You are currently viewing විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් උප්පරවැට්ටියක් – නීතිඥ සාමූහිකය

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් උප්පරවැට්ටියක් – නීතිඥ සාමූහිකය

එම නිවේදන පහත පළවේ:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එහි නෛතික බලපෑම වනුයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හෝ පාර්ලිමේන්තු කාලය වසර පහකට වැඩි කාලයක් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන පනත් කෙටුම්පතකට  පියවර දෙකක් අවශ්‍ය වීමයි. එනම්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සහ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමයි. මෙම පනත් කෙටුම්පත මගින් වර්තමාන 83(ආ) ව්‍යවස්ථා වගන්තිය සංශෝධනය කිරීමට අපේක්ෂා කරයි. එම වගන්තියට  අනුව ජනමත විචාරණයකින් තොරව ජනාධිපති  ධූර කාල සීමාව හෝ කාල සීමාවක් දීර්ඝ කළ හැකි උපරිම කාලය වසර හයකි. 83 වැනි ව්‍යවස්ථා වගනතිය සංශෝධනය කිරීමට උත්සාහ කරන ඕනෑම පනත් කෙටුම්පතකට තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් අනුමැතිය අවශ්‍ය වන බව ද 83 ව්‍යවස්ථා වගන්තියෙහි සඳහන් වේ. මේ අනුව, යෝජිත පනත් කෙටුම්පතට තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන බව සැකයෙන් තොරව පැහැදිලිය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාලය වසර හයේ සිට පහ දක්වා අඩු විය. ඒ වෙනසට ජනමත විචාරණයක් අවශ්‍ය වුණේ නැත. කෙසේ වෙතත්, දහනව වන සංශෝධනයෙන් වසර හයේ ඉහළ සීමාව එලෙසම ඉතිරි වූයේ 83 ව්‍යවස්ථා වගන්තිය සංශෝධනය කර ධූර කාලය වසර 5කට අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බැවිනි.

යෝජිත සංශෝධනය ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති වික්‍රමසිංහගේ පක්ෂයේ සහ ඔහුගේ හිතවතුන්ගේ ප්‍රකාශයන් සමඟ සම්පාත වෙයි. එකී ප්‍රකාශයන්, කල්දැමූ පළාත් පාලන මැතිවරණය සහ දිගු කලක් ඉකුත් වූ පළාත් සභා මැතිවරණ ඇති මහජන ප්‍රතිචාර අමතක කළද. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ගැන උනන්දුවෙන් බලා සිටින ජනතාවගෙන් කෝපයට පත් ප්‍රතිචාර ඇති කළේය. මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමට ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය තරයේ ප්‍රතික්ෂේප කළේය. එම නඩු විභාගයේදී, දහනව වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ අවස්ථාවේදී අධිකරණය සහ නීතිඥවරයා විසින් අධිකරණයේ පූර්ව විනිශ්චයන් පිළිබඳව සඳහන් කරන ලදී. එනම් ජනාධිපති සිරිසේන ඔහුගේ ධුර කාලය සම්බන්ධයෙන් අධිකරණයේ අදහස් විමසා සිටි අවස්ථාවයි.

ජනාධිපතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ මැතිවරණ කොමිසමේ නියෝගය ජූලි මස අග හෝ අගෝස්තු මස මුලදී බලාපොරොත්තු වේ. මැතිවරණය සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මස මුලදී පැවැත්වීමට ඉඩ ඇත. යෝජිත පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් දින තිහක් ඇතුළත ජනමත විචාරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට නියෝග කළ යුතුය. මේ අනුව නුදුරේදීම සිදුවන සමාන්තර ජාතික මැතිවරණ දෙකක්  රට මත පතිත වනු ඇත. අවුල් ඇති කරනු ඇත. පළාත් පාලන මැතිවරණයට මුදල් නැතැයි රජය කියන නමුත් මෙවැනි ජනමත විචාරණයකට රුපියල් බිලියන කිහිපයක් වැය වනු ඇත.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලවල ඉහළ සීමාව පහත දැමීමේ කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බව නීතීඥ සාමූහිකය අවධාරණය කරයි. යෝජිත සංශෝධනය අනවශ්‍ය ලෙස කරුණු සංකීර්ණ කරමින් මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමේ උත්සාහයක් විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණය ද ඇත්ත වශයෙන්ම  ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙයි.

ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය, බලය බෙදා ගැනීම, මූලික අයිතිවාසිකම් සහ අධිකරණයට අදාළව ව්‍යවස්ථාමය වෙනස්කම්වල අවශ්‍යතාවය පිළිබඳ ශක්තිමත් සාකච්ඡාවක් ඇති වී තිබේ. බිහිවන නව පාලනය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයකට අවතීර්ණ වීමට ඉඩ ඇති අතර, කෙසේ වෙතත්, අර්ථවත් වෙනසක් සඳහා මහජන බලපෑමක් එල්ල වනු ඇත.  එය 2022 මහජන නැගිටීමේ අරගලයේ ඉල්ලීමකි. මෙම වෙනස්කම්වලින් සමහරක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වනු ඇත. එම අදියරෙහි දී ධූර කාල ඉහළ සීමාව නිසැකවම පහත දැමිය හැකිය.

එම යෝජිත පනත් කෙටුම්පත මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමෙ ප්‍රයත්නයක් ලෙස හෙළා දකිමින්  එයට විරුද්ධ වන ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් නීතිඥ සාමූහිකය ඉල්ලා සිටී.

[ප්‍රකාශයේ  සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි]

Leave a Reply