නමුත්, අපගේ ඉලක්කය වියයුත්තේ ධනවාදයට විකල්පයක් වර්ධනය කිරීම ය. 

එකම මිම්ම සියල්ලටම ගැලපෙන්නේ නැත

එළඹුම් සියල්ලට  හරියන එකම මිම්මක් ගැනීමට ධනපති ප්‍රභූන් විසින් අනුබලදෙන ආර්ථික විද්‍යාවෙන් බොහෝ දේ අද විශ්ව විද්‍යාලවල උගන්වති. එක්සත් ජනපද හිටපු භාණ්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් වරක් උපහාසාත්මකව පැවසූ පරිදි “සත්‍යය පතුරුවන්න – ආර්ථික විද්‍යාවේ  නීති ඉංජිනේරුමය නීති වැනිය. එක නීති මාලාවක්  සැම තැනම ක්‍රියාත්මක වේ.” 

මෙම ඉදිරි දර්ශනයට අනුව, නිදහස් වෙළඳාම සහ සීමිත දේශපාලන මැදිහත්වීම යනු ආර්ථික වර්ධනය, රැකියා සහ සෞභග්‍ය, උත්පාදනය කිරීම මගින් වෙළඳ පොලට ඔවුන්ගේ මැජික් වැඩකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වේ.  හා ජූන් චෑන්ග් ගේ දේශපාලන ආර්ථික විද්‍යාව, සමාජ යථාර්ථයෙන් වෙන් වු වියුක්ත නිදහස් වෙළදපොල න්‍යායන් හා සසඳන විට නැවුම් හුස්ම පොදකි.   

ආර්ථික විද්‍යාව සදහා වන නිදහස් වෙළඳපොල අග්‍රස්ථ ප්‍රවේශය වියුක්ත සහ නිගාමී වේ.  එය සැබෑ ලෝකයේ සංවර්ධන ක්‍රියාවලීන් නිවැරදිව නිරූපනය කිරීම සහ පහසු කිරීම සදහා  නිදහස් වෙළදාම පිළිබද සංකල්පය සහ එහි ප්‍රතිලාභ, න්‍යායාත්මක පූර්ව නිගමනයන් මත රදා පවතී.  එවැනි ලෝක දැක්මක්, සමර්ස්ගේ උපුටා දැක්වීමෙන්  පැහැදිළිව පෙන්නුම් කරන පරිදි නොමනා අහංකාරයේ ශක්තිමත් ස්වභාවයක් ජනනය කරයි.

ව්‍යුක්ත න්‍යායට වඩා නූතන කාලයේ මිත්‍යා කථාවන් හී එන අභ්‍යාසයක් ලෙස මේ චින්තන විධික්‍රමය හා ජූන් චෑන්ග් නිශ්ප්‍රභා කරයි.  ව්‍යුක්ත න්‍යායට වඩා  ඓතිහාසික සංසිදධින්ගෙන් ව්‍යුත්පන්න කළ න්‍යායාත්මක සාමාන්‍යකරනයන්  සමග, ඓතිහාසික සහ  ආයතනික විශ්ලේෂණ තුළ ඔහු තමාගේම දේශපාලන ආර්ථික විද්‍යාවක් ස්ථාපිත කර ඇත.  

Economics: A User’s Guide, පොතේ චෑන්ග්  ප්‍රශංසනීය ලෙස පැහැදිළි ගද්‍යකින, ලෝකය පාලනය කරන තනි ආර්ථික නීති මාලාවක්  අපිට හදුනාගතහැකිය යන අදහස ප්‍රතික්ශේප කරයි.  ඒ වෙනුවට සමකාලීන ලෝකය තේරුම් ගැනීමට සහ වෙනස් කිරීමට අපිට යෙදවිය හැකි මාක්ස්වාදය ඇතුළේත් පුළුල් පරාසයක ආර්ථික චින්තනයන් ගණනාවක් ඇත.  

