You are currently viewing උඩරට කදුකර සිරියා පරදන..

උඩරට කදුකර සිරියා පරදන..

දැන් අප ඉන්නේ 2023 ය. බොහෝ පිරිස් මෙී වන විට ‘වසර දෙසීය’ (සැ)මැරීමටත්, සමරා මැරීමටත් මරා සැමරීමටත් උත්සුක ව ඇත. ඒ වසර දෙසීයට නිමිත්ත වී ඇත්තේ  අප සිරි ලංකාවෙි මෙතෙක් උන්නද මලාද කියා හාංකවිසියක් නොදැන සිටි ප්‍රජාවක් සම්බන්ධ ඓතිහාසික සිදුවීමි මාලාවක ප‍්‍රාරමිභයය. මෙම සංසිද්ධිය නමි ‘ඉන්දීය සම්භවයක් සහිත දෙමළ’ ලෙස හඳුන්වන  ජනතාව මෙරටට ගෙන ඒ මේ සිද්ධි දාමයය.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙින්තුව මෙම ජන කොටස හඳුන්වා දෙන්නේ ‘ඉන්දීය දෙමළ’ ලෙස ය. මෙම ජන කොටස තමන්ව හඳුන්වාගන්නේ ‘මලයහ මක්කල්’ ලෙසය. එහි තේරුම කඳුකර ජනතාව ලෙස ය. කෙසේ වෙතත් මෙම ජන කොටසට 2023 මෙම වර්ෂය වැදගත් වන්නේ ඔවුන් මෙම රටට ගෙන්වාගෙන වසර 200 ක් සපිරෙන නිසාවෙනි.

ලාංකික බොහෝ අය දන්නේ ලෝක ප්‍රසිද්ධ ‘සිලෝන් ටී’ සන්නාමයේ උද්දච්ච ගරු බුහුමන හා උඩරට කඳුකර කෝච්චියෙන් යන විට දකින ‘මනහර’ තේ වතුයාය හා උඩරට කඳුකර සිරියාව ද පරදන රතැඟිලි දිගු කොට මදහස නංවන තේ දලු නෙළන රූ බර මුහුණු ය.

ඒ අප ඉතිහාසය කියවා ඇති හැටිය !

19 වන සියවසේ අග භාගයේ වතු කම්කරුවන්

වාර්තාවන් අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට වතු වගාව සඳහා සංවිධානාත්මක ලෙස කණ්ඩායමි ලෙස මෙම ජන කොටස පළමුවෙන්ම ගෙන්වා ඇත්තේ 1823 වසරේ දී ය. ඒ කෝපි වගාව සඳහා ය. කෝපි වගාවට දිගටම පවතින විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය නොවීය. කෝපි පැල සිටුවීමටත් අස්වනු නෙළීමටත්  විශාල පිරිසක් අවශ්‍ය වූ අතර කෝපි පැල බලා කියා ගැනීමට එතරමි පිරිසක් අවශ්‍ය නොවීය. කෝපි වගාව දිලීර රෝගයක් නිසා විනාශ වී ගිය අතර ඉන් පසුව ඇති කළ සිංකෝනා වගාවද අසාර්ථක වූ පසු නිත්‍ය වශයෙන් ම තේ වගාව ආරම්භ වූයේ 1870 කාලයේදීය. එය ආරම්භ වුයේ දෙල් තොට ලූල්කදුර වතූයායේය. තේ වගාව ආරම්භ වී එය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත වූ පසු එයට විශාල නේවාසික ශ්‍රම බලකායක් අවශ්‍ය විය.

