You are currently viewing ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන දිගටම

ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන දිගටම

එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව සම්මත කර ගත් යෝජනාවට කුමක් වූයේ ද යන්න බොහෝ දෙනා නගන ප‍්‍රශ්නයකි. පහත දැක්වෙන්නේ මානව අයිතිවාසිකම් මණ්ඩලයේ යොජනා අංක 46/1 පිළිබඳව මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය දැනටමත් ගෙන ඇති පියවර පිළිබඳ විස්තරයකි.

ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා අංක 46/1 යටතේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මැන්ඬේට් බලය කුමක් ද?

2021 මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය යෝජනා අංක 46/1 මගින් වගවීම ප‍්‍රගමනය කිරීමේ අදහසින් ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ සහ ඒ හා සම්බන්ධ අපරාධවලට අදාල සාක්ෂි සංරක්ෂණය සහ විශ්ලේෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා ලදී. එමනිසා තොරතුරු සහ සාක්ෂි රැුස්කිරීම, සම්පිණ්ඩනය කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කිරීමට සහ ශ‍්‍රී ලංකාවේ බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් හෝ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ ලෙස කඩකිරීම් පිළිබඳව අනාගත වගවීමේ ක‍්‍රියා පටිපාටියක් සඳහා යොදා ගත හැකි ක‍්‍රමෝපායන් ගොඩනැගීම, වින්දිතයන් සහ පීඩාවට පත්්වූවන් වෙනුවෙන් පෙනි සිටීමට සහ නිසි අධිකරණ බලයක් සහිත සාමාජික රටවල් ඇතුළුව අදාල අධිකරණමය සහ අනෙකුත් කි‍්‍රයා පටිපාටිවලට සහාය දීමට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) හැකියාවන් ශක්තිමත් කිරීමට තීරණය කරන ලදී. (ක‍්‍රියාත්මක ඡේදය 6* සංහිඳියාව සහ වගවීම පිළිබඳ ප‍්‍රගතිය ඇතුළත් ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳව මානව අයිතිවාසිකම් අධීක්ෂණය සහ මානව අයිතිවාසිකම් මණ්ඩලයට වාර්තා කරන ලෙස මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් මානව අයිතිවාසිකම් මණ්ඩලය ඉල්ලා සිටියේ ය. ( ඡේදය 16)  

එම මැන්ඬේට් බලයේ විෂය පථය කුමක් ද? ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වගවීමේ ව්‍යපෘතිය කරන්නේ කුමක් ද?

මානව අයිතිවාසිකම් මණ්ඩලයේ මැන්ඬේට් බලය කි‍්‍රයාත්මක කිරීම සඳහා නිෂ්චිත කාර්යන් හතරක් පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකාවේ නව විශේෂිත මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වගවීමේ ව්‍යාපෘතියක් පවත්වනු ඇත. 

  • ශ‍්‍රී ලංකාවේ සිදු කරන ලද මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් සහ අපහරණ සහ ඊට අදාල අපරාධ පිළිබඳව තොරතුරු සහ සාක්ෂි රැුස්කිරීම, සම්පිණ්ඩනය, සංරක්ෂණය සහ විශ්ලේෂණය.
  • ශ‍්‍රී ලංකාවේ බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හෝ අන්තර්ජාතික මානුෂීය නීතියේ බරපතළ උල්ලංඝනය කිරීම් සඳහා අනාගත වගවීමේ කි‍්‍රයා පටිපාටියක් සඳහා යොදා ගත හැකි ක‍්‍රමෝපායන් ගොඩනැගීම.
  • වින්දිතයන් සහ පීඩාවට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටීම.
  • නිසි අධිකරණ බලයක් සහිත සාමාජික රටවල් ඇතුළත්ව අදාල අධිකරණ සහ වෙනත් කි‍්‍රයාපටිපාටිවලට සහාය දීම.

ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වගවීමේ ව්‍යාපෘතිය  සිදු වූයේයැයි කියන සියලූ උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කරන්නේ ද?

මානව අයිතිවාසිකම් මණ්ඩලයේ මැන්ඬේට් බලය යටතේ ක‍්‍රියාත්මක වන කණ්ඩායම ගැටුමේ කිසියම් පාර්ශවයක් විසින් සිදු කරන ලද උල්ලංඝනය කිරීම්වලට හෝ නිශ්චිත පීඩාවට පත්වූවන්ට, නිශ්චිත කාල සීමාවකට හෝ ශ‍්‍රී ලංකාවේ කිසියම් භූමි ප‍්‍රදේශයකට සීමා නොවනු ඇත. ඒවා සිදු කරන ලදැයි පවසන පාර්ශවයන් හෝ පුද්ගලයන් නොසලකා අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සහ අපහරණ පිළිබඳ තොරතුරු සහ සාක්ෂි රැස්කිරීම, සම්පිණ්ඩනය කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කරනු ඇත. එය වරදකාරී සහ නිර්දෝෂී තොරතුරු සහ සාක්ෂි එකම පදනමකින් සැලකිල්ලට ලක් කිරීමේ සම්මත ක‍්‍රමවේදයකින් තවදුරටත් විශ්ලේෂණය කරනු සඳහා ලබා ගත හැකි  ඕනෑම මූලාශ‍්‍රයකින් තොරතුරු සහ සාක්ෂි භාර ගනු ඇත.

