මෑත අවුරුදු කිහිපය දක්වා ම මංගල සමරවීර හුදෙක් ශී‍්‍ර.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්තී‍්‍රවරයකු වූවා පමණි. එහෙත් පසුගිය මාස කිහිපය තුල ඔහු අධිෂ්ඨාන සහගත ලෙසත්” නිර්භීත ලෙසත් වෙනත් මෙහෙවරකට මුල පිරුවේය. ජරා ජීර්ණ තත්ත්වයට පත්ව ඇති ලාංකීය දේශපාලන සංස්කෘතිය පිරිපහදු කිරීම හා රට තුල බහුත්ව ප්රජාතන්ත්රවාදය (PLURALISTIC DEMOCRACY) ප්‍රවර්ධනය කිරීම එම දේශපාලන මෙහෙවරයි. ඔහුගේ මෙම මෙහෙවර අගය කරන ඇතැම් පිරිස් වලට ඔහු හා එකඟ නොවන කාරණයක් ද ඇත. එනම් ලංකාව ඇතුළු ආර්ථික වශයෙන් අසංවර්ධිත රටවලට පවා වඩාත් උචිත ආර්ථික මාදිලිය වශයෙන් නව ලිබරල් ආර්ථික සංවර්ධන මාදිලිය ඔහු විසින් පිළිගැනීම එම කාරණයයි. කෙසේ වෙතත් අද ලංකාව මුහුණ පා ඇති සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදයේ ප්රභවය ඇත්තේ ආර්ථිකය නොව දේශපාලනය තුළ වන නිසා මංගල සමරවීර විසින් ආර්ථික මාදිලිය සම්බන්ධයෙන් දැරූ අදහස් නොසලකා ඔහුගේ දේශපාලනය සාකච්ඡාවට භාජනය කිරීම කාලෝචිත මෙන්ම ඔහුට කරන සාධාරණයක් ද වන්නේ ය.
මංගල සමරවීර නම් ඒ දුර්ලභ ගණයේ දේශපාලනඥයා සිය දිවියෙන් සමුගෙන ඇත්තේ අප රටේ බිම්දසුන මත බොහෝ දෙනෙකුට නොපෙනෙන එහෙත් ප්‍රවේශමෙන් පරීක්ෂා කර බැලුවොත් ඔවුන්ට ද පෙනී යන හිදැසක් ඇති කරමිනි. ඔහුගේ වියෝවෙන් ඇති වූ එම හිදැස පිරවීම තරමක් අසීරු ය. මන්ද, දේශපාලන සංස්කෘතිය හා බහුත්ව ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අදහස් මඟින් ඔහු ද නායකයකු වශයෙන් සිටි ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකම මත තියුණු ආලෝක ධාරාවක් එල්ල කරන නිසාය. අවසන් වසර කිහිපය තුළ ඔහු ඉදිරිපත් කළ අදහස් තමන්ගේ ඈත අතීත දේශපාලනය සම්බන්ධයෙන් සිදු කළ ස්වයං විවේචනයක් ලෙසද සැලකිය හැකිය. අකුටිලිව හා නිර්භීතව එලෙස අදහස් දක්වන නායකයකු තවත් කලක් ගතවන තුරු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකින් මතුවේ යැයි සිතීම උගහටය.
සමාජ – ආර්ථික වෘක්ෂයේ බිජුලා, පැලවී එම වෘක්ෂයේ සාරය උරා බොමින් එම වෘක්ෂය කා දමන පිළිලයක් බදු දුශ්ශීල පැවිද්දන් මංගල සමරවීරගේ දෝශ දර්ශනයට ලක්වන විට ඔහු ආගම් විරෝධියකු ලෙස හංවඩු ගසා අවිචාර ජනතාව තුළ ඔහු කෙරෙහි අප්‍රසාදයක් හා වෛරයක් ජනිත කිරීමට ගිහි පැවිදි දුෂ්ශීලයෝ සමත් වූහ. මංගල සමරවීර එරෙහි වූයේ දුෂ්ශීල ගිහියන්ගේ හා පැවිද්දන්ගේ අධර්මයට හා දුර්මත වලට මිස ශාස්තෘන් වහන්සෙස්ලා දෙසූ විමුක්ති ධර්මයට නොවේ.