ධනවාදයේ ප්‍රභේද

නව ලිබරල් ලොක සම්මතය පිළිබදව  ප්‍රබල ගුණදොස විචාරයක් චෑන්ග් ඉදිරිපත් කර ඇති නමුත්, ධනවාදි නොවන  සාර්ථක සමාජයක් පුරෝකථනය නොකරන ඔහු, ධනවාදය අභිබවා යෑමට බැදීසිටින්නේ නැත.  ඔහුගේම වචන වලින කිවහොත්, පද්ධතිය “හොදින් වැඩකිරිමට” හැකිවන පරිදි ධනවාදයේ ක්‍රියාකාරිත්වය පැහැදිළි කිරීමට ඔහුට අවශ්‍ය වේ. 

චෑන්ග් ගේ දේශපාලන අරමුණු, අර්ධ වශයෙන්  ඔහුගේ ඓතිහාසික-ආයතනික දේශපාලන ආර්ථිකයෙන් ව්‍යුත්පන්න වේ.  එය අතීතයේ සාර්ථක ලෙස  ක්‍රියාත්මකවූ දෙයෙහි වාසි සහගත මොහොතෙ සිට අනාගතය සාකච්ඡාකරන බැවින් මෙය එක්තරා දුරකට  පසුගාමි බුද්ධිමය රාමුවකි.

එය මානව සංවර්ධන ක්‍රියාදාමයට, පංති සබදතාවයන් ගේ කේන්ද්‍රියත්වය ගැන පූර්ණ විශ්වාසය නැති බැවින් එය තරමක් නො-සමාජ (asocial) වේ. අනෙක් අතට, මාක්ස්වාදී දේශපාලන ආර්ථිකය, වැඩකරන පංතිය සහ ඔවුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වයේ විභවයන් වන අද පවතින සැඟවුනු සමාජ බලවේග අනාගතයේ දී නව සමාජයක් ජනනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට කැපවී සිටියි.  ඔහු  නව ලිබරල් ලෝක සම්මතය පිලිබදව ඵලදායි විවේචනයක් ඉදිරිපත කළ ද, චෑං ධනවාදය ඉක්මවා යෑමට කැප වී නොසිටින අතර, ඔහුට සාර්ථක ධනේශ්වර නොවන සමාජයක් ද අපේක්ෂා කළ නොහැකි ය. 

චෑංග් ගේ දේශපාලන අරමුණ – ධනවාදයේ වඩා හොද ස්වරූපයක් ජනනය කිරීම සහ –  ඔහුගේ දේශපාලන ආර්ථික විද්‍යා මාදිලිය සැබවින්ම පවතින ධනවාදය පිළිබදව  ඔහුගේ විශ්ලේෂණයේ සැළකිය යුතු දුර්වලතා ජනනය කරයි. තීරණාතමක  අවස්ථාවන් හී දී, ඔහු ශ්‍රම සූරාකෑම හරහා ධනවාදයේ ප්‍රති නිෂ්පාදනය වසංකරයි.  ඒ මන්ද යන්න අප  පහත විස්තරාත්මකව සාකච්චා කරනු ඇත. 

චෑන්ග් ගැන අනික් ගැටලුව වන්නේ ආර්ථික වර්ධනයේ පාරිසරික හානියයි.  මෙය ධනේශ්වර  වර්ධනය මත පදනම වූ  සංවර්ධනය සදහා ඔහුගේ  කැපවීම හමුවේ  ඔහුට විවාදාත්මකව විසදාගත නොහැකි ආතතියකි.  ආර්ථික විද්‍යාව පිළිබද මාක්ස්වාදී  ප්‍රවේශයකටනම් එවැනි දැවෙන ගැටලුවලට විසදුම් ඉදිරිපත කළ හැකි ය. 