මෙයට වසර 200 කට පෙර මෙරටට ගෙන්වාගත් මලයහ මක්කල් හෙවත් වතූකරයේ දෙමළ ජනතාවගේ අතිශය ඛෙිදජනක කථාව මෙතැන් සිට දිග හැරේ. මොවුන් ඉන්දියාවෙි සිට ලංකාවට ගෙන්වා ගත්තේම අතිශය රැවටිලිකාර කථා කියමින් ය. එකළ ඉන්දියාවෙි සාගත තත්වයක් තිබූ නිසාත් දෙරටම එකම අධිරාජ්‍යයක යටත් විජිත වූ නිසාත් ලක්ෂ ගණන් මෙම ඉන්දීය ජනකොටස ගෙන්වා ගැනීමට බාධාවක් නොවීය. එම ගමන අතිශය පීඩාකාරී එකක් වූ බව වාර්තාවන් පෙන්වා දී ඇත. ඉතා වැඩි මගින් කොටසක් පටවා ගෙන කිසිදු පහසුකමක් නොමැති බෝටිටු වල නැගි ගමනාන්තයක නො දැන තලෙමන්නාරමට පැමිණි ඇත. මෙම ඊනියා බෝටිටු සේවය මගින් පටවා ගෙන ආ පිරිස්වලින් මෙම බෝට්ටු ගිලී අතුරුදහන් වූවන් හට වූ දෙයක් අද වන තෙක් කවුරුත් දන්නේ නැත. 1847 දී මදුරාසි ආණ්ඩුව මෙම ජනතාව ගෙන එන බෝටිටුවල පැටවිය හැකි ප්‍රමාණය පිලිබඳව යම් රෙගූලාසි පනවා ඇත. 1856 දී ‘ද සිලේන් කූලී ට‍්‍රාන්ස්පෝට් ඇන්ඩි ස්ටීමි නැවිගේෂන් කොමිපැනි’ නමි සමාගමක් පිහිටුවා මෙම ‘කුලීකරුවන්’ ප්‍රවාහනය කර ඇත. කෝපි වගාව ප්‍රධාන වගාවක් ව තිබූ කාලයේ තේ වලට මෙන් නේවාසික ශ්‍රමයක් අවශ්‍ය නොවූයෙන් 1857 දී යළිත් ඉන්දියාවට යැවූ 150 දෙනෙකූ සහිත බෝටිටුවක 100 ට අධික පිරිසක් මිය ගොස් ඇත. මෙසේ ලංකාවට ගෙනවිත් ගොඩබෑ පිරිස් එහි සිට මධ්‍යයම කඳුකරය දක්වා පා ගමනින් මහා ඝන කැලෑ මැදින් දිවා රෑ නො තකා ගමන් කර ඇත. මෙම ගමන අතරතුර උණ රෝගයෙන් හා පාචනය නිසා වෙහෙසට හා දැඩි අසනීප තත්වයන්ට පත්වූ බොහෝ පිරිස් මෙම මහා ඝන කැලෑ තුළ අත්හැර දමා එ්ම එකළ විමතියට කාරණයක් නොවු අතර එම අතරමං වූ පිරිසට සිදුවූ දේ අද වන තෙක් දන්නේ නැත.  තලෙයි මන්නාරමෙි සිට මහනුවර දක්වා කැලෑ බද ප්‍රදේශ හරහා සති දෙකක පමණ කාලයක් පයින් ඇවිද ගිය මෙම පිරිස් වලට මහනුවර සිට නාවලපිටියට යෑමට දින 03 ක් ගතවී ඇත. සමහරු ඇවිදගෙන ගොස් ඇත්තේ සැතැප්ම 70 වූ තලෙයි මන්නාරමෙි සිට පුත්තලම දක්වා වූ එමර්සන් ටෙනන්ටි නමි යටත්විජිත ලේකමිවරයාම සදහන් කරන පරිදි ලංකාවෙි තිබූ ඉතාම අබලන් පාරක් නොවූ පාරකිනි. එතැන් සිට කුරුණෑගල මහනුවර හරහා ඉතා අධික ශිත දේශගුණයක් සහිත මධ්‍යම කඳුකරයට පා ගමනින්ම පැමිණ ඇත. ඉතාම උෂ්ණාධික දකූණු ඉන්දියාවේ සිට ඉතාම ශීත දේශගුණයක් සහිත කඳුකරයේ නාවලපිටිය හැටන් නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල ආදි ස්ථාන වල රංචු පිටින් අඩි දහය දහයේ ලයින් කාමර වල ගාල් කරවා ඇත.  එ්වා කිසිදු මනුෂ්‍ය වාසයකට සුදුසු නොවු අතර ඛෙිදවාචකය වන්නේ අද වන තෙක් එම අශ්ලීල ලයින් කාමර පවත්වා ගෙන යෑමය. මදුරාසියේ සනීපාරක්ෂ කොමසාරිස් වෛද්‍ය කෝරනිෂ් වාර්තා කර ඇතිතේ මෙම ප්‍රජාවට ලංකාවෙිදි ඔවුන් කැමති හා ඔවුනට හුරු පුරුදු කිසිදු කෑමක රස බලන්නට හෝ අවස්ථාවක් නොවූ බවය. ඔවනුගේ ආහාරය බත් නොවෙි. එය විවිධ ධන්‍යයම පිටි වලින් සකසාගත් ආහාරය. එයම මානව ඛෙිදවාචකයක් නොවෙීද ?

