එක්සත් ජාතින්ගේ මානව අයිතිවාස්කම් පිළිබඳ මහ කොමසාරිස්වරිය රජයෙන් ඉල්ලයි.
එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරිය දැනට ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන මෙසේය.
ශ්‍රී ලංකාව එහි ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් ඇති කරන සහ මානව අයිතිවාසිකම්වල නොබෙදිය හැකි බව ඉස්මතු කෙරෙන විනාශකාරී ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටී. ශ්‍රී ලංකාවේ යළි ගොඩ නැගීමේ උත්සාහයට සහාය වන ලෙස මහ කොමසාරිස්වරිය අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නීය. කෙසේ වුවත් තිරසාර වර්ධනය සඳහා අතීතයේ සිදු වූ සහ දැනට සිදුවෙන මානව අයිතිවාසිකම් අපහරණය, ආර්ථික අපරාධ සහ දූෂණය සඳහා පවතින මුල් බැස ගත් මුක්තිය ඇතුළත් මෙම අර්බූදයට හේතු කාරක වූ සාධක ආමන්ත්‍රණය කිරීමට සහ පිළිගැනීමට ශ්‍රී ලංකාවට සහායවීම ද අත්‍යවශ්‍ය ය. අන්තර්ජාතික ප්‍රජාවේ සහාය අර්ථාන්විත සහ තිරසාර බලපෑමක් වන්නේ ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රීය සංවරණ සහ තුලන ක්‍රම ශක්තිමත් කිරීමට සහ ආයතනවල ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කිරීමට ගැඹුරු ව්‍යුහාත්මක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළහොත් පමණි.
වගවීම සහ ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්ව පදනම් වූ ශ්‍රී ලංකාවේ සියලූ ප්රජාවන්ගේ ඉල්ලීම් අනාගතය වෙනුවෙන් නව සහ පොදු දැක්මක වැදගත් ආරම්භක ස්ථානයකි. වගවීම, නීතියේ ආධිපතයය, වෙනස් කොට නොසැලකීම සහ මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම මත පදනම් සියල්ලන් ඇතුළත් කර ගන්නා බහුත්වවාදී සහ පූර්ණ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් දක්වා පරිණාමය වන්නේ කෙසේද යන්න පිළිබඳව නව අර්ථාන්විත සංවාදයක් සඳහා අවස්ථාවක් පවතීයැයි මහ කොමසාරිස්වරිය විශ්වාස කරන්නීය. ප්‍රකාශ කිරීමේ, සාමකාමී රැස්වීමේ සහ ප්රජාතන්ත්රීය සහභාගිවීමේ නිදහස සඳහා සුදුසු වාතාවරණයක් සහතික කිරීම අත්‍යවශ්‍ය ය. දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් කොට සැලකීම සහ මානව අයිතිවාසිකම් දුර්වල කළ පුළුල් දේශපාලන සහ පද්ධතිගත මූල හේතු සාධක ආමන්ත්‍රණය කිරීමට පුළුල් පදනමක් සහ සහභාගිත්ව ක්‍රියාවලියක් තුළ විරෝධතා ව්‍යාපාරය සමග සාධනීය ලෙස සහභාගිවීමට මහ කොමසාරිස්වරිය ආණ්ඩුව දිරිමත් කරවන්නීය.
