13 වෙනි ක්‍රිකට් ලෝක කුසලානය (2023) මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙමින් තිබේ. මේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් උසස් තත්වය (ranking) පරීක්‍ෂා කර බලා සහභාගිත්වය පෙළ ගස්වා තිබෙන්නේ ය. එවිට කණ්ඩායම් දහයේ ප්‍රබලත්වයේ සිට දුර්වලත්වය ප්‍රදර්ශනය කර තිබුණත් පැවැත්වෙන ක්‍රිකට් තරඟ එම උසස් තත්වය අදාල නොමැති බව පෙන්නුම් කරන ප්‍රධාන ලක්‍ෂණක් බවට පත් වී අවසන් ය. පවත්වන තරඟයක ජය-පැරදුම තීන්දු වන්නේ දක්‍ෂතාවය මත හෝ තරඟකාරීත්වය මත හෝ නොව බාහිර සාධක මත බව ප්‍රේක්‍ෂකයන්ගේ මතය වී තිබේ. එවිට ක්‍රිකට් තරඟයක් සඳහා නැරඹීමේ ප්‍රේක්‍ෂක අවධානය හීන වෙමින් පවතී. ක්‍රිකට් තරඟයක තිබුණ තරඟකාරීත්වය අවසන් වී කණ්ඩායමේ දක්‍ෂතාවය වැඩකට නොමැති දෙයක් බවට පත් වී ජයග්‍රහණය ලබන කණ්ඩායමේ සුදුසුකම බාහිර සාධක අධ්‍යනය මත පදනම් වී තරඟයේ ජය පැරදුම කාසියේ වාසිය මත තීන්දු වන සාධකයක් මත ඉස්මතු වීමට පටන්ගෙන තිබේ. ක්‍රිකට් තරඟයෙන් තරඟයට විශාල ජයග්‍රහණ මෙන්ම අති විශාල පරාජයන් ද කණ්ඩායම් අතර දැක ගත හැක්කේ මේ නිසා ය.
ක්‍රිකට් තරඟයක් යනු ප්‍රේක්‍ෂක අවධානය පිට්ටනිය වෙතින් ඉවත් කර රූපවාහිණි යන්ත්‍රයට සීමා කළේ පසුගිය අවුරුදු 20 ඇතුළත ය. එමගින් භාණ්ඩ ප්‍රචාරණ සමාගම් වෙත ලැබුණු වාසිය ක්‍රිකට් ක්‍රීඩාව සමග විශාල බද්ධ වීමක් සිදුවිය. එවිට අනෙකුත් ක්‍රිඩා මෙන් නොව වෙළඳ ප්‍රචාරණ දැන්වීම් සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමට එම සමාගම්වලට ලැබුණු අපූරු අවස්ථාවක් ක්‍රිකට් ක්‍රීඩාව සමග පෙළ ගැසුනි. එක් පන්දු වාරයක් අතර තුර වෙළඳ දැන්වීම් කීපයක් හෝ තීරු දැන්වීම් මගින් හෝ සිම්බල් දැන්වීම් මගින් හෝ වැඩි වාසියක් අත් කර ගැනීමට සමාගම් සඳහා අවස්ථාව උදා විය. එවිට ක්‍රිකට් ක්‍රීඩාව සමග රූප මාධ්‍ය භාවිතය හරහා විශාල පෙරළියක් සිදුවුණි. එම පෙරළිය මගින් ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටි කුරු කළ වෙනසක් වන ක්‍රිකට් තාක්ෂණයේ නව භාවිතය සමග ඉදිරියට ගමන් කිරීමට පටන් ගැණුනි. එම තාක්ෂණික භාවිතය සමග ඇති වූ පෙරලිය වූයේ ක්‍රිකට් තරඟයක් දිනවන්නට දක්‍ෂතාවය නොව බාහිර සාධක අධ්‍යනය මගින් තරඟයේ පාලනය කාසියේ වාසිය දිනුම ඔස්සේ ජයග්‍රහණය කිරීමට මාවත විවර කර ගැනීම ය. ඒ වගේම පැවති තරඟ රටාව විවිධ වෙනස්කම් යටතේ ටෙස් තරඟ, පන්දුවාර 50/50 තරඟ සහ පන්දු වාර 20/20 තරඟ ලෙස ඇතිකළ වෙනස සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා විලාසය විශාල වෙනසකට පසුගිය කාලය තුළ භාජනය වුණි. එම ඇති වූ තාක්ෂණික වෙනස භාජනය වූයේ ක්‍රිකට් තරඟයක තරඟකාරීත්වය දෙසට නොව බාහිර සාධක මත තරඟයක් ජයගැනීමට ඇති හැකියාව දෙසට ය.