වතු කම්කරුවන්-1890 ගණන් වල ගන්නා ලද ඡායාරූපයකි.

මෙම ජන කොටස තේ වගාව සදහා මහා ගණ වනාන්තර සුද්දන්ගේ අණ පරිදි අද අප දකින සුමට තේ වතු බවට පත්කර ඇත්තේ කිසිදු යන්ත්‍රයක පිහිටෙන් නොව සිය දෑත් වලිනි. මෙම කටයුතු වලට අමතරව කඳුකරයේ ඉතාම දුෂ්කර කලාපයක් ඔස්සේ ඉදි කළ දුම්රිය මාර්ග ඉදිකිරීම සදහා මෙම ජන කොටස ජීවිත පරිත්‍යාගයෙන් පවා ක්‍රියා කළ බව දන්නේ ඉතාම සුලු පිරිසකි. ඔවුන් ඉංග‍්‍රීසින්ගේ පාලනය යටතේ වැඩ කළ ආකාරය පිළිබඳ ඉගියක් 1854 දී ‘ෆොරස්ටි ලයිෆ් ඉන් සිලෝන්’ ලියූ විලියමි කින්ග්ටන් ලබා දේ. ඔහුට අනුව මරා දැමීමෙන් මෙහාට ඔනෑම දෙයක් මෙම ප්‍රජාව මගින් කරවා ගැනීමෙි ලයිසමක් වතූ පාලකයින්ට ලැබී තිබේ. වෛද්‍ය කොග්හිල්ට අනුව යම් කුලීකරුවෙක් අසනිප වුවහොත් මොවුන් බාරව කටයුතුකල කංකානි කරන්නේ මොවුන්ව ලැයිමිකාමරයකට ‍ගෙනගොස් අතහරින බවය. එහිදි කිසිදු පිළිසරණ නොලබා හාමතේ මිය ගොස් සිටි බව පසුව සොය ගනු ලබනු බවය. 1878 දී මෙසේ සාගින්නනේ අසාධ්‍යව සිටි මහනුවර රෝහල ආසන්න වතුවල සේවය කළ 1306 දෙනෙකූගෙන් 662 මිය ගිය බව මහනුවර රෝහලේ වෛද්‍ය ඩයස් වාර්තාකර ඇත. මොවුන් සියලු දෙනා වයස 20 හා 40 අතර ජීවතයක හිරිමල් වියේ සිටියවුන් බවට ඔහු වැඩිදුරටත් වාර්තා කර ඇත. 1922 දී බ්‍රිතාන්‍ය යටත්විජිත කාර්යාලයේ සංකමණිකයන් පිලිබද කැමිබෙල් නිකූත්කළ වාර්තාවක සදහන් වූයේ 1880 දී මඟ දෙපස 316 දෙදෙනෙකූ මිය ගොස් සිට හමුවූ බවත් බොහෝ දෙනෙකූගේ සිරුරු කුණු වී විනාශ වී තිබූ බැවින් මරණයට හේතුව හෝ සොයා ගැනීමට නොහැකි වූ බවය. බ්‍රිතාන්‍ය ජන කොටස් වලින් පැමිණි  යමි පීඩනයන් නිසා යටත් විජිත කාර්යාලය මෙම 1880 දීම යම් වෛද්‍යමය රෙගූලාසි පැණවීමට උත්සාහ කළඳ වතූ අධිකාරිවරුන් එයට දැඩිව විරුද්ධත්වය දැක්වූ බවය. 1880 දෙසැම්බර් මස ද පැවැත්වූ සාකචිඡාවකදී වතු පාලකයන් කියා ඇත්තේ ඉන්දීය කම්කරුවන්  නොගෙන එන්නේ නමි ලංකාව නාවික හා යුද්ධමය මධ්‍යස්ථානයක් ලෙස බ්‍රිතාන්‍යයන්ට පවත්වාගෙන යා හැකි බවය.

