You are currently viewing වත්මන් ක්‍රිකට්..

වත්මන් ක්‍රිකට්..

13 වෙනි ක්‍රිකට් ලෝක කුසලානය (2023) මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙමින් තිබේ. මේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් උසස් තත්වය (ranking) පරීක්‍ෂා කර බලා සහභාගිත්වය පෙළ ගස්වා තිබෙන්නේ ය. එවිට කණ්ඩායම් දහයේ ප්‍රබලත්වයේ සිට දුර්වලත්වය ප්‍රදර්ශනය කර තිබුණත් පැවැත්වෙන ක්‍රිකට් තරඟ එම උසස් තත්වය අදාල නොමැති බව පෙන්නුම් කරන ප්‍රධාන ලක්‍ෂණක් බවට පත් වී අවසන් ය. පවත්වන තරඟයක ජය-පැරදුම තීන්දු වන්නේ දක්‍ෂතාවය මත හෝ තරඟකාරීත්වය මත හෝ නොව බාහිර සාධක මත බව ප්‍රේක්‍ෂකයන්ගේ මතය වී තිබේ. එවිට ක්‍රිකට් තරඟයක් සඳහා නැරඹීමේ ප්‍රේක්‍ෂක අවධානය හීන වෙමින් පවතී. ක්‍රිකට් තරඟයක තිබුණ තරඟකාරීත්වය අවසන් වී කණ්ඩායමේ දක්‍ෂතාවය වැඩකට නොමැති දෙයක් බවට පත් වී ජයග්‍රහණය ලබන කණ්ඩායමේ සුදුසුකම බාහිර සාධක අධ්‍යනය මත පදනම් වී තරඟයේ ජය පැරදුම කාසියේ වාසිය මත තීන්දු වන සාධකයක් මත ඉස්මතු වීමට පටන්ගෙන තිබේ. ක්‍රිකට් තරඟයෙන් තරඟයට විශාල ජයග්‍රහණ මෙන්ම අති විශාල පරාජයන් ද කණ්ඩායම් අතර දැක ගත හැක්කේ මේ නිසා ය.

වත්මනේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයක් තරඟයකාරීත්වයකින් තොරව ජයග්‍රහණය තහවුරු කිරීමේ හැකියාව කලක සිට වර්ධනය කර ගත් කණ්ඩායම් බිහි වී තිබේ. එහිදී විශ්මිත තරඟ රටාවක් ක්‍රිකට් කීඩාවට ඇතුළු වී ඇති බව තරඟයක ලබා ගන්නා ලකුණු ප්‍රමාණයෙන් පැහැදිලිව පෙනෙන්නේ ය. එක් දිනකදී එක් කණ්ඩායමක් ලකුණු 350ට වඩා ලබා ගෙන එම තරඟය ජය තහවුරු කර ගන්නා අතර, ඊලග තරඟයේදී ලකුණු 150ට ආසන්න ප්‍රමාණයකින් දැවී යාම නිසා තරඟය පරාජය වීම ප්‍රේක්ෂකයන්ගේ විමතියට හේතු වී තිබේ. එවිට ප්‍රේක්ෂකයාට තරඟයක් නැරඹීමෙන් තරඟකාරීබව නොමැති වීම නිසා ලබන ආස්වාදය හා තෘප්තිය හීන වී ගොස් තිබෙන බව පෙනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තිබූ ප්‍රේක්‍ෂක උනන්දුව අඩුවීම නිසා ය.   

දක්‍ෂ ක්‍රිකට් කණ්ඩායම්වල දක්‍ෂතා පසෙකට විසි කර තරගාවලිය පවත්වන රටේ කණ්ඩායම ජයග්‍රහණයට විශේෂ දක්‍ෂතාවය මත පදනම් වූ හේතුක් නොමැත. තරඟයක් ජයගන්නට අවශ්‍ය වී තිබෙන්නේ කාසිය වාසිය පමණි. කාසිය වාසිය දිනූ කණ්ඩායම තම කණ්ඩායම ජයග්‍රහණය මෙහෙයවන්නේ කණ්ඩායමේ පවතින දක්‍ෂතා අනුව නොව ක්‍රීඩා පිටියේ (පිට්ටනිය) ඇති ස්වාභාවික හේතු තම කණ්ඩායමේ ජයග්‍රහණයට පාදක කර ගනිමින් සකස් කරන සැලැසුම් අනුව ය.

එවිට කාසියේ වාසිය දිනූ කණ්ඩායම පන්දු යැවීම තීරණ කරයි නම් තණනිල්ල හැසිරෙන්නේ පන්දුවට පහර දෙන්නන්ට අවසි දායක ලෙස ය. එවිට පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමට තණනිල්ලේ ස්වභාවික හැසිරීම ප්‍රයෝජනයට ගනී. කාසිය වාසිය ලැබුණු පසු පන්දුවට පහර දීමට තීරණය කරයි නම් එම තණනිල්ල විශාල ලකුණු සංඛ්‍යාවක් වන 350 වඩා රැස් කිරීමට හැකි තණනිල්ලකි. මන්ද ලකුණු 350-450 අතර පළමුව ලබා ගන්නා තරඟයක් ජය ගන්නට තවමත් කිසිම ක්‍රිකට් කණ්ඩායම්ක් සමත් වී නොමැත. එසේත් නොමැති නම් පළමු ඉනිමට පසුව ඇරඹෙන දෙවනි ඉනිමේදී තණනිල්ලේ ඇතිව වෙනස් වීම ප්‍රයෝජනයට ගෙන දෙවනවර පන්දුවට පහරදෙන්නට ස්ථාවරයක් ගොඩනගා ගැනීමට නොහැකි ලකුණු පුවරුවක් සාදා එය තණනිල්ලේ වෙනස්වීමෙන් ආරක්‍ෂා කර ගැනීමට සැලසුම් සකස් කර ජයග්‍රහණය ලබා ගනියි.  

මේ ක්‍රියාවලියට තණනිලි සකස් කරන සේවකයන් ද දෙන්නේ උපරිම සහයෝගයක් ය. දැන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තරඟයක් නොමැත. එවිට තණනිල්ලේ ස්වභාවය හොඳින් හඳුනා ගන්නා කණ්ඩායමට අවශ්‍ය කාසියේ වාසිය ජයග්‍රහණය පමණි. නැතිනම් තම රටේ කණ්ඩායමට තණනිල්ල සකස් කරන සේවකයන් ලබා දෙන සේවාව නිසා අනෙක් කණ්ඩායම්වලට එම කණ්ඩායම පරාජය කරන්නට හැකියාවක් වර්ධනය කර ගත නොහැකි වන ලෙස තණනිල්ල සකස් කර දෙයි. එවිට තරඟාවලිය ජය ගන්නේ තම රටේ කණ්ඩායම නිසා ලෝක කුසලානය හිමි වන්නේ පවත්වන රටට බව ස්ථිර වී තිනේනේ ය. එම කණ්ඩායම ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ විධිහ ගැන සිතීම ඵලක් නොමැති සිතුවිල්ලකි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ පැවති ජීව ගුණය වත්මණ වන විට අවසන් වී තිබේ. දැන් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් කීඩාවෙන් ඉවත් වන්නේ කිසිම ජීව ගුණයක් ක්‍රිකට් තරඟයක් නැරඹු විට නොලැබෙන නිසා සහ ජයග්‍රහණය ක්‍රීඩාශීලීත්ව මත පදනම් නොවන නිසා ය.

Print Friendly, PDF & Email

Leave a Reply