You are currently viewing ජන අයිතීන් සුරකිනු..!

ජන අයිතීන් සුරකිනු..!

mddr_letterhead_web

අගමැති මහින්ද රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයේ සිට මුදා හරින ලද ප්‍රචණ්ඩකාරී පිරිසක් ගාලු මුවදොර පිටියේ මසකට ආසන්න කාලයක් සාමකාමී ව විරෝධතා දැක් වූ තරුණ ශිෂ්‍ය පිරිසට පහර දී ඔවුන්ට ආවරණයක් වු කූඩාරම් කඩා බිඳ දමා ගිනි තැබීම අපි පිළිකුලෙන් හෙළා දකිමු.

ප්‍රජාතන්ත්‍රීය සමාජයක සාමකාමී ව විරෝධය දැක්වීමට ඇති ශුද්ධ වූ අයිතිය පැහැර ගැනීමට ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් ලෙස හැඳින්වෙන පාලකයන්ට නීතිමය හෝ සදාචාරමය අයිතියක් නැත. මාසයකට ආසන්න කාලයක් ගාලු මුවදොර පිටියේත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් සාමකාමී ව විරෝධතා දැක් වූ ජනතාවගේ මූලික ඉල්ලීම් නොසලකා ක්‍රියා කිරීමෙන් වත්මන් පාලකයන් සිය සුජාත භාවය කෙළසා ඇත.

ජන ජීවිතය අවම මට්ටමෙන් හෝ පවත්වා ගත නොහැකි තත්වයට පත් කොට රටම ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් ද බංකොලොත් කළ මෙම පාලකයෝ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් මුළු රටම අරාජික තත්වයට පත් කරති.

රටේ සාමය ඇති කිරීමට ගත යුතු එකම ක්‍රියා මාර්ගය වන්නේ මර්දනය බැහැර කොට ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම පමණක් බව පාලකයන් තේරුම් ගත යුතුය. 

මහින්ද හත්තක
ලේකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය

Leave a Reply