වෙළදපොලට අනුබලදීම

නව ලිබරල්වාදි මිත්‍යාව තුළ, වෙළදපොල වඩාත් හොදින් ක්‍රියාත්මක වන්නේ ඒවා නිදහස් වූ විට ය.  ව්‍යාපාර නියාමනය කිරීමට රජය මැදිහත් වුවහොත් හෝ වෘත්තීය සමිති  බලහත්කාරයෙන් වැටුප් වැඩිකිරිමට උත්සාහ කරන්නේ නම්, වෙළදපොල ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මකවීම නවතිනු ඇත.  ධනපතියන් තම ආයෝජන  වෙනත් තැනකට ගෙනයනු ඇති අතර  මිනිසුන් දුප්පත්වනු ඇත.  මාග්‍රට් තැචර් ප්‍රකාශ කළ පරිදි “ඔබට වෙලදපොල  කොල්ලකෑමට නොහැකි ය”.  වෙළදපොල  කිසිවිටෙකත් නිදහස් වී නැති අතර  කිසිවිටකත් නිදහස් නොවෙනු ඇත.  මන්ද යත්, ආණ්ඩු විසින් වෙළදාම් කළ හැකි හා කළ නොහැකි දේ සහ කුමන කොන්දේසි යටතේ ද සිදුකළ යුත්තේ යන්න තීරණය කරන නිසාවෙනි.

සිතීමේ මෙම ක්‍රමය චෑන්ග් උක්ත සාධක මගින් විනාශ කරයි. “ධනවාදය ගැන ඔවුන් ඔබට නොකියන දේවල් 23” නමින් පලකොට ඇති ඔහුගේ පොතේ, රාජ්‍යයන් විසින් සෑමවිටම වෙළදපොල  හසුරුවා තිබෙන ආකාරය පෙන්වා දෙයි.  එවකට ධනපතියන් විසින්  මේ හැසිරවීමට විරුද්ධ වී තිබුණා වියහැකි අතර, බොහෝ විට  නිදහස් වෙළදපොල තර්ක භාවිතා කරමින්, මෙම පංතිය අවසානයේ එවැනි හැසිරවීම් පිලිගැනීමට සහ සහාය දැක්වීමට  පවා පටන් ගත්හ.  වෙළඳාම කිසිවිටෙකත් නිදහස් වී නැති අතර කිසි විටෙකත් නිදහස් නොවෙනු ඇත.  මන්ද යත්, රාජ්‍යයන් විසින් වෙළඳාම කළහැකි සහ කළ නොහැකි දේ සහ  එය සිදුකළ යුත්තේ කුමන කොනදේසි යටතේ ද යනන තීරණය කරන නිසාවෙනි. 

උදාහරණයක් ලෙස ළමා ශ්‍රමය ගන්න.  කාර්මික විප්ලවයේ උපන්ගෙය වු  බ්‍රිතාන්‍යයේ  1819 කපු මෝල් සහ  කර්මාන්තශාලා පනත මගින්  වයස අවුරුදු නවයට අඩු  ළමුන් සේවයේ නියුක්ත කිරීම  තහනම් කරන ලද අතර  වැඩිහිටි දරුවන්ගේ – දහයත් දාහතරත් අතර- වැඩ දිනය පැය දොළහකට සීමා කළහ.  මෙම පනතට එරෙහිව විරුද්ධවාදීන්  තර්ක කළේ පාර්ශවකරුවන් දෙදෙනාම ඇතුල්වී සිටින  නිදහසේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සොයාගන්නා  ප්‍රග්ධනය හා ශ්‍රමය අතර  ගිවිසුමක් සමග ආණ්ඩුව මැදිහත් නොවියයුතු බව ය.     

අද ඉතාමත් දැඩි නව ලිබරල්වාදීන් පවා ළමා ශ්‍රමයට විරුද්ධවන සහ වෙළදපොලේ  සමහර න්‍යායන්ට සහය දක්වන සරල කරුණු චෑන්ග්, ගෙනහැර දක්වයි.  සමාජවල තිබෙන යහපත් සහ අයහපත් වැටුප් සහ කොන්දේසි, ආයෝජන අනුපාතය සහ නවොත්පාදන, පාරිසරික නියාමනය, සෞඛ්‍යසේවා නියාමනය යනාදිය යහපත්ද අයහපත්ද යන්න තීරණය කරන්නේ ශුද්ධ වූ “වෙළදපොල තර්කයකට” වඩා දේශපාලනය හා සමාජ ප්‍රතිමාන මගින් බව පෙන්වා දෙමින් වැඩිදුරටත් හේ තර්ක කරයි. 

