You are currently viewing ශ‍්‍රී ලංකාව: වහල් භාවයේ ශාපය අවසන් කිරීමට ‘සියල්ලන් ඇතුළත් සමාජයක්’ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ඉල්ලා සිටී

ශ‍්‍රී ලංකාව: වහල් භාවයේ ශාපය අවසන් කිරීමට ‘සියල්ලන් ඇතුළත් සමාජයක්’ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ඉල්ලා සිටී

කොළඹ (2021 දෙසැම්බර් 3) සමකාලීන වහල් භාවයේ විවිධ ආකාරයන්ට මුහුණ දීමට ප්‍රබල නීති පද්ධතියක් ශ්‍රී ලංකාව සතුව පවතී. සේවා නියුක්තියේ අවම වයස 14 සිට 16 දක්වා ඉහළ දැමීම සහ ළමා ශ‍්‍රමයෙන් නිදහස් කලාපයක් පිහිටුවීම වැනි වෙනත් ක්ෂේත්‍රවලද ප්‍රගතියක් අත් කර ගනිමින් සිටී. එසේ වුවත් ශ්‍රී ලංකාව සමාජයේ සියලු අංශ වඩාත් හොඳින් ඇතුළත් කර ගන්නා සහ වැළඳ ගන්නා සමාජයක් බවට පත්වීමට නම් කුලය පදනම් වෙනස් කොට සැලකීම සහ සමහර අවස්ථාවල බලහත්කාර ශ්‍රමය සහ දාස භාවය විය හැකි ශ‍්‍රම සූරාකෑම ජය ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයා අද පැවසුවේය.

තමා ශ්‍රම සූරාකෑම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වයස, වාර්ගිකත්වය, කුලය, පංතිය සහ වෙනත් හේතූන් මත වෙනස් කොට සැලකීම අතර ඇති සම්බන්ධතා ගැන උනන්දු වන බව දාස භාවයේ ආකාරයෙන් පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු ටොමොයා ඔබොකටා පැවසුවේය.

‘‘බලහත්කාර ශ්‍රමය, ළමා ශ්‍රමය සහ වෙනත් ආකාරයේ සූරාකෑමේ භාවිතාවන්ට කේන්ද්‍රීය වන දිගටම පවතින වෙනස් කොට සැලකීමේ ආකල්ප සහ භාවිතා අවසන් කිරීමට උචිත කාලය පැමිණ ඇතැ’’යි

ශ්‍රී ලංකාවේ දින අටක සංචාරයෙන් පසුව කොළඹ දී ජනමාධ්‍යය ඇමතූ ඔබොකටා පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා [Tomoya Obokata]

‘‘සියල්ලන් ඇතුළත් කර ගැනීම දක්වා වර්ධනයවීමට අවශ්‍ය සමාජයකට, සියල්ලන් සඳහා සමකාලීන දාස භාවය අවසන් කිරීම සඳහා ගුණාත්මක අධ්‍යාපනය, පුහුණුව සහ යහපත් වැඩ අත්‍යවශ්‍ය ය. ආණ්ඩුව ඉතාමත් කොන් කරන ලද අය ඇතුළත් සියලු ජනතාවට සවන් දිය යුතුය. සාධනීය වෙනසක් කුළු ගැන්වීමට කුලය පදනම් වෙස් කොට සැලකීම වැනි සංවේදී කරුණු ගැන නිහඬතාවය බිඳ දැමිය යුතුය.’’

ඔබොකොටා සිය සංචාරයේ දී ආණ්ඩුවේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ, සිවිල් සමාජ සංවිධානවල, වෘත්තීය සමිති, සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්  මෙන්ම මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්, ශාස්ත්‍රඥයන්, සංක්‍රමණික සේවකයන් සහ ශ්‍රම සූරා කෑමේ වින්දිතයන් හමු වූයේය. ඔබොකොටා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් දෙකකට ගිය අතර මහනුවර දිස්ත්‍රික්කයේ තේ වතු කීපයකටත් ගියේය.

‘‘මම කොන් කිරීම, වෙනස් කොට සැලකීම, වැඩ කිරීමේ සූරා කෑමේ තත්වයන් සහ ජීවත් වීමේ දුක්ඛිත තත්වයන්ගෙන් පීඩාවට පත් මලයාහ දෙමළ වැසියන් සියැසින්ම දුටුවෙමි.’‘

විශේෂඥයා පැවසුවේය. 

ගෘහස්ථ වැඩවල සහ නොවිධිමත් ආර්ථිකයේ සහ සේවා කර්මාන්තයේ වෙනත් ක්ෂේත්‍රවල ළමා ශ‍්‍රමය යොදා ගැනීමේ අවස්ථා පිළිබඳ වාර්තා ද ඔබොකොට ට ලැබිණ. ඔහු දිගටම පවතින ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය අසමනාතාවය සහ කාන්තාවන්ට බලපාන වෙනස් කොට සැලකීම පිළිබඳව තම කනස්සල්ල ද පළ කෙළේය.

ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන් අසමාන ලොස ඉලක්ක කර ගත් සහ බොහෝ විට ණයබර වැඩි කරවන ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රම බලවත් කනස්සල්ලට කරුණක් බව විශේෂ වාර්තාකරු පැවසුවේය. අඩු වැටුප් ශ‍්‍රී ලංකාවේ ඉහළ යන ජීවන වියදම හා නොගැලපෙන බවද ඔහු කීවේ ය.

තේ වතු සහ ඇඟලුම් කම්හල් වැනි පුද්ගලික ව්‍යාපාරික ආයතනවල විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරන්තරයෙන් සේවයේ යොදා ගැනීම පිළිබඳ වාර්තා ද ඔබොකොටා ට ලැබී ඇත. සිවිල් සමාජයේ නියෝජිතයන්, මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයන්ට නිතිපතා හිරිහැර කිරීමේ සහ තර්ජනය කිරීමේ සහ කොවිඩ් තත්වයට අදාළ සීමා කිරීම් යෙදවීම හරහා රැස්වීමේ නිදහස සීමා කිරීම ඇතුළත් සිවිල් සමාජ අවකාශය සීමා කිරීම් ගැන ද ඔහු දැනුවත් වූයේ ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ලියලූම අනන්‍යතා සහ ලිංගික නැඹුරුවකින් යුත් ලිංගික සේවකයන් වෙනස් කොට සැලකීමට සහ අපකීර්තියට මුහුණ දෙන අතර ඔවුන් නීතිය බලාත්මක කරන නිලධාරීන් විසින් මෙන්ම ලිංගිකව සූරා කෑමේ සහ අපහරණයට ලත්වීමේ අවාදානමක් පවතී.

විශේෂ වාර්තාකරුගේ සංචාරයේ වාර්තාව 2022 සැප්තැම්බර් මස මානව අයිතිවාසිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ඇත.

  • For more information and media requests, please contact Ms. Satya Jennings (satya.jennings@un.org).
  • For media enquiries regarding other UN independent experts, please contact Renato de Souza (+41 22 928 9855 / renato.rosariodesouza@un.org), Jeremy Laurence (+ 41 22 917 7578 / jeremy.laurence@un.org).
  • Follow news related to the UN’s independent human rights experts on Twitter@UN_SPExperts

Print Friendly, PDF & Email