වත්මනේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයක් තරඟයකාරීත්වයකින් තොරව ජයග්‍රහණය තහවුරු කිරීමේ හැකියාව කලක සිට වර්ධනය කර ගත් කණ්ඩායම් බිහි වී තිබේ. එහිදී විශ්මිත තරඟ රටාවක් ක්‍රිකට් කීඩාවට ඇතුළු වී ඇති බව තරඟයක ලබා ගන්නා ලකුණු ප්‍රමාණයෙන් පැහැදිලිව පෙනෙන්නේ ය. එක් දිනකදී එක් කණ්ඩායමක් ලකුණු 350ට වඩා ලබා ගෙන එම තරඟය ජය තහවුරු කර ගන්නා අතර, ඊලග තරඟයේදී ලකුණු 150ට ආසන්න ප්‍රමාණයකින් දැවී යාම නිසා තරඟය පරාජය වීම ප්‍රේක්ෂකයන්ගේ විමතියට හේතු වී තිබේ. එවිට ප්‍රේක්ෂකයාට තරඟයක් නැරඹීමෙන් තරඟකාරීබව නොමැති වීම නිසා ලබන ආස්වාදය හා තෘප්තිය හීන වී ගොස් තිබෙන බව පෙනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තිබූ ප්‍රේක්‍ෂක උනන්දුව අඩුවීම නිසා ය.
පසුගිය අවුරුදු 12ක කලයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන 3ක තරඟාවලි පවැත්වූ රටවල් වන ඉන්දියාව (2011), ඕස්ට්‍රේලියාව (2015) සහ එංගලන්තය (2019) යන කණ්ඩායම් තම රටේ පවැත්වූ ලෝක කුසලානය තම රටට දිනා දීමට සමත් විය. ඒ අනුව මෙවර ඉන්දියාවේදී පැවැත්වන 2023 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව දිනාගනීවි යන්න ස්ථීරව පැහැදිලි වනු ඇත. 2027දී පවත්වන ලෝක කුසලානය අප්‍රිකාවේදී පැවැත්වීමට දැනටමත් තීන්දු කර ඇත. එවිට 2027දී ක්‍රිකට් ලෝක කුසලානය දකුණු අප්‍රිකාව දිනාගනීවි යන පසු තලය දැනටමත් නිර්මාණය වී තිබේ.
දක්‍ෂ ක්‍රිකට් කණ්ඩායම්වල දක්‍ෂතා පසෙකට විසි කර තරගාවලිය පවත්වන රටේ කණ්ඩායම ජයග්‍රහණයට විශේෂ දක්‍ෂතාවය මත පදනම් වූ හේතුක් නොමැත. තරඟයක් ජයගන්නට අවශ්‍ය වී තිබෙන්නේ කාසිය වාසිය පමණි. කාසිය වාසිය දිනූ කණ්ඩායම තම කණ්ඩායම ජයග්‍රහණය මෙහෙයවන්නේ කණ්ඩායමේ පවතින දක්‍ෂතා අනුව නොව ක්‍රීඩා පිටියේ (පිට්ටනිය) ඇති ස්වාභාවික හේතු තම කණ්ඩායමේ ජයග්‍රහණයට පාදක කර ගනිමින් සකස් කරන සැලැසුම් අනුව ය.
ක්‍රිකට් ක්‍රීඩාව එලිමහන් ක්‍රීඩාවක් ය. ඒවගේම දිවා කාලයේ තරඟ සහ දිවා-රාත්‍රී කාලයේ තරඟ යන සාධක ද තණනිල්ලේ හැරසිම හැසිරීම මත රඳා පවතියි. තණනිල්ලේ ස්වභාවය ප්‍රයෝජනයට ගැනීමට එය පළමුව හඳුනා ගැනීම වැදගත් ය. එළිමහනේ පවතින ස්වාභාවික වෙනස්වීම තණනිල්ලට බලපාන්නාසේම වායුගෝලයේ හැසිරීම පන්දුවේ හැසිරීමට බලපානවා වගේම තණනිල්ලේ ස්වභාවය පන්දුවට පහර දෙන්නන්ට බලපානවා සේම එම වෙනසක්ම් නිවැරදිව හඳුනා ගන්නා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළ පසු තරඟයේ පාලනය තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් සකස් කරයි.
එවිට කාසියේ වාසිය දිනූ කණ්ඩායම පන්දු යැවීම තීරණ කරයි නම් තණනිල්ල හැසිරෙන්නේ පන්දුවට පහර දෙන්නන්ට අවසි දායක ලෙස ය. එවිට පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමට තණනිල්ලේ ස්වභාවික හැසිරීම ප්‍රයෝජනයට ගනී. කාසිය වාසිය ලැබුණු පසු පන්දුවට පහර දීමට තීරණය කරයි නම් එම තණනිල්ල විශාල ලකුණු සංඛ්‍යාවක් වන 350 වඩා රැස් කිරීමට හැකි තණනිල්ලකි. මන්ද ලකුණු 350-450 අතර පළමුව ලබා ගන්නා තරඟයක් ජය ගන්නට තවමත් කිසිම ක්‍රිකට් කණ්ඩායම්ක් සමත් වී නොමැත. එසේත් නොමැති නම් පළමු ඉනිමට පසුව ඇරඹෙන දෙවනි ඉනිමේදී තණනිල්ලේ ඇතිව වෙනස් වීම ප්‍රයෝජනයට ගෙන දෙවනවර පන්දුවට පහරදෙන්නට ස්ථාවරයක් ගොඩනගා ගැනීමට නොහැකි ලකුණු පුවරුවක් සාදා එය තණනිල්ලේ වෙනස්වීමෙන් ආරක්‍ෂා කර ගැනීමට සැලසුම් සකස් කර ජයග්‍රහණය ලබා ගනියි.