කෙසේ වෙතත් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ තමන්ගේ හා තම පවුල්වල තෝරා ගැනීමක් නොවන ආගන්තුක ප්‍රදේශයක පදිංචිව තම බස කථා නොකරන ජනතාවකගෙන් වටවු දේශගුණික, භූගෝලීය, සංස්කෘතික, භාෂාමය ,ආගමික හා සියලු තත්වයන්ගෙන් මිතුරු නොවු තත්වයකය ඔවුනට ජීවත් වීමට සිදුවූයේ, මෑතකදී පවා ඇතිවූ ඊනියා ජනවාර්ගික අරගල වල අහිංසක වින්දිතයන් වූයේ මොවුන්ය.

ලංකා තේ සහ ඉන්දියාවේ තේ සඳහා 1896 පළවූ මුද්‍රිත දැන්වීමක්.

සුදු අධිරාජ්‍යවාදීන් කෙසේ වෙතත් ඔවුන්ගේ ම ප්‍රතිලාභය ගැන සලකා හෝ මෙම වතු ප්‍රජාව මෙරට පුරවැසියන් ලෙස සලකා ක්‍රියා කළ බව පෙනේ. 1931 දී ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හරහා ලැබූණු සර්ව ජන ඡන්ද බලය මොවුන්ටද හිමි කරදීම නිසාය. මෙම කාලයේ මෙම අතිශය දුෂ්කර හා ඛෙිදජනක ජීවිතයක් ගතකළ මෙම ප‍්‍රජාව සමග ලංකා සමසමාජ පක්ෂය දේශපාලන කටයුතු ආරමිභ කර තිබුණි. මේ නිසාම 1931 සිට 1947 දක්වා පැවති මැතිවරණ වලින් මෙම පළාත් වල සමසමාජ අනුග්‍රහය ලද වාම ගාමි දෙමළ මන්ත්‍රීවරු වැඩි පිරිසක් තේරි පත්ව ඇත.

1948 වන විට මෙරට මෙම ‘ඉන්දීය සම්භවයක් සහිත දෙමළ’ ජනගහණය 780,589 ක් ලෙස සටහන්ව තිබුණි. එහෙත් නිදහස ලැබූ 1948 වසරෙ දීම පුරවැසි පනත මගින් මෙම ජනතාවගේ පුරවැසි කම අහිමි කොට එම වසරෙ දීම ගෙන ආ පනත මගින් ඡන්ද අයිතියද අහිමි කර දැමීමට ඩී එස් සේනානායක ප්‍රමුඛ එජාප ආණ්ඩුව කටයුතු කළේ මෙම වාම ගාමි බලවේගය අනාගත තර්ජනයක් වෙී යැයි කල්පනා කළ බෑවිනි. මෙි මගින් ලක්ෂ අටක පමණ ජනගහණයක්   අසාධාරණයට පත්ව එක් රැයකින් ‘රටක් නොමැති ජනතාවක්’ බවට පත්විය. එකළ ලෝකයේ සිටියේ එවන් ජන කොටස දෙකක් පමණි. පලස්තීන ජනතාව හා අපගේ වතූකරේ දෙමළ ජනතාව පමණි. පලස්තීන ජනතාවගේ අයිතිවාසිකමි ගැන කෑ මොර ගහමින් ඔවුනට සාධාරණ ලබා දෙන ලෙස ඉල්ලා සිටි මෙරට ඊනියා වාම හා ප්‍රගතිශීලි ජන කොටස් තම ප්‍රදේශ වලම ජීවත් ව මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදී රටෙි බහුතර ජනතාවට සුබසාධන කටයුතු කර දීමටත් මෙරට සකල විධ සංවර්ධන වැඩ කටයුතු වලට මුදල් හදල් ලබාදුන් මෙම ප‍්‍රජාව එක් රැයකින් රටක් නොමැත්තන් බවට පත් කරද්දී හා තවම සිටින්නේ නොඇසු කන්වලාය. පොටිට වෙලාය.

