ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සිවිල් යුද සමයේත් ඊට පසුවත් සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු අය නීතිය හමුවට ගෙන ඒමට කැමැත්තක් නො දක්වන නිසා අන්තර්ජාතික නීතිය යටතේ පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සිය සාමාජික රටවලින් ඉල්ලා සිටී.
අලුත් හෝ යෝජිත පසුගාමී නීති, ප්රජාතන්ත්රවාදී සංවරණ සහ තුලන ක්‍රම ඛාදනයට ලක්වීම, සිවිල් සමාජය සහ ජනමාධ්‍යවේදීන් බියවැද්දීම සහ සිදුවෙමින් පවතින තර්ජන සහ සහ අතීතයේ සිදු වූ බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැනි කරුනුවලින් ශ්‍රී ලංකාවේ මූලික නිදහසට අලුතින් එල්ල වී ඇති තර්ජන බව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කාර්යාලයෙන් නිකුත් කළ වාර්ථාවක සඳහන් වේ.
“රට ජනාධිපති සහ පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වලට ළඟා වෙත්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් පුළුල් බහුතරයක් ඉල්ලා සිටි ආකාරයට වගවීම සහ සංහිඳියාව ඇතුළත් පරිණාමීය වෙනස්කම්වලට නැවත කැපවීමට අවස්ථාවක් පවතීයැයි”
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් පැවසුවේය.
ආරක්ෂක හමුදාවලට පුළුල් බලතල ලබා දෙන සහ ප්‍රකාශ කිරීමේ, මතයක් දැරීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහස පිළිබඳව කලින් පැවති සීමා කිරීම් සැලකිය යුතු ආකාරයෙන් පුළුල් කරන, 2023 සිට ආණ්ඩුව හඳුනා දුන් නීති සහ පනත් වාර්තාවෙන් ගෙනහැර දක්වයි.
“රට පූර්ව ඡන්ද විමසීම් කාල පරිච්ඡේදයකට පිවිස ඇති නිසා මෙම ප්රවනතාවය විශේෂයෙන්ම කණස්සල්ලට හේතු වන්නේයැ” යි
මහ කොමසාරිස් කීවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවීමට පොරොන්දු වුවත් බලධාරීන් එම පනත පුද්ගලයන් රඳවා ගැනීමට දිගටම භාවිතා කරන්නේයැයි වාර්තාව සඳහන් කරයි. මෑතක වූ අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්, වධ හිංසා පැමිණවීම් සහ අත් අඩංගුවේ දී සිදු වූ මරණ එම වාර්තාවෙන් ඉස්මතු කර ඇත.
2022 ආර්ථික අර්බූදයේ සිදුවෙමින් පවතින බලපෑම් සහ අනතුරුව හඳුන්වාදුන් වියදම් කපා හැරීමේ පියවර විශේෂයෙන්ම දුප්පතුන්ට සහ කාන්තාවන්ට බලපාන ආකාරය එම වාර්තාව විස්තර කරයි.
ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ප්‍රමාණවත් සමාජ ආරක්ෂණය තහවුරු කිරීම ඇතුළත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් බැඳීම්වලින් මගපෙන්විය යුතුයැයි ටර්ක් කීවේය.
“ශ්‍රී ලංකාවේ ණය හිමියන් ආණ්ඩුවට ආර්ථික, සමාජයිය සහ සංස්කෘතික අයිතිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මූල්‍යමය අවකාශය ලබා දිය යුතුය.”
මේ අතර 2009 න් අවසන් වූ සිවිල් යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් මුක්තිය සහ වගවීමක් නොමැති කම දිගටම පවතීයැයි වාර්තාවේ සඳහන් වේ.
“ඉදිරියේ තේරී පත්වන ආණ්ඩුව ගැටුමේ මූලික හේතු ආමන්ත්‍රණය කිරීමට නැවත කැපවිය යුතු අතර වගවීමේ හිඩැස ආමන්ත්‍රණය කිරීමට සහ සංහිඳියාව ඇති සාක්ෂාත් කිරීමට මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ කළ යුතුයැයි”
ටර්ක් කීවේය.
“ වින්දිතයන්ගේ දුක්වේදනා පිළිගැනීමට, බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ දී ආරක්ෂක හමුදාවේ භූමිකාව පිළි ගැනීමට සහ අතිතයේ සහ දැනට සිදුවන උල්ලංඝනය කිරීම් ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකාවේ රජය අපොහොසත්වීම මුක්තිය ශක්තිමත් කෙරෙන අතර බරපතළ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීමට ඉඩ සැලසෙන්නේයැ” යි
ටර්ක් කීවේය.
විශේෂයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳව සහ ඉඩම් ආරවුල් සහ පාරිසරික ප්‍රශ්න ගැන වැඩ කරන ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්රියාකාරිකයන් ට තර්ජනය කිරීමේ සහ හිරිහැර කිරීමේ දිගු කලක් තිස්සේ පවතින රටාව ද වාර්තාවෙන් විස්තර කෙරේ. විශේෂයෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ පවුල්වල සාමාජිකයෝ සත්‍යය දැනගැනීමට හෝ තම ආදරණීයන් නොමැතිකම අනුස්මරණය කිරීමේ දී පවා ආරක්ෂක සේවාවන්වල තර්ජන, අත්අඩංගුවට ගැනීම් සහ සෝදිසියට මුහුණ දෙති.
“2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළත් සිවිල් යුද සමයේ කරන ලද අපරාධ සහ උල්ලංඝනය කිරීම්වලට අනිවාර්යෙන් දඬුවම් ලබා දිය යුතුය. ඒවා සම්පූර්ණයෙන්ම විමර්ශනය කොට වගකිව යුතු අය නීතිය හමුවට පත් කළ යුතුයැයි”
මහ කොමසාරිස් කීවේය.
අපරාධ සිදු කළ අය නීතිය හමුවට ගෙන ඒමට සහ දඩුවම් දීමට ශ්‍රී ලංකාවේ රජයේ කැමැත්තක් හෝ හැකියාවක් නොමැතිකම නිසා භුමි ප්‍රදේශයෙන් පරිබාහිර සහ විශ්ව අධිකරණයක් සුදුසු ආකාරයෙන් යොදා ගැනීම, මෙම අපරාධ සිදුකෙළේයැයි විශ්වාස කළ හැකි පුද්ගලයන් ඉලක්ක කර ගත් සම්බාධක පැනවීම සහ අන්තර්ජාතික නීතියට අනුකූලවන වෙනත් ගත හැකි පියවර ගැනීම ඇතුළත් ශ්‍රී ලංකාවේ වගවීමට සහාය වන පරිපූරක උපාය මාර්ග අනුගමනය කරන මෙන් වාර්තාව අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024