මෙම මැන්ඩේට් බලය සිරියාව සහ මියන්මාරය සඳහා වූ විමර්ශන යාන්ත‍්‍රණයට සමාන ද?

නැත. යෝජනා අංක 46/1 තුළින් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය ඉහතින් හඳුනා ගත් ක්ෂේත‍්‍ර හතරක් තුළ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ හැකියාවන් ශක්තිමත් කිරීමට තීරණය කර ඇත. එමනිසා මෙම වැඩ කටයුතු මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් ගේ අධිකාරිය යටතේ සිදු කරනු ඇත. එය තම කටයුතු පිළිබඳ තොරතුරු යෝජනා අංක 46/1 න් ලබා දී ඇති අධිකාරි බලය අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මානව අයිතිවාසිකම් මණ්ඩලයට වාරික වාර්තා හරහා ලබා දෙනු ඇත.

2016 දෙසැම්බර් 21 මහා මණ්ඩලයෙන් සිරියානු අරාබි ජනරජය සඳහා පිහිටුවන ලද සහ 2016 සැප්තැම්බර් මස මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් මියන්මාරය සඳහා පිහිටුවන ලද එක් එක් ස්වාධීන යාන්ත‍්‍රණ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වන සම්පූර්ණ ස්වාධීන ආයතන වේ. සිරියානු සහ මියන්මාර යාන්ත‍්‍රණ කාර්යාලයේ මණ්ඩලය සහ සම්පත් අතින් සැලකිය යුතු ප‍්‍රමාණයකින් විශාල යාන්ත‍්‍රණ යි.  

මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය නිශ්චිත තත්වයන් පිළිබඳව පරික්ෂණ කිරීමට සහ ආපසු සෘජුවම මණ්ඩලයට වාර්තා කිරීමට පිහිටුවා ඇති පරීක්ෂණ හෝ තොරතුරු සෙවීමේ මෙහෙයන් පිළිබඳ ස්වාධීන කොමිසන් සභාවලින් ද වෙනස් ය. සාමාන්‍යයෙන් ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත වන මෙම මැන්ඩේට් අධිකාරීන් මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් මණ්ඩලයෙන් පැහැදිලිවම වෙනස් ය.

මානව අයිතිවාසිකම් මණ්ඩලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපාතියට වැරදිකරුවන්යැයි පැවසෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික කි‍්‍රයා පටිපාටි මුල පිරීමට හැකි ද?

නැත. එය තම මැන්ඩේට් බලය යොදා ගන්නා අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් නොවේ. ඊට සාධාරණය, විධිමත් කි‍්‍රයා පටිපාටිය, මරණ දඬුවම ආදාල නොවන සහ අනෙතුත් අදාල මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන්ට යෙදිය හැකි පදනම් සීමා අවශ්‍යතාවයන්ට විෂය වන ජාතික, කලාපීය හෝ අන්තර්ජාතික නිසි අධිකරණ බලයෙන් යුත් උසාවියක අපරාධ හෝ සිවිල් කි‍්‍රයා පටිපාටි පවත්වා ගෙන යන පාර්ශ්වයන්ට තොරතුරු ලබා දිය හැකි වේ. අධිකරණමය සහ අධිකරණමය නොවන සන්දර්භයන් තුළ එවැනි සහයෝගිතාවය සඳහා හොඳින් ස්ථාපනය කරන ලද අභ්‍යන්තර කි‍්‍රයා පටිපාටි එක්සත් ජාතීන් සතුව පවතී. මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය එම ප‍්‍රතිපත්ති සහ ප‍්‍රමිතීන්, තම වැඩ කටයුතුවලදී සම්පූර්ණයෙන්ම යොදවනු ඇත. 

මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය තොරතුරු රැස් කරන්නේ කෙසේද? එසේ රැස් කර ගත් තොරතුරුවලට සිදු වන්නේ කුමක් ද?

මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය ආණ්ඩුවේ බලධාරීන්, අනෙකුත් සාමාජික රටවල්, වින්දිතයන්, සාක්ෂිකරුවන්, සිවිල් සමාජයේ පාර්ශ්වකරුවන් ඇතුළත්  වෙනත්  ඕනෑම මූලාශ‍්‍රයකින් ලබා දෙන අදාල තොරතුරු සහ සාක්ෂි රැස් කරනු ඇත. විශේෂයෙන්ම 2009 දී අවසන් වූ සන්නද්ධ ගැටුම් සමයේ සහ ඉන් අනතුරුව ශ‍්‍රී ලංකාවේ සිදු කරන ලද බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දැනටමත් විශාල ප‍්‍රමාණයක ලිපිලේඛන එක්සත් ජාතින්ගේ නොයෙකුත් ආයතන සතුව පවතී. රැස් කරන තොරතුරු සහ සාක්ෂි මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය මගින් පුනරීක්ෂණය සහ විශ්ලේෂණය කරනු ඇත. ඉන් පසුව සියලූ තොරතුරු සහ සාක්ෂි ප‍්‍රශස්ත භාවිතය පිළිබඳ ප‍්‍රමිතීන්ට අනුකූලව සුරක්ෂිතව තැන්පත් කරනු ඇත. මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ භාවිත ප‍්‍රමිතීන්ට අනුකූලව එම තොරතුරු වැඩි දුරටත් බාහිරව යොදා ගැන්මට ලබා දීමේ දී තොරතුරු ලබා දුන් අයගේ අනුමැතිය ලබා ගැනීම මූලික අවශ්‍යතාවයකි. 

මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය ස්ථානගත කරන්නේ කොතැන ද?

මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මානව අයිතිවාසිකම් මහකොමසාරිස් කාර්යාල මූලස්ථානයේ ස්ථාන ගත කරනු ඇත. කිසියම් අදාල කරුණු ඇත්නම් ඒවා හුවමාරු කර ගැනීමට, තොරතුරු සහ සාක්ෂි සොයා ගත හැකි අදාල ස්ථානවලට පිවිසීම සඳහා අවස්ථාව ලබා ගැනීමට එය ශ‍්‍රී ලංකාවේ බලධාරීන් සමග සම්බන්ධවනු ඇත

මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නව ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලදී වින්දිතයන්ගේ සහ පීඩාවට පත්වූවන්ගේ භූමිකාව කුමක් ද?

මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතියේ එක් එක් ආකාරයක වින්දිතයන් සහ පීඩාවට පත්වූවන්ට වැදගත් භූමිකාවක් හිමි වේ. යෝජනා අංක 46/1 මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ‘‘වින්දිතයන් සහ පීඩාවට පත්වූවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට’’ මැන්ඩේට් බලයක් පැහැදිලිවම ලබා දීමෙන් ඒවා පිළිගනී. මෙම ව්‍යාපෘතිය ඇතුළත්ව මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහා සියලූ රැකවරණ සහ වගවීමේ වැඩවලට වින්දිතයන් පදනම් පිවිසුමක් කේන්ද්‍රීය වේ. වින්දිතයන්ගේ සහ පීඩාවට පත් වූවන්ගේ කටඋත්තර, සාක්ෂි සහ තොරතුරු මෙම ක්ෂේත‍්‍රයේ අන්තර්ජාතික භාවිතාවේ ප‍්‍රමිතීන්ට අනුව ආරක්ෂා කිරීම සහ ප‍්‍රවේසම්ව සහ සුරක්ෂිතව ආරක්ෂා කොට පවත්වා ගෙන යනු ඇත.  

මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය වගවීමේ සහ හානිපූරණ කි‍්‍රයා පටිපාටි සඳහා යොදා ගත හැකි ක‍්‍රමෝපායන් සැලසුම් කිරීම ඇතුළත් කණ්ඩායමේ අදාල වැඩ කටයුතුවලදී වින්දිතයන්ගේ සහ පීඩාවට පත් වුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන් ගේ දැනුවත් සහභාගිත්වය හැකි කරවීමට සහ පහසු කිරීමට ඔවුන් සමග සමීපයෙන් වැඩ කරනු ඇත.

මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වින්දිතයන් සහ පීඩාවට පත් වූවන් සමග කරන අනෙක් සියලූ වැඩ කටයුතුවලදී මෙන් මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය ද ‘හානියක් නොකරනු’ යන ප‍්‍රමුඛතම ප‍්‍රතිපත්තිය අනුව ඒ සමග සම්බන්ධවීමේ ප‍්‍රතිඵලයක් ලෙස වින්දිතයන්ට සහ පීඩාවට පත්වූවන්ට ඇති වන ආරක්ෂාව පිළිබඳව කිසියම් ගැටලූ ගැන සංවේදී වී අවධානමෙන් සිටිනු ඇත. විශේෂිත වූ ගැටලූ ඒවා මතුවන විට පීඩාවට පත් වූ පුද්ගලයන්ට ගැලපෙන ආකාරයට සැලකිල්ලට ගෙන ආමන්ත‍්‍රණය කරනු ඇත. 

