“1972 සිට මේ රටේ රජෙකු සිටියේ නැත. ජනාධිපතිට එවැනි බලයක් උරුම වූයේ ද නැත. ඔහුගේ සියලු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සීමා වී ඇත.”
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව (2018)
මේ රටේ පුරවැසියන් වන අපි පසුගිය සති කීපය තුළ අපේ රටේ පාලනයට බලපාන බරපතළ දේශපාලන වර්ධන කිපයක් දුටුවෙමු. ජනවාරි 31 වැනි දා ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලදී. එම ප්‍රකාශය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගේ බලතල ලේකම් කාර්යංශය අර්ථ ගන්වන ආකාරය පැහැදිලි කිරීමක් බව දැකිය හැකිය.
ජනාධිපති මාධ්‍ය ඒකකය මෙම නිවේදනය නිකුත් කිරීමට මොහොතකට පෙර කතානායක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අත්සන් කිරීමෙන් එය නිතියක් බවට පත්විය. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ පනතට සංශෝධන 31ක් එකකු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කිරීමෙන් පසුව ය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත දේශීය විශේෂඥයන්ගේ සහ අන්තර්ජාතික සංවිධානවල සහ තාක්ෂණ සමාගම්වල විවේචනයට හා දැඩි විවාදයට ලක් වූ පනතකි. ඔවුහු මෙම පනතින් ජනතාවගේ ප්රජාතන්ත්රීය සහ මූලික අයිතිවාසිකම්වලට සිදුවන හානිදායක බලපෑම ගැන බරපතළ කනස්සල්ල පළ කළහ. මෙම පනත නීතිගත විමට අධිකරණයෙන් තිරණය කරන ලද සංශෝධනවලට අනුකූලවීම තහවුරු කිරීමට පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා විපක්ෂය කාලය ඉල්ලා සිටියත් කතානායක ඒවා සැලකිල්ලට ගත්තේ නැත. මෙම පනත අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් බවට පත්වීමට නම් මාර්ගගත ක්‍රම පිළිබඳ පනත අධිකරණයෙන් නිර්දේශ කරන ලද සංශෝධනවලට අනුකූල විය යුතු බව විපක්ෂයෙන් පෙන්වා දෙන ලදී.
කතානායකගේ පියවර නිසා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමේ සහතිකයක් නැතිව රටේ නීතියක් බවට පත්ව ඇත. මෙය පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියේ පෙර නොවු තත්වයකි. දැන් නිත්‍යානුකූල භාවය සැක සහිත නීතියක් පවතී.
මෙම වර්ධනයන් දෙකම අධිකාරිවාදී පාලනයක් කරා යන ව්‍යවස්ථාව සහ ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් නොසලකා හැරීමේ වර්ධනය වන ප්රවනතාවයක් පෙන්නුම් කරයි. ජනාධිපති ගේ අනුමැතිය ඇතිව ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්රකාශනයේ නොමග යවන සුලු සමහර කරුණු ගැන අවධානය යොමු කරන සිකරාදා සංසදය ඒවා අභියෝග කොට ප්‍රතික්ෂේප කළ යුතු බව කියා සිටී.
- අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඊට අර්ථ ගැන්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මේ සම්බන්ධයෙන් භූමිකාවක් හෝ අධිකාරියක් නැත.
- වසර හැත්තෑහයක් පුරා විධායකයෙන් සහ පාර්ලිමේන්තුවෙන් අධිකරණය සහ එහි ස්වාධීනත්වය ට සංවරණ සහ තුලන ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇත. එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද පිළිගෙන ඇත. මෙම සංකල්පය අනතුරුව සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් හෝ ඉවත් කර නැත. එය මෙම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම ඉහළම ශ්‍රේෂ්ඨාධිකරණයේ පශ්චාත් නිදහස් නීති සංග්‍රහයෙන් පිළිබිඹු වේ.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලු බලතල ජනාධිපතිට සිය අභිමථාර්ථය අනුව පාවිච්චි කිරීමට බලය ලබා දී ඇති බව ප්‍රකාශයෙන් හැඟවේ. අධිකරණය සහ ව්‍යවස්ථා සභාව ඇතුළත් කිසිම රාජ්‍ය ආයතනයකට උසස් තනතුරුවලට පත් කිරීමේ දී ජනාධිපති ගේ බලතලවලට කිසියම් බාධාවක් කිරීමට අයිතියක් නැත. ජනාධිපති ඔහුගේ බලතල ඉක්මවා යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් ක්‍රියා කර ඇත්නම් “ඒ තත්වය ආමන්ත්‍රණය කිරීමට ව්‍යවස්ථාවෙන්ම ක්‍රියා පටිපාටියක්” දක්වා ඇත.
- ජනාධිපති එම තනතුරේ නිල වශයෙන් දිව්රුම් දී ඇති අතර නීතිඥයෙකු වශයෙන් ද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටී. ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශය අනුව රටේ යහපතට වඩාත් සුදුසුයැයි ඔහු සිතන්නේ නම් ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කළ හැකිය. දෝෂාභියෝගයකින් ප්‍රතිචාර දැක්වීමට ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂයට අභියෝග කරන්නනේ රට ට කුමක් වුවත් අතීතයේ මෙන් අන්ධ භක්තියෙන් අත් ඔසවා ඔහුට සහාය ලබා දෙන පාර්ලිමේන්තු බහුතරය ගැන ඇති විශ්වාසය නිසා විය හැනිය.
- ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය තනතුරක් දැරිය හැකි වන්නේ ජනතා විශ්වාසය පවතින තාක් සහ එම බලතල පාවිච්චි කළ යුත්තේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බව තීන්දු ගණනාවකින් දක්වා ඇත. මෙය ආර්ථික අර්බූදය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු ගණනාවකින් මෑතක දී නැවත අවධාරණය කර ඇත. ජනාධිපති සිරිසේන හිතුවක්කාර ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බව ශ්‍රේෂ්ඨාධිකරණය 2019 දී තීරණය කළ බව ජනාධිපති වික්‍රමසිංහ දනී. එම තීන්දුව නිසා ඔහුට නැවතත් අගමැති තනතුර හිමි විය. තමා ගේ බලතල සහ වගකීම්යැයි පුද්ගලිකව සිතන දේ ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් ගේ සහ ආයතනවල පක්ෂපාතිත්වය අවිවාදයෙන්ම ලබා ගැනීමට ජනධිිපති ට නොහැකිය.
- ව්‍යවස්ථා සභාව විධායක ආයතනයක් නොවේ. ඊට ජනාධිපති උසස් තනතුරු සඳහා ඉදිරිපත් කරන නම් පරික්ෂා කිරීමට සහ අනුමැතිය දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇත. මෙය ජනාධිපති වික්‍රමසිංහ විසින්ම මුල පුරන ලද විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවතත් අවධාරණය කෙරිණ. මෙම ආයතනයට උසස් තනතුරු සඳහා ඉතාමත් සුදුසු අපේක්ෂකයන් නම් කිරීමට හෝ අනුමත කිරීමට පවරා ඇති බලය ක්‍රියාත්මක කිරීම ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරන ලද අයිතියක් සහ බැඳීමක් ඇත. ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද නමක් ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති බලතල පාවිච්චි කිරීමට බාධාවක් සේ සැලකිය නොහැකිය.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයෙන් ජනාධිපති බලය අපහරණය කරන්නේ නම් දෝෂාභියෝයක් කරන ලෙස අභියෝග කිරීමෙන් මුලින්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන ලද බලවත් ජනාධිපති තනතුර පශ්චාත් යුද සමයේ වඩාත් නරක තත්වයකට පත්ව ඇති ආකාරය පෙන්වයි. ජනාධිපති වික්‍රමසිංහ රටේ බංකොළොත් භාවයට විසඳුම් සෙවීම හේතු යුක්ති කිරීමෙන් මෙම තනතුර වඩාත් ඉහළ අධිකාරීවාදී ආඥාදායක මට්ටමට ගෙන යෑමට උත්සාහ කරන බව පැහැදිලි ය.
2024 දී හදිසි කාර්යක් සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉල්ලා සිටීමට රටේ පුරවැසියන් වශයෙන් අපට කාලය පැමිණ ඇත. එය රාජ්‍ය ආයතන විනාශයට පත් කළ පාලනයේ දූෂිත ආකෘතියකි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මෙම පොරොන්දුව ලබා දුන් නමුත් කිසිවෙකු ඉටු කෙළේ නැත. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හැර තනතුරට පත් සියලු අනෙක් ජනාධිපතිවරු මේ පිළිබඳව අසමත් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආණ්ඩුව 2000 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත එවකට විපක්ෂ නායක සහ දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හැසිරීම නිසා පාර්ලිමේන්තුවෙන් සම්මත කැර ගැනීමට නොහැකි විය. ඔහු සහ ඔහුගේ එක්සත් ජාතික පක්ෂය එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට පාරිලිමේන්තු විවාද අවස්ථාවේ දී එය ඉරා දැමූහ. එම මතභේදයට හේතු වූයේ මෙම ව්‍යවස්ථාවේ වගන්ති නොව නව ආණ්ඩුවේ නායකයා පිලිබඳ වූ ප්‍රතිපාදන සම්බන්ධයෙනි. වසර 24කට පසුව වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති තනතුර වඩාත් ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් ඉක්මවා ගොස් දේශපාලන ඒකාධිපතිත්වයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීම සැබැවින්ම උත්ප්රාසයකි. ඔහුගේ තර්කය වන්නේ තම පුද්ගලික දැක්ම හෝ ‘ඉදිරි දැක්ම’ හෝ රටට හොඳයැයි ඔහු සිතන දේ ය. එය වෙනත් ජනාධිපති කෙනෙකුගේ තවත් ‘සෞභාග්‍යයේ දැක්මක ’ නව ආරක් ද?
2024 පසුගිය සති කීපය තුළ වූ සිදුවීම්වලින් හා ජාතික ආර්ථික සහ පාලන අර්බූදයෙන් මේ රටේ පුරවැසියන් වශයෙන් අපි සියලුම දේශපාල පක්ෂ සහ එහි නායකයන්ගෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහ පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකියන තෝරා ගත් අගමැති ක්‍රමයට ආපසු යන බවට ප්‍රතිඥාවක් ඉල්ලා සිටිය යුතුය. 2024 පවත්වන පළමු ඡන්ද විමසීමට සමගාමීව මෙම කාරණය පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා සිටිමු.
(සිකුරාදා සංසදය යනු ප්රජාතන්ත්රවාදය, යහ පාලනය, නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස සහ අපගේ බහුත්ව සමාජය ඉවසීමේ නියමයන් වෙනුවෙන් පෙනී සිටීමට කැප වූ උනන්දු පුරවැසියන්ගේ නොවිධිමත් කණ්ඩායමකි.)