එවිට තණනිල්ලේ ස්වභාවය, වායුගෝලයේ හැසිරීම, තණනිල්ලේ පස් වර්ගය, තණනිල්ලේ තෙතමනය, තණනිල්ලේ තණකොල ප්‍රමාණය සහ පිට්ටනිය පිහිටි ප්‍රදේශයට එදින කාලගුණ අනාවැකිය ස්තීර ලෙස හඳුනා ගන්නා කණ්ඩායම කාසියේ වාසිය දිනූ පසු ගන්නා තීන්දුව මත තරඟයේ ජයග්‍රහණය ස්ථීර වී තිබේ. දැන් තරඟයකට කණ්ඩායමේ දක්‍ෂතා තඹයකට මායිම් නොවන කරුණක් වී තිබෙන නිසා තණනිල්ල අධ්‍යනය කරන විශේෂඥයන් මත ජයග්‍රහණය තීන්දුවන ක්‍රියාවලිය බවට පත් වී අවසන් ය. මේ ක්‍රමවේදය නිසා ලෝක කුසලාන තරඟාවලියක් පවත්වන රට අනුව ඉන්දියා හෝ ඕස්ට්‍රෙිලියාව හෝ එංගලන්තය හෝ දකුණු අප්‍රිකාව යන රටවල පවතින තණනිල්ලේ හැසිරීම සහ වෙනස්වීම කාසියේ වාසිය දිනූ පසු ජයග්‍රහණය ස්වභාවිකව ලැබීමක් වැනි ය. තණනිල්ලේ ස්වභාවය, වායුගෝලය හැසිරීම සහ කාලගුණය අධ්‍යනය කිරීම වඩාත් ඉදිරියෙන් ඉන්නා කණ්ඩායම් වන්නේ ඉන්දියාව, එංගලන්තය, ඕස්ටේ්රලියව, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය යන රටවල් ය. ඒ සඳහා විශාල වියදමක් දරා විශේෂඥයන්ගේ සහය ලබා ගනී. අනෙක් රටවලට ඒ පිළිබඳ විශේෂඥයන් සිටියත් ඒ අධ්‍යනයන් නිවැරදි නොවන බව පෙනෙන්නේ ඔවුන් ගන්නා තීන්දු ජයග්‍රහණයට හේතු නොවන නිසා සහ තවම මේ තාක්ෂණ ක්‍රමවේදයට නිවැරදිව හඳුනාගෙන කාසියේ වාසිය ප්‍රයෝජනයට නොගන්නා නිසා ය.
මේ ක්‍රියාවලියට තණනිලි සකස් කරන සේවකයන් ද දෙන්නේ උපරිම සහයෝගයක් ය. දැන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තරඟයක් නොමැත. එවිට තණනිල්ලේ ස්වභාවය හොඳින් හඳුනා ගන්නා කණ්ඩායමට අවශ්‍ය කාසියේ වාසිය ජයග්‍රහණය පමණි. නැතිනම් තම රටේ කණ්ඩායමට තණනිල්ල සකස් කරන සේවකයන් ලබා දෙන සේවාව නිසා අනෙක් කණ්ඩායම්වලට එම කණ්ඩායම පරාජය කරන්නට හැකියාවක් වර්ධනය කර ගත නොහැකි වන ලෙස තණනිල්ල සකස් කර දෙයි. එවිට තරඟාවලිය ජය ගන්නේ තම රටේ කණ්ඩායම නිසා ලෝක කුසලානය හිමි වන්නේ පවත්වන රටට බව ස්ථිර වී තිනේනේ ය. එම කණ්ඩායම ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ විධිහ ගැන සිතීම ඵලක් නොමැති සිතුවිල්ලකි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ පැවති ජීව ගුණය වත්මණ වන විට අවසන් වී තිබේ. දැන් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් කීඩාවෙන් ඉවත් වන්නේ කිසිම ජීව ගුණයක් ක්‍රිකට් තරඟයක් නැරඹු විට නොලැබෙන නිසා සහ ජයග්‍රහණය ක්‍රීඩාශීලීත්ව මත පදනම් නොවන නිසා ය.
- ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? - June 5, 2024
- ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. - April 8, 2024
- ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය - April 5, 2024