දකුණු අප්‍රිකාවේ වර්ගවාදී පාලනය කළු මිනිසුන් ගමන් කිරීමේ දී බලපත්‍රයක් ගෙන යෑම අනිවාර්ය කළ විට ඊට එරෙහිව කළු මිනිසුන් දහස් ගණන් විරෝධය පෑහ. ෂාර්ප්විල් හි පැවති එවැනි විරෝධයකට වර්ගවාදී පොලීසියෙන් එල්ල කළ වෙඩි තැබීමකින් සිය ගණනක් මිය ගොස් විශාල පිරිසකට තුවාල සිදු විය. මෙම පද්‍යය එම සිද්ධියෙන් කම්පාවට පත් දකුණු අප්‍රිකානු කිවිඳියක් වන ඉන්ග්‍රිඩ් ජොන්කර් රචනා කළාය. ඇය වර්ගවාදී සුළුතරය වන දකුණු අප්‍රිකාන වර්ගයට අයත් වුවත් අයුක්තිය සහ අසාධාරණත්වයට නැගු හඬ ප්රජාතන්ත්රවාදී දකුණු දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපති වූ නෙල්සන් මැන්ඩෙලා ජාතිය අමතා කළ කතාවේ දී උපුටා දැක් වූයේය. මෙම පද්‍යය දේශපාලන අර්බූදයකට මුහුණ දී සිටින අපටත් වැදගත්ය.

Latest posts by Translated by Mahinda Hattaka (see all)
- දිට්වා හදිසි නීතිය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්.. - December 10, 2025
- අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? - April 11, 2025
- ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත.. - November 6, 2024