මෙය නිදහස් වෙළදපොලේ ගුණ ආතතියෙන් පෙලෙන්නවුනට එරෙහිව පෙන්වාදෙන ඉතාමත වැදගත් කරුණකි.  කෙසේ නමුත් චෑන්ගේ පැහැදිළි කිරීම තුළ  මගහැරෙන යම් දෙයක් ඇත.  නිදහස් වැටුප ශ්‍රමය නියාමනය කිරීම ප්‍රකට සමාජ හා දේශපාලන ප්‍රශ්නයක් ලෙස හදුනාගැනීමේ දී ඔහු නිවැරදි වුවත්, පළමුවැනි ස්ථානයේ ශ්‍රම ශක්තිය පැවතීම පිණිස වෙළදපොළවල්  පවතින්නේ මන් ද යන්න ඔහු කිසිටෙක ප්‍රශ්න කරන්නේ නැත. පූර්ව ධනේශ්වර සමාජයන්ගේ ලෝකයකින් ධනවාදය මතුවුන ආකාරය පිළිබදව චෑන්ග් කිසිවිටෙක විභාග නොකරයි.

එය සතුටුදායක ලෙස කිරීමට නම්, වැඩවසම්වාදයේ සිට ධනවාදයට මාරුවන මාක්ස්වාදි ඉතිහාසඥයින්ගේ කාර්යභාරය සමග ඔහුට සම්බන්ධවී තිබීමට සිදුවනු ඇත. බොහෝ විට අතිශය ප්‍රචණ්ඩ ක්‍රම තුළින් ගොවීන් නෙරපා හැරීම සහ වැටුප් – කම්කරු කොන්ත්‍රාත්තුවට ඔවුන් යටත් කිරිම තුළින් යුරෝපයේ නිදහස් වැටුප් ශ්‍රමය සදහා වෙළදපොලවල් ස්තාපිත වූ ආකාරය ඔවුන් පෙන්වා දී ඇත.  ප්‍රාථමික ධනේශ්වර සමුච්චනය ලෙස මාක්ස් මෙය හැදින්විය.  චෑන්ග් එය නොසලකා හරියි.  

පොදු දක්ෂ ප්‍රයෝගය 

‘Kicking away the ladder :2002 හා Bad Samaritans : 2007’ යන චෑන්ග්ගේ පොත් දෙක, වොෂින්ටන් සම්මුතිය ලෙස හදුන්වන නිදහස්-වෙළදාම, නිදහස්-වෙළදපොල ලෝක සම්මතවාදය අභියෝග කරයි.  ඉතා දියුණු රටවල් දැන් තමන්ගේ ආර්ථිකය  පරිවර්ථනය කිරීමට ආරක්ෂණවාදි සහ මැදිහතවීමවාදි ප්‍රතිපත්ති මාලාවක් භාවිතාකරන ආකාරය පෙන්වීමට අති විශාල සාක්ෂි සම්භාරයක් කතුවරයා සපයයි.  

නිදහස් වෙළදපොල ප්‍රතිපත්තිවලට වඩා රාජ්‍ය සැළසුම්කරණය මගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සහ වඩා ඵලදායි කාර්මික විවිධාංගීකරණයක් උත්පාදනය කළහැකි ආකාරය  චෑන්ග් පෙන්වාදෙයි.  චෑන්ග්ට අනුව, වෙළදපොල මිත්‍යාවට ඇල්මක් නැති රාජ්‍ය කාර්මික සහ සංවර්ධන ප්‍රතිපත්තිවලට යහපත් ලෝකයක මාවතක් දෙසට මෙහෙයවිය  හැකි ය.  අද වනවිට ඉතා දියුණු රටවල් තමන්ගේ ආර්ථිකයන් පරිවර්තනය කිරීමට ආරක්ෂණවාදි හා මැදිහත්වීම්වාදි ප්‍රතිපත්ති මාලාවක් භාවිතාකර තිබේ. 

නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ දේශපාලනඥයෝ බොහෝවිට තම රට නිදහස් වෙළඳාමේ බලකොටුවක් වනබව ප්‍රකාශ කරති.  ඇත්ත වශයෙන්ම, චෑන්ග් නිරිකෂණය කරන පරිදි 1816 සහ 1945 අතර ලෝකයේ කාර්මික නිෂ්පාදන ආනයන මත ඉහළම සාමාන්‍ය තීරුබදු අනුපාත ක්‍රියාත්මක කළ එක් රටක් වී තිබුනේ එක්සත ජනපදය යි. 

