රාජ්‍ය ආයෝජන
2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම. ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට ආසන්න ප්‍රමාණයක් ආයෝජනය කරන බව සඳහන් කළා. . නමුත් ඒක කරගන්න බැරි වුණා. . මොකද ආයෝජනය කරන්න තියා රජයේ කටයුතු පවත්වාගෙන යන්නවත් මුදල් නැති අවස්ථාවක ඩොලර් බිලියන එක්දහස් දෙසිය විස්සක් ආයෝජනය කරනවා කියන කියන්න පුළුවන් නමුත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මේ මුදල රජය කොහොමද ආයෝජනය කරන්නේ? මේ වෙලාවේ වර්තන වියදමවත් පියවගන්න අපහසුවෙන් ඉන්න අවස්ථාවක රුපියල් බිලියන එක්දහස් දෙසිය විස්සක් ආයෝජනය කරනවා කියන එක කිසිසේත් ප්‍රායෝගික වෙන්නැහැ..
රජයේ වර්තන වියදම
2023 අයවැයේ පෙන්නුම් කරන ආකාරයට රජයේ වර්තන වියදම රුපියල් බිලියන හාරදහස් හයසිය නවයක් (4609) ලෙස සඳහන් වෙනවා. මේකෙන් රුපියල් බිලියන දාහකට මඳක් වැඩි ප්‍රමාණයක්, රුපියල් බිලියන එක්දාස් දෙකක් (1002) වගේ ප්‍රමාණයක් වැටුප් ගෙවීම් සඳහා වනවා. ඉතුරු වියදමෙන් රජය අපොහොසත් වෙලා තියෙනවා. රාජ්‍යය වියදම යම් ප්‍රමාණයකින් හරි අඩු කරගන්න. මොකද අපි දන්නවා දැනටත් අපේ රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු වාහන පිරිවරාගෙන, ගමන් කර බොහොම යෙහෙන් වැජඹෙනවා. . ඉතින් රජය අපොහොසත් වෙලා තියෙනවා මේ වියදම යම් ප්‍රමාණයකින් හරි කප්පාදු කරලා යම් පූර්වාදර්ශයක් ලබා දෙන්න ජනතාවට, හැමෝගෙම කැපවීම ප්‍රදර්ශනය කිරීමට.
අපි දකිනවා සමහර ඇමතිවරු මාධ්‍ය සංදර්ශන පවත්වමින් කෝච්චියේ ගිහිල්ලා වොයිස් කට් දීලා රඟ දක්වනවා. හැබැයි මේ රටේ දුක් විඳින මිනිස්සු හැමදාම බස් එකේ යනවා. හැමදාම කෝච්චියේ යනවා, තෙරපි තෙරපි යනවා. හැබැයි එයාලා ගිහිල්ලා මාධ්‍යයට කතා කරන්නේ නැහැ. අපි අද වැඩට ආවේ බස් එකේ කියලා. මොකද අපි හැමදාම වැඩට යන්නේ බස් එකේ. ඉතින් මේ ඇමතිවරුන්ට මේ හෙංචයියන්ට මාධ්‍ය සංදර්ශන පවත්වන කාලයක් නෙවෙයි මේක. සැබැවින්ම තමන්ගේ කැපවීමක් තියෙනවා නම්, ඒ කැපවීම ඉදිරිපත් කරන්න, පෙන්නන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.
නමුත් රජය අපොහොසත් වෙලා තියෙනවා.මේ තමන්ගේ පැත්තෙන් කැපකිරීමක් කරලා, රාජ්‍ය වර්තන වියදම අඩු කරලා, යම් ඉතිරියක් කරගන්න. අපි මේ වෙද්දි දන්නවා ලංකාවේ පුද්ගලයෝ ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් දුප්පත් වෙලා තියෙනවා. හිටපු අයට අමතරව දැන් ලක්ෂ තුනකට (300 000) අධික ප්‍රමාණයක් අලුතෙන් දුප්පත් වෙලා තියෙනවා. .අනිත් පැත්තෙන් විශාල වශයෙන් පුද්ගලයෝ සේවා වියුක්ත වෙනවා. සේවා වියුක්තිය දැන් තිබුණා වගේ දෙගුණයක් බවට පත්වෙලා තියෙනවා. .
අනිත් පැත්තෙන් මන්ද පෝෂණය අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා. හැබැයි මේ වලට ලබාදීලා තියෙන පිළිතුර මොකක්ද කියලා නම් මේ අයවැය ලේඛනයෙන් නම් හොයාගන්න බෑ.
