You are currently viewing ජනතාවගේ අධිකරණ බලය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ අර්ථ ගැන්වීම?

ජනතාවගේ අධිකරණ බලය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ අර්ථ ගැන්වීම?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව (2018) 

මේ රටේ පුරවැසියන් වන අපි පසුගිය සති කීපය තුළ අපේ රටේ පාලනයට බලපාන බරපතළ දේශපාලන වර්ධන කිපයක් දුටුවෙමු. ජනවාරි 31 වැනි දා ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලදී. එම ප්‍රකාශය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගේ බලතල ලේකම් කාර්යංශය අර්ථ ගන්වන ආකාරය පැහැදිලි කිරීමක් බව දැකිය හැකිය.

කතානායකගේ පියවර නිසා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමේ සහතිකයක් නැතිව රටේ නීතියක් බවට පත්ව ඇත. මෙය පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියේ පෙර නොවු තත්වයකි. දැන් නිත්‍යානුකූල භාවය සැක සහිත නීතියක් පවතී.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයෙන් ජනාධිපති බලය අපහරණය කරන්නේ නම් දෝෂාභියෝයක් කරන ලෙස අභියෝග කිරීමෙන් මුලින්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන ලද බලවත් ජනාධිපති තනතුර පශ්චාත් යුද සමයේ වඩාත් නරක තත්වයකට පත්ව ඇති ආකාරය පෙන්වයි. ජනාධිපති වික්‍රමසිංහ රටේ බංකොළොත් භාවයට විසඳුම් සෙවීම හේතු යුක්ති කිරීමෙන් මෙම තනතුර වඩාත් ඉහළ අධිකාරීවාදී ආඥාදායක මට්ටමට ගෙන යෑමට උත්සාහ කරන බව පැහැදිලි ය.    

2024 දී හදිසි කාර්යක් සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉල්ලා සිටීමට රටේ පුරවැසියන් වශයෙන් අපට කාලය පැමිණ ඇත. එය රාජ්‍ය ආයතන විනාශයට පත් කළ පාලනයේ දූෂිත ආකෘතියකි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මෙම පොරොන්දුව ලබා දුන් නමුත් කිසිවෙකු ඉටු කෙළේ නැත. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හැර තනතුරට පත් සියලු අනෙක් ජනාධිපතිවරු මේ පිළිබඳව අසමත් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආණ්ඩුව 2000 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත එවකට විපක්ෂ නායක සහ දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හැසිරීම නිසා පාර්ලිමේන්තුවෙන් සම්මත කැර ගැනීමට නොහැකි විය. ඔහු සහ ඔහුගේ එක්සත් ජාතික පක්ෂය එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට පාරිලිමේන්තු විවාද අවස්ථාවේ දී එය ඉරා දැමූහ. එම මතභේදයට හේතු වූයේ මෙම ව්‍යවස්ථාවේ වගන්ති නොව නව ආණ්ඩුවේ නායකයා පිලිබඳ වූ ප්‍රතිපාදන සම්බන්ධයෙනි. වසර 24කට පසුව වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති තනතුර වඩාත් ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් ඉක්මවා ගොස් දේශපාලන ඒකාධිපතිත්වයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීම සැබැවින්ම උත්ප්‍රාසයකි. ඔහුගේ තර්කය වන්නේ තම පුද්ගලික දැක්ම හෝ ‘ඉදිරි දැක්ම’ හෝ රටට හොඳයැයි ඔහු සිතන දේ ය. එය වෙනත් ජනාධිපති කෙනෙකුගේ තවත් ‘සෞභාග්‍යයේ දැක්මක ’ නව ආරක් ද?

2024 පසුගිය සති කීපය තුළ වූ සිදුවීම්වලින් හා ජාතික ආර්ථික සහ පාලන අර්බූදයෙන් මේ රටේ පුරවැසියන් වශයෙන් අපි සියලුම දේශපාල පක්ෂ සහ එහි නායකයන්ගෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහ පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකියන තෝරා ගත් අගමැති ක්‍රමයට ආපසු යන බවට ප්‍රතිඥාවක් ඉල්ලා සිටිය යුතුය. 2024 පවත්වන පළමු ඡන්ද විමසීමට සමගාමීව මෙම කාරණය පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා සිටිමු.  

Leave a Reply