චෑන්ග්ට අනුව, සාර්ථක ලෙස ආර්ථික සංවර්ධනය අත්කරගත හැකි ද, යන්න තීරණය වන ප්‍රධාන නිර්ණායකය වන්නේ ඵලදායි ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රභලව යොදාගැනීමට ඔවුන්ට තිබෙන හැකියාව ය.  දාහත්වන සියවසයේ සිට අපේ කාලය දක්වාම, බ්‍රිතාන්‍යයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය, සහ ජර්මනියේ සිට ජපානයද, දකුණු කොරියාව, තායිවානය සහ ඉතා මෑතක චීනය දක්වා රටවල් මාලාවක් තම ආර්ථිකයන් පරිවර්තනය කිරිමට රාජ්‍ය මැදිහත්වීම භාවිතාකර තිබේ. 

සංවර්ධනය හා පර්යේෂණ තුළ රාජ්‍ය ආයෝජනය අපනයන සහණාධාර, දේශිය හා දේශිය ප්‍රාග්ධනය අතර ආණ්ඩුව දිරිදෙන හවුල් ව්‍යාපාර, මූල්‍ය වෙළදපොල සහ මූල්‍ය පාලනයේ රාජ්‍ය මගපෙන්වීම, ආනයන තීරුබදු එවැනි ප්‍රතිපත්ති වලට ඇතුලත්වී තිබේ. චෑංග්ට අනුව, ඔවුන්ට වොෂින්ටන් සම්මුතිය පිළිගැනීමට බලකරනවා වෙනුවට ආර්ථික සංවර්ධනයට ධෛර්ය දීමට අද එම ප්‍රතිපත්තීන්ම භාවිතා කිරීමට අප දිළිදු රටවල් දිරිමත් කළයුතු  ය.  

අද ධනවත් රටවල් තමන් සංවර්ධනය වූ පරිදි තමන්ගත් එළඹුමට එරෙහිව දැන් තර්ක කරන්නේ ඇයි?  ලෝක පද්ධතිය තුළ  ඔවුන් තමන්ගේම ආධිපත්‍ය නඩත්තු කිරිමට පොහොසත්, බලසම්පන්න රාජ්‍යයන් සහ ඔවුන්ගේ සංගතයන් අධිරාජ්‍යවාදි උපාය මාර්ගයක් ලෙස නිදහස් වෙළදපොල දෘශ්ටිවාදය, යොදාගන්නා බවට චෑන්ග් තර්ක කරයි.   

තමාගේ Kicking away the ladder යන කෘතියට පැමිණෙන්නේ දහනව වැනි සියවසේ ජර්මානු දේශපාලන ආර්ථික විද්‍යාඥයෙකු වූ ෆෙඩ්රික් ලිට්ස්ගේ කෘතියකිනි.  අද දින චෑන්ග් මෙන් මලානික ගුණදොස් විචාරයකට ලිස්ට් ඔහුගේ කාලයේ ලෝක සම්මත ලිබරල් ආධිපත්‍ය යටත් කලේ ය. ඔහුගේ අරමුණ වූයේ වික්ටෝරියානු යුගයේ ප්‍රමුඛ ආර්ථික හා මිලිටරි බලය වූ ආධිපත්‍ය, කාර්මීකරනයට සහ බලසම්පන්න බ්‍රිතාන්‍ය සමග ඵලදායිලෙස තරග කිරිමට  ජර්මනියට සහය වීම ය. 

