ජුලි 26 වැනි දා ජනාධිපති කාර්යාලයේ රැස් වූ සර්ව පාක්ෂීක සමුළුවේ ප්‍රධාන මාතෘකාව වූයේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදනය කර ඇති ආකාරයට පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට ලබා දෙන්නේ ද යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදනය කර ඇති කරුණක් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිව්රුම් ඇති ජනාධිපතිට බලයක් තිබේද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. එක අතකින් කලින් සිටි ජනාධිපතීන් හත් දෙනෙකුම ක්‍රියාත්මක කිරීමට බාධා කළ කරුණක් තවත් එක් අයෙකු ද බාධා කිරීම දේශපාලන ක්‍රීඩාවේ යෙදී සිටින අයට අරුමයක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට දිව්රුම දෙන විට අදහස් වන්නේ එහි ප්‍රතිපාදන අනුව බැඳී සිටීමත් ඒවා අනුගමනය කිරීමත් බව අමුතුවෙන් අර්ථ ගැන්විය යුතු කරුණු නොවේ. අර්ථ ගැන්වීමක් අවශ්‍ය නම් එය කළ යුත්තේ අධිකරණය මගින් බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ප්‍රතිපාදනවලින් දැක්වේ.
එහෙත් පොලිස් බලතල පළාත් සභාවලට පවරන්නේ ද නැතිනම් ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට රිසි ආකාරයට ක්‍රියාත්මක වීමට ඉඩ දි බලා සිටින්නේ ද යන්නට වඩාත් වැදගත්කමක් ලැබෙන්නේ සර්ව පාක්ෂික සමුළුව පවත්වා දින දෙකකට පසු එනම් ජුලි 28 වැනි දා තරිඳු උඩුවරගෙදර නම් තරුණ ජනමාධ්‍යවේදියා අත් අඩංගුවට ගත් ආකාරය නිසාය. තමා ජනමාධ්‍යවේදියෙකුයැයි පැවසුව ද එය නොතකා බලහත්කාරයෙන් විනය ගරුක පොලිස් සේවයට පමණක් නොව ශිෂ්ට මිනිසුන් හෝ නොකරන ආකාරයට කෙස්සෙන් ඇද පොලිස් ජීප් රථයකට පටවා ගත් ආකාරයෙන් පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමෙන් නොවිසෙඳෙන ගැඹුරු ප්‍රශ්නයක් මතු කරයි.
සමහර උතුරේ දේශපාලකයන් පැවසු ආකාරයට අවි නැතිව බැටන් පොළු පමණක් පාවිච්චි කරන පොලිසියකින් හෝ පසුගිය සිකුරාදා ක්‍රියාත්මක කළ ආකාරයේ පොලිස් බලතල ජනතාවට හිතකර නොවන බව පැහැදිලිය. ජනමාධ්‍යවේදියෙකු වුවත් නැතත් කිසිම අවි ආයුධයක් නොදරන සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමේ දී ශිෂ්ට බවක් තිබිය යුතුය. තරිඳු අත් අඩංගුවට ගත්තේ බරපතළ අපරාධයක් සිදුකර පලා යන දාමරිකයෙකු මෙල්ල කරන ආකාරයෙනි. තමා අත් අඩංගුවට ගන්නේ ඇයි යන්න ඇසීම තරිඳුටත් මේ රටේ දෙමළ හෝ සිංහල සහ වෙනත් වර්ගවලට අයත් පුද්ගලයෙකු සතු අයිතියකි. ඒ කිසිත් නොසලකා ආණ්ඩුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම් පත ඉල්ලා සිටීම හාස්‍යයටත් කෝපයටත් පත් කරවන්නකි. ජනමාධ්‍යවේදියෙකු වන්නේ හැඳුනුම් පතක් තිබීම නිසාම නොවන බව පොලිස් නිලධාරීන් හෝ වෙනත් නිලධාරීන් දැන ගත යුතුය.
අනෙක් අතට ශ්‍රී ලංකා පොලීසියේයැයි සිතා ගත හැකි එම දාමරික කණ්ඩායම හැසිරුණ ආකාරයට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳිනුම් පතක් ඉදිරිපත් කිරීමෙන් තරිඳුට සාධාරණයක් ඉටු වීමට තිබුණේයැයි කිව නොහැකිය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ තරිඳු බලහත්කාරයෙන් පැහැර ගෙන යෑම ය.
කෙසේ වුවත් පැහැදිලි කාරණය පොලිස් බලතල කාට තිබුණත් පොලීසියේත් ආණ්ඩුවේත් හැසිරීමේ කිසිදු වෙනසක් නොවන්නේය යන්නයි. බැටන් පොල්ලක් ඇතිව හෝ නැතිව පුද්ගලයෙකුට අමානුෂික ආකාරයෙන් සැලකිමට ක්‍රම සහ විධි තමන් සතු බව පසුගිය සිකුරාදා පොලීසියම ඔප්පු කෙළේය. එමනිසා පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව හෝ පළාත් සභා අත තිබුණත් පොලිස් සේවයේ ජනහිතකාමිත්වයක් හෝ නිති ගරුක බවක් ඇති වන්නේ නැත. බලහත්කාරය, අනීතික ලෙස හැසිරීම බලයේ බෙදීමක් සිදු වුවත් නැතත් කළ හැකිය. එය පොලීසියේ හැසිරීම ය.
