You are currently viewing ඇත්තට ම ජනතාවට අවශ්‍ය වෙනස මොකක් ද?

ඇත්තට ම ජනතාවට අවශ්‍ය වෙනස මොකක් ද?

අරගලකරුවන් ඉල්ලුවේ එක දෙයක්. පාලකයෝ කරන්නේ වෙනත් දෙයක්. ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ජනතාවට ඇත්ත වශයෙන් ම අවශ්‍ය දේ ජනතාව විසින් ම තීරණය කර, ඉදිරිපත් කළ හොත්, ඒවා නොසලකා කටයුතු කරන්න ඡන්දයෙන් පත් වෙන කිසිම පාලකයකුට ලේසි වෙන්නේ නැහැ නේද?

එ නිසා ජනතාවට අවශ්‍ය දේ ජනතාවට ම තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? එහෙම කරන්න පුළුවන් අලුත් ක්‍රම තිබෙන බව විජයානන්ද ජයවීර ගේ ‘සංවිචාරණීය සමාජයක්’ නමැති පොතේ ඉතා පැහැදිලව සඳහන් වෙනවා. ඒවා සාර්ථක ලෙස අත්හදා බැලූ රටවල් තිබෙනවා.

ඒ අනුව ජනතාවට අවශ්‍ය දේ තීරණය කර ගැනීම සඳහා ජනතාව අතරින් පිරිසක් තෝරා ගන්නවා. ඒ පිරිස තෝරා ගන්නේ කුසපත් ඇදීමෙන්. ඔවුන් සුසුදු ස්ථානකට කැඳවා, සමානයන් අතර නිදහස් හා සබුද්ධික ලෙස එකඟත්වයෙන් තීරණ ගත හැකි වන සේ, අවශ්‍ය පහසුකම් සලසනවා. ඒ පහසුකම් අතර කෑම-බිම, නවාතැන්, ආධාරක සමීක්ෂණ හා අදාල සියලු තොරතුරු, තීරණවලට කිසිදු බලපෑමක් නොකරන මොඩරේටර්වරුන් සහ විශේෂඥයන්ගේ සහාය වැනි දේවල් ද ලැබෙනවා. මේ සියලු කටයුතු මුල සිට අග දක්වා ම සමාජ මාධ්‍ය සහ වෙනත් මාර්ග ඔස්සේ ජනතාවට පෙනෙන්න සලස්වනවා. ඒ කියන්නේ හැම දේම ජනතාවට විවෘතයි. ඒ වාගේ ම ජනතාවගෙන් ලැබෙන අදහස්, උදහස් හා යෝජනා ආදියත් ලබා ගන්නවා. අවසානයේ සියලු දෙනාගේ එකඟත්වයෙන් ජනතාවට අවශ්‍ය දේවල් ප්‍රමුඛතා පදනමක් මත තීරණය කරනවා. මේ කෙටි විස්තරයක් පමණයි.

මේ ආකාරට තීරණ කරන දේවල් ‘ශ්‍රී ලංකාවේ ජනතාව වන අපි පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු’ යනුවෙන්  පාලකයන්ට යොමු කළ හැකිය. මෙම ඉල්ලීම් ගැන පාලකයන්ට අවශ්‍ය නම් ජනමතවිචාරණයක් වුණත් පවත්වන්න පුළුවන්. මේ ක්‍රමයට ඉදිරිපත් කරන ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහජන නියෝජිතයන්ට තීරණාත්මක බලපෑමක් සිදු වෙන්නේ නැද්ද?

මහජන කවුන්සිලයක් පිළිබඳ අදහස් මතු වුණේ
රාජ්‍ය පාලනයට මෙවැනි බලපෑම් සහගත මැතිහත්වීමක් සිදු කිරීම සඳහා නොවේ ද?
සංවාද කරමු..!

Print Friendly, PDF & Email

Leave a Reply