You are currently viewing නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම

නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම

ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත.   ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී ඇත්තේ තීරණාත්මක අවස්ථාවකය.  ශ්‍රී ලංකාව 2022 දී සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය විදේශ ණය පැහැර හැර ඇති අතර, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ)  වැඩසටහනක් මධ්‍යයේ, සහ පටි තද කිරීම නැතහොත් කප්පාදුව සහ අතීත ණයවලින් වැඩි කොටසක් ණය හිමියන්ට ආපසු ගෙවීම මත පුරෝකථනය කරන ලද,  ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක මැද සිටියි.  රාජ්‍ය වියදම් අඩු කිරීම සහ අවම ණය සහන සඳහා පරාමිතීන් සහිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාමූඅ  හි ණය තිරසාරත්ව විශ්ලේෂණය  වෙත ශ්‍රී ලංකාව ප්‍රවේශ විය යුත්තේ කෙසේද? මෙම ‘නිති අසන පැන’ ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින  සිදුවෙමින් පවතින ජාමූඅ   වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ විකල්පයන් වෙත අවධානය විශාලනය කරයි.

එම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12.55ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වේ. (1)  [ වරහන් තුළ ඇති අංක අනුව අග-සටහන් සඳහා ලිපිය අග බලන්න ]  කෙසේ වෙතත්, මෙම ගිවිසුම ජාමූඅ   සහ ද්විපාර්ශ්වික ණය හිමියන් විසින් නිල වශයෙන් අනුමත කර නොමැත. ණය යුක්තිය සඳහා එක්සත් රාජධානියේ සිට උද්ඝෝෂණ කරන  ටිම් ජෝන්ස් තර්ක කරන්නේ මෙම ගිවිසුම 2024 ජූලි ගිවිසුමට සමාන වන අතර එය ණය සහන ප්‍රමාණවත් නොවන්නේය යන පදනම මත ජාමූඅ  සහ ද්විපාර්ශ්වික ණය හිමියන් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බවයි.(2)

මෙම ගනුදෙනුව සාර්ව – සම්බන්ධිත බැඳුම්කර සඳහා ය, එයින් අදහස් කරන්නේ බැඳුම්කර ආපසු ගෙවීම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් වටිනාකමේ මට්ටමට බැඳී ඇති බවයි. ඒ අනුව, 2025-2027 සඳහා ශ්‍රී  ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් වටිනාකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩි නම්, රට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙත ණය  සහ වැඩි කළ පොලී ගෙවීම ලෙසින් වැඩි මුදලක් ගෙවනු ඇත.  දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් වටිනාකම අඩු වන විට ශ්‍රී ලංකාවට අඩුවෙන් ආපසු ගෙවීමට ද ගිවිසුමෙන් අවසර ලැබේ. (3) කෙසේ වෙතත්, මෙම 2025-2027 කාලය තුළ ද්විපාර්ශ්වික සහ වාණිජ බාහිර ණය හිමියන්ට ණය ආපසු නොගෙවීම නිසා ශ්‍රී ලංකාවේ  දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් වටිනාකම වැඩි වීමට ඉඩ ඇත යන කරුණ මෙම  ගිවිසුම මග හැර යයි. (4)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  දළ දේශීය නිෂ්පාදිතයට ණය අනුපාතය සහ විදේශ මුදල්වලින් ණය හා පොලී ගෙවීමේ ඉලක්ක ඉහළ මට්ටම් වලින් පිහිටුවමින් සිටි  ඇත.  විශේෂයෙන්ම බාහිර ණය පොලී ගෙවීමේදී, 2027 ජාමූඅ  වැඩසටහනෙන් පසුව, ණය ආපසු ගෙවීම ආරම්භ වන විට මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම දුෂ්කර ය. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලරයේ අගය ඉහළ යාම ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම සමඟ සම්බන්ධ වේ. මෙහිදී, අගය ඉහළ නැංවුණු ශ්‍රී ලංකා රුපියල රටේ අපනයන කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇති අතර අපනයනවල ඩොලරයේ මිල ඉහළ යාම ගෝලීය වෙළෙඳපොළ තුළ ඒවා වඩා අඩුවෙන් තරඟකාරී කරනු ඇත. එමගින් රටේ විදේශ ඉපැයීම් අඩුවීම නිසා ණය ආපසු ගෙවීම අපහසු වේ. වත්මන් ජාමූඅ   වැඩසටහන පැහැදිලිවම ණය තිරසාරත්මභාවය සහ ණය සහන මට්ටම ගණනය කිරීමේදී මෙම ගෙවුම් ශේෂ සාධක සලකා බැලීමට අසමත් වී ඇත. හිටපු එක්සත් ජනපද භාණ්ඩාගාර නිලධාරියෙකු වන බ්‍රැඩ් සෙට්සර් (5) සඳහන් කරන්නේ “ශ්‍රී ලංකාව […]තම ජාමූඅ  වැඩසටහනෙන් ඉවත් වීමට සූදානම් ව සිටිත්ම  සාර්ව – සම්බන්ධිත බැඳුම්කර “විචලතා යන්ත්‍රයක්” නිර්මාණය කරන බවයි” (6), එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව තම විදේශ ණය සහ පොලී ගෙවීම ආරම්භ කිරීම අවශ්‍ය කෙරෙන මොහොතේම  ශ්‍රී ලංකාවේ විදේශ ණය ඊටත් වඩා දරාගත නොහැකි තත්ත්වයකට පත්වන බවයි.