1947 දී  ඔහුගේ  The National system of political economy හි ලියා ඇති ආකාරයට,

..යමෙක් ශ්‍රේෂ්ඨත්වයේ මුදුන් පෙත්තට පත් වූ විට තමාට පසු ඉහළ නැගීමේ උපකරණ අන්‍යයන්ට අහිමිකිරීමේ අදහසින් තමා ඉහළට නැගි පසු ඔහු එම උපකරණයට පයින් ගසා ඉවත් කිරීම ඉතා සුලභ දක්ෂ උපක්‍රමය කි. ඇඩම් ස්මිත් ගේ  විශ්ව දේශපාලන ධර්මයේ සහ ඔහුගේ ශ්‍රේෂ්ඨ සමකාලීන  විලියම් පිට්ගේ සහ ඔහුගේ අනුප්‍රාප්තික බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පරිපාලනයන් ගේ  විශ්ව දේශපාලනික ප්‍රවනතාවයන් වල රහස මෙහි ඇත. ආරක්ෂිත රාජකාරි, සහ නාවික ගමනාගමනය  සීමා කිරීම මගිම් තම නිෂ්පාදන ශක්තිය හා නාවික ගමනාගමනය වෙනත් කිසිදු ජාතියකට ඇය සමග නිදහස් තරගයක් පවත්වාගත නොහැකි තරම් දියුනු මටටමකට  ඔසවා තැබූ ඕනෑම ජාතියකට ඇගෙ ශේෂ්ඨත්වයේ  මෙම ඉනිමං  ඉවත දැමීමට වඩා ඥානවන්ත දෙයක් කළ නොහැකි අතර, වෙනත් ජාතින්ට  නිදහස් වෙලදාමේ  ප්‍රතිලාභ දේශනා කරයි..    

අද චෑන්ග් මෙන්, ඇඩම්ස්මිත් සහ ඩේඩ් රිකාඩෝ වැනි චින්තකයින් විසින් සරණපාවාගත් නෙවරදින බව පවසා ඉදිරිපත් කරන නිදහස් වෙලදපොල පිළිබදව ඉතා ඵලදායි ගුණදොස විචාරයක්  ලිස්ට් ඉදිරිපත කළේ ය.  ධනවාදයට විකල්පයක් ලෙස සමාජවාදි සමාජයකට ලිස්ට් උනන්දු වූයේ නැත.  ඔහුට ධනවාදයේ වඩා ඵලදායි ජාතික ආකාරයක් අවශ්‍ය විය.  කපා කොටා ඉවත්කර සහ ඇතුලත්කර සමාන කරන, අද චෑංග් ගේ සත්‍ය එයට සමාන ය.  

සංවර්ධනයේ අදුරු පැත්ත

නව ලිබරල් ලෝක සම්මතය පිළිබදව ඔහුගේ ගුණදොස් විචාරයේදී චෑන්ග් ශ්‍රේෂ්ඨය. කොරියාව වැනි රටවල සංවර්ධනමය සාර්ථකත්වයේ  කථාන්තර  පැහැදිළි කරන විට, ඔහු තරමක් දෘශ්ඨිවාදි සහ ඉතා දුරුවල ය. ඔහුගේ අරමුණ ධනවාදය හොදින් ක්‍රියාත්මක කිරීම වන බැවින් ඔහුගේ එලඹුම දේශපාලන විද්‍යාවට ඒවා ආලෝකවත් කරනවාට වඩා බොහෝ දේ සගවමින්  අවසන් කරයි.   

උදාහරණ ලෙස, තමන්ගේ දරුවන් වෙනුවෙන් මව්පියන්ගේ රැකවරණයට  ඔවුන් ගෝලීය ලෙස තරගකරන්නට හැකිබව  නිසා  රාජ්‍යයන් විසින් අංකූර කර්මාන්තවල ආරක්ෂාව චෑන්ග් සංසන්දනය කරයි.  Bad Samaritans  හී ඔහු උපමා උපමේය සහිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි: ඔහුගේම හය හැවිරිදි පුතු රැකියාවක කළයුතු ද, හෝ හය හැවිරිදි වියේ දී  රැකියාව ආරම්භ කිරිමට  ඔහු සිටියේ නම්  එයට වඩා තේරුමක් සහිතව ඔහුට ඉපැයිය හැකි  අනාගත වෘත්තීයමය තත්වයක් පිණිස  දැණුමේ අවශ්‍යතාවය සහ නිපුණතාවය රැස්කර ගැනීමට ඔහුගේ පුතාට චෑංග් බලය පවරනවාද?  කාර්මික ප්‍රතිපත්ති සඳහා අලුතින් පිහිටුවන ලද කර්මාන්තවලට සූරාකෑමට ලක්විය හැකි කම්කරු පන්ති ගොඩනැගීම අවශ්‍ය වේ. 

