- 1931 සිට සර්ව ජන ඡන්ද බලය ලැබී තිබිණි.
- දැනට අවුරුදු 92 ක් ගත වී ඇතත් එහි සැබෑ අයිති වාසිකම පුරවැසියාට ලැබී නැත.
- පුරවැසියා පරමාධිපති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථා වෙන් කියවේ.
- ඡන්ද බලය පරමාධිපති බලයේ කොටසකි.
- එම බලය අන්සතු කළ නොහැකි ය. අන්‍යයන්ට පැහැර ගත නොහැකි ය. එහෙත් මේ තාක් ව්‍යවස්ථාවේ හෝ නැත.
- මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරමාධිපත්‍යයට ඉහළින් පවතින දෙයක් නොවේ. පරමාධිපත්‍යයට ඉහළින් මන්ත්‍රී වරප්‍රසාද පැවතිය යුතු නැත.
- එසේ පවතින්නේ නම් එම ව්‍යවස්ථාව වහා වෙනස් කළ යුතු ය.
- වරප්‍රසාද රැකීමට පරමාධිපති බලය යටපත් කිරීම හෙවත් අහිමි කිරීම ද කළ නොහැකි ය.
- “පොදු ජනතාවගේ කැමැත්ත පාලනයේ පදනම විය යුතුය” (මානව අයිතිවාසිකම් ප්රකාශනයේ 21 වන වගන්තිය) මේ තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මගින් පාලකයා විසින් පැහැර ගත් අයිතිවාසිකමකි.
- පරමාධිපති බලයට – පාලන සහ අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය අයත් ය. (ආ.ක්ර.ව්ය 4 වන ව්‍යවස්ථාව)
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) අනුව භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමකි.
- ඡන්ද බලය භාෂණයේ නිදහසේ ම කොටසකි. ( කරුණාතිලක එදිරිව මැතිවරණ කොමසාරිස් නඩුව)
- භාෂණයේ නිදහසට සීමා ඇතත් ඡන්ද බලයට සීමාවක් ආරක්ෂා කර නැත. නියත කාල පරතරයන්හිදී මැතිවරණ පැවැත්විය යුතු යැයි ද එහි සඳහන් වේ. ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇතිකරනුයේ ඒ නිසාය.
- එම අයිතිවාසිකම වරප්‍රසාද වලින් හෝ ජනාධිපතිගේ විධායක බලයෙන් යටපත් කළ නොහැකි ය.
- ජනතාව විධායක බලය සහිත ජනාධිපතිවරයකු තෝරා ගන්නේ තම අයිතිවාසිකම් යටපත් කරවා ගැනීමට නොවේ.
- මෙසේ පුරවැසියාගේ පරමාධිපති බලය අහිමි කිරීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?
- පුරවැසියාට ආණ්ඩුවට සම්බන්ධවිමේ අවස්ථාව ලැබෙන්නේ ඡන්ද බලය භාවිතා කිරීමේ දී ය.
- එම අවස්ථාව හිතුවක්කාර ලෙස හෙවත් විධායක බලය අනිසි ලෙස යෙදීමෙන් අහිමි කළ විට පුරවැසියාට තමන්ට නො වැදගත් පුද්ගලයෙකු සේ සැලකුණු බව පෙනේ.
- එවිට පාලකයා කෙරෙහි කෝපයක් ඇතිවේ.
- කෝපය සාමූහික වීමෙන් දැවැන්ත විනාශයක් කළ හැකි ය.
- ආණ්ඩුව ජනතාව පොලඹවන්නේ එම අවස්ථාව ඇති කිරීමට ය.
- එවිට පහසුවෙන් මර්දනය කළ හැකිය.
- ජනතාවගේ ම වියදමින් ගත් වෙඩි උණ්ඩ, මිලිටරි බලය, පොලිස් බලය යෙදීය හැකිය.
- ජනතාව හැඟීම් පාලනය කරගෙන ඡන්ද බලය කෙරෙහි පමණක් විශ්වාස කළ යුතුය.
- ආණ්ඩුවට වුවමනා වන්නේ ජතතාවගේ ප්රචණ්ඩ භාවයයි.
- එහෙයින් අපි ඡන්ද බලය දිනා ගනිමු.
ඡන්ද බලය කෙරෙහි විශ්වාස කළ යුත්තේ ඇයි.
- ආණ්ඩු පක්ෂයක් සහිත රාජ්‍ය පාලනයක් වෙනස් කිරීමට ක්‍රම දෙකක් ඇත. එකක් සන්නද්ධ අරගලයයි. අනික ඡන්ද බලයෙන් වෙනස් කිරීම යි.
- මෙයින් ප්රචණ්ඩ, සන්නද්ධ අරගලය දැන් නො පිළිගැනේ. ඉතිරි වී ඇත්තේ ඡන්ද බලයෙන් වෙනස් කිරීමයි.
- ඡන්ද බලයෙන් වෙනස් කිරීම උදෙසා පෙලඹීමට ජනතාවට සෑහෙන දේශපාලන විඥානයක් අවශ්‍ය ය.
- රටට දේශපාලන නිදහස ලැබී වසර 75 තුළ නිදහස් ජාතියක් වීම සඳහා අවශ්‍ය සමාජ දැනුමක් ඡන්දදායකයාට ලැබී නැත.
- පාලකයන් උනන්දු වූ යේ පුරවැසියා වහල්කමේ තබා ගෙන තමන් වැජඹීමට ය.
- පසුගිය අප්‍රේල් මාසයේ ඇතිවූ සාමකාමී අරගලයෙන් රටේ යම් ප්රබුද්ධ දැක්මක් ඇතිවිය.
- එනම් පොදු ජනතාවගේ, සමස්ත මිනිස් වර්ගයාගේ සහ පැවැත්මයි.
- ඒ සඳහා දුෂ්ට පාලන ක්‍රම වලින් ද, වංචා දූෂණ රැවිලි ආදියෙන් තොර විය යුතු ය.
- එම දැක්ම අනුව පාලනය කළ හැකි පිරිසකට බලය පැවරීමට තරම් දැනුවත් භාවයක් හට ගෙන ඇත.
- ඒ සඳහා පවතින දේශපාලන පක්ෂ අතර බෙදීමක් හා එකඟතාවයක් තිබිය යුතු ය.
- විපක්ෂයේ පක්ෂ සියල්ල ඡන්ද දිනා ගැනීමට එක එල්ලේ ශක්තිය යෙදිය යුතු ය.
- එසේ නො වීම ආණ්ඩුවට සහය දීමකි.
Latest posts by S.G. Punchihewa (see all)
- ‘තරිඳු මර්දනය.. - August 2, 2023
- සමානාත්මතාව සඳහා යෝජනාවක්.. - July 12, 2023
- ඡන්ද බලය.. - March 23, 2023