You are currently viewing කිරුළ කාගේද?

කිරුළ කාගේද?

ජවිපෙ ඉල්මහ විරුවන්ගේ 36 වැනි සැමරුම නොවැම්බර් 13 වැනිදා විහාරමහාදේවී එළිමහන් රංග ශාලාවේ දී පැවැත්විණි. වේදිකාවේ සැකැස්ම – දීප්තිමත් රතු පැහැයෙන් වර්ණාලේපිත පසුබිමෙහි, රෝහණ විජේවීර චේ ගුවේරා කැප් තොප්පියක් පැළඳ සිටින, විශාල, විහිදුණු රූපයක් විය (චේගේ කැප් තොප්පියේ තරුව තද රතු පාට ය).

වේදිකාවේ සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කමිටුවේ ප්‍රබලයන් පමණි. එය ජවිපෙ  ඉහළ ශ්‍රේණියේ ප්‍රවීණයන් සඳහා වූ වේදිකා නාට්‍යයකි.

එහි සහස්‍රක පරම්පරාවේ අය බහුලව සිටියේ නැත. එය ව්‍යාපාරයේ ඉතිහාසය හෝ ඔවුන් එහි ඉතිහාසය යැයි උපකල්පනය  කරන දේ දන්නා අය සඳහා ය. එය පැහැදිලිව ම  ජවිපෙ උත්සවයකි. එය තීරණාත්මක ව NPP (ජාතික ජන බලවේගයේ) උත්සවයක් නොවේ.

මම ජනාධිපති ධුරය සඳහා අනුර කුමාර දිසානායක වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ අනුගාමිකයෙක් වීමි. ඒ ගැන මට කනගාටුවක් නැත.  (මට අවුරුදු 84ක් වන අතර ඉදිරියේ කිසියම් ආකාරයක මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට ඡන්දය දීමට හැකි වේ යැයි නොසිතමි) මම ජනාධිපති AKD ගේ ආකර්ෂණය මත බලයට පත් වූ වැඩි වශයෙන් ඒකභාෂාමය, ‘ස්වයංජාත බුද්ධිමතුන්ගේ’ හැකියාව, සංයුතිය සහ ‘ලෝක දෘෂ්ටිය’ (‘weltanschauung ‘) පිළිබඳව දැඩි ලෙස සැක කරමි.

මගේ නිරීක්ෂණ වලින්, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීතයක  සඳහන් කරන ආකාරයට ‘අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් ද?’යන්න අසමින් සිහින දකින පිරිස කෙරෙහි ප්‍රභූවාදී අවඥාවක් මාගේ නිරීක්ෂණ තුළින් පිළිබිඹු වන්නේ නම්, ඒ වෙනුවෙන් මම කොන්දේසි විරහිතව සමාව අයදිමි. වඩාත් දීප්තිමත් ප්‍රබල ලෞකික විමුක්ති ව්‍යාපාරයකට  පමණක් මෙම පාලනයට අභියෝග කළ හැකිය.

ජනාධිපති AKD ගේ මෙම රජය නීතියේ ආධිපත්‍යය සජීවී, යථාර්ථයක් බවට පත් කර ඇති බව මම සතුටින් පිළිගනිමි.

නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට, ධනවතුන් සහ බලපුළුවන්කාරයන් (මනා සබඳතා ඇත්තන්) සතුව තිබූ බලය, සිය ආත්ම ගෞරවය වෙනුවෙන් නිහඬව පෙනී සිටින සාමාන්‍ය පොදු ජනතාව අතට පත්ව තිබේ.

ජවිපෙ ද නැවත අලුත් විය යුතුය. ඊට පංති අරගලයේ කෝෂය තුළ ගුලි වී පරිවර්තනීය තාක්ෂණයට  සහාය වීමට සැලසුම් කළ නොහැක. ධන උත්පාදනයට කිසිදු කැමැත්තක් නොදක්වමින් සමානාත්මතාවය දේශනා කළ නොහැක. අපට සෘජු විදේශ ආයෝජන අවශ්‍ය නම්, ඉන්දියාව සමඟ විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමක් තිබිය යුතුය.  දකුණු ආසියාවට පිවිසුම් දොරටුවක් වීමට අවශ්‍ය නම්,  උප මහද්වීපය සමඟ ගොඩබිම් සම්බන්ධතාවක් තිබිය යුතුය. සැබවින්ම ගෝලීය වීමට නම්, අපගේ ගෝත්‍රයේ උතුම් සම්භවය පිළිබඳ අදහස් මනසින් දුරු කළ යුතුය.