මෙම මැන්ඩේට් බලයට අරමුදල් ලැබෙන්නේ කෙසේද, මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය එහි වැඩ කටයුතු ආරම්භ කරන්නේ කවදා ද?

මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලය මානව අයිතිවාසිකම් මණ්ඩලයේ යෝජනා අංක 46/1 කි‍්‍රයාත්මක කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ අයවැය සහ පරිපාලන කි‍්‍රයා පටිපාටිය අනුව මෙවැනි මැන්ඩේට් බලයන් සඳහා අදාල වන සම්පත් අනුමිති පිළිබඳව පරිපාලන අයවැය ප‍්‍රශ්න පිළිබඳ උපදේශක කමිටුවේ (ACABQ) සැලකිල්ලට යොමු කළ යුතුය. ඉන් පසුව එය 2021 වසර ඇතුළත මහා මණ්ඩලයේ පස්වැනි කමිටුවේ සැලකිල්ලට යොමු විය යුතුය. කාර්යාලයට ආරම්භක කණ්ඩායමක් සඳහා  2021 වසර තුළ සූදානම්වීමේ වැඩ කටයුතු වෙනුවෙන් විධිමත් අනුමැතිය ලැබී ඇති අතර පස්වැනි කමිටුවේ අනුමැතියට යටත්ව සම්පූර්ණ කණ්ඩායම 2022 වසරේ මුල් දී ආරම්භ කිරීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ රෙගුලාසි සහ කි‍්‍රයා පටිපාටි අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ව්‍යාපෘතිය වෙනුවෙන්ම වූ කණ්ඩායම සඳහා අවශ්‍ය කරන විශේෂිත විශේෂඥතා පරාශයකින් යුත් කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ඇත. කාර්යාලය දැනටමත් තම සන්තකයේ ඇති සියලූ තොරතුරු සම්පිණ්ඩනය කිරීම, එවැනි තොරතුරු ගබඩා කිරීම සඳහා මධ්‍යම තොරතුරු කෝෂ්ඨාගාරයක් පිහිටුවීම සහ වින්‍යාශය කිරීම සහ අදාල පාර්ශ්වකරුවන් සියලූ දෙනා සමග උපදේශන පැවැත්වීම ඇතුළත් සූදානම්වීමේ කටයුතු සඳහා දැනටමත් මුල පුරා ඇත. මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මෙම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා විට ශ‍්‍රී ලංකාණ්ඩුව සහ වෙනත් පාර්ශ්වකරුවන් සුදුසු ආකාරයට දැනුවත් කරනු ඇත. 

මැන්ඩේට් බලයට අරමුදල් ලැබෙන්නේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් මැන්ඩේට් බලයක් ලත් යෝජනාවක් වන නිසා මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීම පිළිබඳ ව්‍යාපෘතිය සඳහා අරමුදල් ඉහත සඳහන් කළ ආකාරයට එක්සත් ජාතින්ගේ සාමාන්‍ය විධිමත් අයවැයෙන් ලැබෙනු ඇත. එක්සත් ජාතීන්ගේ සම්මත අයවැය කි‍්‍රයාවලිය මානව අයිතිවාසිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතියේ ඊළඟ වසර සඳහා අරමුදල් 2021 වසර තුළ සැලකිල්ලට ගෙන තිරණය කරනු ඇත.

මෙම මැන්ඩේට් බලයේ වැඩ කටයුතු එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයට මහ කොමසාරිස් ඉදිරිපත් කරන වාර්තාව ප‍්‍රතිස්ථාපනය කරන්නේ ද?

නැත. අංක 46/1 යෝජනාවෙන්, 2021 සැප්තැම්බර් සහ 2022 මාර්තු මස යාවත්කාලීන කිරීම් සමග ‘‘සංහිඳියාව සහ වගවීමේ ප‍්‍රගතිය ඇතුළත්’’ ශ‍්‍රී ලංකාවේ පොදු මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳව අධීක්ෂණය සහ වාර්තා කිරීම ශක්තිමත් කරන ලෙසත් 2022 සැප්තැම්බර් මස වගවීම තවත් ඉදිරියට ගෙන යෑමේ විකල්පයන් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් වෙනම ඉල්ලීමක් කර ඇත. මණ්ඩලයේ මැන්ඩේට් බලයේ මෙම කොටස ඉටු කිරීමට මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලය තොරතුරු රැස්කිරීමේ ප‍්‍රයත්නය සහ සංහිඳියාව සහ වගවීමේ ප‍්‍රගතිය තක්සේරු කිරීම වඩාත් ශක්තිමත් කරනු ඇත.

මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපාතියේ වැඩ කටයුතුවලට අදාලව, අදාල වර්ධනයන් මෙම වාචික යාවත්කාලීන කිරිම් සහ මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරි කාලයේ ඉදිරිපත් කරන වාර්තාවලට ඇතුළත් වනු ඇත.

Leave a Reply