ආරක්ෂණ වියදම, අධ්‍යාපන සහ සෞඛ්‍යය වියදම්
දෙදාස් විසි තුන අය වැය ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන හාරසිය දහයක් (410) යෝජනා කරලා තිබෙනවා.. මේ රුපියල් බිලියන හාරසිය දහයෙන් රුපියල් බිලියන තුන්සිය හැටක් (360) වර්තන වියදම් සඳහා, . ඒක අපි පැත්තකින් තියමු. හැබැයි තවත් රුපියල් බිලියන පනහක් (50) හමුදාවන් සඳහා වන ප්‍රාග්ධන වියදම් ලෙස හඳුනාගෙන තිබෙනවා.. මොකක්ද මේ හමුදාවන් සඳහා වන ප්‍රාග්ධනය.? අලුතෙන් ආයුධ මිලදී ගැනීම. ගුවන් යානා මිලදී ගැනීම. නැව් මිලදී ගැනීම. දැන් මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ආරක්ෂක වියදම, වශයෙන් ඩොලර්, රුපියල් බිලියන හාරසිය දහයක් වෙන් කිරීම කොයි තරම් සාධාරණද ? අපි සංසන්දනය කරලා බැලුවොත් අධ්‍යාපනය සඳහා, ලබාදීලා තියෙන්නේ රුපියල් බිලියන දෙසිය තිස් තුනක් පමණයි (233). මෙයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තන වියදම් සඳහා රුපියල් බිලියන එකසිය අසූ හතරකුත් (184), ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන හතළිස් අටකුත් (48) තමයි වෙන්කරලා තියෙන්නේ. දැන් මේ යුද්ධයක් නැති රටේ හමුදාවේ ආයුධ මිලදී ගැනීම් සහ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන පනහක්. කඩා වැටෙන රටේ අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන හතලිස් අටයි. සෞඛ්‍යය ගත්තහමත් ඒ වගේම තත්වයක් තියෙන්නේ, සෞඛ්‍යය සඳහා වන වියදම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන තුන්සිය විසිදෙකක් (322). සෞඛ්‍යය සඳහා වන රෝහල් හැදීම් ආදී සෞඛ්‍යය සඳහා වන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන පනස් පහයි (55). එතකොට මෙතන ලොකුම ප්‍රශ්නය මේ වෙලාවේ මොකද මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන පනහක් වෙන්කරලා තියෙනවා. කිසිසේත් අනුමත කරන්න බැරි දෙයක්. කඩා වැටෙන රටක අධ්‍යාපනයට, සෞඛ්‍යයට වඩා මේ අයවැයේ ප්‍රමුඛතාවය ලැබිලා තියෙන්නේ රටේ ආරක්ෂණ වියදම සහ ආරක්ෂණ ප්‍රාග්ධන වියදම වැඩි කිරීමට.
බදු සහ බදු
මේ දෙදාස් විසි තුන අය වැයේ සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය හැත්තෑ තුනට විසි හතක් (73:27) ලෙස සඳහන් වෙනවා. ඒ කියන්නේ වක්‍ර බදු සීයට හැත්තැ තුනකුත්, සෘජු බදු සීයට විසි හතකුත් ලෙස තමයි රජය බදු ආදායම සංතර්පණය කරන්නේ. එතකොට ගිය වසරේ තිබුන සෘජු බදු අනුපාතය වක්‍ර බදුත් එක්ක ගත්තහම සීයට දහ අටයි සෘජු බදු. නමුත් මේ වෙද්දී විසි හතක් දක්වා වැඩි වෙලා තියනවා. බැලූ බැල්මට පේනවා මේක හොඳ ප්‍රවණතාවයක් කියලා. මොකද ඍජු බදු වල දායකත්වය බදු ආදායම සඳහා වැඩිවෙලා තිබෙනවා. නමුත් තවමත් අපේ සෘජු බදු මුළු බදු ආදායමට සියයට විසි හතක එහෙම නැත්නම් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තමයි දායක වෙන්නේ. එතකොට අපි කලිනුත් කතා කරා වක්‍ර බද්ද නිතැතින්ම දුෂ්ටයි. එහි අනිසි ප්‍රතිඵල විශාලයි. වක්‍ර බද්ද අනිවාර්යයෙන්ම උද්ධමනකාරී. වක්‍ර බද්ද අනිවාර්යයෙන්ම ආදායම් විෂමතාවය, දුප්පත්කම වැඩි කරනවා. නමුත් අපේ බදු ආදායම සීයට හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක්. හතරෙන් තුනක්ම තවමත් වක්‍ර බදු. මෙවර අනුපාතය වෙනස් වුණත් ප්‍රමාණය, බදු මුළු ප්‍රමාණය වශයෙන් ගත්තහම සෘජු බදු සහ වක්‍ර බදු දෙකම මේ අයවැයෙන් වැඩි කරලා තිබෙනවා.. මේ බදු වලට අමතරව අපිට නොදැනීම තවත් යම් දෙයක් වැඩි වෙනවා. අපි දන්නවා 2022 ගෙනාපු ගැලපුම් අයවැයෙනුත් නව වැට් බදු අනුපාතයන් වැඩි කරනු ලැබුවා. . ඒ අනුපාතයන් එලෙසම වැඩිවෙලා පවතිද්දී 2023 අයවැයෙන් ඉදිරිපත් කරනවා අලුත් ගාස්තු සංශෝධනයක්.