නිව් යෝර්ක් ව්‍යවස්ථාදායකයේ  පාලන නීති යටතේ මෙම බැඳුම්කර නීති ප්රතිරක්ෂණය කර ඇති අතර මෙම ගිවිසුම පැමිණෙන්නේ නිව් යෝර්ක් ව්‍යවස්ථාදායකය “ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ආයෝජකයින්ගේ ණය අයකර ගැනීම සීමා කරන” ස්වෛරී ණය ස්ථායිතා පනතක් ගෙන එද්දීය.  (7) පවතින නීති ඔවුන්ගේ ණය ණය අයකර ගැනීමට බලපානවාට අකමැති බැඳුම්කර හිමියන්, ඉංග්‍රීසි හෝ ඩෙලවෙයාර් නීතියට අධිකරණ බලය වෙනස් කිරීමට ඉල්ලා සිටිය හැකි යාන්ත්‍රණයක් හඳුන්වා දෙමින් සිටියි. වෙනත් වචන වලින් කිවහොත්, ශ්‍රී ලංකාව යටින් පවතින නීති වෙනස් කිරීමෙන් පවා ඔවුන්ගේ ණය ආපසු අයකර ගැනීම  සහතික කිරීමට බැඳුම්කර හිමියන්ට නිදහස් අවකාශය සලසයි. මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරී අවශ්‍යතා පාවා දෙනවා පමණක් නොව, ස්වෛරී ණය ගිවිසුම් ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් අනාගත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නරක පූර්වාදර්ශයක් ද සපයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ එහි වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තිරසාර හා වේගවත් ආර්ථික ප්‍රකෘතියක් සහතික කරන බවයි. මෙම වැඩසටහනේ අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය , ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මිල ස්ථායිතාව පවත්වා ගැනීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, ඉලක්කගත ක්‍රියාමාර්ග හරහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීම තුළින් ඉහළ ගිය ආදායමක් ලබා ගැනීමයි. මූලික මට්ටමකදී මෙම වැඩසටහන, අනාගත ණය ගැනීම් සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ආපසු යාමට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා දීම අරමුණු කරයි.(8)

ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාමූඅ   අනිවාර්ය කොන්දේසි දෙකක් ඉදිරිපත් කරයි. එකක්, එය 2025 වන විට 2.3% ක ප්‍රාථමික අයවැය අතිරික්තය (ණය හා පොලී ගෙවීම නොසලකා හරිමින් වියදම්වලට වඩා ඉහළ රාජ්‍ය ආදායමක්) අපේක්ෂා කරයි; මෙය පටි තද කිරීමේ පියවරයන්ට තුඩු දී ඇත. මෙයින් අදහස් කරන්නේ වැට් බද්ද ඇතුළු වක්‍ර බදු තියුනු ලෙස ඉහළ යාම, බලශක්තියේ වෙළඳපල මිලකරණය හේතුවෙන් උපයෝගිතා බිල්පත් සහ ඉන්ධන මිල ඉහළ යාම සහ රජයේ සහනාධාර කප්පාදු කිරීම හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමයි. රාජ්‍ය සේවාවන්හි වැටුප් හා ආයෝජනවල සැලකිය යුතු අඩුවීමක් ද ඇත. දෙවනුව, මෙම වැඩසටහනට ජාමූඅ  හි ණය තිරසාරත්ව විශ්ලේෂණය  මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ලබා ගැනීම අවශ්‍ය වේ. දේශීය ආයෝජන සහ රටේ ගෙවුම් ශේෂයේ තිරසාරවත් බව නොසලකා ශ්‍රී ලංකාව ණය හිමියන්ට හැකිතාක් ණට ආපසු ගෙවනු ඇතැයි ට ජාමූඅ   අපේක්ෂා කරයි.

ජාමූඅ ණය තිරසාරභාවය තක්සේරු කරන්නේ “ආපසු ගෙවීමේ ධාරිතාවේ මිනුම්වලට සාපේක්ෂව විවිධ ණය සහ ණය හා පොලී ගෙවීමේ දර්ශක මත පදනම්වය. ආපසු ගෙවීමේ හැකියාව දළ දේශීය නිෂ්පාදිතය, අපනයන ආදායම ,හෝ මූල්‍ය ආදායම අනුව මැනිය හැකිය.”   (9) ණය තිරසාරභාවය තක්සේරු කිරීම සඳහා ජාමූඅ   සතුව ආකෘති දෙකක් තිබේ; එකක් අඩු ආදායම්ලාභී රටවල් සඳහා සහ අනෙක වෙළඳපල-ප්‍රවේශ රටවල් සඳහා ය.  (10) ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්ව විශ්ලේෂණය, රට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස සැලකෙන බැවින්, වෙළෙඳපොළ ප්‍රවේශ රාමුව මත පදනම් වී ඇති අතර, එහි අවසාන ඉලක්කය වන්නේ 2027 වන විට ණය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළවල් වෙත රට නැවත ප්‍රවේශ වීම  සහතික කිරීමයි.  කෙසේ වෙතත්, වෙනස් සන්දර්භයන් හරහා ස්වෛරී ණය අධ්‍යයනය කරන විශේෂඥයන් තර්ක කරන්නේ මෙම වෙළඳපල ප්‍රවේශ ආකෘතිය “අස්ථාවර ආදායම් සහ අපනයන පදනම් සහිත පහළ මධ්‍යම-ආදායම් ලබන රටවලට සුදුසු නොවන ඉලක්ක ඇති බව තර්ක කරයි.  [ …] රාජ්‍ය ණය තොගය සහ සමස්ත දළ මූල්‍ය අවශ්‍යතා කෙරෙහි මුලුමනින්ම අවධානය යොමු කිරීමෙන්, එම ආකෘතිය, දේශීය ණය, ගැලපුම් විචල්‍යයක් ලෙස භාවිතා කිරීමට දිරිගැන්වීමක් නිර්මාණය කරයි.”(11)