එවැනි යෝජනාවකට සිහි බුද්ධිය ඇති කිසිවෙකු එකග නොවෙනු ඇත.  එහෙත් තම දරුවන් සදහා මා පිය රැකවරණය රාජ්‍ය කාර්ම්ක ප්‍රතිපත්තියට සංසනදනය කිරිම මතවාදිමය දිගුවකි.  කාර්මික ප්‍රතිපත්ති සදහා අලුතින් ස්ථාපිත කළ කර්මාන්ත සදහා  විශාල සූරා කෑමකට ලක්විය හැකි කම්කරු පංතිය ගොඩනැගීම අවශ්‍යය යන කාරණය  මෙම සදෘශ්‍යයෙන් වසංකරයි.  බ්‍රිතාන්‍යයේ සාදෘශ්‍යය කාර්මික විප්ලවයේ සිට චෑන්ග් ගේ ප්‍රියතම දකුණු කොරියානු සිද්ධි අධ්‍යනය දක්වා මෙය සැමවිටම සිදු වී ඇත.  

2016 දී ෆයිනෑන්ෂල්  ටයිමස් සගරාවට කථාකරමින්,  ආර්ථික ප්‍රතිපත්ති මත මාක්ස්වාදයේ  කියනු ලබන බලපෑම ගැන චෑන්ග් තරමක විකාර ප්‍රකාශයක කළේ ය.  මාක්ස්වාදි ආර්ථික විද්‍යාව ලෝක ආර්ථිකය හැඩගස්වා තිබේ.  ජපානය සහ දකුණු කොරියාව, තායිවානයේ, නැගෙනහිර ආසියාවේ ආර්ථික ආශ්චර්යන්ගේ ගෟහ නිර්මාණ ශිලපීන් සියල්ලන්ම කාර්මීකරණය අතිරික්ත උත්පාදනයේ ක්‍රමයක් ලෙස දකින මාක්ස්වාදි ආර්ථික උගත්තු වූහ.     

මෙම රාජ්‍යයන් ඕනෑම එකක සැලසුම් කරුවන්ට සහතික ලෙස මෙය ප්‍රවෘත්තිය කි. දකුණු කොරියාවේ මිලිටරි ආඥාදායකත්වය කම්කරු සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරින්ට එරෙහිව දැඩි මර්ධනයට හා ප්‍රචන්ඪත්වයට වගකිව යුතු ය.  මේ මගින් ශ්‍රම සූරා කෑම උපරිම කිරීමට හැකි විය.  1970 ගණන්වල දී, දකුණු කොරියානු කම්කරුවෝ ලෝකයේ දීර්ඝතම වැඩ සතිය විද දරාගත් හ.  1980 ගණන්වල දී දකුණු කොරියාවේ රෙදි පිළි සෙවිකාවන්  සිය ජීවිතය විසතර කළේ, රට ඒ වන විට දශක දෙකක ඉහළ වර්ධන වේගයක් අත්විදීමෙන් පසුව ය.   

කර්මාන්ත ශාලාවේ  අපේ ජීවිත ඇත්තෙන්ම දුක්ඛිතය.  අපිට කිට්ටුවෙන් සිටින කම්කරුවන්ට කතා කිරීම තහනම්ය –  සිරකරන ලද රැකියාවේ පැවැත්ම, දුර්වල පෝෂණය,  අවශ්‍ය වූ විට වැසිකිල් යැමට පවා ඉඩ නොදේ, අපි පෙනහලු රෝගය, Athletes foot (රෝගයකි) සහ  විවිධ ආමාශ රෝග වලින් නිමක් නැතිව පීඩා විදිමු.  කාන්තා කම්කරුවන්ට  ප්‍රමාණවත් හිරු එළිය නොලැබීමෙන් කහ පැහැති ඉදිමුණු මුහුණු ඇත.  සෙන්ටි ග්‍රේට් අංශක 40 ක උෂ්ණත්වයකින් සහ දූවිලි වලින් ද අපි පීඩා විදිමු.  අපි සීමා වාසිකයෝ වෙති.  මේ දුක්ඛිත තත්ත්වයන්ගෙන් නිදහස්විමට අපි අරගල කරමින් සිටිමු. 