67. මුක්තිය, නීතියේ ආධිපත්‍යය, ප්රතිසන්ධානයට සහ ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සහ සංවර්ධනයට කේන්ද්‍රීය වූ බාධකයක් මෙන්ම නැවතත් උල්ලංඝනය කිරීම් සිදුවීමේ මූලික අනතුරට හේතු සාධකයක්ව පවතී. යුද්ධය අවසන්ව වසර දහතුනක් ගත වුවද අතීතයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වින්දිතයෝ තවමත් සත්‍යය සහ යුක්තිය අපේක්ෂාවෙන් සිටිති. මෙතෙක් පැවති සියලූ ආණ්ඩු ඇතුළත් ශ්‍රී ලංකාවේ රාජ්‍යය, බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ අපහරණය සිදු කළ අය වගවීමට පත් කිරීමට සහ සත්‍යය, යුක්තිය සහ හානිපූරණය සඳහා වින්දිතයන්ට ඇති අයිතිය පිළිගැනීමට ඵලදායි සංක්‍රාන්තික අධිකරණ ක්රියවලායක් අනුගමනය කිරීමට දිගින් දිගටම අපොහොසත් විය. ඒ වෙනුවට ඔවුන් වගවීම පිළිබඳව දේශපාලන බාධක නිර්මාණය කොට උනන්දුවෙන්ම උසස්වීම් ලබා දී සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වාස කටයුතු ආකාරයෙන් සම්බන්ධ සමහර හමුදා නිලධාරීන් ආණ්ඩුවේ උසස්ම මට්ටමේ තනතුරුවලට ඇතුළත් කර ගෙන ඇත. මෙම මුක්තිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අය දිරිමත් කළ අතර දුෂණයට සහ බලය අපහරණයට සරු බිමක් නිර්මාණය කර ඇත. ආරක්ෂක අංශයේ කාර්යක්ෂම පරික්ෂා කිරීමේ ක්රිරයාවලියක් සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ නොමැතිව රාජ්‍ය යාන්ත්‍රණයේ සහ එහි සමහර සාමාජිකයන් සිදු කෙළේයැයි කියන බරපතළ අපරාධ සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳව විශ්වාස කළ හැකි ආකාරයෙන් සම්බන්ධව ඇති නිසා බරපතළ මානව අයිතිවාසිකම් සහ කුරිරුකම් සහ ආර්ථික අපරාධ නැවත සිදුවීමේ අනතුරක් පවතී.
68. එමනිසා වර්තමාන අභියෝගවලට ආමන්ත්‍රණය කිරීමට සහ අතීතයේ වූ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැළැක්වීමට මූලික වෙනස්වීම් අවශ්‍ය ය. මෙම සන්දර්භයේ දී නව ආණ්ඩුව හමුදාකරණය කෙරේ යොමුවීම සහ දරදඬු නීති සහ සාමකාමී විරෝධතාවයන් මර්දනය කිරීම මත විශ්වාසය රැඳවීම වහාම නවතා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා සහ මුක්තිය අවසන් කිරීමට අලූතින් කැපවීමක් දැක්විය යුතුය. ආණ්ඩුව මානක ප්රමිතීන් සහ ක්‍රියාත්මක කිරීමේ කාල සීමා සමග සහ වින්දිතයන් සහ සිවිල් සමාජ උපදේශන සහ අන්තර්ජාතික හවුල්කරුවන් ගේ සහාය ඇතිව අව්‍යාජ, සවිස්තරාත්මක සහ පරිණාමීය සංක්‍රාන්තික අධිකරණ ක්‍රියාවලියට නැවත කැපවිය යුතුය. වැඩි දුරටත් ප්රජාතන්ත්රීය සංවරණ සහ තුලනය ශක්තිමත් කිරීමට සහ සංහිඳියාවට සහ එහි ජනතාවගේ සියලු සාමාජිකයන් විසින් මානව අයිතිවාසිකම් පූර්ණව භුක්ති විඳීමට අනුකලනය වන්නා වූ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට සියලුම ශ්‍රී ලාංකිකයන් නියෝජනය වන පුළුල්ව පදනම් වූ උපදේශනාත්මක කි‍්‍රයාවලියක් හරහා වඩාත් ගැඹුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අනුගමනය කළ යුතුය.
69. මානව අයිතිවාසිකම් මණ්ඩලය මෙම වර්ධනයන් සමීපව අධීක්ෂණය කළ යුතුය. ශ්‍රී ලාංකික ජනතවට යුක්තිය සහතික කිරීම සඳහා ජාතික මට්ටමේ සාර්ථක ප්‍රතිඵල දක්නට නැති තත්වයක් යටතේ සාමාජික රටවල් මානව අයිතිවාසිකම් උල්ලංඝනය,දූෂණය සහ බල අපහරණය පිළිබඳව යුක්තිය සහ වගවීම සඳහා පරිපූරක අන්තර්ජාතික උපාය මාර්ග දිගටම පවත්වා ගත යුතුය. මෙම අත්‍යවශ්‍ය වූ ගමනේ දී මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ජනතාව සමග දිගටම සම්බන්ධව සිටිනු ඇත.