ලෞකික හෙවත් අනාගමික රාජ්‍යයක අවශ්‍යතාව පිළිබඳ අදහස ඔහු පිළිගත්තේ සහ ප්‍රවර්ධනය කළේ ඒ පිළිබඳ ලියවී ඇති පොත් පත් පරිශීලනය මෙන්ම ලංකීය දේශපාලනයට හා ආණ්ඩුකරණයට අරක්ගෙන සිටින දුස්සීල භික්ෂූන් හා ආගම ගණිකා වෘත්තියේ යොදවන රැවිටිලිකාර දේශපාලනඥයින් විසින් සිදු කර ඇති අවැඩ සම්භාරය පිළිබඳව ලිබරල්වාදියකු වශයෙන් කළ නිරීක්ෂකයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි සිතිය හැක. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසªමක් හªන්වා දීමට කලාතුරකින් ඇතැම් සිංහල නායකයින් උත්සාහ ගත් සෑම විටකම තිරිංගයක් හා මාර්ග බාධකයක් සේ කි‍්‍රයාත්මක වූ ප්‍රධානතම බලවේගය වූයේ බෞද්ධ යැයි කියා ගන්නා මතු සඳහන් පැවිද්දන් හා දේශපාලනඥයින් බව මංගල සමරවීරට මනාව ප්රත්යක්ෂ වී තිබුණි.
රාජ්‍යය විසින් ආගම දික්කසාද කළ යුතු යැයි පළමු වරට අවධාරණය කළ ඉතාලි ජාතික දේශපාලන චින්තකයා වූ මැකියවේලි ආගම තහනම් කළ යුතු යැයි පැවසුවේ නැත. ආගම රාජ්‍ය කටයුත්තක් නොව, එය මිනිසුන්ගේ විශ්වාසය මත පදනම් වූ පෞද්ගලික කටයුත්තක් බව මංගල සමරවීර ද ප්‍රකාශ කළේ ය. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇති ශිෂ්ට සම්පන්න නවීන ලෝකයේ කිසිදු රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවක් සඳහන් නැත. ලිබරල්වාදියකු වූ මංගල සමරවීරට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව යන අපගේ සිංහල පාලකයින් විසින් නිර්මාණය කළ ව්‍යවස්ථා දෙකෙහි ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී තිබිම මංගල සමරවීර අනුමත කළේ නැත. එහෙත් ඔහු එදා ප්‍රසිද්ධියේ එය විවේචනය කළේ ද නැත. ඔහු ඇමතිකම් දැරූ දේශපාලන පක්ෂ දෙක තුළ එබª විවේචනයක් කිරීමේ වාතාවරණයක් තිබුණේ ද නැත. 2019 දී පක්ෂ දේශපාලනයෙන් හා මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වීම මඟින් ඔහු ස්වයං වාරණයක් තුළ සිරකරගෙන සිටි අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ නිදහස ලබා ගත්තේ ය. එහෙත් රටේ අවාසනාවට කාලය ඊට හරස් විය.
අදීන පෞරුෂයකින් යුතු බාල හා තරුණ පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව මංගල සමරවීරගේ ප්‍රමුඛතාවක් විය. පාසල් දරුවන් තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, සිල්වත් පැවිද්දන් හා වැඩිහිටියන් හැර කිසිවකු ඉදිරියේ දණින් වැටිය යුතු නොවන බවත්, විශේෂයෙන්ම දේශපාලනඥයින් ඉදිරියේ දණ නො නැමිය යුතු බවත් අවධාරණය කළේ ය. තෑගි ප්රදානෝත්සවය ඇතුළු විවිධ අවස්ථාවල දී පාසල් දරුවන් දේශපාලනඥයින් හා නිලධාරීන් ඉදිරියේ දණ බිම ඇන වැඳීම ඔහු දුටුවේ පිටු දැකිය යුතු වැඩ වසම් චාරිත්‍රයක් ලෙස ය. බැලූ බැල්මට අහිංසක වුවත් මෙම අධිපතිවාදී චාරිත්‍රය මඟින් බිහි කරන්නේ සමාජීය වශයෙන් බෙලහීන හා නිවට රට වැසියකු බව ඔහුට තේරුම් යාම අරුමයක් නොවේ. ළමා වියේ දී සිටම කොන්ද කඩා දමනු ලබන දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට සුළු කොටසක් අධිපතියන් බවට පත්වන අතර බහුතරය යටත් වැසියන් බවට පත් වේ. රජයේත් පෞද්ගලික අංශයේත් මිනිස් බලය පිරිහී යන්නේ ඔවුන් නිසාය. ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසෙන්නේ ද ඔවුන් අතරින් පක්ෂ නායකයින්ට වන්දනා මාන කිරීමට සූදානම් නිවට පිරිසකි.