පොලීසියත් ඊට ඉහළින් සිටින බලධාරීනුත් නීතිය නොසලකන බව දිගින් දගටම පෙන්වා ඇති කාරණයකි. ජනතාවගේ මුලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් පොලීසියෙන් කඩ කර ඇති බවට මේ රටේ උසස්ම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපමණ වරක් පෙන්වා ඇත. 1994 දී රටවැසි පෙරමුණ ඉදිරිපත් කළ මූලික අයිවාසිකම් පෙත්සමක දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේ ආණ්ඩුව හෝ ජනාධිපති ඉතාමත් දැඩි කර්කශ ආකාරයෙන් හෝ විවේචනය කිරීමේ අයිතියක් පුරවැසියන්ට ඇති බවය යන්නයි. මේ කරුණ සඳහන් කෙළේ තරිඳු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම නිසා අත් අඩංගුවට ගැනීම සාධාරණය කිරීමේ උත්සාහයක් පැවතීම නිසා ය. තරිඳු සැර පරුෂ ආකාරයෙන් ආණ්ඩුව හෝ ජනාධිපති විවේචනය කිරීම නිසා ඔහුට සැර පරුෂ ආකාරයෙන් සැලකීමේ බලයක් පොලිසියට ලැබෙන්නේ නැත. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීන් විවේචනය කිරීම පමණක් නොව සාවද්‍ය ක්‍රියා මාර්ගවලට එරෙහිව ජනමතයක් ගොඩ නැගීම ද ජනතාව සතු අයිතියකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මංත්‍රීවරයෙකුව සිටිය දී සංවිධානය කළ ජනඝෝෂා උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේ එම නිසා ය.
පොලිසිය එවැනි පැහැදිලි කිරීම් සහ අර්ථ ගැන්වීම් පවතින විට පවා මේ ආකාරයෙන් හැසිරෙන්නේ නම් එය තවදුරටත් නීතිය සහ සාමය පවත්වා ගැනීමේ ආයතනයක් නොවේ.
පොලීසිය වියරු වැටුන පිරිසක් ආකාරයෙන් හැසිරෙන්නේ නීතිය නොදන්නා නිසායැයි කිව නොහැකිය. පොලිසිය නොරුස්සනා කෙනෙකු අත් අඩංගුවට ගෙන මාස ගණන් සිරගත කොට තැබීමට ICCPR පනත යොදා ගත් ආකාරය අපගේ මතකයෙන් තවම ඉවත් වූයේ නැත. පාලකයන්ගේ ක්‍රියා කලාපයෙන් රටේ ජනතාවගේ උල්ලංඝණය වන අයිතිවාසිකම් තහවුරු කිරීමට ඇති පනතක් පොලිසිය යොදා ගත් ආකාරයෙන් පෙනි යන්නේ පවතින නීති පවා තම කැමැත්ත ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමේ අධම පිළිවෙත ය. එමනිසා පවතින ආකාරයෙන් පොලිස් බලතල බෙදීමෙන් දේශපාලකයන්ට කෙසේ වුවත් සාමාන්‍ය ජනතාවට නම් කිසිදු සෙතක් වන්නේ නැත
පොලීසියේ මෙම හැසිරීමට සිද්ධියට අදාල නිලධාරීන් සෘජුවම වගකිව යුතු නමුත් එය සම්පුර්ණ චිත්‍රය නොවේ. සමහර විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හොත් ඒ තත්වය වඩාත් පැහැදිලි වනු ඇත. මෙම තත්වයට තවත් ප්‍රබලම හේතුවක් වන්නේ දේශපාලන නායකත්වයයි. පොලිසියත් හමුදාවත් තම පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගන්නා විට පසුගිය සිකුරාදා තරිඳු අත් අඩංගුවට ගැනීමේ දී පොලිසිය හැසුරුණ ආකාරය අරුමයක් නොවේ. එම නිලධාරීන්ගේ හැසිරීම සහ යොදා ගත් වචනවලින් පැහැදිලිවම පෙනී යන්නේ ඔවුන්ට දේශපාලන අනුග්‍රහය නොමදව ලැබෙන බවට සහතිකයක් පවතින්නේය යන්නයි. තමන් කරන දේ තමන්ට උගන්වා ඇති පාඩම්වලට සහ පුහුණු කර ඇති ආකාරයට වෙනස් බව ඔවුන් නොදන්නවා නොවේ. දැන දැනත් එම වැරැද්ද කරන්නේ දේශපාලන අනුග්‍රහය ගැන කිසිදු සැකයක් නැති නිසාය. ඒ අනුව ජනහිතකාමී පොලීසියක් ඇති කිරීමට නම් කළ යුත්තේ පොලිස් බලතල තවත් තරාතිරමක දේශපාලක පංතියකට ලබා දීම නොව නිවැරදි නායකත්වයක් ලබා දීම ය. එය අණ පනත්වලින් මෙන්ම දේශපාලන නායකත්වයෙන් ද ඇතිවිය යුතු තත්වයකි.