රජය තමන්ගේ බදු නොවන ආදායම සීයට විස්සකින් (20%) වැඩි කරගන්න උත්සාහ කරනවා. අපි දන්නවා රජයේ ආයතන, එතකොට තෙල් සංස්ථාව මේ ඔක්කොම පාඩු ලබන ආයතන. දැන් මේවා වලින් රජයට ආදායමක් එන්නේ නැහැ. හැබැයි රජය බලාපොරොත්තු වෙනවා බදු නොවන ආදායම සීයට විස්සකින් වැඩි කරගන්න. දැන් කොහොමද මේ රජය බදු නොවන ආදායම වැඩි කරගන්නේ? මේ කරන්නේ ගාස්තු අය කිරීම මගින්. උදාහරණයක් වශයෙන් මේ වෙද්දි අපි තීරුබදු අනුපාතයන් තියෙන්නේ සීයට බින්දුව (0%), සීයට දහය (10%) සහ සීයට පහළව (15%) වශයෙන්. සමහර භාණ්ඩ තීරු බද්ද නිදහස්. ඒවලට සීයට බින්දුවයි. සීයට දහය සහ සීයට පහලව වශයෙන් තමයි අනෙක් භාණ්ඩ සඳහා තීරුබදු තියෙන්නේ. දැන් මේක රජය වෙනස් කරනවා සියයට බින්දුව. ඒ තීරු බද්දෙන් නිදහස් භාණ්ඩ එහෙම තියෙද්දී සියයට දහය අනුපාත සීයට පහළව දක්වාත්, සීයට පහලව අනුපාතය සීයට විස්ස දක්වාත්, සීයට පහකින් වැඩි කරගෙන යනවා. . එතකොට අනිවාර්යෙන්ම මේකෙන් අදහස් වෙනවා අපි ආනයනික භාණ්ඩ වලට ගෙවන බද්ද ආයෙත් වතා වක් සීයට පහකින් පමණ වැඩිවෙනවා කියන එක. ආයේ වතාවක් උද්ධමනකාරී බලපෑම් ආර්ථිකය මත ඇතිවෙනවා. . මේ වෙද්දි දැනටමත් ව්‍යාපාර ආයතන මත වැට් බදු වැඩි කරලා තිබෙනවා. කලින් වතාවේ අපි 2022 ගැලපුම් අයවැයේ දී ඒක සිද්ධ කළා. එතකොට ඒ සියල්ල මධ්‍යයේ ආයිත් වතාවක් අන්තර් භාණ්ඩ මිල වැඩි වීමට නියමිතයි.
සාමාන්‍යයෙන් මා ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් සාකච්ඡා වලට ගියහම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කවද්ද මේ ආර්ථික අර්බුදයෙන් අපි නිදහස් වෙන්නේ කියන ප්‍රශ්නය. ඇත්තටම මේකට තියෙන උත්තරේ තමයි කිසිම වෙලාවක ආර්ථික අර්බුදයකින් අපි නිකන්ම නිදහස් වෙන්නෑ. රටක ආර්ථික අර්බුදයක් ඇති වෙන්නෙත් යම් හේතු. නිසා. දැන් අපේ රටේ නම් ආර්ථික අර්බුදය ඇති වුණේ හොරකම, වංචාව, දූෂණය, මහා පරිමාණ අනවශ්‍යය යටිතල පහසුකම් වලට, මත්තල වරාය, ගුවන් තොටුපල, නෙළුම් කුලුණු හදලා, හෙන්චයියන්, චක් ගෝලයන් පෝෂණය කරලා අපේ ආර්ථිකය බංකොලොත් වුණා. . හැබැයි මේ බංකොලොත් වුණා වගේම දැන් ඒ සඳහා වන්දිය ගෙවන්න වෙන්නෙත් මේ රටේ මිනිස්සුන්ටම තමයි.