1964 ඔක්තෝම්බර් මාසයේදී සිරිමා බණ්ඩාරනායක හා ඉන්දීය අගමැති ලාල් බහදුරි ශාස්ත‍්‍රී එක්ව සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කරන ලදි..

මෙම ප‍්‍රශ්ණය විසදීමට සිරිමා බණ්ඩාරනායක හා ඉන්දීය අගමැති ලාල් බහදුරි ශාස්ත‍්‍රී එක්ව සිරිමා ශාස්ත‍්‍රී ගිවිසුමක් ඇති කර ගත්තේ කිසිදු පාර්ශවයක් නො විමසා අංක ගණිතමය අභ්‍යාසයක් ලෙසිනි. ඒ වන විට මෙම ප‍්‍රජාවට අයත් 975,000 ක් සිටියහ. මෙම ප්‍රමාණයෙන් 525,000 ක කොටසක ඉන්දියාවට බාර ගැනීමටත්, 300,000 ක් ලංකාවෙි රදවා ගැනීමටත් ඉතිරි 150, 000 පසුව සලකා බැලීමටත් එකඟ වූහ, මෙම ගිවිසුම අත්සන් කොට ‘තොපි ඉන්දියාවට යා යුතූ යැයි කියනතාක් කල්’ ඒ පිලිබදව හාංකවිසියක් මෙම ප්‍රජාව දැන සිටියේ නැත. සමහර පවුල් වල අමිමා තාත්තා ඉන්දියාවටය විවාහක දරුවන් ලංකාවටය. මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සියවසක් පමණ ලංකාවට කඹුරා අත්‍යවශ්‍ය විදේශ විනිමය යහමින් ලබා දී සිලෝන ටී සන්නාමය ලෝකයේ ඉහළින් ම තැබූ මොවුනට නැවතත් ගමනාන්තයක් නොදත් ගමනක යෙදෙන්න සිදුවිය. ලංකාවෙිදි අඩු ලංසුවකින් ‘ඉන්දීය දෙමළ’ නාමය ලබා ගත් මෙම පිරිස ඉන්දියාවෙි දී හැදින්වූයේ අඩු ලංසු ඉන්දීය නොවන ‘ලංකා දෙමළ’ යන නාමයෙනි. මෙම ලක්ෂ සංඛ්‍යා ජනකායක් පිටමං කිරිම එම සිය වසේ ලෝකයේ සිදු වූ විශාලතම පිටමං කිරිමක් විය. එහෙත් මෙි ඛේදජනකාත්මක පිටමං කිරීම ලක් වැසියන්ට දැනුනේ නැත. 1948 ඡන්ද බලය අහිමි වීම නිසා මොවුන්ව අත හැර දැමූ සමසමාජයට හෝ මෙය දැනුණේ නැත. තලෙයි මන්නාරමෙන් 1820 ගණන් වල සිට මෙරටට පැමිණ යලිත් තලෙයි මන්නාරමෙන් හිස් අතින් පිටවී යන මෙම මහා ජන ගංගාව ගැන මොකෙක්වත් කවියක් කෙටි කථාවක් හෝ ටෙලියක් හැදුවෙි නැත. පරමිපරා ගණනක් මෙහි වාල් වැඩ කළ මෙම පිරිසට රැගෙන යෑමට තිබුනේ ට‍්‍රන්ක පෙටිටියක අසුරා ගත් දේපලයක්ය. එක් මහලු මනුස්සයෙක් ගොනි පඩංගූවක ඔතා ගෙන කට භාගයක්ම ගෙවී ගිය ලී වංගෙඩි කබලක් හිස දරාගෙන යන ජායාරූපයක් දැක මම සලිත වීමී. මෙසේ යළි නොඑන්න බොහෝ අය නංවා ගත් තලෙයි මන්නාරම දක්වා දිවෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වන විට එම ජනතාව නැංවූ විලාප හඬින් හැටන් නගරයම ගිගූමි දුන් බව එකල සතියකට දෙවරක් අත්දකින්න තිබූ ඛෙිදවාචකයකි. බොහෝ අය කූඩා මැටි කලයක සුදු කඩපිමිමක් බැද ගෙන ගිය මහාර්ඝ වස්තූවක් විය.  එ් තමන් වැඩ කළ වත්තෙන් ලබා ගත් පස් අහුරකි. එයද රේගූ පරික්ෂාවෙිදි හලා යෑමට සිදු විය.

