You are currently viewing යුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි

යුද්ධය ජාතික අපරාධයක් – ටොලස්ටෝයි

ආදරණීය සහෝදරවරුනි, අප මෙහි රැස්ව ඇත්තේ යුද්ධයට එරෙහිව සටන් කිරීමට ය.

පාලකයන් සතුව බිලියන ගණන් මුදල් සහ මිලියන ගණන් අවනත වූ හමුදා භටයින් ඇත. අපට ඇත්තේ එකම වත්කමකි. එහෙත් එය ලොව ඇති ඉතාමත් වැදගත් වත්කම යි. එනම් සත්‍යයයි. එමනිසා අපගේ බලය සතුරාගේ බලය හා සසඳන විට කෙතරම් කුඩා වුවත් අඳුර පහන් කර උදාවන හිරු එළිය මෙන් එහි ජයග්‍රහණය සහතික ය.

අපගේ ජයග්‍රහණය සහතික වන්නේ එකම එක කොන්දේසියක් යටතේය. එනම් සත්‍යය සැඟවීමක් නැතිව, වෙනස්වීමක් නැතිව, කිසිදු සැඟවීමක් නැතිව, කිසිදු අඩු කිරීමක් නැතිව ප්‍රකාශ කිරීම ය. මෙම සත්‍යය කෙතරම් සරල ද, කෙතරම් පැහැදිලි ද, කෙතරම් පහසු ද, කෙතරම් බැඳීමක් ද යත් කිතුනුවන්ට පමණක් නොව සෑම සංවේදී පුද්ගලයෙකුම එහි පූර්ණ අර්ථයෙන් ප්‍රකාශ කරන්නේ නම් කිසිම මිනිසෙකුට කවර හේතුවක් නිසා හෝ විරුද්ධ විය නොහැකිය.

එමනිසා මම මෙම සභාව සියලු ජාතීන්ට, විශේෂයෙන් ක්‍රිස්තියානි ජාතින්ට ආයාචනයක් ලියා ප්‍රකාශ කළ යුතුයැයි යෝජනා කරමි. එහි අප සියලු දෙනා දන්නා එහෙත් කිසිවෙකු නොකියන දේ පැහැදිලිව, සෘජුව සඳහන් කළ යුතුය. එනම් යුද්ධය මිනිසුන් දැන් පෙන්වන ආකාරයට, විශේෂයෙන්ම වික්‍රමාන්විත, පැසසිය යුතු දෙයක් නොව තමන්ගේම ස්වාධීන කැමැත්තෙන් හමුදා සේවය තෝරා ගත් අය පමණක් නොව දඬුවම් කිරීමේ බියෙන් හෝ ආත්මාර්ථකාමී වුවමනාවන් නිසා හෝ හමුදා සේවය තෝරා ගත් සියලු දෙනාම කරන සියලු මිනිස් ඝාතන අන් ඕනෑම ඝාතනයක් මෙන් පිළිකුල් සහගත, ජාතික අපරාධයකි.

අප සියලු දෙනාම දන්නා එහෙත් කීමට ධෛර්යක් නැති දේ කිව යුතුය. මිනී මැරීම හැඳින්වීමට කවරාකාරයේ වෙනස් නම් දෙන නමුත් එය හැම විටම මිනී මැරීමක්, ජාතික අපරාධයක් නින්දිත ක්‍රියාවක් බව කිව යුතුය. ඔවුන් යුද්ධය ප්‍රීතෘ භූමියට කරන සේවයක්, වීරත්වය, යුද්ධයේ කිර්තිය, දේශප්‍රේමය ලෙස හැඳින්වීම නතර කළ යුතුය. මිනී මැරීම සැබැවින් ම නග්න, අපරාධයක් බව දැකිය යුතුය.

මෙම ජාතික අපරාධය කරන අය දැන් ලැජ්ජා විය යුතුය. මිනී මැරීම අපරාධයක්යැයි නොසිතන අය එය මිනීමරුමක් බව තේරුම් ගෙන මිනී මැරුම නතර කළ යුතුය.

මට කියන්නට ඇත්තේ එපමණයි. මම කිසිවෙතුට වරදක් කෙළේයැයි, අපහාස කෙළේයැයි හෝ දොස් පැවරුවේයැයි සිතන්නේ නම් බෙහෙවින් කනගාටු වෙමි. එහෙත් කුමන හෝ මොහොතක මිය යා හැකි 80 වැනි වියේ පසුවන මහල්ලෙකු වන මා තේරුම් ගන්නා ආකාරයට සතයය, මිනිස් වර්ගයා යුද්ධයෙන් ඇති කරවන අවාසනාවන්ත දුක් ගැහැටවලින් සහ ඉන් විඳින වේදනාවන්ගෙන් 1ගලවා ගත හැකි එකම දේ ලෙස දැඩිව විශ්වාස කරන සත්‍යය ගැන පැහැදිලිවම කතා නොකිරීම මට ම අපහාසයක් විය හැකිය. 

Print Friendly, PDF & Email

Leave a Reply