ආර්ථිකය නිකංම ස්වෙච්ඡාවෙන්ම ආයෙ බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ. බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් අපි මේ ණය ස්ථිරසාර මට්ටමට ගේන්න ඕනේ. ඒ ගේන්න නම් එක පැත්තකින් විදේශ ආදායම් ලැබෙන්න ඕනේ. අනිත් පැත්තෙන් දේශීය වශයෙන් ණය තිරසාර වෙන්න ඕනේ. එතකොට නිකන්ම ආර්ථිකය හරියන්නේ නැහැ. ඒ සඳහා අපිට ගොඩාක් කැපකිරීම් කරලා බොහොම දුෂ්කර කාලයක් ගත කරන්න වෙයි.
මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමු වහනයක් ගත්තා කල්බදු (ලිසිං) ක්‍රමයට. දැන් අපි වාරිකය ගෙවාගෙන යනවා. . ඔන්න දැන් අපේ ආදායම අඩු වෙලා බංකොලොත් භාවයට පත් වෙනවා. දැන් අපි මේ බංකොලොත් වෙලා ඉද්දි අපි ණය වාරිකය ගෙවන එක නවත්තනවා. අපිට ගෙවා ගන්න බෑ.. හැබැයි මේ වාරිකය අද ගෙවන එක නැවැත්තුවා නම් හෙට ඔබේ වාහනය අරගෙන යන්නේ නැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.. මේ කාලය පුරා. අපි වාහනය පාවිච්චි කරනවා. හැබැයි අපි වාරිකය ගෙවන්නෙත් නෑ. මේකට තමයි අපි අර සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ කියන්නේ අපායේ ඉන්ටවල් එක කියලා. මොකද අපි සාමාන්‍යයෙන් මාසිකව ගෙවන ඩොලර් මිලියන හයසීයක පමණ ණය වාරිකය දැන් ගෙවන් නැහැ . දැන් අපි බංකොලොත් නිසා. හැබැයි පෝලිම් නැහැ, පෙට්රල් පෝලිම් නැහැ කියලා අපි උදම් අනමින් ඉන්නවා. දැන් මේ යන්නේ අපායේ ඉන්ටවල් එක. කොයි වෙලාවක හරි අර ආයතනය අපිට විරුද්ධව නඩු පවරලා, වාහනය සීස් කරනවා වගේ, දැන් අපි කොයි වෙලාවක හරි මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ආපහු ගෙවන්න පටන් ගන්න ඕනේ. එහෙම ගෙවන තාක් කල් අපිට ආයේ ණය ගන්න බැහැ. එතකොට මේ ලැබිලා තියෙන්නේ අපායේ ඉන්ටවල් එක. අපි ඒ ගැන උදම් අනනවා නම්, අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවා කියලා, ඊටත් වඩා මුලා වීමක් තවත් නැහැ.
මේ අයවැය කතාව බැලුවහම, ඉංග්‍රීසි බසින් කරපු අයවැය කතාවේ මං දකිනවා Expect කියන වචනය එහෙම නැත්තං “අපේක්ෂා කරනවා “ කියන වචනය අවම වශයෙන් දහ අට වතාවක්වත් භාවිත වෙනවා. මේ අය වැය විශාල අපේක්ෂා වලින් සමන්විතයි. අයවැය අපේක්ෂා කරනවා උද්ධමනය අඩු වෙයි කියලා. අයවැය අපේක්ෂා කරනවා. පොළී අනුපාතය අඩු වෙයි කියලා. අයවැය අපේක්ෂා කරනවා. රට බංකොලොත් භාවයෙන් මිදෙයි කියලා.. හැබැයි අපේක්ෂා, නැත්නම් අපි මේ කියන වචන වලින් පමණක් කිසිසේත් ආර්ථිකයක් ගොඩ දාන්න බැහැ. ආර්ථිකයක් ගොඩ දාන්න නම් ඒකට අවශ්‍යය කැපවීම තියෙන්න ඕනේ. ඒකට අවශ්‍යය ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒකට අවශ්‍යය ක්‍රියාමාර්ගයන් ගන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරාට කවදාවත් ආර්ථිකයක් බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ. . අවසාන වශයෙන් මං අවධාරණය කරන්න කැමතියි මේ ආර්ථිකය, බංකොලොත්භාවයට ගේන්න දායක වෙච්චි ආර්ථික ඝාතකයන්ට විරුද්ධව වර්තමාන රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එහෙම නැත්නම් මේ ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදවන්න මේ රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? රටේ ඉදිරියටත් වංචා, දූෂණ සිදුවෙන එක වළක්වන්න මේ රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?
2023 අයවැය : බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 1 කොටස
- 2023 අයවැය: අයවැයෙන් යෝජිත රාජ්‍ය අයෝජන [බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 2 කොටස ] - November 25, 2022
- 2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ] - November 21, 2022
- පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය.. - June 30, 2022