මෙයට අමතරව 1950 ගණන් වල සිට ජාතිවාදි කෝලහල වලදී ජාති මාමක සිහලුන්ගෙන ඇති පදමි බැට කෑවෙි මොවුන්ය. මොවුන් පනහට පනහ ඉල්ලීමට හෝ ඊලාමි ඉල්ලීමට හෝ වෙන කිසිදු ජනවාර්ගික ඉල්ලීමි වල පාර්ශව කරුවෙකු නොවූහ. එහෙත් යහමින් ජීවිතද දේපලද විනාශ කර ගත් අය වූහ. වරක් ජාතිමාමක  සිහල තරුණයෙකු වියපත් මහලු කාන්තාවක් පෙරලාගෙන පහර දී තිබෙි. එම මහලු කාන්තාව විමසා ඇත්තේ එක් ප‍්‍රශ්නයක් පමණි.  ‘මහ්තතයා ඇයි මට ගහන්නේ’ කියාය. මෙම අසරණ මිනිස්සු ඔවුන් ගුටි කන හේතුවවත් දැන නොසිටියහ.

අද වන විටත් ලංකාවෙි ජාතික දත්ත වල නරකම දත්ත ඇත්තේ වතුරයේය. යහපත් දත්ත ජාතික දත්ත මෙන් භාගයකි. අයහපත් දත්ත ජාතික දත්ත මෙන් දෙගුණයකි. මන්ද පෝෂණය, ජලය ආශ්‍රිත රෝග, දෙගුණයකි, උපතේදි ආයු කාලය, සාක්ෂරතාව, උසස් අධ්‍යාපන වරම් ආදිය භාගයකි.

වසර දෙසීයක් වතූවැඩ කළද, වතූ වැඩ පිලිබඳ විශේෂඥයෝ වුවද අදද වතු අධිකාරිවරයෙක් බිහි කරන්නට මෙම ප්‍රජාවට හැකිවී නැත.

මෙරට ඉඩමි අයිතිය පිලිබඳව සියයට දශම ගණනකින් සංඛ්‍යාවක සටහන් කරන එකම ප්‍රජාව ද මෙම දෙමළ වතු ප්‍රජාව ය. කිසිම දවසක ඉඩමි කච්චෙරියක් මෙම ජන කොටස වෙනුවෙන් පවත්වා නැත, ස්වර්ණ භූමි – අර භූමි – මෙි භූමි වල හිමිකාරිත්වයක් කවදාවත් මොවුනට ලැබී නැත. අද ද අඩුම දෛනික වැටුප ලබන්නේ මොවුන් ය. දවසට රූපියල්ම හත්සිය අසූවකි. රුපියල් 1000 ගන්න මසකට දවස් 25 ක් වැඩ කල යුතු ය. බොහෝ වතු වල සතියකට ලැබෙන්නේ දින 03 ක වැඩ පමණි.

බහුතර ප්‍රජාව තවමත් මෙම ජන කොටස පිළිබඳ ව අවධානය යොමු කර නැති නම්, වසර දෙසියක් මෙම රටට යහමින් කඹුරා තවමත් රුපියල් 1000 ක් වත් ලබා ගන්න බැරි වී ඇත්නම්, තවම ජීවත් වන්නේ 1820 ගණන් වල ඇටවු ලයින් කාමර වලනමි, බහුතර සිංහලයන් වශයෙන් හා රටක් වශයෙන් අප ෆේල්ය.

Print Friendly, PDF & Email

Leave a Reply