මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට හුරුකිරීම සදහා නගර තුළ මානව පැවැත්ම ස්ථීර කිරීමට සිදුවිය. නගර තුළ නිර්මාණය වූ අස්වාභාවික මානව පැවැත්මට නිෂ්පාදන භාණ්ඩ වෙළඳපොළ ධනේශ්වර ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය බවට පත්විය.
සමස්ත ද්‍රව්‍ය නිෂ්පාදන පද්ධතියක ස්වාභාවික තත්වයන් සහ සීමාවන් සංකල්පනය කිරීමේ අවශ්‍යතාවය විසින් සමාජය සහ සොබාදහම අතර අන්තර් හුවමාරු ගතිකත්වය වන කාලය හා අවකාශය හරහා ග්‍රහණය කර ගැනීමට මානවයාට නොහැකි වන පරිදි ධනේශ්වර අධිකාරිවාදී බලපෑම ඉවහල් කර ගත්තේ ය. සමාජීය වශයෙන් අසංවිධිත නිෂ්පාදන පද්ධතියක් තුළ නාගරික මානවයා මත පදනම්ව, විවිධ මානව කණ්ඩායම්වල විශේෂ සම්බන්ධතා සමග ඒකාබද්ධ කොට විකාශනය වන විකෘති ගතිකතාව මත පදනම්ව නගරයට ප්‍රමුකත්වය දුනි. කෙටියෙන් කිවහොත්, වෙනස් වූ මානව-සම්බන්ධතා සහ මානව-කණ්ඩායම් අතර ගැටුම වගේම මානව-නිෂ්පාදනයේ ව්‍යුහය තුළට සම්බන්ධ කර විකෘතිය ගෝලීය ලෙස ස්ථාපිත කළේ ය.
ගෝලීය ධනේශ්වරය අස්වාභාවික ලෙස මානව සංස්කෘතික පැවැත්ම, භූමි ප්‍රදේශ අතික්රමනය මගින් ජෛව විවිධත්වයට අධික ගැටලු ඇති කිරීම හා ස්වාභාවික අභ්‍යන්තර වෙනස්කම් වගේම මානව නිෂ්පාදනයේ අසමානතාවයන් අතර ඇති වූ විභේදනය ප්‍රබල විය. යථාර්ථය, සමාජය හා ස්වභාවධර්මය අතර මායිම් සහ සමාජ සබඳතාවල ද්‍රව්‍යයමය අන්තර්ගතය, පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය මත බෙහෙවින් වෙනස් ලෙස පෙන්නුම් කිරීම නිසා මානව සම්බන්ධකම් විකෘති ආස්තානයකට ගමන් කළේ කාර්මික විප්ලවය හරහා ය. සමස්ත මානව පැවැත්ම ඒකපාර්ශ්විකව සොබාදහම හෙළා දැකීම, වින්දිතයාට දොස් පැවරීම කළ අතර එමඟින් මානවයා දැඩි ලෙස සූරාකෑම මත රඳා පවතින නිෂ්පාදනයක් සඳහා වන විභවයක් ස්ථාපිත කළේ ය. පුද්ගල-ස්වාභාවික සබඳතාවල සමාජීය වශයෙන් වෙනස් වූ විකෘති ප්‍රවේශය මානව සංවර්ධනය සමග ඒකාබද්ධ කිරීම නිසා අවශ්‍ය ස්වාභාවික ක්‍රියාවලිය සක්‍රීය නොවීම ස්වාභාවික භෞතිකයේ විනාශය කරා ගමන් ගැනීම 1960 වන විට පටන්ගෙන තිබුණි.
