You are currently viewing ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යඥයාට එරෙහිව ඉන්දියාවේ නඩු
World Health Organization Chief Scientist Soumya Swaminathan.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යඥයාට එරෙහිව ඉන්දියාවේ නඩු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්ට එරෙහිව ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට එරට නීතිඥ සංගමය සූදානම් වන බව globalresearch.ca වෙබ් අඩවිය වාර්තා කරයි.

2021_Aug_26_Cases-in-India_4

ඉන්දියානු නීති සංගමය වෙනුවෙන් දීපාලි  ඕජා ගොනු කිරීමට සූදානම් වන මෙම නඩුවෙන් ඉදිරිපත් වන ප්‍රධාන චෝදනාව වන්නේ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ ලෙස කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කිරීමේ දී ඉන්වර්මෙක්ටින් (Invermectin) නම් ඖෂධය තමිල් නාඩුවේ භාවිතා කිරීම වැළැක්වීම ය. මෙම ඖෂධය යොදා ගැනීම නිසා ඉන්දියාවේ දිල්ලිය, උත්තර් ප‍්‍රදේශ්, උත්තරාකාන්ද් සහ ගෝව යන ප්‍රාන්තවල කොවිඩ් 19 රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව පිළිවෙළින් සියයට 93, 97,94, සහ 86 යන අනුපාතවලින් අඩු කර ගත හැකි විය. එහෙත් තමිල් නාඩු ප්‍රාන්ත රාජ්‍යයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නො ලැබුණ නිසා එම ඖෂධය භාවිතා නොකළ අතර මරණ අනුපාතය අනෙක් රාජ්‍ය හා සසඳන විට ඉහළ මට්ටමක පැවතිණ.

World Health Organization Chief Scientist Soumya Swaminathan.

ඉන්දියානු නීති සංගමය පවසන ආකාරයට එම නිර්දේශය ලබා නොදීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය සිදු කර ඇත්තේ මහා මිනිස් ඝාතනයකට සහාය දීමකි. ඉන්දියානු දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 302 වගන්තිය යටතේ ගොනු කර ඇති මෙම චෝදනා ඔප්පු වුවහොත් ඇයට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය හැකිය.

මෙම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට කොරෝනා 19 පාලනයට එන්නත් නිපදවා ඇති මහා ඖෂධ සමාගම්වල බලපෑම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම රෝග තත්වය පාලනය කළ හැකි වෙනත් ඖෂධ වර්ග ඒ සඳහා නිර්දේශ කරන්නේ නැත. එම නිසා පූර්ණ අනුමැතිය නොලත් ඖෂධ වර්ග හදිසි තත්ත්වයන් යටතේ භාවිතා කිරීමට නිකුත් කිරීමෙන් සමාගම්වලට අතිමහත් ලාභයක් උපයා ගැනීමට අවස්ථාවක් සලසා ඇත.

ජර්මනියේ අණුජීවී විද්‍යාඥ වෛද්‍ය සුචරිත් භක්දි සහ ජෝසප් මෙරියෝලා ගේ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වන එම වෙබ් අඩවිය සාර්ස්-කොව් 2 ( SARS-Cov.2 ) එනම් කොවිඩ් 19 වැළැක්වීම සඳහා බහුලව යොදා ගන්නා එන්නත්වලින් ලබා දෙන්නේ සියයට 95ක සාපේක්ෂ අනතුරු අඩු කිරීමක් (Relative risk reduction) පමණි. නිරපේක්ෂ අනතුරු අඩුකිරීමක් ( Absolute risk reduction ) වන්නේ සියයට 1කින් පමණි.

ඔවුන් මෙම සංඛ්‍යා ලේඛන උපුටා ගෙන ඇත්තේ ඖෂධ සමාගම් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර ඇති දත්තවලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය එම එන්නත් නිර්දේශ කිරීමට පදනම වශයෙන් යොදා ගෙන ඇත්තේ නිරපේක්ෂ නොව සාපේක්ෂ අනතුරු අඩු කිරීමේ ප‍්‍රතිශතය පමණි. 

එමෙන්ම මෙම එන්නත් නිසා මිනිස් සිරුර තුළ ප‍්‍රතිදේහ යැපුම් විපුලනය ( Antibody dependent enhancement. ADE ) තත්වයක් ඇතිවිම නිසා රෝගවලට ගොදුරු වීමේ අනතුර ද ඉහළ යන බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Print Friendly, PDF & Email

Leave a Reply