මෙම වෙළෙඳපොළ-ප්‍රවේශ ණය තිරසාරත්ව විශ්ලේෂණය,   2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අයවැය අතිරික්තයක්, 2027 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% ක රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක බාහිර  ණය හා පොලී ගෙවීම ඇතුළුව, ශ්‍රී ලංකාව සඳහා ඉතා ඉහළ සහ තිරසාර නොවන ඉලක්ක පනවා ඇත. (12) මෙම ඉලක්ක සකස් කර ඇත්තේ ආණ්ඩුවේ භාහිර ණයවලට වඩා සමස්ත ණය මත සීමාවන් නිර්වචනය කරන මූල්‍ය කොන්දේසි අනුව ය;  ශ්‍රී ලංකාව පැහැර හරින ලද්දේ  ආණ්ඩුවේ භාහිර ණය යි. වැඩකරන ජනතාවගේ විශ්‍රාම අරමුදල්වල වටිනාකම ඉමහත් ලෙස හීන කර ඇති අයුතු  දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමය පිටුපස ඇති තාර්කිකත්ව මෙයයි. (13)

ගෝලීය වශයෙන් කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් වන මාර්ටින් ගුස්(z)මන්,(14)  ජයති ඝෝෂ්, (15) සී.පී. චන්ද්‍රසේඛර් (16) සහ චාල්ස් අබුග්‍රේ  (17) 2024 ජුනි මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ගැන නැවත සාකච්ඡා කළ යුතු බවට තර්ක කළේය. වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් “ශ්‍රී ලංකාව සඳහා තිරසාර ප්‍රකෘතිමත් වීමේ මාවතක් හෝ එහි විදේශ ණය අර්බුදය විසඳීමේ විශ්වසනීය මාර්ගයක්” සපයන්නේ නැති බව ඔවුහු අවධාරණය කරති. (18)

මාර්ටින් ගුස්(z)මන්
ජයති ඝෝෂ්
සී.පී. චන්ද්‍රසේඛර්
චාල්ස් අබුග්‍රේ

ණය තිරසාරත්ව විශ්ලේෂණය පිළිබඳ ඔවුන්ගේ විචාරය නම්, “ ජාමූඅ  හි ණය තිරසාරත්ව  විශ්ලේෂණ ක්‍රමවේදයේ අරුත් විරහිත බවක් තිබේ, ” යන්නයි. අවශ්‍ය කෙරෙන විදේශ ණය අඩුකිරීමේ ඇස්තමේන්තු අතිශයින් අඩුය. නොමඟ යවන සුළු ලෙසින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළට ලෙස දේශීය ණය ඇතුළු කිරීමකින් සහ බාහිර මූල්‍ය අවශ්‍යතාවලට වඩා ‘දළ’ මූල්‍යකරණය කෙරෙහි අවධාරණය කිරීම මගින් මෙය සැඟවීමට උත්සාහ කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් විදේශ ණය අර්බුදය විසඳීම සඳහා විදේශ විනිමය ලබා නොදෙන අතර, කම්කරුවන්ගේ ඉතුරුම්වල ගබඩාවන් වන විශ්‍රාම වැටුප් අරමුදල් සතු ස්වෛරී ණය වලින් කොටසක් කැපීමෙන්, එය වැඩ කරන ජනතාව මත බර පටවයි. මෙය ආපසු හැරවිය යුතුය. මීට අමතරව, විදේශ ණය ආපසු ගෙවීමේ තීරණාත්මක ගැටලුව යටපත් කොට ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, අත්‍යාවශ්‍ය සහන ලබාදීමට ඉඩක් නැති කරමින්, අවදානම් වාරිකයක් ඇතුළත් ඉහළ පොලී අනුපාතවලට ණය දුන් විදේශ ණය හිමියන්ගේ ණය අඩුවෙන් කපා හැරීමේ ප්‍රථිඵලය උදා වී ඇත. ඇත්ත වශයෙන්ම සමස්ත විදේශ ණයෙහි වෙනසක් ඇති වීමට ඉඩ ඇත්තේ සුළුවෙනි.  එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම විදේශ විනිමය-නම් කරන ලද ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