නිර්දේශ
70. මානව අයිතිවාසිකම් කොමසාරිස්වරිය ඇයගේ කලින් වාර්තාවලින් සහ එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් යාන්ත්‍රණ වලින් කරන ලද නිර්දේශ නැවත අවධාරණය කරයි. මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවශ්‍ය වන්නේ නම් මෙම තීරණාත්මක මොහොතේ දී ආණ්ඩුව සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දැක්වීමට රට තුළ සිටීම ඇතුළත්ව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ සහාය ලබා දීමට සූදානම්ව සිටී.
71. ශ්‍රී ලංකාවේ බලධාරීන් පහත සඳහන් නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයැයි මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිර්දේශ කරයි.
- ආර්ථික අර්බූද සමයේ ජනතාවගේ ආර්ථික සහ සමාජයීය අයිතීවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලූ පියවර ගැනීම. වෙනස් කොට නොසැලකීම සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පදනම්ව වඩාත්ම කොන් කරන ලද සහ අවදානමක් ඇති පුද්ගලයන් සහ කණ්ඩායම් සඳහා කඩිනම් සහන ලබා දීම සහතික කිරීම සහ මුදල් යෙදවීම වැඩි කිරීමෙන් සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ එය ඔවුන්ගේ මතුවන අවශ්‍යතා ආවරණය කිරීම දක්වා පුළුල් කිරීම
- හමුදා සඳහා කරන වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම, ස්ථිර ලෙසම දූෂණය මැඩලීම සහ අන්තර්ජාතික සහයෝගිතාවය තුළින් සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය සහ අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජන වැඩි කිරීම: අන්තර්ජාතික මූල්‍ය ආධාර වැඩ සටහන්වලින් කිසියම් මානව අයිතිවාසිකම් බලපෑමක් ඇති විය හැකිදැයි තක්සේරු කිරීම සහ එය ඉතාමත් අවම මට්ටමට අඩු කිරීමට නිවාරණ පියවර ගැනීම
- අධිකරණය සහ මානව හිමිකම් කොමිසම ඇතුළත් ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම සඳහා සියලූ ශ්‍රී ලාංකිකයන් නියෝජනය වන පුළුල්ව පදනම් වූ උපදේශන කි‍්‍රයාවලියක් ආරම්භ කිරීම සහ ප්රතිසන්ධානයට අනුකලනීය වූ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීම වේගවත් කිරීම
- විශ්වාසය රැඳවිය හැකි සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සහ තත් කාර්ය සඳහා වූ උසාවියක් ස්ථාපනය කිරීමට අදාලව පියවර ගැනීම ඇතුළත්ව දැනටමත් ලබා ඇති පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කාල සීමා සහිත සැලැස්මක් සමග සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම පිළිබඳව සවිස්තරාත්මක උපාය මාර්ගයක් සකස් කිරීම මෙන්ම ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සහ පරික්ෂාවට ලක් කිරීම, තම පූර්ණ බලතල ස්වාධීනව සහ කාර්යක්ෂමව ඉටු කළ හැකි ආකාරයට අතුරුදහන් කළ පුද්ගලයන්ගේ කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය නැවත පණ ගැන්වීම
- මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සංකේතාත්මක සිද්ධීන් ගැන පරීක්ෂණ කිරීම සහ චෝදනා ඉදිරිපත් කිරීම, පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව කලින් සිදු කරන ලද පරීක්ෂණවල සම්පූර්ණ වාර්තා නිකුත් කිරීම සහ අන්තර්ජාතික සහාය සහ වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගිත්වය ඇතිව පසුවිපරම් කිරීමේ ස්වාධීන සහ පාරද්‍රශ්‍ය විමර්ශනයක් ස්ථාපිත කිරීම
