You are currently viewing බංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය..

බංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය..

ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් ක්‍රිකට් සහ බංගලාදේශ කණ්ඩායමත් සමග ඇතිකරගත් ක්‍රිකට් එදිරිවාදිකමෙන් වලින් එහා වැඩි යමක් බංගලාදේශය ගැන නොදන්නවා විය හැක. නමුත් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම සහ එහි ඉදිරි සාර්ව ආර්ථික වැඩපිළිවෙලට වැඩි බලපෑමක් කළ රාජ්‍යයන් අතුරින් බංගලාදේශය ප්‍රධාන වේ (ක්‍රිකට් කතා වල යටි පෙළ තුලත් මේ ‘ආර්ථිකමය ණයගැතිභාවය’ දිව ගියේය).

පළමුවෙන්ම 2021 මැයි මාසයේ ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් වර්ෂයක කාලයක් සදහා ණයට ගත් අතර එය නියමිත කාලයට ගෙවීමට නොහැකි වන්නේ මුල්‍ය අර්බුදය තවත් නරක අතට හරිම හේතුවෙනි. සම්පුර්ණ ණය ආපසු ගෙවීමට හැකි වන්නේ 2023 අගෝස්තු මාසයේදී පමණ ය. අපනයන ආර්ථිකයක් බවට පත්වෙමින් පවතින බංගලාදේශයේ ඩොලර් බිලියන 20 ඉක්මවා ගිය විදේශ තැන්පතු පිළිබදව වර්ණනාත්මකව කතා කිරීම ආරම්භ වන්නේ එතැන් සිටයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ප්‍රතිකාර්මිකර්ණ ක්‍රියාවලිය සහ නිශ්විත වශයෙන් ආර්ථික අර්බුදය තුල කර්මාන්ත ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් බංගලාදේශයේ ස්ථානගතවිමත් මේ විග්‍රහය තුල ගැබුරින්ම සටහන් වූ කරුණු විය.

දෙවැනි කරුණ නම් ආර්ථික පරිවර්තන පනත බංගලාදේශ නව ආයෝජන ප්‍රවර්ධන කලාප වන Invest Bangladesh වැනි ආදර්ශයක් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ඉලක්ක සපුරා ගත හැකිය යන අදහස ඉදිරිපත් කිරීමයි. සාම්ප්‍රදායික ආර්ථික විශ්ලේශකයන්, රනිල් වික්‍රමසිංහගේ විකුනුම්වාදය තමන්ගේ දහම කරගත් ආර්ථික විද්යාඥයාන් මෙන්ම නවලිබරල් නිදහස් වෙළදපලවාදය තම ආත්මය කරගත් බුද්ධිමණ්ඩප මේ අදහස පෝෂණය කළහ.

බංගලාදේශයේ විදේශ විනිමය අතිරික්තය සහ Invest Bangladesh සිහිනය තුළ සිරවෙන විට අපට අවම තරමේ මුලධාර්මික කරුණු දෙකක් අමතක වී ඇති බව තේරුම් ගත යුතුව ඇත.

පළමු කරුණ නම් මේ ආර්ථික අතිරික්තය නිර්මාණය කරන ලද්දේ කුමන පන්තියක්, කවර නිෂ්පාදන සහ සමාජ කොන්දේසි මතද යන්නයි? පළමු ප්‍රශ්නයේම ගැඹුරු වාස්තවිකත්වයක් අවදි කරන දෙවැනි කරුණ නම්, මේසා ‘විශාල’ අතිරික්තයක් සහ ගතික ආයෝජන ආර්ථිකයක් නිර්මාණය කළ රාජ්‍යයේ ස්වභාවය කුමක්ද? යන්නයි.

මේ ප්‍රශ්න දෙකටම ලිබරල් අවස්ථාවාදී අන්ධභාවයෙන් තොරව අවතීර්ණ වීමේ විවරයක් ඉතිහාසය විසින් අපට පසුගිය දින කිහිපයේදී විවර කර දී තිබේ.

ඒ බංගලාදේශයේ සිවිල් සේවාව සදහා පවතින කෝටා ක්‍රමය සුදුසුකම් මත පදනම් වූ ක්‍රමයක් බවට පත් කරන ලෙස කෙරෙන ශිෂ්‍ය උද්ඝෝෂණ වලට බංගලාදේශ මර්දක රාජ්‍යය විසින් දක්වන ලද චිරශ්චීන ප්‍රතිචාරය හරහාය. අවම තරමේ බංගලාදේශ ධනපති රාජ්‍යයේ සහ එහි දේශපාලන සහචරවාදයේ මෙම ප්‍රතික්‍රියාව අපට කරුණු කිහිපයක් පැහැදිලි කරයි.