1994 දී නෙල්සන් මැන්ඩෙලා ගේ නායකත්වයෙන් යුත් අප්‍රිකානු ජාතික කොංග්‍රසය දකුණු අප්‍රිකාවේ දේශපාලන බලය ලබා ගත් මුල් වසරේම රටේ අපරාධ සංඛ්‍යාවේ විශාල අඩුවීමක් වාර්තා විය. අපරාධවලට ප්‍රතිචාර දැක්වීමේ කාලය විශාල වශයෙන් අඩු විය. ඒ සියල්ල සිදු වූයේ පරිපාලන ව්‍යුහයේ මැන්ඩෙලා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ වලට අමතරව ඔහුගේ විශිෂ්ට දේශපාලන නායකත්වය නිසාය. වර්ණ භේදවාදී සමයේ දකුණු අප්‍රිකාවේ පොලීසිය මූලික වශයෙන් යෙදුවේ කළු මිනිසුන් මර්දනය කිරීමේ ආයුධයක් සේය. මැන්ඩෙලා හඳුන්වා දුන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග නිසා වර්ණ භේදයක් නැතිව සාධාරණය ඉටු කරන පොලිස් සේවයකට පදනම දැමීමට සමත් විය. එය වඩාත් අර්ථවත් වන්නේ බලයට පැමිණ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදු විමයි.
මැන්ඩෙලා කෙනෙකු අපට බලාපොරොත්තු විය නොහැකි වුවද ජනතාවගේ ප්‍රබල බලපෑමක් නැතිව නීතිය සහ සාමය පවත්වා ගැනීම දූෂ්කර අවධියකට පත්ව ඇති බව පෙනේ. වංචා දූෂණ ඉහ වසා ගොස් ඇති පරිසරයත් ඒවාට එරෙහිව කතා කිරීමත් ඒවාට විරෝධය දැක්විමට ජනතාව පෙළ ගැසීමට උත්සාහ ගැනීමත් යුක්තිය සහ සාධාරණත්වය ලබා ගැනීමේ අරගලයේ පදනම් ය. මෙම අරගලයේ කොටසක් වශයෙන් සමාජ මාධ්‍යය යොදා ගැනීම පාලකයන්ට හිසරදයක්ව ඇති නිසා ඔවුන් දඩයම් කිරීම ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. බලහත්කාරයෙන් ජනමාධ්‍යය යොදා ගන්නා අය මර්දනය කිරීමට හෝ මෙල්ල කිරීමට හැකි වුවද සමාජයේ පවතින යථාර්ථය යටපත් කළ නොහැකිය.
ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව උද්ධමනය අඩු වුවත් තම ජීවන බර සැහැල්ලු වී නැති බව පාරිභෝගිකයාට ඉගැන්විය යුතු නොවේ. එය ඔවුන්ට යථාර්ථයෙන්ම ජීවත්වීම මහා අරගලයක් බව පැහැදිලි වන නිසාය. වංචාව දුෂණය හා අකාර්යක්ෂමතාවය ජනතාව ඉගෙන ගන්නේ දිනපතාම මුහුණ දෙන දුෂ්කරතාවයන්ගෙනි. සමාජ මාධ්‍යයෙන් එය වඩාත් ඔප්නංවා පෙන්වීම මර්දනයෙන් සහ හිංසාවෙන් වැළැක්වීය හැකි නමුත් යථාර්ථය වෙනස් වන්නේ නැත. යථාර්ථය වෙනස් කළ හැක්කේ වංචාව දුෂණය සහ අසාධාරණත්වය තුරන් කිරීමෙන් පමණි. බලයේ සිටින පාලකයන්ට එය කළ නොහැකි වන්නේ ඔවුන්ගේ පැවැත්ම ඒ මත රැඳී ඇති නිසාය.
එමනිසා පොලීසියේ සිමාන්විත ක්‍රියාවලට විසඳුම් වන්නේ පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම හෝ දැනට පවතින ආකාරයට මධ්‍යම ආණ්ඩුව සතුකර ගැනීමෙන් නොවේ. කළ යුතු එකම සහ අවශ්‍යම කාරණය වන්නේ දේශපාලන බලපෑමෙන් පොලීසිය මුදවා ගැනීම ය. එය කළ හැකිවන්නේ ජනතා පෙළ ගැසීමකින් පමණි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024