ජනවාර්ගික හා ආගමික සංහිඳියාව අරමුණුකරගත් ‘සුදු නෙළුම් ව්‍යාපාරයේ’ ප්‍රධානතම ධාවකයා ලෙස ඔහු කටයුතු කළේ ය. එම ව්‍යාපාරය අසාර්ථක වූයේ ඔහුට හා සාම ලැදි කණ්ඩායම් වලට පාලනය කළ නො හැකි පසුගාමී බලවේග එදා එම පක්ෂය තුළද ශක්තිමත් ව සිටි නිසා සහ නායකත්වයට ඒ පිළිබඳ අධිෂ්ඨානයක් නොතිබූ නිසාය.
2005 වසරේ පිහිට වූ මහින්ද රාජපක්ෂ රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා වූයේ මංගල සමරවීරය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අනුර බණ්ඩාරණායක සමඟින් මංගල සමරවීර ඇමති ධූර වලින් පහ කරන ලදී. ශ්‍රී.ලං.නි.ප. අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට චන්ද්‍රිකා කුමාරතුංගට ඒත්තු ගැන්වීමට ඉදිරිපත් වූ ප්‍රධානතම පාක්ෂිකයා වූයේ ද මංගල සමරවීර ය. එසේ තිබියදීම ඔහු ඇමති මණ්ඩලයෙන් ඉවත් කළේ අන් කිසි හේතුවක් නිසා නොව පක්ෂ ශරීරයට ඔරොත්තු නොදෙන පුද්ගලයින් අකාමකා දැමීමේ පක්ෂ ප්‍රතිදේහ (ANTIBODY) කි‍්‍රයාත්මක වූ නිසාය. එදා පක්ෂ නායකත්වයට මංගල සමරවීර පෙනී ගියේ පවුල් පාළුවකු (BLACK SHEEP) ලෙස මිස පක්ෂයට සම්පතක් ලෙස නොවේ. ඔහුගේ ප්‍රධානතම නොගැලපීම වූයේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටීමයි. පෞරුෂ ප්‍රශ්නද බල නොපෑවා නොවේ.
2019 වසරේ ජනාධිපතිවරණය අභිමුඛව එක්සත් ජාතික පක්ෂය දෙකඩ වූ අවස්ථාවේ මංගල සමරවීර පැත්තක් ගත්තේ නැත. දෙපැත්තේ ම නායකයින්ගේ ඇතැම් ප්‍රතිපත්ති හා වැඩ ශෛලීන් කෙරෙහි මංගල සමරවීරට පූර්ණ පැහැදීමක් නොතිබූ බව එයින් පෙනේ. ඔහුගේ දේශපාලන චරිත ලක්ෂණ විග්රහ කරන විට පෙනීයන්නේ ජනවාර්ගික ප්රශ්නය හා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමඟ යම් එකඟතාවක් පැවතියත් ඔහු සමඟ එක් නොවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ අධිකාරිවාදී පක්ෂ නායකත්ව ලක්ෂණය විය හැකිය. සජිත් සමඟ එක් නොවීමට ඔහු තීර්ණය කළේ ජනවාර්ගික ප්රශ්නය” විධායක ජනාධිපති ක්‍රමය හා ආර්ථික මාදිලිය සම්බන්ධයෙන් ඒ මහතාට ඒ වන විටත් පැහැදිලි මතයක් නො තිබීම හා නායකත්වය සම්බන්ධයෙන් අධි තක්සේරුවක සිටීම මිස අන් කිසිවක් නිසා විය නො හැක.
පක්ෂ දේශපාලනයෙන් හා මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වී බහුත්ව ප්රජාතන්ත්රවාදී සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අවසාන වශයෙන් ඔහු තීන්දු කළ බව පෙනේ. එම ව්‍යාපාරයට ඇති ප්‍රධානම අභියෝගය ව්‍යාජ දේශ පේ‍්‍රමය බව ඔහු අදහස් කළ බව පැහැදිලිය. තම සමාජ ව්‍යාපාරය ”සැබෑ දේශපේ‍්‍රමීන්” ගේ ව්‍යාපාරයක් ලෙස ඔහු හැඳින් වූයේ එබැවින්ය.