මානවයාගේ ආත්මීය පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා විශ්වීය ස්වාභාවික භෞතික පැවැත්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ සොබාදහමේ විනාශය ඉක්මන් විය. සමාජයේ සහ සොබාදහමේ ශක්‍ය සහ මානව වශයෙන් ප්රගතිශීලී පරිණාමයක අවශ්‍යතා පරිපූර්ණ නොකර විකෘති ම ප්‍රවේශයක් නියම කරනු ලැබ ව්‍යසනයට එමගින් මග පෑදී ය. එකඟ වූ ඇතැම් පාරිසරික තාර්කික අවශ්‍යතාවලට අනුකූලව මිනිසුන් සහයෝගීව තම නිෂ්පාදනයේ සමාජ හා ද්‍රව්‍යමය තත්ත්වයන් අත්පත් කර ගැනීම, ප්‍රයෝජනයට ගැනීම සහ සංවර්ධනය කිරීම මගින් මිනිසුන් තම නිෂ්පාදනය සංකීර්ණ සමාජ හා ද්‍රව්‍යමය සමස්තයක් (ස්වාභාවික පරමාණුක සමස්තයක්) ලෙස ග්‍රහණය කර ගන්න ඉඩ සැලසූයේ නැත. මෙම පුද්ගල සහ සාමූහික හැකියාව ස්වාභාවික විද්‍යාවන්හි (න්‍යායික සහ ප්‍රායෝගික) ලෙස පමණක් ප්‍රකාශ කර, එයට අනුගත ස්වාභාවික භෞතිකය සමග ඇතුළත් නොකළේ ය. මානව නිෂ්පාදනයේ තීරණ ගැනීමේ ව්‍යුහයේ වර්ධනය සවිඥානික සමුපකාර-ප්රජාතන්ත්රවාදී පාලනයකට අනුගත නොකර පුද්ගලයින්ගේ ලාභ රේට්ටු වැඩි කිරීම ඊට ඇතුළත් කළේ ය.
මානවයන් අතර ඓතිහාසික වශයෙන් විශේෂිත වූ පංති විභේදන සම්බන්ධතා සහ මානව නිෂ්පාදනයේ අවශ්‍ය කොන්දේසි අනුව මානව සමාජය ස්වභාවධර්මය සමග මුසු වීම මගින් සම්බන්ධතා පරිපූර්ණත්වයේ නිර්ණායක වෙත ගමන් කරන බව මාක්ස් පෙන්වා දෙයි. අතිරික්ත නිෂ්පාදනයේ නිෂ්පාදකයින් සහ අයිතිකරුවන් අතර සම්බන්ධතා සමාජ නිෂ්පාදනයේ අවශ්‍ය කොන්දේසි මත අවකලනය වීම පාලනය මත පදනම් වන බැවින්, ඒවා පංති විභේදනය සමස්තයක් ලෙස මානව නිෂ්පාදන ආකාරයන් ධනේශ්වර සමාජයේ ස්ථාපිතව පවතී. මෙම මූලික පංති සබඳතා හා සම්බන්ධතා සියලු සමාජ නිෂ්පාදන විධි සඳහා ද අදාල වේ. නිදසුනක් වශයෙන්, භාණ්ඩය, වටිනාකම සහ ප්රාග්ධනය මානව නිෂ්පාදනයේ ප්රමුඛ ආකාරයන් බවට පත්වන්නේ ධනවාදය විසින් සෘජු මානව නිෂ්පාදකයින් අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි වලින් සමාජමය වශයෙන් වෙන් කිරීම සමග පමණි. ඒ අතරම, ද්‍රව්‍යමය ලෝකයේ ස්වාභාවික හා සමාජ චලනය ධනවාදයේ සමාජ-ආර්ථික ව්‍යුහවල (උදා: විවිධ ආකාරයේ භාණ්ඩ භාවිත වටිනාකම, ස්ථාවර ප්රාග්ධනය සහ කුලිය) වෙනස තීරණය කරයි.
මෙම භෞතික ආකෘතීන් ද්‍රව්‍යයමය ආකාරයන් බිහි වූ බව මාක්ස් පිළිගනී. මෙම පිළිගැනීම භෞතික මූලධර්මය යටතේ වර්ධනය කළ මාක්ස් නව නිෂ්පාදන බලවේග පිළිබඳ දැක්ම ස්වභාවික භෞතිකවාදී පදනම දක්වා විහිදුවාලී ය. මානව නිෂ්පාදනයේ ද්‍රව්‍යමය සහ සමාජීය ලක්ෂණ අන්‍යෝන්‍ය වශයෙන් සංස්ථාපිත ලෙස සැලකීමට මාක්ස්ගේ සාපේක්ෂ පරිපූර්ණත්වය ඔහුගෙන් ලැබුණ ප්‍රධාන දෘෂ්ටිවාදයයි. සමාජය-ස්වභාව සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස අපෝහක සංකල්පය විසින් ප්‍රයෝජනවත් ලෙස මාක්ස් සාරාංශ ගත කර ඇත:
“ආර්ථික විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ, ස්වභාවධර්මයේ සහ ඉතිහාසයෙහි මෙම එකමුතුකම, වචන අතර අනන්‍යතාවයක් නොපෙන්වන්නේ කෙසේදැයි අපට නොතේරෙන්නේ එයට සමාජය-ස්වභාවධර්මයට හෝ ස්වභාවධර්මය-සමාජයට හෝ ඇතුළත් නොකරන නිසා ය.”
