රනිල්-රාජපක්ෂ හවුලේ දේශපාලන ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණය බව පේනවා. ඔවුන්ගේ ලොකු ම වාසියට තිබෙන්නේ ප්රගතිශීලී හා වාමාංශික බලවේග අතර පවතින බෙදීම. මෙම බෙදීම වාසියට ගැනීම සඳහා රනිල්-රාජපක්ෂ හවුල උපක්‍රම යොදා ගන්නවා. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබෙන ප්‍රධාන උපක්‍රමය ‘IMF එකට පක්ෂ හා විරුද්ධ’ යනුවෙන් බෙදීමක් හැදීමයි. ඒ උපක්‍රමය දැනටමත් එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. රනිල්-රාජපක්ෂ හවුලේ ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනය ගැන කතිකාව පස්සට තල්ලු වී, ආර්ථිකය බේරා ගැනීම ගැනීම පිළිබඳ වාද-විවාද ඉස්සරහට ඇවිත් තිබෙන්නේ එ නිසා නේද? රට බේරා ගත් විරුවා වෙනුවට, ආර්ථිකය බේරා ගත් විරුවෙක් ඉස්සරහට දා ගෙන එන හැටි පේනවා නේද? මේ සැරසෙන්නේ රට බංකොලොත් කළවුන් ම ආර්ථිකය ගොඩ දාන බව පෙන්නා ගේම දිනන්න නේද? කොලේ වහලා ගහනවා කියන්නේ මේකට නේද?
රනිල්-රාජපක්ෂ හවුල ඊ ළඟ ජනාධිපතිවරණයේ දී ස්ථිරව ම පරාජය කිරීමට නම්, ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමය අර්ථ විරහිත කරන්න ම වෙනවා. රනිල්-රාජපක්ෂ හවුලට එරෙහිව මැතිවරණ සටනට වැඩි බරක් දැම්මත්, ජන අරගලවලට වැඩි බරක් දැම්මත්, ඒ සියලු ප්රගතිශීලී හා වාමාංශික බලවේග පොදු අරමුණකට පෙළගැසෙන්නට හැකි උපක්‍රමයක් තිබෙන බව පේනවා. ඒ සඳහා මාස 6ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ආපසු කැඳවීමේ අයිතිය නීති ගත කර, මහ මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ දී ගෙදර යන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න වෙනවා. (ආපසු කැඳවීමේ අයිතිය කියන්නේ ඕනෑම මහජන නියෝජිතයෙක් විශ්වාසය කඩ කර තිබෙන බව පේන ඡන්දදායකයන් 2%-10%ක් වැනි පිරිසක් මැතිවරණ කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කළ විට, මාස 3-6ක් වැනි කෙටි කාලයක් ඇතුළත ජනමතවිචාරණයක් පවත්වා, පෙත්සමට පක්ෂව 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත්, ඒ මහජන නියෝජිතයා ඉවත් කර අලුත් මහජන නියෝජිතයෙක් තෝරා පත් කිරීමටයි. එවිට විශ්වාසයය කඩ කරන පාලකයන් ඕනෑ ම අවස්ථාවක පහසුවෙන් ඉවත් කරන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා.)
එසේ කළොත් රනිල්-රාජපක්ෂ හවුලේ ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනය පිළිබඳ කතිකාව උඩට ඇවිත්, ආර්ථිකය බේරාගැනීම පිළිබඳ වාද-විවාද දෙවැනි තැනට වැටෙනවා. එවිට සාමකාමී විරෝධතා මර්ධනය කිරීමටත්, පළාත්පාලන මැතිවරණය වැළැක්වීමටත්, මර්ධන නීතීවලටත් එරෙහි දේශපාලන සටන ඉස්මත්තට එනවා. අවසානයේ දී රනිල්-රාජපක්ෂ හවුලේ ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනයට තිත තැබීම සඳහා උතුර, දකුණ, නැගෙනහිර, කඳුරට සහ එතෙර පුුරවැසියන් යළි පෙළගැසීම කිසිවෙකුට වළකන්න බැරි වෙනවා. එවිට පොදු අපේක්ෂකයා ලෙස පොල් ලෙල්ලක් දැම්මත් රනිල්-රාජපක්ෂ හවුලේ ජනාධිපති අපේක්ෂකයා නියත වශයෙන් ම පරාජය වෙන්නේ නැද්ද?
- ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ.. - August 7, 2024
- අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය.. - December 11, 2023
- මිතුරන් අතර ප්රතිවිරෝධතා ඇති කරන්න එපා ! - September 3, 2023