පක්ෂයේ මූලික කාඩරය අමතා ජනාධිපති AKD කළ දේශනයෙන් ඇඟවුණේ පක්ෂය බලයේ සිටින බවයි. ඔහු ඉන්පසුව බලයට පැමිණීම සඳහා වූ අපමණ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරි දුෂ්කර දිගු ගමන සිහිපත් කළේය –

ෆිච් ගණන් බැලීම් (Fitch Ratings), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් (Standard & Poor) සහ වෙනත් ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ශ්‍රේණිගත කිරීම් කෙරෙහි රෝහණ විජේවීර  අවධානයක් යොමු කළේ නම්, තවමත් එම පරම්පරාවේ බොහෝ දෙනෙකුගේ නිර්මල හදවත් තුළ කැකෑරෙන, දරුණු ලෙස කැළැල් ඇති කරන හදවත් වේදනාවන්ගෙන් ගැලවීමට හැකි බව පැවසීමට කාලයයි මේ.

ඔහු ඔවුන්ගේ ජීවිතයත් මරණයත් අතර අරගලයේ දී මිය ගිය සගයන් ගැන සඳහන් කළේය. එසේම තම පරමාදර්ශ අත්හැර දැමූ හෝ පාවා දුන් සගයන් ගැනද ඔහු සඳහන් කළේය. ධීර වීර සගයන් කරන ලද කැප කිරීම් සහ සමහරුන්ගේ පාවාදීම් පිළිබඳ අතිශයෝක්තියෙන් කළ සඳහන මට ආතර් කොයිස්ට්ලර්ගේ මධ්‍යහ්නයේ අඳුර (Darkness at Noon) නම් කෘතියේ කොටසක් සිහිපත් කළේය.

මම  ගෞරවයෙන් යළි උපුටා දක්වන්නේ සමානාත්මතා දෙව්ලොවක් සෙවීමේ ජවිපෙ ගවේෂණයට තම ජීවිතයේ මුල් කාලය කැප කළ අවම වශයෙන් පරමාදර්ශී දෙදෙනෙකු වෙනුවෙන්ය.

මෙම ලිපිය  සඳහා, මම ලංකාදීප පුවත්පතේ වාර්තාවක් පදනම් කර ගනිමි.

ජනාධිපති AKD රාජ්‍ය බලය ලබා ගැනීම, භාවිතා කිරීම සහ තනතුර පිළිබඳව තියුණු විනිවිද ප්‍රකාශ කිහිපයක් කළේය.

පක්ෂයේ සාමාජිකයන්ට සිහිපත් කෙළේ වසර 36ක් තිස්සේ බලය සොයා ගිය ව්‍යාපාරයක් ලෙස එහි පුරෝගාමී වීරයන් සමරන බවයි. බලය ලබා ගැනීමෙන් පසු, අපි ඔවුන් ගැන කථා කරන්නේ අපගේ ජයග්‍රාහි මාවත විවෘත කළ අය සේය.

එය සත්‍යයෙන් අඩකි., එනම් අසත්‍යයක් ඇඟවීමට ගත් උත්සාහයකි. ජවිපෙ බලය සොයා ගියේ නැත. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ පොරොන්දු වූයේ ජාතික ජන බලවේගයයි.

තම මිය ගිය සගයන් සිහිපත් කිරීම ගැන  න්‍යායික ගැටුමක නිරත වීමට මට කිසිදු ආශාවක් නැත. නමුත් ඉතිහාසය, විශේෂයෙන් ජීවමාන, කාලීන ඉතිහාසය විකෘති නොකළ යුතුය.

ප්‍රතික්ෂේප කිරීමේ දේශපාලනයට මග පෑදුවේ අරගලය ලෙස අප හැඳින්වූ නායකයෙකු නොමැති තිරස් විරෝධතා ව්‍යාපාරයයි.  දුප්පත් සාගින්නේ පෙළුණු සහ තම වාහන ධාවනය කිරීමට ඉන්ධන සොයා ගත නොහැකි වූ, තම ශීතකරණ සහ වායු සමීකරණ සඳහා විදුලිය අහිමි වූ චපල මධ්‍යම පන්තිය අතර ඇති වූ සන්ධානයෙනි.

ජවිපෙ සමඟ විවාදයක පැටලීම සමහර විට බිම් බෝම්බ ඇතිරූ බිමක ගමන් කිරීමක් විය හැකිය.