එහෙත්, මෙම ඒකපාර්ශ්වික ප්රතිවිරෝධතා දෙක මග හැරීම නිශ්චිතවම ඒවායේ ඓන්ද්‍රීය සංයුතිය නිසා සිදුවන්නේ කෙසේදැයි අපට වත්මනේ තේරුම් ගත හැක්කේ ‘සමස්තයක්’ තුළ ඒකාබද්ධ වී ඇති නියත ස්වාභාවික සමස්තයක් වන පරමාණුක මූලද්‍රව්‍යවල සංශ්ලේෂණය තුළින් පමණි. පරමාණු ඒකාබද්ධ වී ද්‍රව්‍යමය කොටස් ලෙස ස්වාභාවිකව එකතු වී විශ්වය, මන්දාකිනි, සූර්යා, ග්‍රහලෝක, සොබාදහම සහ ජීවය යන භෞතික විශ්වයේ පරිණාමය ස්වාභාවික භෞතිකවාදය තුළින් බිහි වූ බව ස්ටීපන් හෝකින් [Stephen Hawking 1942- 2018] පවසයි.
ද්‍රව්‍යමය හා සමාජීය, වෛෂයික පැවැත්මෙන් භෞතිකය වෙන් කළේ ආත්මය සහ සූරාකෑම යන විකෘති ලක්ෂණ එකමුතුවකින් සමස්තය ස්ථාපිත කිරීම හරහා ය. එලෙස ස්වභාවධර්මයේ සමාජ සබඳතාවල සමස්තය පිළිබඳ සංකල්පය මානව නිෂ්පාදනයේ විකෘති මූලාශ්‍රය අනාවරණය කර ගැනීමට මාක්ස්ට හැකියාව ලැබුණේ ස්වාභාවික භෞතිකවාදී ප්රපංචය හඳුනා ගැනීම තුළිනි. ප්රාග්ධනයේ ශ්‍රමය සහ ස්වභාවධර්මයේ වර්ධනය සමාජීය හා ජෛව වශයෙන් වඩ වඩාත් අත්‍යවශ්‍ය වන සූරාකෑමට ලක් නොවන නිෂ්පාදන සබඳතා වෙත සංක්‍රමණය වන්නේ කෙසේද යන්න තහවුරු කිරීමට මාක්ස්ට හැකියාව ලැබුණි.
පැරණි සංස්කෘතීන් යම් ස්වාභාවික භෞතික පද්ධතියක් හරහා මානවයා ප්‍රජනනය කළේ නම්, ස්වභාවධර්මයෙන් ඔවුන්ගේ විසර්ජනය කිරීම සීමා වන්නේ ස්වාභාවික කලාපයක්, ජල පෝෂකයක්, ශාක කලාපයක්, ස්වාභාවික භූමි ප්‍රදේශයක් තුළ සොබාවික ආර්ථික සාධක තුළින් ජෛව විවිධත්වය ස්තාපිත වීම මත ය. පැහැදිලිවම, ස්වාභාවික දෙවර්ග වන ස්වාභාවික සොබාදහම සහ මානව නිෂ්පාදනයේ විවිධ ස්වරූප නියෝජනය වන අතර, නිශ්චිත සමාජ නිෂ්පාදන සම්බන්ධතා සම්බන්ධයෙන් විවිධ ස්වාභාවික සීමාවන් නියෝජනය කරයි. මානව ඉතිහාසය භූ-ගෝල පද්ධතියේ සිට ජෛව-ගෝල පද්ධතිය දක්වා පරිණාමයක් ලෙස සංකල්පනය කළ හැකි බව දැන් පැහැදිලි ය.