  1. දකුණු ආසියාවේ නැගෙන ආර්ථික බලවතෙකු වීමේ ආර්ථික ක්‍රියාවලිය විසින් යටපත් කර ඇති සත්‍ය, එදිනෙදා අරගල සුවිශාල ප්‍රමාණයක් ක්‍රමානුකුලව ඉස්මත්තට පැමිණෙමින් තිබේ. පන්ති අරගලයේ අර්ථයෙන් මෙන්ම වර්ධනය වෙමින් පවතින සමස්ත ජාතික ආර්ථිකයේ අතිරික්තයේ වරප්‍රසාදිත කොටස දිනා ගැනීමේ සටන්ද මේ තුල වර්ධනය වෙමින් පවතී. ප්‍රභූ, ජනවාර්ගික මෙන්ම ආගමික අර්ථයෙන් සටන් සංවිධානය වුවත් ඒ තුල ප්‍රග්ධනයේ මෙට්‍රික්සය (the matrix of capital) ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දැකිය හැක.
  2. ලිබරල් නිදහස විසින් වර්ණනා කරන විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා ආර්ථික නිර්මාණය කිරීමේදී සමාජ අයිතිවාසිකම් සහ පුද්ගල නිදහස සනාථ කරනවා වෙනුවට ධනේශ්වර රාජ්‍යය තව දුරටත් සමාජ අයිතිවාසිකම් කප්පාදු කරන, පුද්ගල නිදහස එක නිශ්චිත පන්තිමය සහචරවාදයකට පමණක් ලැබිය යුත්තක් වශයෙන් සංස්ථාපනය කර ඇත. Summit Group හි Muhammed Aziz Khan ගේ ධනය 2024 පමණක් 10% කින් ඉහල යන අතර සමස්ත විරැකියාව මිලියන 4 ක් දක්වා වර්ධනය් වෙමින් පවතී. ලිබරල් නිදහස විසින් තව දුරටත් අතිරික්ත නිර්මාණය, එහි සංකේන්ද්‍රණය/ අයිතිය සහ එය කළමනාකරණය කිරීමේ අයිතිය අතර අසමානතාවය වර්ධනය කරමින් ඇත. අපනයන අභිමුඛ කාර්මීකරණය වෙත වැටී ඇති බංගලාදේශ මාවත යනු වෙනත් කිසිවක් නොව සුරාකෑමේ, මර්දනයේ, අසන්තකරණයේ සහ පරත්වාරෝපනයේ මාවතයි.
  3. රාජ්‍ය එයට හිතවත් සහචර ප්‍රභුවාදයක් පවත්වාගෙන යනවා පමණක් නොව එය හරහා ජනතාව අතුරින්ම මැරකල්ලි නිර්මාණය කර ඇත. පන්තියට විරුද්ධව පන්තිය උසිගැන්වීම මේ වර්ගයේ වර්ගවාදී, ආගමිකවාදී මෙන්ම කුලවාදී අග්‍රයන් හැසිරවීම හරහා පාලනය කළ හැකි රාජ්‍යයන් වල සුවිශේෂී ලක්ෂණයකි. එය පසුගාමී ධනේශ්වර රාජ්‍යයන් තුල මෙන්ම ඇමරිකාව වැනි දියුණු ධනේශ්වර රාජ්‍යයක මූලයන් තුළ ගැඹුරින් නිදන්ගතව පවතින ලක්ෂණයකි.

මෙය කලාපිය වශයෙන් වැදගත් දේශපාලන මොහොතක් කරගැනීමේ වගකීම ශ්‍රීලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට සහ වෙනත් පන්ති අරගලය විශ්වාස කරන දේශපාලන ව්‍යාපාර සහ පක්ෂ වලට ඇත. ඒ ඉතා ඉක්මනින් දකුණු ආසියාතික ශිෂ්‍ය/ පන්ති සහයෝගිතාවක් ගොඩනැගීම හරහාය. එහි ලිහිල් සම්බන්ධතා අපට දැනටමත් දැකිය හැකි වුවත් එය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කිරීමේ වගකීමෙන් අපට මිදිය නොහැක.

මක් නිසාද යත්, අප කැමති වුවත් නැතත්;

Leave a Reply