කලකට පෙර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ රාජ්‍ය පාලනයේදී ආපසු හැරවිය නොහැකි තැන් ඇති බවයි – එවැනි අවස්ථා ප්‍රඥාවෙන් සහ රටේ දිගුකාලීන අවශ්‍යතා මනසේ තබාගෙන බැලිය යුතුය. ඊට ජවිපෙ  න්‍යායාචාර්යවරයෙකු වන බිමල් රත්නායකගෙන් ක්ෂණික පිළිතුරක් ලැබුණි.

ඔහු ප්‍රතිචාර දැක්වූයේ මීට මාස එකොළහකට පෙර ජනතාව එවැනි තීරණයක් ගත් බවයි.

දැන්, ඇත්තේ මැතිවරණයේ ප්‍රතිවිපාකයි. නමුත් 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් යනු මුළු ජාතියක්ම  නියෝජනය කරන බවට ප්‍රකාශ කිරීම තරමක අතිශයෝක්තියකි.

කිරුළක් ගැන සිතන විට, බොහෝ විට මතකයට එන්නේ නිරපේක්ෂ බලයයි. කිරුළ යනු රාජකීයත්වයේ නූතන ලකුණ නොවේ. එය සීමා නොකළ බලයයි. එය බලය, ඔරොත්තු දීමේ හැකියාව, සහ පුද්ගලික වෙනස්වීම පවා නියෝජනය කරයි. JR ගේ විධායක ජනාධිපති ධුරයෙන් අදහස් කළේ එයයි.

එබැවින්, පළමුවෙන්ම කිරුළ ජවිපෙ මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ සාමූහික හිස මතට වැටුණේ නැත. දෙවනුව, කිරුළ කුණු  කාණුවක් දිගේ ආවේ නැත.

දේශපාලන කේවල් කිරීම්වලින් වෙහෙසට පත් වූ ජාතියක්, තුන් කොන් තරඟයකදී ජනාධිපති AKD ට සියුම් ජයග්‍රහණයක්  ලබා දුන්නේය. ජනාධිපතිවරයෙකු තේරී පත් වීමෙන් පසු, මාස තුනක ඔහුගේ කාර්ය සාධනය පාලනයේ විස්මිත ජයග්‍රහණයකි. එය වෙනස් දේශපාලනයක ප්‍රබෝධමත් සුළඟකි.

ජනතාව ඔහුට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා දුන්නේය. NPP විසින් ඉතාලි මාක්ස්වාදී චින්තකයෙකු වන ඇන්ටෝනියෝ ග්‍රාම්චි හැඳින් වූ මතවාදයක් අනුගමනය කරන බවක් පෙනිණි.

ජරාජීර්ණ පාලන තන්ත්‍රයෙන් තෝරාගත් රනිල් වික්‍රමසිංහ අරගලය කුරිරු ලෙස යටපත් කෙළේය. එහෙත් වෙනසක් වෙනුවෙන් පෙනී සිටි සමාජ නියෝජිතයන්  සම්පූර්ණයෙන්ම යටපත් වූයේ නැත. ඔවුහු නිහඬව පසුබැස්සහ.

ජවිපෙ කිසිදාක මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයක් නොවීය. රෝහණ විජේවීර සිතුවේ තමා සෝවියට් සංගමයේදී මාක්ස්වාදය ඉගෙන ගත් බවයි. ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම් (Eric Hobsbaw) ශූර ලෙස පෙන්වා දෙන පරිදි;

ආර්ථික ඉතිහාසය හදාරන සිසුන් ආචාර්ය එන්.එම්. පෙරේරාගේ ගුරුවරයා වූ හැරල්ඩ් ලාස්කිගේ මාක්ස් පිළිබඳ රචනාව අනිවාර්යයෙන් කියවිය යුතු දෙයකි.

අපගේ ඇඟලුම් සේවකයින් මසකට දළ වශයෙන් රුපියල් 50,000ක් උපයති. එම ඇඟලුම් සේවකයා රුමේනියාවේ සිටියේ නම් එම ප්‍රමාණය මෙන් දෙගුණයක් උපයනු ඇත. මම සිංහල ප්‍රවෘත්ති රූපවාහිනී නාලිකාවල සමහර රැකියා නියෝජිතායතනවල දේශීය වෙළඳ දැන්වීම් දැක ඇත්තෙමි. මම විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය අසල ජීවත් වෙමි. ආර්ථිකය ස්ථාවරය. තරුණ තරුණියන් තවමත් පිටරට රැකියා සොයමින් පෝලිම් ගැසී සිටිති.

ෂේක්ස්පියර් පැවසුවේ කිරුළ දරන හිසට නිවනක් නැත යනුවෙනි.

Leave a Reply