You are currently viewing ගාසාවේ කාන්තා හා ළමා අයිතිය සුරක්ෂිත කරන්න..

ගාසාවේ කාන්තා හා ළමා අයිතිය සුරක්ෂිත කරන්න..

ඊශ්‍රායෙලයට ආයුධ සැපයීම නතර කොට ගාසා හි වහාම කොන්දේසි විරහිත සහ කල් පවත්නා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ නායකයින්ගෙන් ඉල්ලා සිටී.

මාර්තු 8 අන්තර්ජාතික කාන්තා දිනයේ දී ලෝකය, කාන්තාවන් ගැන අවධානය යොමු කොට ඔවුන්ගේ ජයග්‍රහණ සමරා ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය ට ළඟා වීමට තවත් යාමට ඇති දුර ගැන ආවර්ජනය කරනු ඇත. ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව ලොව කාන්තාවන් ගේ සහයෝගිතාවය වෙනුවෙන් පෙනී සිටින අතර පෙර නොවු විරු ආකාරයෙන් පලස්තීනයේ විශේෂයෙන් ගාසා හි අමානුෂික ලෙස අවතැන් කිරීමෙන් හා විනාශකාරී කොටු කිරීමකින් මූලික අවශ්‍යතා අහිමි කරන ලද සහ මරා දැමු සහ තුවාල වූ කාන්තාවන් ගේ ශෝචනීය තත්වය ගැන අවධානය යොමු කරනු කැමැත්තෙමු. 

බෝම්බ දැමීම වහාම නතර කොට දැනටමත් ළමයින් බොහෝ දෙනකු නිරාහාරව මිය යෑමට හේතු වූ ගාසා තිරය මත පනවා ඇති ආධාර ලබා දීමේ තහනම ඉවත් කරන මෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව බටහිර සහ අරාබි නායකයන්ගේ උදාසීනත්වය හෙළා දකිමින් අරුත් සුන් වදන්වලින් ඉවතට ගොස් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙසත්  ආරක්ෂාව, සුරක්ෂිත භාවය සහ බාධාවකින් තොරව ආහාර, ඖෂධ සහ කාන්තාවන්ගේ සහ ළමයින්ගේ වෙනත් අවශ්‍යතා ලබා දීමට බල කරන ලෙසත් ඉල්ලා සිටිමු.

කුරිරු බාධක නිසා කාන්තාවන් 10 කින් නමයකට ආහාර සොයා ගැනීම සඳහා කුණු බාල්දි ඇවිස්සීමට සිදුව ඇති අතර දින ගණනාවක් ආහර නැතිව සිටීමට හෝ සතුව ඇති සුළු ආහාර ප්‍රමාණය දරුවන්ට දී නිරාහාරව සිටීමට සිදුව ඇත. අවතැන් වූ දශලක්ෂ 1.9න් දශ ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් ගැහැනුන් සහ ගැහැනු ළමයින් ය. ඒ කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති අතර රැකවරණය ලබා ගැනීමට සිදුව ඇත්තේ අනතුරුදායක තත්වයන් යටතේය. කිසිවෙකුට ආරක්ෂාවක් නැත.

ගාසා තීරය වසර 16ක් තිස්සේ ඊශ්‍රායෙලය විසින් මුද්‍රාකර ඇති අතර ඔවුන්ට එහා මෙහා යෑමේ නිදහසක් නැත. ජන සංඛ්‍යාවෙන් අඩක් විරැකියාවෙන් පෙළෙන අතර තුනෙන් එකකට ප්‍රමාණවත් ආහාර ලැබෙන්නේ නැත. කාන්තාවන් සහ ගැහැනු ළමයින් අත් අඩංගුවට ගැනිමට, හිරිහැරවලට, දූෂණයට සහ වධ හිංසාවලට ලක් වේ. ඔවුන්ට බොහෝ විට කාන්තා සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා ඇතුළත් මූලික අවශ්‍යතා නොලැබෙන අතර වෙනස් කොට සැලකීමට ලක් වේ. ලෝක නායකයෝ මෙම ක්‍රමානුකූලව සිදු කරන මූලික මානව අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උල්ලංඝනය කිරීම් දෙස උපේක්ෂිතව බලා සිටිති.

ගාසා තීරයේ සිදුවන යුද්ධය සෙමින් සෙමින් සිදු කරන ගෙල සිර කිරීමකි. ජන ඝාතනයකි.

මෙය හිස් වදන් තෙලීමට නොව ක්‍රියාත්මකවීමේ අවස්ථාවකි. කාන්තාවන් සහ ළමයින් ගැන කෙරෙන ආටෝපවත් කතා නතර කොට කාන්තාවන් සහ ළමයින් මරා දැමීම, අබ්බගාතයින් කිරීම සහ අවතැන් කිරීම වහාම නවත්වන මෙන් ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ නායකයින්ගෙන් ඉල්ලා සිටී. ඉන් අදහස් වන්නේ ඊශ්‍රායෙලයට ආයුධ සහ හමුදා උපකරණ ලබා දීම නතර කිරීම, අවශ්‍ය කරන ආර්ථික සම්බාධක පැනවීම සහ වහාම, කොන්දේසි විරහිත සහ කල් පවත්නා සටන් විරාමයක් ඉල්ලා සිටිම ය. එමෙන්ම ගාසා තීරය ආක්‍රමණය කිරීම හෙළා දැකීමෙන් ඔබ්බට ගොස් යුද්ධය අවසන් කිරීමට සක්‍රීයව කටයුතු කර අනතුරට පත්ව ඇති ජීවිත දහස් ගණනක් ගලවා ගන්නා ලෙසත් අපි අරාබි නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම අන්තර්ජාතික කාන්තා දිනයේ දී ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව කාන්තාවන් සහ ගැහැනු ළමයින් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් කඩිනමින් බාධාවකින් තොරව ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට සංවේදි මානුෂික ආධාර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින අතර ගාසා තීරයේ කාන්තාවන් ගේ දුක් වේදනාවන්ට ගැඹුරු සංවේගය පළ කරමින් ඒවා නතර කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

Print Friendly, PDF & Email

Leave a Reply