පහත ඡායාරූපයේ දැක්වෙන්නේ රේනුකා සහ කාන්චනා, 2025 නොවැම්බර් 14 වැනි දා මහනුවර ගොඨාගෝගම පරිශ්‍රයේ වාඩි ලා ගෙන සිටින අවස්ථාව. මේ දෙදෙනා ම ගුරුවරියන්. ඔවුන් Friday’s Struggle ආරම්භ කරලා තිබෙන්නේ වහාම සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපනය කරන ලෙස ආණ්ඩුවට බල කිරීමටයි.
ඔවුන්ගේ එකම අදිටන අපේ රටේ ‘ජාතිවාදී දේශපාලනය අවසන් කිරීම’ යි. ඒ සඳහා සියලු ජන කොටස්වලට එකඟ විය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. එය NPP ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්.
එහෙත් පළමුව බෙදී සිටින ජන කොටස් අතර විශ්වාසය ගොඩනගන්නේ නැතිව එවැනි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බැහැ. එහෙම කළොත් ජාතිවාදය යළිත් හිස ඔසවනවා. එම නිසා පළමුව කළ යුත්තේ භේද වෙලා සිටින ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීමයි.

භේද වෙලා සිටින ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා ලොව තිබෙන හොඳම ආදර්ශය දකුණු අප්‍රිකාවේ පැවති සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමයි. අතීතයේ සිට උතුර, දකුණ, නැගෙනහිර, මලයහ සහ එතෙර ශ්‍රී ලංකිකයන්ගේ තුවාල වූ හදවත් සුවපත් කළ හැකි හොඳම ප්‍රතිකාර ක්‍රමය තමයි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් කියන්නේ. එවැනි කොමිසමක් වහාම ස්ථාපනය කරන්න කියලයි රේනුකා සහ කාන්චනා ආණ්ඩුවට බල කර කියා සිටින්නේ.
ඔවුන් සමග උතුර, දකුණ, නැගෙනහිර, මලයහ සහ එතෙර සිවිල් සමාජ අත්වැල් බැඳ ගත හොත්, නිසැකවම සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව පෙළඹෙනු ඇති! එවැනි කොමිසමක සභාපති ධුරය බාර දීම සඳහා සියලු ජන කොටස් විශ්වාස කරන හා ගරු කරන ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ වැනි තැනැත්තන් ද රටේ සිටින බව රේනුකා සහ කාන්චනා දැඩිව විශ්වාස කරනවා.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපනය කරන තුරු සෑම සිකුරාදාවකම මෙසේ වාඩි ලා ගැනීමට අදිටන් කර ගෙන සිටින බව රේනුකා-කාන්චනා කියා සිටිනවා. ඔවුන් සමග දැනටමත් මහනුවර සිවිල් සමාජය පෙනී සිටිනවා.
‘ජාතිවාදී දේශපාලනය’ අවසන් නොකරන තාක් “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” හෙවත් තිරසාර සංවර්ධනයක් යනු හුදු සිහිනයක් පමණක් නො වේ දැයි රේනුකා සහ කාන්චනා තවදුරටත් විමසනවා.
”..නව රජය ‘ජාතික සමගිය’ යන්න මූලික ඉලක්කය ලෙස තබා ඇත. විශ්වාසය හා ප්රතිසන්ධානය වැඩි දියුණු කිරීම සඳහා ඉක්මන් ජයග්‍රහණ සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් සහාය වීමට සහ සහාය ලබා දීමට මගේ කාර්යාලය සූදානම්ව සිටී. මා පිටත් ව යන්නේ ජනවාර්ගිකත්වය, ආගම, භාෂාව, සංස්කෘතිය, කුලය සහ පන්තිය යන මුල් බැසගත් අනන්‍යතා දේශපාලනය අවසන් කිරීමට රජය සහ සිවිල් සමාජය යන දෙපාර්ෂවයේ ම පැහැදිලි ආශාවක් ඇති බවට දැඩි බලාපොරොත්තුවක් සහිතවය..”
– එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, 2025-06-2

ටී.එම්. ප්‍රේමවර්ධන මහතාගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදි.
- අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..! - March 4, 2026
- තවත් “සිංහලේ” යුගයක උදාවක්? - March 1, 2026
- තිරසාර විසඳුමතට පොදු එකඟතාවයක් අවශ්‍යයි.. - February 25, 2026