‘සැබෑ දේශපේ‍්‍රමීන්ගේ ව්‍යාපාරයේ’ කාර්යාලයෙහි ලෝක නායකයින් කිහිප දෙනෙකුගේ පින්තූර දැකිය හැකි වූ අතර ඉන් දෙදෙනෙකු වූයේ නිදහස් ඉන්දියාවේ පළමු අගමැති වූ ශී‍්‍ර නේරු හා නිදහස් දකුණු අපි‍්‍රකාවේ පළමු ජනාධිපති වූ නෙල්සන් මැන්ඩෙලාය. මේ ගනුදෙනුව වර්ගවාදීන් හෝ ආගම්වාදීන් නොවූ අතර ඔවුහු බහුත්ව ප්රජාතන්ත්රවාදින් වූහ. එමෙන්ම ලිබරල්වාදින් වූහ. මංගල සමරවීරගේ දේශපාලන දැක්ම (Political Vision) කෙබඳු එකක් වූයේද යන්න එයින් ගම්‍ය වේ. විශේෂ දැන්වීමක් ද දැකිය හැකි විය. ‘මෙහි සර්ලා මැඩම්ලා නැත..’ ආදී වැකියකි. තම ව්‍යාපාරයේ සාමාජිකයින් අතර පැවතිය යුතු අනෝන්‍ය සම්බන්ධතාවයේ ස්වරූපය ඔහු එමඟින් ප්‍රකාශයට පත් කෙළේය. නායකයින්ට පමණක් නොව නායකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටත් ප්රශස්ති ගී ගයන දේශපාලන සංස්කෘතියට ඔහු කුළුගෙඩි පහරවල් එල්ල කිරීමට සූදානමින් සිටි බව පෙනේ.
මංගල සමරවීර ද දේශපාලන පවුලකින් පැවත එන්නෙකු විය. ඔහුගේ පියා සිරිමාවෝ බණ්ඩාරණායක ආණ්ඩුවක පළාත් පාලන, නිවාස, සන්නිවේදන, තැපැල් හා විදුලි සන්දේශ කැබිනට් ඇමතිවරයා විය. මව මාතර නගර සභාවේ සභිකාවක වශයෙන් තේරී පත්ව සිටියාය. ඔහු 1983 දී ශී‍්‍ර.ල.නි.ප.යේ මාතර සංවිධායක වශයෙන් පත් වූ අවස්ථාවේදී ඔහුව දිස්ති‍්‍රක්කයට හªන්වා දෙනු ලැබුවේ ‘ඛේමාගේ කොල්ලා’ යන නමින්ය. (ඔහුගේ මවගේ නම ඛේමා සමරවීරය) පළමු වරට 1989 දී මාතර දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මංගල මුලින් සඳහන් කළ පරිදි ආණ්ඩු 4 ක කැබිනට් ඇමතිකම් දරා තිබේ.
පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට පෙර මංගල අප රටේ ජාතික සැලසුම් කේන්ද්‍රයේ (NATIONAL DESIGN CENTRE) උපදේශකයකු ලෙසත්” කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ (INSTITUTE OF ASTHETIC STUDIES) බාහිර කතිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇත.
තව අවුරුදු 10 ක් මංගල සමරවීර නම් වූ ඒ සුවිශේෂ දේශපාලනඥයාට දේශපාලනයේ නියැළීමේ අවස්ථාව තිබුණි. කොරෝනා වසංගතය විසින් ඔහු රටට අහිමි කරන ලදී. ඔහුට තව වසර 5 ක් එම අවස්ථාව ලැබුණේ නම් ලංකීය දේශපාලනයේ බරපතළ පෙරළියක් ඇති කිරීමට නියමිත ව තිබුණි. පුද්ගල සාධකයේ වැදගත්කම ප්‍රතික්ෂේප කළ නොහැක. පසුගාමී ස්ථාපිතයට (ESTABLISHMENT) පහර දීමට මංගල සමරවීර වැනි සුදුසු පුද්ගලයන් සොයා ගැනීම අසීරු නිසාය.
ජගත් සිරිවර්ධන විසිනි
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024
- ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි.. - October 2, 2024
- නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම - October 2, 2024