මානව සමාජයේ අතිරික් භාණ්ඩය විසර්ජනය කිරීම සහ වෙන් කිරීම ශ්‍රම සහ අතිරික්ත-විසර්ජන පංතීන් අතර ප්රතිවිරෝධතා සහ පුද්ගලික-දේපල අවශ්‍යතා අතර තරඟය මගින් පාලනය වන තාක්, මානව නිෂ්පාදනය ජෛවගෝලය සමග ශක්‍ය ලෙස අනුගත වනු ඇතැයි අපේක්ෂා කිරීමට භෞතික හේතුවක් සොයාගැනීමට නොහැකි ය. මාක්ස් – එංගල්ස් ට අනුව, පංතිමය මානව නිෂ්පාදනය විසින් ජනනය කරන ලද සොබාදහම කඩාකප්පල් කිරීමේ මූලික ආකාරයක් වන්නේ ගම නගරයෙන් වෙන්කර ගෝලීය පද්ධතිය විශ්වයෙන් වෙන් කිරීමයි. අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි වලින් සෘජු මානව නිෂ්පාදකයින් ධනවාදයේ සමාජ වෙන් කිරීමත් සමඟ ගම/නගරය/රට/මහද්වීප ගෝලීය සමස්තයෙන් වෙන්කර විකෘති අන්තයකට ගෙන ගියේ ය. මෙම ද්විත්ව වෙන්වීම යටතේ ස්වභාවය කෙලෙසීමට විරුද්ධව ස්වාභාවික භෞතික පද්ධතියක් යටතේ එය නැවත නිවැරදි කිරීම මාක්ස්වාදයේ නිර්මාතෘවරුන් දෙදෙනාගේ ප්‍රධාන දෘෂ්ටිවේදය වුණි.
ගෝලීය ව්‍යාසනයට විරුද්ධව අධ්‍යාපනික විභවය වන සමාජයේ සහ ස්වභාවධර්මයේ පරිණාමයකට සංක්‍රමණය වීම සඳහා ඉතා වැදගත් වන්නේ සමාජයේ ස්වයං-ස්වාභාවිකත්ව සහ ස්වයං-පරිවර්තන හැකියාවන් අවබෝධ කරගෙන ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ යහපත් සේවා සහ ජීවන තත්වයන් සඳහා වන ජනතා අරගලයන් හරහා පමණි. අනාගතය පිළිබඳ ජනප්‍රිය දාර්ශනික කතිකාවක් ගොඩනැගෙන්නේ මෙහිදී ය. සමාජ හැකියාවන්, අරගල සහ දර්ශනය යන සියල්ල විමුක්තිදායක ස්වාභාවික දේශපාලනයේ දී අන්‍යෝන්‍ය වශයෙන් සංස්ථාපිත අංග බව හඳුනා ගැනීම මේ හරහා අවශ්‍ය ය. මෙම දෘෂ්ටිකෝණයෙන්, සමාජ ස්වාභාවික භෞතිකවාදය පිළිබඳ ගැටළුව වෘත්තීය පරිසර විද්‍යාඥයින්ට සහ සමාජ විද්‍යාඥයින්ට පමණක් නොව සිසුන්ට (උපාධි අපේක්ෂකයින්, පාසල් සිසුන්), ශ්‍රමය සහ ස්වාභාවික භෞතික මානසික මට්ටම වර්ධනය කිරීමට විශ්ලේෂණාත්මක මෙවලම් සංවර්ධනය කිරීමක් බවට එය පත් කර ගත යුතු ය. ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය මානසික කම්කරු පංතියේ විශේෂිත බිම් මට්ටමේ ආස්ථානයන් සහ අරගලවල කෝණයෙන් නිරීක්ෂණය කරන ලද පද්ධතියේ සංවර්ධනය ග්‍රහණය කර ගන්නා සෘජු සංකල්පීය රාමුවක් (සංවිධානයක්) ගොඩනැගීම අත්‍යවශ්‍ය කටයුත්තකි.
මෙම ඉදිරි දර්ශනය, ප්‍රධාන ධාරාවේ සමාජ විද්‍යාව විසින් බොහෝ විට ඛණ්ඩනය වූ, පාර්ශවීය ආකාරයෙන් සලකනු ලබන මානව නිෂ්පාදනයේ අංශ අතර දේශපාලනිකව තීරණාත්මක සම්බන්ධතා ඇති කර ගැනීමට මාක්ස් අපට දෘෂ්ටිමය හැකියාව ලබා දුන්නේ ය. වෙළඳ භාණ්ඩ වටිනාකම් සහ ප්රාග්ධනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, වැටුප්-ශ්‍රමය සූරාකෑම සහ ස්වභාවධර්මය විකුණා ප්‍රාග්ධන සමුච්චය කිරීමේ කොන්දේසියකට අපව බලහත්කාරී ලෙස ස්ථාන ගත කළේ ය. මාක්ස් එය පෙන්නුම් කරන්නේ, එමගින් කම්කරු පංති අරගලවල සහ ජනප්‍රිය අරගලවල මූලික ඥාතිත්වය ඒකාබද්ධ කරමින් ගොඩනැගෙන විප්ලවවාදී සංවිධානයක අවශ්‍යතාවය ගැනයි.
- ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? - June 5, 2024
- ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. - April 8, 2024
- ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය - April 5, 2024