වඩාත් වේගවත් ආර්ථික වර්ධනයක් සහ කාර්මික විවිධාංගීකරණයක් උත්පාදනය කිරිම සදහා කාර්මික ප්‍රතිපත්ති තුලින්  ආයෝජන නියාමනය කිරීමට රාජ්‍යයන්ට හැකි බව චෑන්ග් නිවැරදිව සටහන් කරයි.  එහෙත් එවැනි සංවර්ධනයක් සදහා බොහෝවිට කම්කරුවන්ට අතිශයින් සුරාකෑමට අවශ්‍යය වන ආකාරය ඔහු නොසලකා හරීයි.

ධනවාදයෙන් එහා

සාර්ථක සංවර්ධන රාජ්‍යයන් පිළිබදව චෑංග් ගේ විශ්ලේෂණයේ මෙම හිදැස් අර්ධ වශයෙන් ඔහුගේ දේශපාලන ආරථිකයේ  ඓතිහාසික-ආයතනික අනුවාදයෙන් පැනනගින අතර, එය ඓතිහාසික වෙනස්වීමේ ක්‍රියාවලීන්හි පංති සබදතා මාරු කිරීමේ වැදගත්කම අවතක්සේරු කරයි.  එය වීකල්ප සමාජවාදි  ක්‍රමයකට වඩා ධනවාදයේ හොද අනුවාදයක්  නිරිමාණය කිරීම වන ඔහුගේ  දේශපාලන ව්‍යාපෘතියෙන් ද පැන නගී.

චෑන්ග් ගේ වර්තමානයේ ලෝක සම්මතවාදි ආර්ථිකය පිළිබද ගුණදොස වීචාරය  ඉතාම සාර්ථක ය.  කෙසේ වෙතත්,  ඔහුගේ විග්‍රහය ධනවාදයම ඉලක්කකර නොගනී.  නැතහොත් ඉන් එහා ලෝකයක් පරිකල්පනය නොකරයි.  සූරාකෑමෙන් මානවයා නිදහස්කරන  න්‍යායකට වඩා කාර්මීකරණය උදෙසා සැලැස්මක පිටපතක් ලෙසයි මාක්ස්වාදය ඔහු දකින්නේ.   

සමාජවාදීන්ට අභියොගය වන්නේ, ඔවුන් චෑන්ගේ කර්තව්‍යයන් උකහා ගන්නාවීට ධනවාදය හොදින් වැඩකිරීමට තනාගැනීමට නොව නව සමාජවාදි සමාජයක් ස්ථාපිත කිරීමේ අරගලයේ කොටසක ලෙස ලෝකයේ කම්කරු පංතිය සංවර්ධන ප්‍රතිපත්තීන් සහ සංවර්ධන ප්‍රතිපත්තීන්  භාවීතා කළහැකි  මාර්ග සංකල්පනය කිරීමට ය.  

බෙන්ජමීන් සෙල්වින්

(පොලිට් ප්‍රෙස්- 2017) මෙම බ්ලොග් සටහන මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ ජැකොබීන් සගරාවේ ය.)

බෙන්ජමීන් සෙල්වින් එක්සත් රාජධානියේ බ්‍රයිටන් හී සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා හා  ජාත්‍යන්තර සංවර්ධනය පිළිබද මහාචාර්යවරයෙකි.  ඔහුගේ ප්‍රකාශනවලට  සංවර්ධනය සදහා අරගලය ඇතුලත් ය.

හා ජුං චෑංග්, නව ලිබරල්වාදය දැඩි ලෙස විවේචනය කරමින් කෘති ගණනාවක් ලියා ඇත. විශේෂත්වය වන්නේ, ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෙකු වන චෑංග් ගේ පොත්වල පිටපත්, මේ වන විට මිලියන ගණනක් අලෙවි වීම ය. කේම්බ‍්‍රිජි විශ්ව විද්‍යාලයේ සංවර්ධනය පිළිබද මහාචාර්යවරයෙකු වන චෑංග්, දකුණු කොරියානු ආර්ථික විද්‍යාඥයෙකි.

Print Friendly, PDF & Email

Leave a Reply