- සාමාන්‍ය ජනතා විෂය ක්ෂේත්රයේ හමුදා බලපෑම අවසන් කිරීමට පියවර ගැනීම, උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදාව යෙදවීම අඩු කිරීම
- හමුදාව විසින් අත් කර ගෙන ඇති සියලූම පුද්ගලික ඉඩම් ආපසු භාර දීම සහ ආගමික ස්ථාන ඉදි කිරීම පිළිබඳව අන්තර් ආගමික සංවාදයක් යොදා ගැනීම ඇතුළත්ව ඇතුළත්ව ඉඩම් ආරවුල් අපක්ෂපාතීව විනිශ්චය කිරීම
- ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත සහ සංඛ්‍යංක ආරක්ෂාව පිළිබඳව යෝජිත නීති ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික නීතිමය බැඳීම්වලට පූර්ණව අනුකූලවීමට නව ව්‍යවස්ථා ගෙන ඒම සහතික කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම දැඩිව විලම්බනය කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ඇති සහ දීර්ඝ කාලීන සිරකරුවන් නිදහස් කිරීම කඩිනම් කිරීම
- හදිසි නීති රෙගුලාසි යොදා ගැනීමේ අවශ්‍යතාවය සහ ප්රමාණානුකූල භාවය පුනරීක්ෂණය කිරීම සහ සමාජ මාධ්‍ය පිළිබඳව යෝජිත රෙගුලාසි තුළින් සාමකාමී රැස්වීම, සංගම් පැවැත්වීම සහ ප්රකාශනයේ නිදහස සහතික කිරීම
- මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රට තුළ සිටීම ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහ සිවිල් සමාජයට තාක්ෂණ ආධාර ලබා දෙන ලෙසත් ඉන් ඉල්ලා සිටීම
72. මහ කොමසාරිස්වරිය 2021 දී මානව අයිතිවාසිකම් මණ්ඩලයට සහ සාමාජික රාජ්‍යයන්ට ඉදිරිපත් කළ ඇයගේ වාර්තාවේ 61 ඡේදයෙන් කරන ලද නිර්දේශ නැවත අවධාරණය කරන්නීය. තවදුරටත් ඔවුන්ට තවදුරටත් මෙසේ නිර්දේශ කරයි:
- මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය වැඩි දියුණු කිරීමට සහ වගවීම සහ ප්රතිසන්ධානය පිළිබඳව සහ මානව අයිතිවාසිකම් කෙරේ බලපෑමක් වන ආර්ථික අපරාධ ආමන්ත්‍රණය කිරීමට පියවර ගැනීම ඇතුළත්ව ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳව මණ්ඩලයට නිරතුරුව වාර්තා කරන මෙන් ඉල්ලා සිටීම
- ආර්ථික අර්බූදයේ මානව අයිතිවාසිකම් පැතිමානයන් පිළිබඳව පරික්ෂා කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාල තේමාගත විශේෂ ක්‍රියා පටිපාටි දිරිමත් කිරීම
- යෝජනා අංක 46/1 න් මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ අදාල අපරාධ පිළිබඳව කි‍්‍රයා කිරීමට මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති ධාරිතාව වඩාත් ශක්තිමත් කිරීම
- අදාල අන්තර්ජාතික ජාල හරහා සහ වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමග සහයෝගයෙන් භූමි ප්‍රදේශයෙන් පිටත හෝ විශ්ව අධිකරණ බලයේ පිළිගත් මූලධර්ම යටතේ සහ ජාතික අධිකරණ බලය යටතේ ඇති අධිකරණ කි‍්‍රයා පටිපාටි හරහා ශ්‍රී ලංකාවේ සියලූම පාර්ශ්වයන් සිදු කළ අපරාධ ගැන විමර්ශනය කිරීමේ දී සහ නඩු පැවරීමේ දී සහායවීම
- පුළුල් ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ බරපතළ මානුෂීය නීති උල්ලංඝනය සිදු කෙළේයැයි විශ්වාස කටයුතු ආකාරයෙන් චෝදනා එල්ල වී ඇති අයගේ වත්කම් තහනම සහ සංචාර තහනම වැනි ඉලක්ක ගත සම්බාධක තව දුරටත් පැනවීම පරික්ෂා කර බැලීම
- මානව අයිතිවාසිකම් කෙරේ බලපෑමක් කෙරෙන ආර්ථික අපරාධ විමර්ශනය කිරීමේ දී සහ සොරා ගත් වත්කම් සෙවීමේ දී සහ ආපසු ලබා ගැනීමේ දී ශ්‍රී ලංකාවට සහායවීම
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024