බ්‍රැඩ් සෙට්සර් ට අනුව, වැඩසටහනේ “ණය තිරසාරත්ව උපකල්පන ණය හිමියන් සඳහා ත්‍යාගශීලී පැත්තේ වන අතර එමඟින් ශ්‍රී ලංකාවට ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් විශාල අවදානමක් ඇති කරයි.” ශ්‍රී ලංකාවට මෙම ණය තිරසාරත්ව විශ්ලේෂණය සම්බන්ධයෙන් නැවත-සාකච්ඡා කළ හැකි කොන්දේසි ගැන කතා කරමින්, ඔහු පැවසුවේ  ප්‍රතිවිපාක ඇති,”වුවත් සහ  “ශ්‍රී ලංකාව තුළ සැබෑ දේශපාලන එකඟතාවයක් අවශ්‍ය වනු ඇති,” වුවත්, “අනාගත ණය තිරසාරත්ව විශ්ලේෂණයක් ආදායමට සාපේක්ෂව පොලී ගෙවීම්  සහ ආදායමට සාපේක්ෂව ණය සේවා” වැනි විචල්‍යයන් ආවරණය කළ යුතුය යන්නයි. (19) වෙනත් වචන වලින් කිවහොත්, ජාමූඅ   ගිවිසුමක් සහ නව ණය තිරසාරත්ව විශ්ලේෂණයක් නැවත සාකච්ඡා කිරීම සඳහා නව ආණ්ඩුව පැත්තෙන් දේශපාලන කැමැත්ත අවශ්‍ය  වේ.

පැහැදිලිවම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පදනම් වී ඇත්තේ 2027 වන විට ශ්‍රී ලංකාව වාණිජ වෙළඳපොළට ප්‍රවේශවීමේ ගැටළු සහගත අවසාන ඉලක්කයක් සහිත දෝෂ සහිත ණය තිරසාරත්ව විශ්ලේෂණය මත පදනම්ව ය. විශේෂඥයින් අනතුරු අඟවන්නේ “ අපේක්ෂිත ඩොලර් බිලියන 1.5ක බැඳුම්කර වෙළෙඳපොළ අරමුදල් ක්‍රියාත්මක නොවන්නේ නම්, වැඩසටහන අවසානයේදී ශ්‍රී ලංකාව විදේශ සංචිතවල සැලකිය යුතු කාන්දුවකට මුහුණ දිය හැකි” බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මූල්‍යකරණය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8%ක් සෑම වසරකම වැය කරන බැවින්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් පසුව පවා රටේ බාහිර ණය ණය හා පොලී ගෙවීම තිරසාර නොවන බව පෙනේ. ඔවුන් සටහන් කරන්නේ, “ මෙම ප්‍රතිව්‍යුහගත කිරීම අංගසම්පූර්ණ  නොවනු ඇතැයි ඉහළ අවදානමක් පවතින අතර, බාගවිට හුදෙක් තවත් ණය පැහැර හැරීමකට  යොමු කරනු ඇති පැසවන ගැටලුවක් රටට ඉතිරි කරනු ඇත” යනුවෙනි. (20) එබැවින් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ණය හිමියන්ට උපරිම ආපසු ගෙවීමට සහ ශ්‍රී ලංකාව ඉහළ පොලී සහිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සමඟ නිස්සාරණ වාණිජ ණය ගැනීමේ මාවතට යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාව එහි අතීත ණයෙන් ගලවා ගැනීමට වඩා අනාගත ණය උගුලකට මග පාදයි.

ෂෆියා රෆයිතු | යතුර්ෂා උලකේන්තිරන් | අහිලන් කදිරගාමර්

ෂෆියා රෆයිතු | යතුර්ෂා උලකේන්තිරන් | අහිලන් කදිරගාමර්

අග සටහන්:

  1. Ministry of Finance, Economic Stabilization and National Policies, “The Quarterly Debt Bulletin 2024”
  2. Tim Jones, Head of Policy, Debt Justice UK: https://x.com/tim_jones6/status/1837120719110496262?s=46&t=W99b2XBEyoMmZAY11Q4QEw
  3. YUKTHI and Institute for Political Economy and Debt Justice (July 2024) “Sri Lanka’s Unfair Debt Restructurings with Bond Holders.”
  4. Brad Setser. (July 2024) “Sri Lanka’s Bond Deal Should Not Set a Precedent.” https://www.cfr.org/blog/sri-lankas-bond-deal-should-not-set-precedent
  5. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ හිටපු මාණ්ඩලික ආර්ථික විද්‍යාඥ සහ විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ සාමාජික
  6. Brad Setser. (July 2024) “Sri Lanka’s Bond Deal Should Not Set a Precedent” https://www.cfr.org/blog/sri-lankas-bond-deal-should-not-set-precedent
  7. Jorgelina Do Rosario and Zijia Song. (September 2024) “Sri Lanka Creditors Win Option to Ditch New York Law in Bonds” https://www.bloomberg.com/news/articles/2024-09-20/sri-lanka-creditors-win-option-to-ditch-new-york-law-in-bonds
  8. ශ්‍රී ලංකාව සමඟ 17 වැනි IMF ගිවිසුම
  9. https://www.elibrary.imf.org/display/book/9781589067929/ch002.xml#:~:text=Debt%20
  10. ණය තිරසාර විශ්ලේෂණය සඳහා අරමුදලේ ප්‍රවේශය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලවල් සඳහා සැලකිය යුතු ප්‍රවේශයක් ඇති වෙළඳපල ප්‍රවේශ රටවල් (MACs) සහ සහනදායී මූල්‍යකරණය හරහා ඔවුන්ගේ බාහිර මූල්‍ය අවශ්‍යතා සපුරාලන අඩු ආදායම්ලාභී රටවල් (LICs) අතර වෙනස දක්වයි. https://www.imf.org/en/Publications/DSA/sovereign-risk-and-debt-sustainability-analysis-for-market-access-countries
  11. Theo Maret and Brad Setser. (September 2023) “Is the IMF setting Sri Lanka up for a second car crash?”  https://www.ft.com/content/34f53d81-3cd9-4105-97e5-4fc40133162f
  12. ශ්‍රී ලංකාව සමඟ 17 වැනි ජාමූඅ ගිවිසුම
  13. Kadirgamar et al. (September 2023) “Frequently asked questions on domestic debt restructuring”
    https://www.ft.lk/opinion/Frequently-asked-questions-on-domestic-debt-restructuring/14-752873
  14. මහාචාර්ය, කොලම්බියා විශ්ව විද්‍යාලය, නිව් යෝර්ක්, ඇමරිකා එක්සත් ජනපදය සහ ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික ඇමති
  15. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලය, ඇම්හර්ස්ට්, ඇමරිකා එක්සත් ජනපදය සහ හිටපු මහාචාර්ය, ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලය, නවදිල්ලිය, ඉන්දියාව
  16. පර්යේෂණ අධ්‍යක්ෂ, ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික ආශ්‍රිතයෝ (IDEAs) සහ හිටපු මහාචාර්ය, ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලය, නවදිල්ලිය, ඉන්දියාවේ.
  17. විධායක අධ්‍යක්ෂ, ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික ආශ්‍රිතයෝ , (IDEAs)
  18. Martin Guzman, Jayati Ghosh, C.P. Chandrasekhar and Charles Abugre. June 2024. “Sri Lanka must renegotiate IMF agreement for sustainable recovery from crisis” https://www.ft.lk/columns/Sri-Lanka-must-renegotiate-IMF-Agreement-for-sustainable-recovery-from-crisis/4-763403
  19. බ්‍රැඩ් සෙට්සර් (සැප්තැම්බර් 2024) ශ්‍රී ලංකා ණය යුක්ති සාමූහිකය විසින් YUKTHI නමින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ වෙබ් අඩවියකදී කතා කළේය; webinar වෙත මෙතැනින් ප්‍රවේශ විය හැක:https://www.youtube.com/watch?v=zFgtwOblz0I&t=2s&ab_channel=YukthiTV
  20. Theo Maret and Brad Setser (September 2023). “Is the IMF setting Sri Lanka up for a second car crash?”  https://www.ft.com/content/34f53d81-3cd9-4105-97e5-4fc40133162f

Leave a Reply